Friday, September 12, 2025

ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකා සාකච්ජාව: මහ කොමසාරිස්, යුරෝපය එකට. අනෙක් රටවල් වෙනම

පසුගියදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ වාර්තාව ඉදිරිපත් කරන ලදී.

අනතුරව  ශ්‍රී ලංකාවේ මානව හිමිකම් වාර්තාව සහ එක්සත් ජාතීන්ගේ සාක්ෂි රැස් කිරීමේ නියෝගය සම්බන්ධයෙන් සාමාජික රටවල්  විවිධ ප්‍රතිචාර  දැක්වීය. මෙම අදහස් දැක්වීම් කවුන්සිලයේ සාමාජික රටවල් 49 අතරින් පමණකි. චීනය මෙවර කවුන්සිලයේ සාමජිකත්වය නොදරන අතර ඇමෙරිකාව කවුන්සිලයෙන් ඉවත් වී ඇත.

යුරෝපා සංගමය, එක්සත් රාජධානිය සහ හවුල්කරුවන් කිහිප දෙනෙකු ශ්‍රී ලංකාව යුද සමයේ මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් වගවීමේ අවශ්‍යතාවය නැවත අවධාරණය කළහ.

රුසියාව, බෙලරුස්, ඉරානය, පකිස්ථානය, වෙනිසියුලාව සහ තවත්  රටවල් ජාත්‍යන්තර මැදිහත්වීමකින් තොරව ශ්‍රී ලංකාවේ “දේශීය ක්‍රියාවලීන්” වලට ගරු කරන ලෙස ඉල්ලා සිටියහ.

ඉන්දියාව බලය බෙදා හැරීම සඳහා ඉල්ලීම් නැවත අවධාරණය කළ නමුත් එය සිදුවිය යුත්තේ ශ්‍රී ලංකාවේ “එකමුතුව, භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය” තුළ ය බව කියා සිටියහ.

දෙමළ ඩයස්පොරාවේ පිරිස් සහ මෙරට දෙමළ දේශපාලන පක්ෂ සහ සිවිල් කණ්ඩායම් දශක ගණනාවක් තිස්සේ ඉල්ලා සිටිමින් සිටින සම්පූර්ණයෙන්ම ජාත්‍යන්තරකරණය වූ වගවීමේ ක්‍රියාවලියකට කිසිදු සාමාජික රටක් සහාය දුන්නේ නැත.

යුරෝපීය සංගමය  මහ කොමසාරිස්වරයාගේ වාර්තාව පිළිගත් අතර, ශ්‍රී ලංකාවට දැන් “මෙම කැපවීම් ප්‍රතිඵල බවට පරිවර්තනය කිරීම සඳහා පුළුල් මාර්ග සිතියමක්” අවශ්‍ය බව පැවසීය.

“විශේෂයෙන් මියගිය සහ තවමත් අතුරුදහන් වූ පුද්ගලයින්ගේ නඩු ගණනාවකට අදාළව, වින්දිතයින් සඳහා වගවීම සහ යුක්තිය ඉටු කිරීම සම්බන්ධයෙන් සැලකිය යුතු ප්‍රගතියක් නොමැතිකම පිළිබඳව අපි තවමත් කනස්සල්ලට පත්ව සිටිමු. මෙම තත්ත්වය කඩිනමින් සහ තීරණාත්මක කැපවීමකින් යුතුව විසඳා ගත යුතුය. නීතියේ ආධිපත්‍යයට සහ නැවත සිදු නොවීම සහතික කිරීම සඳහා වගවීම කේන්ද්‍රීය වේ.” යැයි යුරොපය සංගමය කියා සිටියේය.

එසේ නමුත් ගාසාහි ඊශ්‍රාලය විසින් කර ගෙන යන ජනඝාතනය හෙළා දැකීමට සහ එය නැවැත්වීමට බල කිරීමට යුරෝපීය සංගමය කිසිදු පියවරක් ගෙන නැත.

