අනුර මීටරය පිළිබඳව
අනුර මීටරය මගින් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ 2024 ජනාධිපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ තෝරාගත් යෝජනා කිහිපයක ප්‍රගතිය නිරීක්ෂණය කෙරේ. මෙම තෝරාගැනීම ඉහළ මහජන උනන්දුවක් ඇති බවට සැලකෙන පොරොන්දු සමූහයක් කෙරෙහි අවධානය යොමු කරයි. රජය හෝ වෙනත් අදාළ මූලාශ්‍ර වෙතින් අප වෙත තොරතුරු ලැබෙන අවස්ථාවන්හිදී එකී යෝජනාවල ප්‍රගතිය යාවත්කාලීන කරනු ලැබේ. නිරීක්ෂණය කරනු ලබන යෝජනා හෝ එහි ප්‍රගතිය යාවත්කාලීන කිරීමේ කටයුතු වැඩිදියුණු කිරීමට ඔබට ලබා දිය හැකි ඕනෑම සහයෝගයක් අපි සාදරයෙන් පිළිගනිමු.
1. උපයන විට ගෙවීමේ බද්ද සංශෝධනය කිරීම
ආර්ථික ප්‍රතිසංස්කරණ
2025 අප්‍රේල් 1 දින සිට ක්‍රියාත්මක වන 2025 අංක 2 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත මඟින් බදු කාණ්ඩ සංශෝධනය කර ඇති අතර, උපයන විට ගෙවීමේ (PAYE) බද්ද සඳහා බදු රහිත සීමාව රු. 100,000 සිට රු. 150,000 දක්වා වැඩි කර ඇත.
මූලාශ්‍රය:
1. https://documents.gov.lk/view/acts/2025/3/02-2025_E.pdf
ඉටුකර ඇත
08-Jul-25
අඩු ආදායම්ලාභී පවුල් සඳහා මසකට රු10,000 ක් හෝ ඊට වැඩි සහනාධාර මුදලක් ලබා දීම
සමාජ ආරක්ෂණය
“2024 දෙසැම්බර් 2 දිනැති කැබිනට් තීරණයකින්, අඩු ආදායම්ලාභී පවුල් කාණ්ඩ දෙකකට ගෙවනු ලබන මාසික ප්‍රතිලාභ දීමනාව ඉහළ නැංවීමට පාර්ලිමේන්තුව අනුමැතිය ලබා දී ඇත. දුගී සහ ඉතා දුගී පවුල් සඳහා දෙනු ලබන දීමනා පිළිවෙලින් රු. 8,500 සහ රු. 15,000 සිට රු. 10,000 සහ රු. 17,500 දක්වා වැඩි කරන ලදි. 2024 දී අස්වැසුම සඳහා වෙන් කර තිබූ මුදල රු. බිලියන 205 ක් වූ අතර 2025 අයවැය ඇස්තමේන්තුවල එය රු. බිලියන 232.5 දක්වා වැඩි කර ඇත. ඉහත කරුණු මත පදනම්ව, ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩිදුර සාක්ෂි ලැබෙන තෙක් මෙම පොරොන්දුව “”අර්ධ වශයෙන් ඉටු කරන ලද්දක්”” ලෙස සලකනු ලැබේ.
මූලාශ්‍ර/ය:
1. https://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=16&Itemid=49&lang=en&dID=12909
අර්ධ වශයෙන් ඉටුකර ඇත
08-Jul-25
සහනාධාර අවශ්‍ය ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට රුපියල් 5000ක මාසික දීමනාවක්
සමාජ ආරක්ෂණය
2025 මාර්තු 17 දිනැති කැබිනට් තීරණයකින්, අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ ක්‍රමය සංශෝධනය කරන ලදි. මෙම තීරණය මඟින් වැඩිහිටි පුරවැසියන්ට ලබා දෙන මාසික දීමනාව රු. 3,000 සිට රු. 5,000 දක්වා වැඩි කරන ලද අතර, රජය මෙම තීරණය 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක කළ බව පැවසේ. ඉහත කරුණු මත පදනම්ව, ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩිදුර සාක්ෂි ලැබෙන තෙක් මෙම පොරොන්දුව “අර්ධ වශයෙන් ඉටු කරන ලද්දක්” ලෙස සලකනු ලැබේ.
