ඒ දවස 2016 ජුනි 15 දාය. කැබිලිතිගොල්ලෑව ප්‍රදේශයේදී ලංගම බස් රථයකට එල්ල වූ ක්ලේමෝ ප්‍රහාරයකින් එහි ගමන් ගත් මගීන් බොහෝ දෙනෙකු ගේ ජීවිත අහිමි විය.මේ සිඳුවීම මුළු රටේම ජනතාව කම්පනයට පත්කරවන ශෝකාන්තයක් වූයේ ජනමාධ්‍ය වලින් අනාවරණය කරන රූප රාමු වලිනි.ඒ බස් රථයේ ගමන් ගත් එකම පවුලේ අය ගෙන් තුවාල ලබා ජීවිතය බේරුණු අයගේ කම්පනයද ඥාතීන් අහිමි වීමෙන් වැලපෙන අයවලුන්ගේ වේදනාවද මාධ්‍ය තුළ සංසරණය වූයේ යුද්ධයේ මෙලෙච්ඡ බවින් දකුණේ ජනතාවගේ සිත තුළ අනුවේදනීය තැති ගැන්වීමක් වන ආකාරයෙනි.
එදී දකුණේ ජනතාවගේ වඩාත් අවධානය දිනා ගත් සිඳුවීමක් වූයේ රටේ රාජ්‍ය නායකයා වූ මහින්ද රාජපක්ෂ ඒ ස්ථානයට යාමය.ජනාධිපතිවරයා ගේ ඒ ගමන ඔහුගේ වීරත්වය හා මානුෂික බව ඉහළ නංවන්නක් බවට පත් කරවන කාරණයක්ද විය.වර්තමානයේදීද මහින්ද රාජපක්ෂගේ වීරත්වය ගැන ඔහුගේ අනුගාමිකයන් සඳහනක් කරන විට කැබිලිතිගොල්ලෑව බස් ප්‍රහාරයෙන් පසුව ඔහු එම ස්ථානයට යාම උදාහරණයක් ලෙස පෙන්වා දෙන අවස්ථා බොහොමයකි.
එහෙත් කැබිලිතිගොල්ලෑව බස් ප්‍රහාරය පිළිබඳව ඇතැම් යුද නිරීක්ෂකයන් තුළ ඇති වූ සැකය තවමත් නිරාකරණය වී නැත්තේ එම බස් ප්‍රහාරයේ වගකීම එල්ටීටිය හෝ වෙනත් ත්‍රස්ත සංවිධානයකින් ඒ දින වල බාර ගනු නොලැබුණ නිසාය.තමන් එල්ටීටීයේ ක්‍රියාධරයකු ලෙස සිටින අවධියේ හමුදා හා පොලිස් නිළධාරීන් 40000 ක් ඝාතනය කරන ලද බව කරුණා අම්මාන් ප්‍රකාශ කරන ලද්දේ මඩකලපුව පැවැති මහජන රැස්වීමකදීය.එහෙත් කැබිලිතිගොල්ලෑව බස් රථයට එල්ල වූ ප්‍රහාරය හා සම්බන්ධව මෙතෙක් කිසිදු සාක්ෂියක් අනාවරණය නොවීම විමතියට කාරණයකි.
මෙම ප්‍රහාරය පිටුපස රජයේ මිල්ටෙරි හමුදාවල රාජපක්ෂවරුන් විසින් සංවිධානය කර තිබූ සාහසික කල්ලි සිටින බවට සැකයක් ඒ දින වල සිටම යුද නිරීක්ෂකයන් තුළ පැවතුනි.ඒ සැකය තහවුරු කිරීමේ සාක්ෂියක් ඕපා දූපයක් ලෙස හෝ එම ප්‍රහාරය සිඳු වූ දිනවල මිල්ටෙරි සාමාජිකයන් අතර කතා බහ වෙමින් පැවතුණි.එය සමාජයේ විවෘත භූමියට ප්‍රසාරණය නොවූයේ රාජපක්ෂ වරුන්ගේ බල ආධිපත්‍යය තුළ සැඟවුන දාමරික කම් පිළිබඳව බොහෝ මිල්ටෙරි සාමාජිකයන්ට රහසක් නොවීම නිසාය.
මේ ඕපාදූපයේ අන්තර්ගතය තුළ ඉතා බිහිසුණු හා තැති ගන්වන කුමන්ත්‍රණකාරී සිද්ධි දාමයක් සැඟවී තිබුණි.ඒ කැබිලිතිගොල්ලෑව බස් ප්‍රහාරය සිඳු වීමට විනාඩි ගණනකට පෙර රටේ ජනපතිවරයා වූ මහින්ද රාජපක්ෂ කොළඹින් ගුවන් ගත වී ඇත්තේ එම ප්‍රදේශයට යාමටය.එම බස් ප්‍රහාරය ජනපතිවරයාට වාර්තා වන්නේ ගුවනේදී බවට මිල්ටෙරි සාමාජිකයන් බොහෝ දෙනෙකු අතර රහස් කතා බහ වලදී සාකච්ඡාවට ගැනුන කාරණයක් විය.