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් පිළිබඳ යෝජනාවක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර ඇති බ්‍රිත්‍යානයේ අගමැති ගසාහි ඊශ්‍රාලය විසින්  ජන ඝාතනයක් කරන පිළිගන්නේ නැති බව කියා සිටියේ ද මේ අතරතුරය. ජර්මනිය තවමත් එස ජනඝාතනය සඳහා අවි ආයුධ ඊශ්‍රාලයට සපයයි.

යුරෝපා සංගමය “ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අඛණ්ඩව භාවිතා කිරීම පිළිබඳව සැලකිලිමත් වන” බව පවසමින් “එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පද්ධතිය සමඟ ශ්‍රී ලංකාවේ අඛණ්ඩ සහයෝගීතාවය සාදරයෙන් පිළිගන්නා” බව ද පැවසීය.

බ්‍රිතාන්‍යය,   ශ්‍රී ලංකාව පිළිබද මූලික කණ්ඩායම  එනම් කැනඩාව, මලාවි, මොන්ටිනිග්‍රෝ, උතුරු මැසිඩෝනියාව, එක්සත් රාජධානිය නියෝජනය කරමින් “මානව හිමිකම්, වගවීම, සංහිඳියාව, යහපාලනය සහ ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ පිළිබඳ අර්ථවත් ක්‍රියාමාර්ග” ඉල්ලා සිටි එම කණ්ඩායම, “සමූහ මිනී වළවල්වල පරීක්ෂණ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව සිදු කිරීම සහ මාධ්‍යවේදීන්ට, මානව හිමිකම් ආරක්ෂකයින්ට සහ සිවිල් සමාජ සංවිධානවලට නිදහසේ සහ ආරක්ෂිතව ක්‍රියාත්මක විය හැකි බව ඉතා වැදගත්” බව අවධාරණය කළේය.

එම රටවල් ද ජාත්‍යන්තර වගවීම පිළිබඳ ප්‍රකාශ නොකර ඒ වෙනුවට “දේශීය අධිකරණ ක්‍රියාවලීන්හි වින්දිතයින් සහ දිවි ගලවා ගත් අය අතර විශ්වාසය ගොඩනැගීම සඳහා දිගුකාලීන දණ්ඩමුක්තිය ආමන්ත්‍රණය කිරීම අත්‍යවශ්‍ය වේ” යැයි පැවසීය.

“අපි සම්පූර්ණයෙන්ම ස්වාධීන සහ ඵලදායී ස්වාධීන අභියෝජක කාර්යාලයකට සහාය දෙමු.” යැයි ද පැවසූහ.

එක්සත් රාජධානිය ස්වකීය ප්‍රකාශය තුල “අත්තනෝමතික ලෙස රඳවා තබා ගැනීම, භාරයේ මරණ, මානව හිමිකම් ආරක්ෂකයින් බිය ගැන්වීම සහ සුළුතර ප්‍රජාවන් ඉලක්ක කිරීම” පිළිබඳ කනස්සල්ල ඉස්මතු කළ අතර, “එය අහෝසි කිරීමට මහජන කැපවීම් තිබියදීත්”  ත්‍රස්තවාදය වැළක්වීමේ පනත අඛණ්ඩව භාවිතා කිරීම පිළිබඳව දැඩි කනස්සල්ලට  ප්‍රකාශ කළේය.  “වන්දි ගෙවීම් සහ අතුරුදහන් වූවන් කෙරෙහි අවධානය යොමු කළ දේශීය ආයතනවල කටයුතු නැවත පණ ගැන්වන” ලෙස එරට තවදුරටත් කියා සිටියේය.

ස්විට්සර්ලන්තය  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ අන්තර්ජාල ආරක්ෂණ පනත “අසමාන ලෙස ප්‍රකාශනයේ නිදහස සීමා කරන බවත් වධහිංසා පැමිණවීම පිළිබඳ අඛණ්ඩ චෝදනා මෙන්ම මානව හිමිකම් ආරක්ෂකයින් සහ අතුරුදහන් වූවන්ගේ පවුල්වලට බිය ගැන්වීම සහ හිරිහැර කිරීම” මගින් තැතිගැන්වීමක් ඇති කරන බවත් පැවසීය.

