Friday, January 2, 2026

“රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීම” පනත් කෙටුම්පත ඉයත් කර ගන්න — සමාජ සංවිධාන, පුරවැසියන් හා වෘත්තීය සමිති ඉල්ලයි

 

Sri Lanka Brief/කොළඹ, දෙසැම්බර් 30, 2025 — ශ්‍රී ලංකාවේ පුළුල් පරාසයක සමාජ ක්‍රියාකාරීන්, මානව හිමිකම් සංවිධාන, විශ්වවිද්‍යාල ආචාර්යවරු, ආගමික නායකයන්, වෘත්තීය සමිති නායකයන් සහ පී.ටී.ඒ. හිටපු අත්අඩංගුවට ගත් පුද්ගලයන් ඇතුළු 135 දෙනෙකු සහ සංවිධාන 30කට අධික සංඛ්‍යාවක් අද නීතිය හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂන නානායක්කාර මහතාට විවෘත ලිපියක් යොමු කරමින්, අමාත්‍යාංශ වෙබ් අඩවියේ ප්‍රකාශිත “රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීම” (PSTA) පනත් කෙටුම්පත හදිසි ලෙස ඉවත් කරන ලෙස ඉල්ලා සීටී.

“PTA+” — අහෝසි කිරීමට පොරොන්දු වූ නීතිය තවත් දැඩි කිරීමක්

ලිපියේ සඳහන් වන්නේ, නව කෙටුම්පත PTA අහෝසි කිරීමක් නො, එය තවත් ශක්තිමත් කරන “PTA+” නීතිමය ව්‍යුහයක් බවයි.

2025 ජනවාරි 22 දින අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී PTA අහෝසි කරන බව ප්‍රකාශ කළ බවත්, 2024 මැතිවරණයෙන් පසු NPP රජය විසින් එය ප්‍රධාන පොරොන්දුවක් ලෙස ඉදිරිපත් කළ බවත් ඔවුන් මතක් කරති.

2025 මැයි 29 දින සිදු වූ සමාජ සංවිධාන සමඟ සාකච්ඡාවකදී, නව නීතියක් සකස් කිරීමට පෙර ධවල පත්‍රිකාවක් ප්‍රකාශ කරන බවත්, පුළුල් සම්මුති ක්‍රියාවලියක් ඇති කරන බවත් රජය පොරොන්දු වූ බවත් ලිපිය සදහන් කරයි.
“එම ධවල පත්‍රිකාව අද දක්වා නොමැත,” යනුවෙන් ප්‍රකාශණය සදහන් කරයි.

විශාලිත කාර්යභාර, පුළුල් අර්ථ දැක්වීම්, නිදහස් සීමා කිරීම

ලිපිය PSTA පිළිබඳ ප්‍රධාන අවධානම් කිහිපයක් දක්වයි:

  • පොලිස් නිලධාරී ඕනෑම අයෙකුට විශේෂ බලතල ලබා දීම, සහ සැකකරුවන් නොවන පුද්ගලයන්ගේ බැංකු තොරතුරු, දුරකථන හා පෞද්ගලික සන්නිවේදන ලබා ගැනීමට විශාල බලතල.
  • ත්‍රස්තවාදය යන පදය පුළුල් කිරීම, විශේෂයෙන් වචන, අදහස් ප්‍රකාශ කිරීම හරහා “ත්‍රස්ත ක්‍රියාව” සිදු කළ හැකි බවට නීතිගත කිරීම — මෙය ප්‍රකාශ නිදහසට හා දේශපාලන විවේචනයට දැඩි තර්ජනයක් බව ප්‍රකාශනය බවසයි.
  • ඉක්මන් බලතල — සංවිධාන තහනම් කිරීම, තහනම් ප්‍රදේශ නිර්මාණය, නියෝග මත ඇදිරි නීති පැනවීම වැනි ක්‍රියාකාරකම්, “ත්‍රස්තවාදය” යන පුළුල් පදය යටතේ සිදු කළ හැකි බව.

“ශ්‍රී ලංකාවට විශේෂ ත්‍රස්තවාද නීතියක් අවශ්‍ය නැත”

සහතිකකරුවන් පවසන්නේ, ශ්‍රී ලංකාව මේ අවස්ථාවේදී විශේෂ ත්‍රස්තවාද නීතියක් අවශ්‍ය නොවන බවයි.
එම නිසා ඔවුන් ඉල්ලන්නේ:

  1. PSTA කෙටුම්පත වහාම ඉවත් කිරීම,
  2. PTA අහෝසි කිරීම සඳහා නව පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම,
  3. PTA භාවිතය අහෝසි වන තෙක් එය භාවිත නොකර සිටීම,
  4. රජය නීතිමය ප්‍රතිපත්තිය මාරු කළේ මන්දැයි පැහැදිලි කරන ධවල පත්‍රකාවක් ජනතාවට ඉදිරිපත් කිරීම.