පැමිණිලිකරුවාත් දඩයක්කාරයාත් එකම පුද්ගල පාර්ශවයන් බව ඉන් සැකයක් ඇති වුවද කිසිවෙකුත් ඒ ගැන ප්‍රතිචාර නොදැක්වූහ.සියල්ල නිහඬව අසා සිටීම විනා වෙනත් විකල්පයන්ද නොවීය.රාපක්ෂවරුන් මෙහෙයවූ සාහසික මිල්ටෙරි කල්ලි වලින් සිය ජීවිතය ආරක්ෂා කර ගැනීම ඒ සියල්ලන්ටම වඩා වැදගත් වූ බව නිසැකය.
මිනිස් ජීවිත පිළිබඳව වටිනා කමක් රාජපක්ෂවරුන්ට නොවීය.ඔවුන්ගේ එකම අපේක්ෂාව වී තිබුණේ සිය බලය ආරක්ෂා කර ගැනීම සදහා වූ අපේක්ෂාව පමණමය.යුද්දය මුවාවෙන් ඔවුන් බොහෝ ජාවාරම්වල නිරත වූහ.ඒ ජාවාරම් පිළිබඳව වූ සත්‍යය සමාජයට ගලා ඒම වලක්වා ගැනීම පිණිස රාජපක්ෂවරුන් විසින් ඇති දැඩි කළ චීවරධාරී පෝරිසාදයෝ රැළක්ද වූහ.එම පෝරිසාද රැළ මුදා හරින ලද මානසික මෙහෙයුම් තුළ රාජපක්ෂවරුන්ගේ ආරක්ෂාව සහතික වූ අතර එම ක්‍රියා දාමය ඔවුන් වීරයන්ද ලෙස අභිෂේක ගන්වන්නට ශක්තිමත් අඩිතාලමක්ද සපයන ලදී.
සමාජය ද්‍රෝහීන් ලෙස සළකන ලද එල්ටීටී නායකයන්ට කප්පමි ගෙවමින් හා ඔවුන් හා රහස් සම්බන්ධතා ගෙන යමින් රාජපක්ෂවරුන් ක්‍රියා කරන ලද දෙබිඩි පිළිවෙත කිසිවෙකුට හෙළිදරව් නොවන තරමට ශක්තිමත් දේශපාලනික ස්ථාවරයක්ද රට තුළ පවත්වාගෙන යාමට රාජපක්ෂවරු සමත් වූහ.
කැබිලිතිගොල්ලෑව බස් රථයට එල්ල කරන ලද ප්‍රහාරයෙන් ඝාතනය වූ මළ කඳන් තුළින් පවා මහින්ද රාජපක්ෂ සිය දේශපාලනික බලය තහවුරු කර ගැනීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කෙරුවා මිස හෘද සාක්ෂියට එකඟව දුක් වූවා නොවෙි.
මිනිසුන් රැවටීමට හා මුලා කිරීම සඳහා මහින්ද රාජපක්ෂ සතුව ඕනෑ තරම් තුරුම්බු තිබිණි.ඒ තුරුම්බු සියල්ල සිංහල බෞද්ධ පිරිත් පැන් වලින් පොඟවා ගත් ඒවා බැවින් දකුණේ සමාජයට මහින්ද රාජපක්ෂ ගැන කිසිම සැකයක් හෝ අවිශ්වාසයක් නොතිබුණි.ඔහු වීරයෙක් බවට රූපාන්තරය වන්නේ ඔර්ජිනල් තක්කඩිකම වසන් කර ගනිමිනි.
සමස්ත සමාජයයම සුනාමි ඛේදවාචකයෙන් කම්පනයට පත්ව සිටින මොහොතක ඉන් විපතට පත් වූ මිනිසුන් සඳහා ජාත්‍යන්තරයෙන් එවන ලද විශාල මුදල් ආධාර තොගයක් කිසිම හිරිකිතයක් නොමැතිව තමන් ගේ පෞද්ගලික ගිණුමට වංචනිකව පවරා ගත් අමානුෂික පාදඩයකු මවුබිම බේරාගැනීමට සද් භාවයෙන් යුද වැදුන බව සඳහන් කිරීම පවා බඩ කොරවන තරමේ විහිළුවකි.
තිස් වසරක් තිස්සේ මෙරට පැවැති යුද්ධය නිමා කරන ලද්දේ හමුදාපති වරයා වූ ජනරාල් සරත් ෆොන්සේකාගේ බලහත්කාරී දඩබ්බර හා සටන්කාමී මෙහෙයුම් නිසා මිස මහින්ද රාජපක්ෂගේ වීරත්වය නම් නොවේ.