“ගැටුම අවසන් වී වසර දහසයකට පසුවත්, සියලුම වින්දිතයින් සඳහා සත්‍යය, යුක්තිය සහ වන්දි ලබා දීම සහතික කිරීම අත්‍යවශ්‍ය වේ” යනුවෙන් සඳහන් කරමින් ස්විස්ටර්ලන්තය ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටියේය.

ප්‍රංශය  කියා සිටියේ තමන් යුරෝපා සංගමය සමඟ එකඟ වන බවත්,  නව ආණෟඩුව යටතේ”දූෂණයට එරෙහි සටනේ කැපී පෙනෙන ප්‍රගතිය” ක් ඇති බව පුකාශ කළේය. “විශ්වාසදායක සහ සියල්ලන් ඇතුළත් යුක්තිය යාන්ත්‍රණයක්” පිහිටුවීම දිරිමත් කරමින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමේ පොරොන්දුව “ධනාත්මක සංඥාවක්” ලෙස හැඳින්වීය.

“නව රජය රටේ මානව හිමිකම් තත්ත්වය වැඩිදියුණු කිරීම අරමුණු කරගත් ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදු කිරීමට පැහැදිලි අභිප්‍රායක් පෙන්නුම් කර ඇත,” යැයි ප්‍රංශය ප්‍රකාශ කළේය.

 ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සහ අන්තර්ජාල ආරක්ෂණ පනත නිදහද් අදහස් ප්‍රකාශනය සඳහා පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා අනිසි ලෙස භාවිතා කිරීමේ අවදානමක් ඇති බවට අනතුරු ඇඟවූ අතර, “ජාත්‍යන්තර මානව හිමිකම් නීතියට සම්පූර්ණයෙන්ම අනුකූල වන තෙක් මෙම පනත් භාවිතය තහනම් කරන ලෙස” ඉල්ලා සිටියේය. “රැඳවුම් ස්ථානවල වධහිංසා පැමිණවීම සහ අයුතු ලෙස සැලකීම අඛණ්ඩව භාවිතා කිරීම පිළිබඳ වාර්තා අපි කනස්සල්ලෙන් සටහන් කරමු,”  යැයිද එරට පැවසීය.

රුමේනියාව  “ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය” යටතේ දී ඇති සහතික කිරීම් ” යහපත් පොරොන්දු ” ලෙස හැඳින්වූ අතර “සියලු වින්දිතයින් සහ දිවි ගලවා ගත් අය කෙරෙහි” වගවීමේ ව්‍යාපෘතිය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීමට ශ්‍රී ලංකාව දිරිමත් කළේය.

නවසීලන්තය ද යුරෝපා සංගමයේ ස්ථාවරය වෙනත් ලෙසකින් ප්‍රකාශ කළේය “ප්‍රතිගාමී නීති අඛණ්ඩව භාවිතා කිරීම සහ අතුරුදහන් වූවන්ගේ සහ මානව හිමිකම් ආරක්ෂකයාගේ පවුල්වලට අඛණ්ඩව නිරීක්ෂණය කිරීම සහ හිරිහැර කිරීම ඇතුළුව මහ කොමසාරිස්වරයාගේ වාර්තාවේ දක්වා ඇති මානව හිමිකම් සහ මූලික නිදහසට අඛණ්ඩව එල්ල වන තර්ජන ගැන තම රට සැලකිලිමත් වන බවත් ,” ජාත්‍යන්තර ප්‍රජාවට “ඵලදායී වගවීම සහ සංහිඳියාවට සහාය විය හැකි” ආකාරය  දැන ගැනීමට කැමැත්ත දැක්වීය.

ජපානය  යුරෝපා සංගමයට ප්‍රතිවිරුද්ධව “නව රජයේ ශක්තිමත් දේශපාලන කැපවීම සාදරයෙන් පිළිගන්නා” බව සඳහන් කරමින්, උතුරු හා නැගෙනහිර ප්‍රයත්නයන් පිළිගෙන “අර්ථවත් සංහිඳියාවක් අත්කර ගැනීම සඳහා ඵලදායී පියවර ගන්නා ලෙස” ඉල්ලා සිටියේය.