මූලාශ්‍රය:
1. https://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=16&Itemid=49&lang=en&dID=13080
අර්ධ වශයෙන් ඉටුකර ඇත
08-Jul-25
ආධාර අවශ්‍ය නිදන්ගත රෝග සහිත පුද්ගලයින්ට අවම වශයෙන් මසකට රුපියල් 10,000 ක මූල්‍යාධාර
සමාජ ආරක්ෂණය
2025 මාර්තු 17 දිනැති කැබිනට් තීරණයකින්, අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ ක්‍රමය සංශෝධනය කරන ලදි. මෙම තීරණය මගින් නොදන්නා හේතූන් මත ඇතිවන නිදන්ගත වකුගඩු රෝගයෙන් (CKDU) පෙළෙන රෝගීන්ට ලබා දෙන මාසික දීමනාව රු. 7,500 සිට රු. 10,000 දක්වා 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කරන ලදි. ඉහත කරුණු මත පදනම්ව, ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩිදුර සාක්ෂි ලැබෙන තෙක් මෙම පොරොන්දුව “අර්ධ වශයෙන් ඉටු කරන ලද්දක්” ලෙස සලකනු ලැබේ.
මූලාශ්‍රය:
1. https://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=16&Itemid=49&lang=en&dID=13080
2025 පෙබරවාරි 28 වන දින ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ සහ ප්‍රජා සවිබල ගැන්වීම් අමාත්‍යාංශය වෙත යවන ලද තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම් ඉල්ලීම 2025 මාර්තු 11 වන දින භාරගත් බව දැනුම් දුන්නද, මෙතෙක් ප්‍රගති වාර්තාවක් ලැබී නොමැත.
අර්ධ වශයෙන් ඉටුකර ඇත
08-Jul-25
කඳුකර වතු කම්කරුවන්ගේ වැටුප් ජීවන වියදමට සරිලන සේ ඉහළ නැංවීම.
සමාජ ආරක්ෂණය
2025 ජූනි 3 දින රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ගැසට් කරන ලද සේවකයන්ගේ ජාතික අවම වේතනය (සංශෝධන) පනත් කෙටුම්පතට අනුව, ඕනෑම කර්මාන්තයක හෝ සේවාවක නියුතු සියලුම සේවකයින් සඳහා ජාතික අවම මාසික වේතනය රු. 27,000 ක් (අයවැය සහන දීමනාව ඇතුළුව) විය යුතු අතර, සේවකයෙකුගේ ජාතික අවම දෛනික වේතනය රු. 1,080 ක් විය යුතුය. මීට පෙර අවම මාසික වේතනය රු. 17,500 ක් වූ අතර අවම දෛනික වේතනය රු. 700 ක් විය. ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවට අනුව, 2025 අප්‍රේල් මාසය වන විට ජාතික දරිද්‍රතා රේඛාව රු. 6,342 ක් විය. ඉහත කරුණු මත පදනම්ව, පනත් කෙටුම්පත බලාත්මක වන තෙක් මෙම පොරොන්දුව “අර්ධ වශයෙන් ඉටු කරන ලද්දක්” ලෙස සලකනු ලැබේ.
මූලාශ්‍ර/ය:
1. https://documents.gov.lk/view/bills/2025/6/604-2025_E.pdf
2. https://www.statistics.gov.lk/povertyLine/2021_Rebase#gsc.tab=0
2025 පෙබරවාරි 28 වන දින වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය වෙත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ මේ සඳහා ඉල්ලීමක් යවන ලද අතර මෙම පොරොන්දුව පිළිබඳ වගකීම කම්කරු අමාත්‍යාංශය වෙත යොමු කරමින් 2025 අප්‍රේල් 7 වන දින එකී අමාත්‍යාංශය මීට ප්‍රතිචාරයක් ලබා දී තිබිණි. මේ අනුව, ඊළඟ වටයේදී කම්කරු අමාත්‍යාංශයට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ ඉල්ලීමක් යවනු ඇත.
අර්ධ වශයෙන් ඉටුකර ඇත
08-Jul-25
තර්කානුකූලව වෙන්කරන ලද අමාත්‍යාංශ 25කට ඇමතිවරුන් 25ක් සහ අනුරූපී නියෝජ්‍ය ඇමතිවරු පත් කිරීම සහ රාජ්‍ය ඇමති ධුර අහෝසි කිරීම
ආණ්ඩුකරණය
“වත්මන් අමාත්‍යාංශ 24 සඳහා, කැබිනට් අමාත්‍යවරුන් 22 ක් (ජනාධිපතිවරයා ඇතුළුව) සහ නියෝජ්‍ය අමාත්‍යවරුන් 28 ක් පත් කර ඇත. අමාත්‍යාංශ පහකට නියෝජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙකු බැගින් සිටිති. රාජ්‍ය අමාත්‍යවරුන් පත් කර නොමැත.
