ඡායාරූපය: නවක වධය ශිෂ්‍ය සංගම් විසින් සිය අධිකාරය ගොඩ නැගීමේ මෙවළමක් ලෙස භාවිත කරන බවට චෝදනා නැගී තිබේ.
රාජ්‍ය විශ්වවිද්‍යාලවල නවක වදය නැවැත්වීමට සහ විශේෂයෙන් අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය (IUSF) ඇතුළු රාජ්‍ය විශ්වවිද්‍යාලවල සියලුම ශිෂ්‍ය සංගම් සහ ජනතා විමුක්ති පෙරමුණ (JVP) සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂය (FSP) වෙත දේශපාලනිකව නැඹුරුවක් ඇති අයගෙන් , නවක වදය නැවැත්වීම සඳහා ක්‍රියාකාරී සැලැස්මක් ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලීමක් කර තිබේ.
සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු ශිෂ්‍යයෙකු ශිෂ්‍ය සංගමයේ සාමාජිකයින්ගේ දරුණු නවක වදය හේතුවෙන් සියදිවි නසා ගැනීම පාදක කර මෙම ඉල්ලීම කර ඇත්තේ සමාජවාදී ජනතා සංසදය Socialist Peoples’ Forum නම් එකතුවක් මගිනි..
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සංසදය ප්‍රකාශ කර ඇත්තේ යුක්තිය සඳහා වන සටනේදී මියගිය අයගේ පවුලේ අය සමඟ තමන් සිටින බවත්, ඛේදවාචකය සම්බන්ධයෙන් ස්වාධීන අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලා සිටින බවත්, 1998 අංක 20 දරන අධ්‍යාපන ආයතනවල නවක වදය සහ වෙනත් ආකාරයේ ප්‍රචණ්ඩත්වය තහනම් කිරීමේ පනතට අනුව වැරදිකරුවන්ට දඬුවම් කළ යුතු බවත්ය.
එම නිවේදනය මෙසේ ද සඳහන් කරයි.
“විශ්ව විද්‍යාල අවකාශයක් තුළ ශාරීරික හෝ මානසික තුවාල හෝ මානසික වේදනාව හෝ බිය නිසා සිදුවන පළමු මරණය මෙය නොවේ. අපගේ පොදු විශ්ව විද්‍යාල පද්ධතිය තුළ මුල් බැස ගෙන සාමාන්‍යකරණය වී ඇති නවක වදය සංස්කෘතිය බොහෝ සිසුන්ගේ ජීවිත බිලිගෙන තිබේ. නවක වදය සිසුන් අතර නිදහස, ස්වාධීනත්වය සහ විසම්මුතිය මැඩපවත්වා ඇති අතර ශිෂ්‍ය ධූරාවලියේ සංස්කෘතියක් සහ අධිකාරියට දැඩි කීකරුකමක් ගොඩනඟා ඇත. අධ්‍යාපන ආයතන පුද්ගලික, සමාජ-දේශපාලනික සහ බුද්ධිමය වර්ධනය සඳහා අවකාශයන් විය යුතුය. ශාරීරික හෝ මානසික ප්‍රචණ්ඩත්වය, හිරිහැර කිරීම, ලිංගික හිරිහැර ආදියට මෙම ආයතන තුළ ඉඩක් නොතිබිය යුතුය. එබැවින්, නවක වදය සම්බන්ධයෙන් ශුන්‍ය ඉවසීමේ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක විය යුතුය.