කොරියානු ජනරජය ( දකුණූ කොරියාව)  ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීමට සහ සහයෝගීතාවය දැක්වීමට  පොරොන්දු විය.

ඉන්දියාව ඒකීය රාමුවක් තුළ බලය බෙදා හැරීම අවධාරණය කළේය. ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව සහ ස්වෛරීභාවය තුළ සමානාත්මතාවය, යුක්තිය, ගෞරවය සහ සාමය  සඳහා සිය  සහයෝගය නැවත අවධාරණය කළ ඉන්දියාව අතර, “ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පූර්ණ හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම, පළාත් සභා මැතිවරණ ඉක්මනින් පැවැත්වීම සහ අර්ථවත් බලතල බෙදා හැරීම” ඉල්ලා සිටියේය.

රුසියාව මානව හිමිකම් කවුන්සිලය ශ්‍රි ලංකාවේ සානව හිමිකම් පිළිබද ප්‍රශ්ණ වලට මැදිහත්වීමට විරුද්ධත්වය පල කළේය. “ දුරදිග ගිය මානව හිමිකම් කඩතුරාවන් යටතේ  ස්වෛරී ශ්‍රී ලංකා රාජ්‍යයට දේශපාලන පීඩනය යෙදීමට අඛණ්ඩව දරන උත්සාහයන් කනස්සල්ලට හේතුවක් වේ.” යැයි හඑරට පැවසීය.

බෙලාරුස්  ද රුසියිනු ස්ථාවරයම පුනරුච්චාරණය කළේය.“ස්වෛරී රටකට එරෙහිව බාහිර අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මාහන හිමිකම් කොමසාරිස්වරයාගේ කාර්යාලයේ නිර්දේශ අනවශ්‍ය යැයි අපි සලකමු.” යැයි එව කීය.

ඉරානය  “ඊනියා ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය අඛණ්ඩව දීර්ඝ කිරීමට විරුද්ධ විය.“ජාතික උත්සාහයන් අඩපණ කරන, විකෘති කරන හෝ යටපත් කරන ඕනෑම මුලපිරීමක් ප්‍රතික්ෂේප කිරීමේදී ඉරානය සිය ප්‍රතිපත්තිමය ස්ථාවරය නැවත අවධාරණය කරයි.” යනුවෙන් එය කීවේය.

පකිස්ථානය  පැවසුවේ ශ්‍රී ලංකා වගවීමේ ව්‍යාපෘතිය සඳහා වන මුදල් “වඩා හොඳ භාවිතයකට යෙදවිය හැකි බවට සැකයක් නැත”  යැයි කීවේ “ත්‍රස්තවාදයෙන් එල්ල වන හානිකර මානව හිමිකම් අවදානම් වලින් ජනතාව ආරක්ෂා කිරීමේදී ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රදර්ශනීය සාර්ථකත්වය” ප්‍රශංසා කරමිනි.

වෙනිසියුලාව “මානව හිමිකම් සහ ස්වෛරී රටවලට හිරිහැර කිරීම සඳහා මෙම කවුන්සිලය විසින් ස්ථාපිත කරන ලද යාන්ත්‍රණයන් භාවිතා කරන සමහර ආධිපත්‍යවාදී රටවල් විසින් ප්‍රවර්ධනය කරන ලද යෝජනා” ලෙස ශ්‍රී ලංකාව පිළිබද යෝජනා හෙළා දුටුවේය. ශ්‍රී ලංකාවේ ප්‍රගතිය “නිසි ලෙස අගය නොකරන” බව පවසමින්, කවුන්සිලයෙන් “එහි මැදිහත්වීමේ ප්‍රවේශය අත්හැරීමට” ඉල්ලා සිටියේය.