මූලාශ්‍ර/ය:
1. https://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=25&Itemid=23&lang=en
2. https://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=26&Itemid=24&lang=en
2025 පෙබරවාරි 28 වන දින ජනාධිපති ලේකම් කාර්යාලය වෙත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ යවන ලද ඉල්ලීම භාරගත් බවට 2025 මාර්තු 6 වන දින දැනුම් දුන්න ද, ඒ සඳහා මෙතෙක් ප්‍රගති වාර්තාවක් ලැබී නොමැත.
අර්ධ වශයෙන් ඉටුකර ඇත
08-Jul-25
අඩු ආදායම්ලාභී පවුල්වල ආබාධ සහිත පුද්ගලයින් සඳහා මසකට රුපියල් 10,000ක මූල්‍යාධාරයක්
සමාජ ආරක්ෂණය
2025 මාර්තු 17 දිනැති කැබිනට් තීරණයකින්, අස්වැසුම සුබසාධන ප්‍රතිලාභ ගෙවීමේ ක්‍රමය සංශෝධනය කරන ලදි. මෙම තීරණය මගින් ආබාධ සහිත පුද්ගලයින්ට ලබා දෙන මාසික දීමනාව රු. 7,500 සිට රු. 10,000 දක්වා 2025 අප්‍රේල් මස සිට ක්‍රියාත්මක වන පරිදි වැඩි කරන ලදි. ඉහත කරුණු මත පදනම්ව, ක්‍රියාත්මක කිරීම පිළිබඳ වැඩිදුර සාක්ෂි ලැබෙන තෙක් මෙම පොරොන්දුව “අර්ධ වශයෙන් ඉටු කරන ලද්දක්” ලෙස සලකනු ලැබේ.
මූලාශ්‍රය:
1. https://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=16&Itemid=49&lang=en&dID=13080
more
අර්ධ වශයෙන් ඉටුකර ඇත
08-Jul-25
දැනට දින නියමයක් නොමැතිව කල්තබා ඇති පළාත් සභා සහ පළාත් පාලන මැතිවරණ වසරක් ඇතුළත පවත්වා ජනතාවට පාලනයට සම්බන්ධ වීමට අවස්ථාව සැලැසීම
ආණ්ඩුකරණය
මෙරට පළාත් පාලන ආයතන 341 න් 339 ක් සඳහා (මහ නගර සභා 28 ක්, නගර සභා 36 ක් සහ ප්‍රාදේශීය සභා 275 ක් ද ඇතුළුව) මන්ත්‍රීවරුන් තෝරාපත් කර ගැනීම සඳහා පළාත් පාලන මැතිවරණ පැවැත්විණි. පළාත් සභා මැතිවරණ නොපැවැත්විණි.
මූලාශ්‍රය:
1. https://results.elections.gov.lk/
2025 පෙබරවාරි 28 වන දින රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය වෙත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ යවන ලද ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් ප්‍රගති වාර්තාවක් හෝ භාරගත් බවට දැනුම් දීමක් හෝ ලැබී නොමැත.
අර්ධ වශයෙන් ඉටුකර ඇත
08-Jul-25
විනිවිදභාවය සහතික කිරීම සඳහා රාජ්‍ය ව්‍යවසායන්වල මෙහෙයුම් පිළිබඳ සම්පූර්ණ තොරතුරු මහජනතාවට ලබා ගැනීමට පහසුකම් සැලසීම
ආණ්ඩුකරණය
2025 ජුනි 20 වන විට, මුදල් අමාත්‍යාංශය විසින් පවත්වා ගෙන යනු ලබන ට්‍රැකරයට අනුව, ප්‍රධාන රාජ්‍ය ව්‍යවසායයන් 52 න් 8 ක් 2024 සඳහා වාර්ෂික හෝ මූල්‍ය වාර්තා ප්‍රකාශයට පත් කර නොමැත. එමෙන්ම, ට්‍රැකරයෙහි ඇතුළත් රාජ්‍ය ව්‍යවසාය වාර්තා 22 ක් විගණනය කර නොමැති වාර්තා වේ. ඉහත කරුණු මත පදනම්ව, මෙම පොරොන්දුව “අර්ධ වශයෙන් ඉටු කරන ලද්දක්” ලෙස සලකනු ලැබේ.