ලිපියට අත්සන් කර ඇත්තේ:

  • පී.ටී.ඒ. හිටපු අත්අඩංගු සිටින  පුද්ගලයන්
  • විශ්වවිද්‍යාල ආචාර්යවරු
  • මාධ්‍යවේදීන්
  • මානව හිමිකම් හා නීතිවේදීන්
  • බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු හා මුස්ලිම් ආගමික නායකයන්
  • කාන්තා සංවිධාන
  • කෘෂිකර්ම, මසුන්, වතු, ගුරු, සෞඛ්‍ය, දුම්රිය හා ජල සම්පාදන වෘත්තීය සමිති
  • ජාතික හා ප්‍රාදේශීය සමාජ සංවිධාන

රජයේ ප්‍රතිචාරයක් තවමත් නොමැත

PSTA පිළිබඳව රජය හෝ අමාත්‍යාංශය විසින් මෙතෙක් නිල ප්‍රකාශයක් නිකුත් කර නොමැත.

සම්පූර්ණ ප්‍රකාශය:

30th December, 2025
Mr. Harshana Nanayakkara

Minister of Justice and National Integration

Ministry of Justice and National Integration

2025 දෙසැම්බර් 30

ගරු හර්ෂණ නානායක්කර මහතා

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය

අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය

කොළඹ 12.

ගරු අමාත්‍යතුමනි,

ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත (PSTA) වහාම ඉවත් කිරීම පිළිබඳව

පහත අත්සන් කරන අපි ශ්‍රී ලාංකික ජනතාව, සමාජ ක්‍රියාකාරීන්, මහජන ව්‍යාපාරවල සාමාජිකයන් සහ සිවිල් සමාජයේ නියෝජිතයන් ලෙස, ඔබගේ අමාත්‍යාංශයේ වෙබ් අඩවියෙහි ප්‍රකාශයට පත් කර ඇති “ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම” නම් වූ යෝජිත පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ඔබ වෙත මෙම ලිපිය යොමු කරමු.

ඉහත සඳහන් පනත් කෙටුම්පත අපි දැඩි අවදානයකින් සහ විශාල අසංතෘප්තියකින් යුතුව කියවා බැලූවෙමු. 2025 ජනවාරි 22 දින, 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීමේ (තාවකාලික විධිවිධාන) පනත අහෝසි කරන බව ඔබ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කළ අතර, මෙම කෘර පනත අහෝසි කිරීම ඔබගේ රජය බලයට පැමිණීමට පෙරත්, බලයට පැමිණීමෙන් පසුත් අඛණ්ඩව ප්‍රකාශ කර තිබූ ප්‍රතිපත්තිමය ස්ථාවරයකි. මෙම වර්ෂයේ මැයි 29 දින ඔබගේ අමාත්‍යාංශයේදී සිවිල් සමාජ සංවිධාන නියෝජිතයන් සමඟ පැවැත්වූ සාකච්ඡාවකදී ද මෙම පොරොන්දුව නැවත තහවුරු කරමින්, නව නීතියක් හඳුන්වා දීම පෙරව, ධවල පත්‍රිකාවක් (White Paper) ප්‍රකාශයට පත් කර පුළුල් සහ විවෘත උපදේශන ක්‍රියාවලියක් සිදු කරන බවට ඔබ විසින් සහතික කරනු ලැබීය.

කෙසේ වෙතත්, යෝජිත රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කිරීමක් නොව, එය තවත් ශක්තිමත් කිරීමකි. මෙය PTA+ ය. අපිත්, ඔබත්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙන් උරුම වූ බියජනක ඉතිහාසය දැක ඇති සාක්ෂිකරුවන්ය. අපි ත්‍රස්ත නීතිවලටත්, එම නීති සාමාන්‍ය ජනතාවට මතු කරවන භීතියටත් බිය වෙමු. මෙය ත්‍රස්ත නීතිය භාවිතා කරමින් පාලනය කිරීමක් ලෙස පෙනී යයි. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මඟින් සාමාන්‍ය පුරවැසියන්ගේ ජීවිත විනාශ වී ඇති අතර, එම අසාධාරණයන් පිළිගැනීමක් හෝ ප්‍රතිසංස්කරණයක් සහ යථාස්ථාපනයක් මෙතෙක් රජය විසින් සිදු කර නොමැත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යනු පීඩනය, අසාධාරණය, වර්ගවාදය, වංචාව, අසමානතාව සහ අධිකාරීවාදය සඳහා භාවිතා වූ මෙවලමකි. එය නීතියේ ආධිපත්‍යය සහ ප්‍රජාතන්ත්‍රවාදය බිඳ දමා, අපගේ සමාජය තුළ ගැඹුරු භේදයන් නිර්මාණය කළ අතර, විරුද්ධාභාසයක් ලෙස, ඔබගේ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය මේ වන විට එම භේදයන් සුව කිරීමට උත්සාහ කරමින් සිටී.