“කෙසේ වෙතත්, විශ්වවිද්‍යාල කළමනාකාරිත්වය ශිෂ්‍ය දේශපාලනය තලා දැමීම සඳහා මෙවලමක් ලෙස භාවිතා කිරීම දේශපාලනික වශයෙන් යොදා ගැනීම හැරැණ විට, නවක වදය කෙරෙහි ඇස් පියාගෙන සිටී. රාජ්‍ය විශ්වවිද්‍යාලවල නවක වදය සහ සංවිධානාත්මක ශිෂ්‍ය දේශපාලනය අතර ඇති සම්බන්ධය හේතුවෙන් ශිෂ්‍ය සංගම් සංවිධානය කිරීමේ අයිතිවාසිකම් නවක වධය වෙනුවෙන් ඉලක්ක කර ගැනීම සඳහා සමාජය තුළ ඉල්ලීමක් ඇති වී තිබේ. ශිෂ්‍ය සංගම් තුළ තම බලය පවත්වා ගැනීම සඳහා සහභාගී වීමෙන් හෝ ඉවසා සිටීමෙන් මෙම ප්‍රචණ්ඩ සංස්කෘතියට සෘජුවම දායක වී ඇත. එබැවින්, නවක වදය හා සම්බන්ධ ඛේදවාචක වාර්තා වූ විට, සමාජය අතර පළමු ඉල්ලීම වන්නේ ශිෂ්‍ය සංගම් ‘නිර්දේශපාලනීකරණය’ කිරීම හෝ ශිෂ්‍ය සංගම් ‘තහනම්’ කිරීමයි. ශිෂ්‍ය සංගම් ‘තහනම්’ කිරීම සඳහා වන මෙම ඉල්ලීම, අධ්‍යාපනය පෞද්ගලීකරණයට එරෙහි ශිෂ්‍ය ප්‍රතිරෝධය බිඳ දැමීමට අනුප්‍රාප්තික රජයන්ට පහසු මාවතක් සකසා ඇත.
“එබැවින්, මෙම ආකාරයේ ප්‍රචණ්ඩත්වය දිගටම පැවතීමට ඉඩ දී ඇති අතර, රාජ්‍ය විශ්ව විද්‍යාල වාමාංශික ශිෂ්‍ය සංගම් කැරලි ඇති කරන විනය විරෝධී අවකාශයන් ලෙස නිරූපණය කිරීමට රාජ්‍ය ප්‍රචාරණයක් ලෙස භාවිතා කරයි. විප්ලවවාදී ශිෂ්‍ය ව්‍යාපාරයක් සංවිධානය කිරීම සඳහා නවක වදය කිසි විටෙකත් මෙවලමක් විය නොහැක. ශිෂ්‍ය සංගම් තුළ සිටින බලවත් පුද්ගලයින් කිහිප දෙනෙකුගේ කැමැත්තට සිසුන් ප්‍රචණ්ඩත්වයට යටත් කිරීම සහ ඔවුන්ගේ දේශපාලන ස්වාධීනත්වය නැමීම පාසල්වල, පවුල්වල, සේවා ස්ථානවල සහ රාජ්‍යයේ අත්විඳින ප්‍රචණ්ඩත්වයට වෙනස් නොවේ. පන්ති සවිඥානික, ජාතිවාදී විරෝධී, පීඩනයට එරෙහි, ස්ත්‍රීවාදී ශිෂ්‍ය ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා ශිෂ්‍ය සංගම් දේශපාලන අදහස් මත සිසුන් සංවිධානය කිරීම ආරම්භ කළ යුතුය. සිසුන්ට එරෙහි මෙම හිංසනය ස්ථිරවම අවසන් කිරීමට ඇති එකම මාර්ගය මෙයයි. හුදෙක් හෙළා දැකීම් සහ කනස්සල්ල සඳහා කාලය ගෙවී ගොස් ඇත. රාජ්‍ය විශ්ව විද්‍යාලවල අද සිසුන් අත්විඳින දෙයට වඩා වෙනස් ශිෂ්‍ය සංස්කෘතියක් ගොඩනැගීම සඳහා තීරණාත්මක පියවර ගැනීමේ වගකීම ශිෂ්‍ය නායික නායිකාවන් සතුය. විශ්වවිද්‍යාලයට පැමිණෙන සෑම සිසුවෙකුම හිරිහැර කරන්නන්ගෙන් ආරක්ෂා කර පෝෂණය කළ යුතුය. ”