මූලාශ්‍රය:
1. https://www.treasury.gov.lk/web/annual-reports-financial-statements-of-key-soes
අර්ධ වශයෙන් ඉටුකර ඇත
08-Jul-25
ප්‍රකාශනයේ නිදහසට බාධා වන වගන්තීන් ඉවත් කොට 2024 අංක 09 දරන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබද පනත සංශෝධනය කිරීම
ආණ්ඩුකරණය
2025 මැයි 25 දිනැති කැබිනට් තීරණයකින්, අදාළ පනත් කෙටුම්පත සංශෝධනය කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට ඊට අදාළ සියලුම අංශ නියෝජනය වන පරිදි ශ්‍රේෂ්ඨාධිකරණයේ ගරු විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය ලබා දී ඇත. 2025 මැයි 8 දින රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව විසින් ගැසට් කරන ලද මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අවලංගු කිරීම සඳහා වූ පනත් කෙටුම්පත රජය විසින් නොව, විපක්ෂ මන්ත්‍රී රවි කරුණානායක විසින් සභාගත කරන ලද්දකි.
මූලාශ්‍රය:
1. https://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=16&Itemid=49&lang=en&dID=13192
ආරම්භ කර ඇත
08-Jul-25
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඇතුළු සියලු මර්දනකාරී අණපනත් අහෝසි කර රට පුරා ජනතාවගේ සිවිල් අයිතිවාසිකම් සහතික කිරීම
ආණ්ඩුකරණය
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම් කිහිපයක් සිදු වී තිබුණ ද, ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සමාලෝචනය කිරීම සඳහා කොමිසමක් පිහිටුවීමට කැබිනට් මණ්ඩල අනුමැතිය ලබා දී ඇති හෙයින් මෙම පොරොන්දුව “ආරම්භ කරන ලද්දක්” ලෙස සලකනු ලැබේ. මෙම කොමිසම පිහිටුවා ඇත්තේ නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද අවසන් කෙටුම්පත තවදුරටත් අධ්‍යයනය කර, එම පනත් කෙටුම්පත වැඩිදියුණු කිරීම සඳහා සුදුසු යෝජනා ඉදිරිපත් කිරීමටය.
මූලාශ්‍රය:
1. https://www.cabinetoffice.gov.lk/cab/index.php?option=com_content&view=article&id=16&Itemid=49&lang=en&dID=13046
ආරම්භ කර ඇත
08-Jul-25
කඳුකර ප්‍රජාවට ස්ථිර නිවසක් තනා ගැනීම සඳහා ඉඩම් ලබාදීම
සමාජ ආරක්ෂණය
2024 සැප්තැම්බර් මාසයෙන් පසු කාලයට අදාළව 2025 පෙබරවාරි 28 වන දින වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශය වෙත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ යවන ලද ඉල්ලීමට 2025 අප්‍රේල් 07 වන දින පහත සඳහන් ප්‍රතිචාරය ලැබී ඇත: “අමාත්‍යාංශය විසින් ඉදිකරන ලද නිවාසවල ප්‍රතිලාභීන් 725 දෙනෙකුට ඔප්පු පිරිනමා ඇත”.
ආරම්භ කර ඇත
08-Jul-25
දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම හා ඔවුන් නිදහසේ සමාජ ගතවීම සහතික කිරීම
නීතිය හා සාමය
නිල වශයෙන් ප්‍රගතියක් නිරීක්ෂණය වී නොමැත.
2025 පෙබරවාරි 28 වන දින අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටකේ ඉල්ලීමක් යවන ලද අතර මෙම පොරොන්දුව පිළිබඳ වගකීම ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමු කරමින් 2025 මාර්තු 21 වන දින එකී අමාත්‍යාංශයෙන් ඊට පිළිතුරු ලැබිණි. මේ අනුව, ඊළඟ වටයේදී ජනාධිපති ලේකම් කාර්යාලයට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ ඉල්ලීමක් යවනු ඇත.”
යාවත්කාලීන තොරතුරු නොමැත
08-Jul-25
විධායක ජනාධිපති ධුරය අහෝසි කොට විධායක බලතල රහිත ජනාධිපතිවරයෙකු පාර්ලිමේන්තුව විසින් පත්කිරීම
ආණ්ඩුකරණය
නිල වශයෙන් ප්‍රගතියක් නිරීක්ෂණය වී නොමැත.
2025 පෙබරවාරි 28 වන දින අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ යවන ලද ඉල්ලීමට, 2025 මාර්තු 21 වන දින පහත ප්‍රතිචාරය ලැබී ඇත: “මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.”