ධවල පත්‍රිකාවක් ප්‍රකාශයට පත් කර තිබුණේ නම්, මේ අවස්ථාවේදී ත්‍රස්තවාදයට එරෙහි විශේෂ නීතියක් අවශ්‍ය වන්නේ මන්ද යන්න, සහ විධායක බලය අතිශය ලෙස විශාල කරගැනීමට යෝජනා කර ඇති හේතු, මහජන සංවාදයකට ඉදිරිපත් කිරීමට රජයට අවස්ථාව ලැබෙනු ඇත. වඩාත් වැදගත් දෙය නම්, එවැන්නක් මගින් පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් හා නිදහස් දැඩි ලෙස සීමා කිරීමකට කුමන හෝ තාර්කික පදනමක් තිබේද යන්න කරුණු සහිතව විමසීමට ඉඩ තිබුණි. එහෙත්, පොරොන්දු වූ ධවල පත්‍රිකාව මෙතෙක් ඉදිරිපත් කර නොමැත.

ජාතික ජන බලවේග ආණ්ඩුව මෙම ක්‍රියාවලිය තුලින් එක් අතකින් විරෝධතා මැදින් මෙම පනත් කෙටුම්පත සම්මත කර ගැනීම හෝ විරෝධතා උත්සන්න වී පනත් කෙටුම්පත හැකිලීමට සිදුවුවහොත් මේ වන විටත් පවතින ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත එලෙසම පවත්වාගෙන යාමේ දුෂ්කර තත්ත්වයට මුහුණ දීමට සිදු වන බව පෙනේ. එම නිසා අප පැහැදිලිව පවසන්නේ යොජිත පනත් කෙටුම්පත හා පවතින ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යන ද්විත්වයම අහොසි කරන ලෙසයි.

රජය හදිසි ලෙස පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීමෙන්, මෙවැනි කෘර නීතියක් ඇත්ත වශයෙන්ම අවශ්‍යද යන්න පිළිබඳ ජාතික සංවාදයක් පැවැත්වීමට ජනතාවට ඇති අවස්ථාව අහිමි කර ඇත. නීතියක් අවශ්‍යද යන්න පිළිබඳ මූලික සංවාදයක් පැවැත්වීම, එහි තාක්ෂණික විධිවිධාන පිළිබඳ සාකච්ඡා කිරීමට පෙර අත්‍යවශ්‍ය බව අපි දැඩිව විශ්වාස කරමු. පුද්ගලයන්ගේ ජීවිත, රටේ නීතියේ ආධිපත්‍යය සහ ජාතික සංහිඳියාවට සිදු වූ විනාශය සැලකිල්ලට ගත් විට, මෙවැනි පෙර සාකච්ඡාව අත්‍යවශ්‍ය වේ.

අපගේ සලකා බැලූ අදහස වන්නේ, ශ්‍රී ලංකාවේ වර්තමාන ඓතිහාසික අවස්ථාවේදී, විශේෂිත ත්‍රස්ත නීතියක් අවශ්‍ය නොවන අතර, PTA පනත තවදුරටත් ක්‍රියාත්මක කිරීමද අවශ්‍ය නොවන බවත්, ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීමේ පනත් කෙටුම්පත ලෙස PTA+ කිසිසේත්ම අවශ්‍ය නොවන බවත්ය.

මෙම පනත් කෙටුම්පත, රටේ සෑම පුරවැසියෙකුගේම නිදහසට හා ආරක්ෂාවට දැඩි තර්ජනයකි.

(i) මෙම යෝජිත පනත් කෙටුම්පත මඟින් විධායකයට පෙරටත් වඩා විශාල බලතල හිමිවේ. දැන් සෑම පොලිස් නිලධාරියෙකුටම මෙම විශේෂ නීතිය ක්‍රියාත්මක කිරීමට හැකි වන අතර, බැංකු හා මූල්‍ය ආයතනවලින් තොරතුරු ලබා ගැනීමටත්, සැකකරුවන් නොවන පුද්ගලයන්ගේ පෞද්ගලික සන්නිවේදන වෙත ප්‍රවේශ වීමටත් විධායකයට බලය ලැබේ.