ගල්ෆ් සහයෝගිතා කවුන්සිලය ප්‍රතිසංස්කරණ පොරොන්දු අවධාරනය කරමින් “තාක්ෂණික සහයෝගීතාව, ධාරිතාව ගොඩනැගීම සහ ඵලදායී සංවාදය” ඉල්ලා සිටියේය, ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ සහ “ජාතික සංහිඳියාව” කෙරෙහි අවධානය යොමු කළේය. “ගල්ප් සහයෝගිතා රටවල් ශ්‍රී ලංකාවේ මෑත කාලීන වර්ධනයන්, විශේෂයෙන් නව රජය පිහිටුවීම සහ එහි ප්‍රතිසංස්කරණ පොරොන්දු සහ විනිවිදභාවය සහ යහපාලනය ප්‍රවර්ධනය කිරීම සඳහා කැපවීම උනන්දුවෙන් අනුගමනය කරයි.” යනුවෙන් පැවසූ එය මානව හිමිකම් කවුන්සිලයේ මැදිහත්වීම හෙළා දුටුවේ නැත.

ඊජිප්තුව “ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ගැටළු සලකා බැලීමේදී යම්යම් රටවල් තෝරා නොගන්නා” ඉල්ලා සිටි අතර “මානව හිමිකම් දේශපාලනීකරණය කිරීම සහ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීම සඳහා ඒවා සූරාකෑමට” එරෙහිව අනතුරු ඇඟවීය.

පිලිපීනය  “ශ්‍රී ලංකාවට එහි ජාතික ක්‍රියාවලීන් මෙහෙයවීම සඳහා අවශ්‍ය ‘ප්‍රතිපත්තිමය අවකාශය’ ලබා දීමේ වැදගත්කම” අවධාරණය කළ අතර, කල් පවතින විසඳුම් “ජාතික ආයතන විසින් හිමිකරගෙන මෙහෙයවිය යුතු” බව පැවසූ අතර “පිරිවැය-ඵලදායී ප්‍රවේශයන්” ඉල්ලා සිටියේය.

බුරුන්ඩි, දේශීය යාන්ත්‍රණ සහ යෝජිත  සත්‍ය සෙවීමේ කොමිසමටට සහාය දක්වමින්, “බාහිර මැදිහත්වීම් සඳහා වන ඕනෑම උත්සාහයක් බාධාවක් පමණක් විය හැකිය” යනුවෙන් පවසමින් සහ “ශ්‍රී ලංකාවට පූර්ණ සහයෝගය” නැවත අවධාරණය කළේය.

තුර්කිය,  “සමාජයේ සියලුම කොටස් ඇතුළත් සහ පිළිගත හැකි” ජාතික විසඳුම් සංවර්ධනය කිරීමේදී  ශ්‍රී ලංකාවට සහාය දිය යුතු බව අවධාරනය කළේය.

මාලදිවයින,  “නීතියේ ආධිපත්‍යය යථා තත්ත්වයට පත් කිරීමට, සංහිඳියාව ඉදිරියට ගෙන යාමට සහ වගවීම ශක්තිමත් කිරීමට” මාලේ “ප්‍රතිඥා දෙන බව සදහන කළේය.  ස්දුවෙමින් බවත්නා ප්‍රතිසංස්කරණ “එහි ජනතාවගේ කැමැත්ත” පිළිබිඹු කරන බවට විශ්වාසය පළ කළේය.

නේපාලය, “ව්‍යවස්ථාදායක ප්‍රතිසංස්කරණ සඳහා ශ්‍රී ලංකාවට ප්‍රශංසා කළේය” සහ “සංක්‍රාන්ති යුක්තිය පිළිබඳ අත්දැකීම්… වගවීමට සහාය වීම” බෙදා ගැනීමට ඉදිරිපත් විය.

කොලොම්බියාව  තමන්ගේම අත්දැකීම් උපයෝගී කරගනිමින්, “සත්‍යය, යුක්තිය, විස්තීර්ණ වන්දි ගෙවීම සහ නැවත නැවත සිදු නොවීම සහතික කිරීම” යන යාන්ත්‍රණ ඉල්ලා සිටියේය, “වින්දිතයින් කේන්ද්‍ර කරගත් ප්‍රවේශයක්” අවධාරණය කළේය.

Archive

Latest news

Related news