යාවත්කාලීන තොරතුරු නොමැත
08-Jul-25
2015-2019 කාලය තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යස්ථාවක් සම්පාදනය කිරීමට අනුගමනය කළ ක්‍රියාදාමය කඩිනමින් අවසන් කොට සමානාත්මතාව හා ප්‍රජාතන්ත්‍රවාදය මත පදනම්ව එක රටක් තුළ සියලු ජනතාව පාලනයට සම්බන්ධ විය හැකි වන ලෙස සෑම පළාත් පාලන ආයතනයකටම, දිස්ත්‍රික්කයකටම සහ පළාතකටම
ආණ්ඩුකරණය
නිල වශයෙන් ප්‍රගතියක් නිරීක්ෂණය වී නොමැත.
2025 පෙබරවාරි 28 වන දින අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ යවන ලද ඉල්ලීමට, 2025 මාර්තු 21 වන දින පහත ප්‍රතිචාරය ලැබී ඇත: “මෙතෙක් කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැත.”
යාවත්කාලීන තොරතුරු නොමැත
08-Jul-25
උතුරු නැඟෙනහිර ඇතුළු සෑම ප්‍රදේශයකම පසුගිය කාලයේ සිදුවූ දේශපාලන ඝාතන, අතුරුදන් කිරීම් සහ පහරදීම් පිළිබඳ විමර්ශනය කර යුක්තිය ඉටු කිරීම
නීතිය හා සාමය
චෙම්මනි සමූහ මිනීවළේ කැණීම් කටයුතු මෑතකදී සිදු කළ ද, එය රජයේ තීරණයක් මගින් ආරම්භ නොවූවක් බැවින්, සමස්ත පොරොන්දුව ‘යාවත්කාලීන කිරීම් නැත’ යනුවෙන් ලකුණු කර ඇත.
2025 පෙබරවාරි 28 වන දින අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටකේ ඉල්ලීමක් යවන ලද අතර මෙම පොරොන්දුව පිළිබඳ වගකීම මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය (ශ්‍රී ලංකා පොලීසිය) සහ නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කරමින් 2025 මාර්තු 21 වන දින එකී අමාත්‍යාංශයෙන් ඊට පිළිතුරු ලැබිණි. මේ අනුව, ඊළඟ වටයේදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ ඉල්ලීමක් යවනු ඇත.”
08-Jul-25
2019.04.21 දින සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් සභාව ලබා දුන් නිර්දේශවලට අනුව අදාළ දේශපාලනඥයන් සහ නිලධාරීන්ට එරෙහිව කඩිනමින් නීතිමය ක්‍රියාමාර්ග ගැනීම
නීතිය හා සාමය
නිල වශයෙන් ප්‍රගතියක් නිරීක්ෂණය වී නොමැත.
2025 පෙබරවාරි 28 වන දින අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටකේ ඉල්ලීමක් යවන ලද අතර මෙම පොරොන්දුව පිළිබඳ වගකීම මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශය (ශ්‍රී ලංකා පොලීසිය) සහ නීතිපති දෙපාර්තමේන්තුව වෙත යොමු කරමින් 2025 මාර්තු 21 වන දින එකී අමාත්‍යාංශයෙන් ඊට පිළිතුරු ලැබිණි. මේ අනුව, ඊළඟ වටයේදී මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ ඉල්ලීමක් යවනු ඇත.”
යාවත්කාලීන තොරතුරු නොමැත
08-Jul-25
ජාතිවාදය හා ආගමික අන්තවාදය හේතුකොට ගෙන සිදු වී ඇති ප්‍රචණ්ඩ ක්‍රියා විමර්ශනය කිරීමට සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමේ ක්‍රියාකාරිත්වය පුළුල් කිරීම
සමාජ ආරක්ෂණය
නිල වශයෙන් ප්‍රගතියක් නිරීක්ෂණය වී නොමැත.
2025 පෙබරවාරි 28 වන දින අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය වෙත තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ මේ සඳහා ඉල්ලීමක් යවන ලද අතර මෙම පොරොන්දුව පිළිබඳ වගකීම විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යොමු කරමින් 2025 මාර්තු 21 වන දින එකී අමාත්‍යාංශයෙන් ඊට පිළිතුරු ලැබිණි. මේ අනුව, ඊළඟ වටයේදී විදේශ කටයුතු අමාත්‍යාංශයට තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ ඉල්ලීමක් යවනු ඇත.
යාවත්කාලීන තොරතුරු නොමැත
08-Jul-25