(ii) ත්‍රස්තවාදය යන අර්ථය පුළුල් කරමින්, වචන සහ ප්‍රකාශන භාවිතයෙන් පවා ත්‍රස්ත අපරාධයක් සිදු කිරීමේ විෂය පථය පුළුල් කර ඇති අතර, මෙය කථන නිදහසට, විශේෂයෙන්ම දේශපාලන කථන නිදහසට දැඩි තර්ජනයක් වේ.

(iii) ත්‍රස්තවාදය යන පුළුල් භාෂාව භාවිතා කරමින්, සංවිධාන තහනම් කිරීමට, තහනම් ප්‍රදේශ ප්‍රකාශ කිරීමට, සීමා නියෝග නිකුත් කිරීමට සහ ඇඳිරි නීති පැනවීමට විධායකයට හදිසි නීතිවලට සමාන පුළුල් බලතල ලබා දී ඇත.

එබැවින්, PTA හි පීඩාවට ලක් වූ පුරවැසියන් හා වින්දිතයන් ලෙස, අපි ඔබ වෙත වහාම පහත කටයුතු සිදු කරන ලෙස ඉල්ලා සිටිමු:

  • PTA අහෝසි කරන බවට ඔබ ලබා දුන් මැතිවරණ පොරොන්දුව රැකගෙන, මෙම පනත් කෙටුම්පත වහාම ඉවත් කිරීම
  • ⁠PTA අහෝසි කිරීම සඳහා පනත් කෙටුම්පතක් ඉදිරිපත් කිරීම සහ එම පනත අහෝසි කරන තෙක් PTA භාවිතය අත්හිටුවීම
  • මේ අවස්ථාවේදී විශේෂ නීතියක් අවශ්‍ය වන්නේ මන්ද යන්න පැහැදිලි කරමින්, 2024 දී ජනතාව ඡන්දයෙන් බලයට පත් කළ ජාජබ (NPP) රජයේ ප්‍රතිපත්ති වෙනස් වීමට හේතු විස්තර කරන ධවල පත්‍රිකාවක් මහජනතාව ඉදිරියේ තැබීම.

 

