ගනේමුල්ළ සංජීව නැමැති පුද්ගලයා පසුගිය 19 වන දා කොළඹ අළුත්කඩේ අංක 5 අධිකරණ ශාලාව තුලදී වෙඩි තැබීමෙන් ඝාතනය විය. මෙයට අදාල මරණ පරීක්ෂණය ඊයේ දිනයේදී පැවැත්විනි. මෙම මරණ පරීක්ෂණය කොළඹ ප්රධාන මහේස්ත්රාත් තනුජා ලක්මාලී මහත්මිය ඉදිරිපිටදී පැවැත්විනි. එම මරණ පරීක්ෂණයේදී හෙලි වු කාරණය වන්නේ එදින ගනේමුල්ලේ සංජීව අධිකරණයට ඉදිරිපත් කිරීමට අවශ්යතාවයක් නොතිබු බවයි. මෙහිදි සාක්ෂි ලබා දුන් කෙසෙල්වත්ත පොලීසියේ පොලිස් කොස්තාපල් හේවාපතිරගේ තරංග නැමැති පොලිස් නිලධාරියා ප්රකාශ කර ඇත්තේ මෙසේය.
“සිද්ධිය වූ දින පෙරවරු 09.30 ට හෝ 09.35 ට පමණ අධිීකරණයේ නඩු වීමසීම ආරම්භ උනා. එදින ආරම්භ වි තිබුනේ ස්කයිප් තාක්ෂණය ඔස්සේ නඩු විභාග කිරීම් කටයුතු වලදී බන්ධනාගාරගතව සිටින රැදවියන්ගේ රිමාන්ඩ් කාලය දීර්ඝ කිරීමයි. පෙරවරු 09.40 ට පමණ අධිකරණ ශාලාවේ වසා දමා තිබු දොර විවෘත කරමින් බන්ධනාගාර නිලධාරීන් දෙදෙනෙකු සැකකරුවෙකු අධිකරණය තුලට රැගෙන ආවා.
“එක් බන්ධණාගාර නිලධාරියෙකු මා අසලට පැමිණ කීවා ගනේමුල්ල සංජීව අරන් ආවා කියලා. මම සැකකරු සිර මැඳිරියට දාන්න කීවා. එවිට ඔහු කීවා මේ සැකකරුට විරුද්ධවාදීන් ඉන්නවා මෙයාව කූඩුවේ දාන්න බෑ කියලා. පසුව මම ඔහුව බංකුවේ වාඩි කරන්න කීවා. මහේස්ත්රාත්තුමිය ඒ පිලිබඳව විමසුවොත් එයට හේතු පැහැදිලි කරන්න කියලා මම බන්ධනාගාර නිලධාරීන්ට කීවා. පසුව මෙම සැකකරු බංකුවේ වාඩි කෙරෙව්වා. නඩු 30 ක් පමණ ස්කයිප් තාක්ෂණය ඔස්සේ ගත්තාට පස්සේ ස්කයිප් එක සිග්නල් නැතුව බිඳ වැටුනා. ඊට පස්සේ ගනේමුල්ලේ සංජීවගේ නඩුවත් කැඳෙව්වා. ඒවෙලේ මහේස්ත්රාත්තුමිය සංජීවගෙන් විමසුවා නඩුවට ඇප තියෙනවාද කියලා. ඒවෙලාවේ ගනේමුල්ලේ සංජීව සඳහන් කලා ඇප තියන්නේ නැහැ කියලා. ඊට පස්සේ මහේස්ත්රාත්තුමිය ඇහුවා අධිකරණ නියෝඝ නැතුව ඇයි සැකකරුව අරන් ආවේ කියලා.
