පාඩු ලබන රාජ්‍ය ආයතන: චතුරංග- ධනනාත් විවාදයෙන් නියෝජ්‍ය ඇමති ලොස්ට්
රාජ්‍ය ව්‍යවසායන් පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ, කොළඹ පිහිටි ස්වාධීන ප්‍රතිපත්ති චින්තන පර්ෂදයක් වන Advocata/ ඇඩ්වොකාටා ආයතනය විසින් ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යවසායයන්හි ක්‍රියාකාරිත්වය පිළිබඳ ප්‍රකාශ කළ විශ්ලේෂණය “දේශපාලනිකව අභිප්‍රේරණය වූ සහ නොමඟ යවන සුළු” බව චෝදනාවක් එල්ල කළේය.
ඇඩ්වොකාටා විසින් රාජ්‍ය ව්‍යවසායයන්හි පාඩු පිළිබඳ මෑතදී කළ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින්, අබේසිංහ පැවසුවේ එම විශ්ලේෂණය “සත්‍ය දත්ත මත නොව, පක්ෂග්‍රාහී දේශපාලන විවරණ මත” පදනම් වී ඇති බවයි. ඔහුගේ ෆේස්බුක් සටහනේ සඳහන් වූයේ:
“2025 සඳහා පාඩු ප්‍රකාශ කරන විශ්ලේෂණය සැබෑ සංඛ්‍යා නොව, තොරතුරු කොටස් මත පදනම් වී ඇත.”
අබේසිංහ තවදුරටත් පැවසුවේ:
-
“2024 සැප්තැම්බර් සිට වැරදි කළමනාකරණය අවසන් වී ඇත.”
-
“2023 දී රාජ්‍ය ව්‍යයසායන් එකතුව රු. බිලියන 427 ලාභයක් ලබාගත් අතර 2024 දී එය රු. බිලියන 538 දක්වා ඉහළ ගියේය.”
ඔහු තර්ක කළේ රාජ්‍ය හිමිකාරිත්වය අකාර්යක්ෂම නොවන බවයි. චීනය, වියට්නාමය, දකුණු කොරියාව, සිංගප්පූරුව, ඉන්දියාව වැනි රටවල් උදාහරණ ලෙස සඳහන් කරමින්, “ශ්‍රී ලංකාවේ රාජ්‍ය ව්‍යයසායන් 52 ක් අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා සඳහා උපායමාර්ගික ව්‍යවසායන් ලෙස නම් කර ඇත” යැයි පැවසීය.
අබේසිංහගේ මූලික අදහස් මෙසේ ද විය:
-
රාජ්‍ය ව්‍යයසායන් අරමුණ ලාභය උපරිම කිරීම නොව, අකාර්යක්ෂම වෙළඳපොළ වැඩිදියුණු කිරීම සහ සමාජීය-ආර්ථික ප්‍රතිලාභ උපරිම කිරීමය.
-
නව නීති මගින් පාලනය ශක්තිමත් කිරීම, දේශපාලන මැදිහත්වීම් අවම කිරීම, සුදුසුකම් ලත් අධ්‍යක්ෂ පත් කිරීම කරනු ඇත.
-
පෞද්ගලීකරණය පිළිබඳ අනතුරු ඇඟවීම: “සියල්ල විකුණුවොත්, රු. බිලියන 538 ලාභය ජනතාවට නොව, පෞද්ගලික ආයෝජකයින්ට ලැබෙනු ඇත.”
ඇඩ්වොකාටා ප්‍රතිචාර දැක්වීම
ඇඩ්වොකාටා ප්‍රධාන විධායක ධනනාත් ප්‍රනාන්දු, අබේසිංහගේ චෝදනා ප්‍රතික්ෂේප කරමින්, “වාචාලකම නොව, සැබෑ දත්ත කියවන්න” යැයි මහජනතාවගෙන් ඉල්ලා සිටියේය.
ඔහු මුදල් අමාත්‍යාංශ වාර්තාවේ දත්ත උපුටා දක්වමින් මේස් පැවසීය:
-
“2024 මුල් මාස 6 තුළ රාජ්‍ය ව්‍යාවසායන් 52 ක් රු. බිලියන 280.7 ලාභයක් ලබාගත් අතර, 2025 එකම කාලය තුළ රු. බිලියන 227.8 ක් පමණක් ලැබී ඇත – රු. බිලියන 52 ක අඩුවීමක් තිබේ.”
-
“ මෙම ලාභයෙන් 67% ක් ලැබී ඇත්තේ රාජ්‍ය බැංකු සහ පුරවැසියන්ගේ තැන්පතු මත යැපෙන අරමුදල්වලින් වලිනි.”
ඇඩ්වොකාටා තවදුරටත් පැවසුවේ:
-
“බැංකු කිසිදු ඇපකරයක් නොමැතිව රාජ්‍ය ව්‍යවසායන් සඳහා රු. බිලියන 606 ණය ලබා දී ඇත.”
-
“මෙම සංඛ්‍යා මහජන මුදල් මත රඳා පවතින බව අවබෝධ කරගත යුතුය.”
ප්‍රනාන්දු මෙසේ අවසන් කරයි:
“අභිප්‍රායය විනිවිදභාවය සහ දත්ත මත පදනම් වූ සාකච්ඡාව ප්‍රවර්ධනය කිරීමයි. කිසිදු පෞද්ගලික අපහසුතාවයක් ඇති කිරීමට අදහසක් නැත.”