ගෞරවයෙන්,

පහත අත්සන් කළ අය වෙනුවෙන්

Individuals

  1. Ajitha A. – Vallamai Traveler
  2. Anithra Varia
  3. Anuratha Rajaretnam
  4. Anushaya Collure
  5. Arjuna Parakrama, Professor Emeritus, University of Peradeniya
  6. Ashila Dandeniya
  7. B. Gowthaman
  8. Balasingham Skanthakumar
  9. Bishop Kumara Illangasinghe
  10. C. Tozer
  11. Chaminda Dias
  12. Channaka Jayasinghe
  13. Chanu Nimesha
  14. Chintaka Rajapakse
  15. Christopher Stephen
  16. D.B.S. Jeyaraj – Journalist
  17. Dayapla Thiranagama – Political Activist
  18. Dhanusha Pathirana
  19. Dr. Mahendran Thiruvarangan – University of Jaffna
  20. Dr. Ramila Usoof – University of Peradeniya
  21. Dr. Ranil D. Guneratne
  22. Dr. S. Jeevasuthan
  23. Fahima Sahabdeen
  24. G.S. Hashan Jeewantha – Former PTA detainee
  25. Galwewa Siridhamma Himi – Political Activist and Former PTA detainee
  26. Hejaaz Hizbullah – Attorney-at-Law and former PTA detainee
  27. Hemalatha. K – Activist
  28. Herman Kumara
  29. Hussain shamil Imtiaz Ali
  30. Inthumathy Hariharathamotharan
  31. Jeewaratnam Sureshkumar (iPEN)
  32. Joanne Senn
  33. K. Nihal Ahamed
  34. Kalani Subasinghe
  35. Kandiah Rasaledsumi
  36. Kandiah Rasaledsumi
  37. Kounthini R. – Vallamai Traveler
  38. Kungiraman Madawan
  39. Kusal Perera – Journalist
  40. Kuvenitha S.
  41. Lavina Hasanthi Perera
  42. Lionel Peiris
  43. M.F.M. Fazeer – Journalist
  44. Maithreyi Rajasingam
  45. Mario Gomez
  46. Marisa de Silva
  47. Mariyarosari S. – Activist
  48. Melani Gunathilaka
  49. Nagulan Nesiah
  50. Nicola Perera – Colombo University
  51. Nirmala M. – Activist
  52. Nirmala T.
  53. Niththika S. – Artist
  54. Nivanthini S. – Vallamai Traveler
  55. P.M. Mujeebur Rahman, LLB – Journalist
  56. P. Muthulingam
  57. P.N. Singham
  58. Pasan Jayasinghe
  59. Priyantha Gamage – Attorney-at-Law
  60. Prof. Jayadeva Uyangoda – University of Colombo
  61. Prof. Shamala Kumar – University of Peradeniya
  62. Prof. Sumathy Sivamohan – University of Peradeniya (Retd.)
  63. Rahman A.
  64. Rajany Rajeswary – Feminist Activist
  65. Rajkumar Rajeevkanth
  66. Raveendran V.
  67. Rev. A. John
  68. Rev. A. Stephen
  69. Rev. Fr. Jeevantha Peiris
  70. Rev. Fr. M. Sathivel
  71. Rev. Fr. M. V. E. Ravichandran – University of Jaffna
  72. Rev. G. Manoruben
  73. Rev. I. Rajkumar
  74. Rev. J. Sathies Crispus
  75. Rev. S. D. P. Selvan
  76. Rev. S. John
  77. Rev. Sr. Deepa Fernando
  78. Ruki Fernando – Former PTA detainee, human rights activist and writer
  79. Sabra Zahid
  80. Sadique Salih
  81. Sandun Thudugala
  82. Sarah Salih
  83. Sarala Emmanuel – Feminist Activist
  84. Sarankan K.
  85. Saththiyaseelan K. – Activist and Artist
  86. Sellaiya Sathishkumar – Former PTA detainee
  87. Selvaraja Rajasegar – Editor, Maatram.org
  88. Shamini V. – Activist
  89. Sheila Richards
  90. Shreen Saroor – Rights Activist
  91. Siritunga Jayasuriya – General Secretary, United Socialist Party (USP)
  92. Subathray Yogasingham
  93. Suganthini S.
  94. Sujatha J.
  95. Sunanda Deshapriya – Journalist, Writer and Human Rights Activist
  96. Sunthareswaran S. – Activist, Tamil Civil Society Forum (TCSF)
  97. Thasneema Dahlan – Social Activist /Educationist
  98. Thayalini J.
  99. Thileepan S. – Social activist
  100. Tisaranee Gunasekara
  101. V. Weerasingham
  102. Ven. Fr. Samuel J. Ponniah
  103. Visaka Dharmadasa
  104. Wasantha Mudalige – Political Activist and Former PTA detainee

Organisations/Movements

  1. Alliance for Minorities
  2. Human Elevation Organisation (HEO)
  3. Institute for People Engagement and Networking (iPEN)
  4. Institute of Social Development (ISD)
  5. International Centre for Ethnic Studies
  6. Inter University Students’ Federation (IUSF)
  7. Law and Society Trust (LST)
  8. Mannar Women’s Development Federation (MWDF)
  9. Movement for Land and Agrarian Reform (MONLAR)
  10. Movement for People’s Council (MPC)
  11. Muslim Women Development Trust (MWDT)
  12. National Fisheries Solidarity Organization (NAFSO)
  13. People’s Alliance for Right to Land (PARL)
  14. Stand Up Movement Lanka
  15. Vallamai, Movement for Social Change
  16. Viluthu
  17. Voice Of The Plantation People Organization (VOPP)
  18. Women’s Action Network (WAN)

 

Trade Unions

  1. A.M.S.D. Perera – President, All Ceylon Telecommunication Employees Union
  2. Amila Sandaruwan – Joint Teachers Service Union
  3. D.G.N.U.K. Jayarathna – Joint Railway Employees Union
  4. Dammika Munasinghe – Joint Development Officers Centre
  5. Devinda Kodagoda – Private Workers Centre
  6. Duminda Nagamuwa – Workers Struggle Centre
  7. Joseph Stalin – General Secretary, Ceylon Teachers’ Union (CTU)
  8. K.N.P. Fernando – Joint Nursing Service Union
  9. Marx Prabagar – Plantation Workers Centre
  10. Swasthika Arulingam – President, United Federation of Labour (UFL)
  11. Tempitiye Sugathananda himi – Joint Health Workers’ Union
  12. Tharindu Uduwaragedara – Journalist and General Secretary, Federation of Media
    Employees Trade Unions
  13. Y.B. Jayasekara – Joint Water Supply Workers Union

 

 

 

Archive

Latest news

Related news