“ඊට පිළිතුරු දෙන්න බන්ධනාගාර නිලධාරියෙක් ඉදිරියට ආවා. ඒ නිලධාරියාට අංක 9 යන වචනය කියන්න පමණයි පුලුවන් උනේ. එක පාරම වෙඩි ශබ්ද තුන හතරක් ඇහුනා. ඇතුලේ සිටි පිරිස කෑගහන්න පටන් ගත්තා. නීතිඥ ඇදුමින් සිටි පුද්ගලයෙකු විත්ති කුඩුව පැත්තට හැරිලා යමක් කරනවා මම දැක්කා. වෙඩි තියනවා කියලා මට අදහසක් තිබුනේ නෑ. වෙඩික්කරු නිල් පාට ටයි පටියක් ඇද සිටියා මට මතකයි. පසුව එම පුද්ගලයා වසා තිබු අධිකරණ ශාලාවේ දොර ඇරගෙන පිටතට පැන ගියා. අතේ මුකුත් තිබ්බේ නෑ. මම ඒත් එක්කම විනිසුරු ආසනය දෙස බැලුවා. විනිසුරුතුමිය සිටියේ නෑ. පසුව පරීක්ෂා කලා. විනිසුරුතුමිය බෙන්ච් එක යට තමා හිටියේ. පසුව අපි විනිසුරුතුමියව ආරක්ෂිතව නිල මැදිරියට ගෙන ගියා.”රාත්තුමිය කම්පනයට සහ භීතියට පත්ව සිටියා. නැවත පැමිණ බැලු විට විත්තිකාර ගනේමුල්ලේ සංජීව විත්ති කුඩුව තුල උඩ බැලි අතට වැටි සිටියා දැක්කා. ”
මෙය අධිකරණයේ එදින සිටි පොලිස් නිලධාරියාගේ සාක්ෂයි. මෙහි තවත් පොලිස් නිලධාරියෙකු සිටි අතර ඔහු පෑලියගොඩ පොලිස් කොට්ඨාශයට අනුයුක්තව සේවය කල අනුර විජේසිරි නැමැත්තායි. ඔහු සාක්ෂි දෙමින් මෙසේ පවසන ලදී.
“19 වනදා මම කොළඹ මහේස්ත්රාත් අධිකරණයේ අංක 5 ශාලාව තුලට ආවා. එදා පෙරවරු 09.30 ට පමණ අධිකරණ කටයුතු ආරම්භ උනා. එදින අධිකරණය තුල ස්කයිප් තාක්ෂණය ඔස්සේ නඩු ඇසීමට තිබු නිසා එම අධිකරණ ශාලාවේ සිටි පුද්ගලයින් ඉවත් කලා. අධිකරණ නිලධාරීන්, නීතිඥවරුන් අධිකරණය තුල රැදි සිටියා. පෙරවරු 09.45ට පමණ බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරුවෙකු අධිකරණයට රැගෙන ආවා. පසුව ඔහුව බන්ධනාගාර සිර මැදිරිය අසල බංකුවක වාඩි කලා. පසුව ඔහුගේ නඩුව කැඳෙව්වා. පසුව නීතිඥ මහත්තයෙක් වගේ කෙනෙක් විත්ති කුඩුව ලඟ ඉදලා සැකකරුට වෙඩි ප්රහාර එල්ළ කලා. වෙඩි තැබීම් පහක් පමණ සිදු කලා. ලෝයර් කෙනෙක් වෙඩි තිබ්බා කියලා උසාවිය ඇතුලේ කට්ටිය කෑගහන්න පටන් ගත්තා. පසුව වෙඩි තැබු පුද්ගලයා දොර ඇරගෙන පලා ගියා. ඒවෙලාවේ එස්ටීඑෆ් නිලධාරීන් දොර ලග හිටියා. දොර ලග එස්ටිීඑෆ් නිලධාරීන් දෙන්නෙක් සිටියා. එස්ටීඑෆ් නිලධාරීන් පඩිපෙල දිගේ ඉන්නවාත් දැක්කා. සිවිල් පුද්ගලයෝ පඩිපෙලේ වැටිලා හිටියා. පසුව විත්ති කූඩුව අසල රිවෝල්වරයක් වැනි ගිනි අවියක් තිබෙනවා මම දැක්කා. “
තවද මෙහිදී සාක්ෂි ලබා දුන් නීතිඥවරයාගේ සාක්ෂියෙන් පෙනී යන්නේ වෙඩික්කරු උස පුද්ගලයෙකු බවයි. එහෙත් අත්අඩංගුවට පත් වු පුද්ගලයා මිටි පුද්ගලයෙකි. එමෙන්ම සිසිටිවි විඩියෝව හොඳින් බැලීමේදී අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ උස ඔහු හා නොසැසඳෙන බව පෙනී යයි.
මෙම සාක්ෂිය කෙරෙහි අවධානය යොමු කිරීමේදී පෙනී යන්නේ අධිකරණය තුල නොසිටියද අධිකරණයෙන් පිටත ඉතා සමීප සීමාවේ සහ පඩි පෙලේ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් සිටි බවයි. එදින එම අධිකරණ ශාලාවේ සිටි නීතිඥවරයෙකුද පහත ආකාරයට සාක්ෂි ලබා දී ඇත.
“මම පෙරවරු 08.30 ට පමණ අධිකරණ ශාලාවට ආවා. පෙරවරු 09.30ට පමණ නඩු කටයුතු ආරම්භ උනා. ඒ අවස්ථාවේදී උස පුද්ගලයෙක් ෆයිල් කවර වලින් මුහුණ වහගෙන අධිකරණ ශාලාව තුලට පැමිණියා. ඔහුගේ ඇස් විතරයි මම දැක්කේ. මම මේ පුද්ගලයා නීතිඥවරයෙක් කියලා හිතුවේ නෑ. මම හිතුවා මේ පුද්ගලයා සීඅයිඩි එකේ හෝ නාකොටික් එකේ ඔෆිසර් කෙනෙක් කියලා. පසුව ගනේමුල්ලේ සංජීවගේ නඩුව කැඳෙව්වා. බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු විත්ති කූඩුවට ඉදිරිපත් කලා.
” මහේස්ත්රාත්තුමිය ඇහුවා සැකකරුගෙන් ඇප තියනවාද කියලා. ඔහු ඇප තියන්නේ නෑ කියලා කීවා. පසුව මහේස්ත්රාත්තුමිය බන්ධනාගාර නිලධාරීන්ගෙන් ඇහුවා අධිකරණ නියෝග නැතුව ඇයි සැකකරු අරන් ආවේ කියලා. එවිට බන්ධණාගාර නිලධාරීන් යමක් ප්රකාශ කලා. ඒ ප්රකාශ කල දේ මට ඇහුනේ නෑ. ඒ සමඟම අර උස පුද්ගලයා කෝට් එක පිටිපස්සෙන් යමක් අරගෙන සංජීව දෙසට එල්ල කරනවා මම දැක්කා. ඒ සමඟම වෙඩි ශබ්ද ආවා. වෙඩි ශබ්ද පහක් පමණ ඇසුනා. පසුව එම පුද්ගලයා පිස්තෝලය බිම තබා දොර ඇරගෙන පිටව ගියා. පසුව රුක්ෂාන් කියන පොලිස් නිලධාරීයා ලෝයර් කෙනෙක් වෙඩි තිබ්බා කියලා කෑගැහුවා. කට්ටිය කෑගහන්න පටන් ගත්තා. කලබලයක් උනා. සංජීව කූඩුවේ වැටිලා හිටියා මම දැක්කා. “
මේ සාක්ෂි විභාගයේදී ඉතා වැදගත් කාරණා කිහිපයක් අනාවරණය වී ඇත. එනම් එදින ගනේමුල්ලේ සංජීව අධිකරණයට ගෙන ඒම සඳහා කිසිදු අධිකරණ නියෝගයක් නිකුත් වී නැති බවයි. ඒ පිලිබඳව විශ්මයට පත්ව ඇති මහේස්ත්රාත්තුමිය ඔහු ගෙන ආවෙ ඇප තැබීමටයි උපකල්පනය කොට ඒ බව විමසා ඇති බව පෙනේ. එහෙත් සංජීව විසින් ඔහු ඇප තැබීමක් කිරීමට අපේක්ෂා නොකරන බවක් සඳහන් කර ඇත. ඉන් පෙනී යන්නේ ගනේමුල්ලේ සංජීව අංක 05 අධිකරණයට ගෙන ඒම සඳහා නියෝගයක් නොතිබි ඇති බවත් එය කිසියම් අදිසි හස්තයකගේ මාර්ගයෙන් සිදුව ඇති බවයි.
අධිකරණ ශාලාවේ පිටතට සහ පඩිපලේ එස්ටීඑග් නිලධාරීන් සිටියත් අධිකරණය තුලින් වෙඩි ශබ්දියක් ඇසි ඉන්පසු දොර ඇරගෙන එලියට පැමිණෙන නීතිඥවරයා අත්අඩංගුවට ගැනීමට උත්සාහයක් එස්ටීඑෆ් නිලධාරීන් නොකිරීමෙන් පෙනී යන්නේ එස්ටීඑෆ් නිලධාරීන්ගේ යම් සහායක් මෙම ඝාතනයට ලැබී ඇති බවයි.
Cyber News LK වෙතින් උපුටා ගන්නා ලදී.