රාජපක්ෂ වරුන් මිනිස් ජීවිත ගැන්නේ කෑලි ගාණටය.කැබිලිතිගොල්ලෑව බස් රථයට ක්ලේමෝ ප්‍රහාරය සැළසුම් කෙරෙන්නේද ඒ මානසිකත්වයෙන් බව පැහැදිලිය.වර්තමානයේ තිබෙන ජාතික ජන බලවේගය ආණ්ඩුව කැබිලිතිගොල්ලෑව බස් ප්‍රහාරය පිළිබඳව පරීක්ෂණයක් කළ යුතු බවත් ඉන් මේ වන විටත් වසන් වී ඇති සත්‍යය අනාවරණය වනු ඇතැයිද අපි සිතමු.ඒ සැබෑව තුළ මහින්ද රාජපක්ෂගේ මේලෙච්ඡ කෙරුවාව සමාජයට දැන ගන්නට හැකි වෙන බව අපට විශ්වාසය.ඒ එම සිදුවීම සැබවින්ම පාස්කු ප්‍රහාරය හා සමානම සාහසික සැළසුමක් මත දියත් වූ මිල්ටෙරි මෙහෙයුමක් නිසාය.
කීර්ති විජයබාහු විසිනි
පසු සටහන:
කැබිතිගොල්ලෑව යකාවැව මාරක බස් බෝම්බය සහ විපත
දිනමිණ පූනි 15 2023
තිස් වසරක කුරිරු යුදමය අත්දැකීම් සහිත ජනතාවක් සිටින රටක ඒ අතීත කඳුළු මතක සිහි කරමින් සුසුම් හෙළීම කළ යුතු දෙයක් නොවූවත් යුද්ධය නිසා අපගේ ළබැඳියන් අපෙන් සදහටම වෙන් කළ කැබිතිගොල්ලෑව යකාවැව මාරක බස් බෝම්බය පුපුරා අදට වසර දාහතක් ගතවී හමාරය.
මුළුමහත් ලෝකයාගේම අවධානය අපේ රට කෙරෙහි යොමු වු ඒ කම්පිත සිදුවීම 2006 ජුනි මස 15 වැනිදා කැබිතිගොල්ලෑව යකාවැවදී අද වැනි දිනෙක සිදු විය. මුළු රටම කම්පාවට පත් කරමින් යකාවැවදී සිවිල් වැසියන් 69 දෙනකුට මරු කැඳවමින් පුපුරා ගිය මාරක බස් බෝම්බය පිළිබඳ සටහනක් තැබීම කාලෝචිතය.
භික්ෂූන් වහන්සේ, ගැබිනි මවුවරුන්, ළදරුවන්, කිරි බොන අත දරුවන්, පාසල් සිසුන්, සිවිල් ආරක්ෂක භටයන් ඇතුළු පිරිසක් එදා එම බස් බෝම්බයට හසු වීමෙන් ජීවිතක්ෂයට පත් වූහ. එම බෝම්බයෙන් දිවි ගලවා ගත් අසරණයන් සොයා යකාවැවට අප ගිය ගමනේදී ඔවුන් බොහෝ දෑ පැවැසුවේ කඳුළු පිරි දෙනෙතිනි.
යකාවැව පදිංචි එම්. කරුණාරත්න මහතා (50)
“මමයි, මගේ නෝනයි, අවුරුද්දයි මාස තුනක් වයස පොඩි දුවයි බස් බෝම්බෙට අහු වුණා. මගේ දුව මැරුණා. නෝනයි මමයි බේරුණා. මම දින හතළිහක් දැඩි සත්කාර ඒකකයේ ඉඳලා තියෙනවා. නෝනා දැන් ඉන්නේ සිහිමඳ ගතියෙන් ලෙඩ ගානේ. ස්නායු දුර්වල වෙලා. දුව මැරුණු නිසා එයාගේ කල්පනාව අඩුයි. දවස ගානෙම එයා මැරුණු දුවට පින් දිදී අඬනවා. යකාවැව බස් බෝම්බයෙන් දිවි බේරා ගත්තු ගෑනු උදවිය පහළොවක් විතර හිටියා. ඒ අය කීප දෙනෙක්ම දැන් වෙනත් විවාහ කරගෙන.”
බී. කමලාවතී මහත්මිය
“අපි වවුනියාවේ, කච්චකොඩිය ගමේ මළගෙදරක යන්න තමයි බස් එකේ ගියේ. එක පාරටම හෙන ගැහුවා වගේ සද්දයක් ඇහුණා. මට මතක එච්චරයි. මගේ මහත්තයා අන්තරා වුණා. මම තනි වුණා. මම තුවාල වෙලා මාස ගානක් ඔත්පල වෙලා දුක් වින්ඳා. මගේ ඔළුව තවමත් රිදුම් දෙනවා. කන් දෙක ඇහෙන්නේ නෑ . යකාවැවේ හැම ගෙදරම මළමිනී දෙක තුන තිබුණා. මගේ මහත්තයා හොඳ ගොවියෙක්. එයා මැරෙන කොට ගෙදර වී මිටි හැටක් තිබුණා.”
යකාවැව ගමේ පදිංචි සී. පද්මාවතී (61)
“මගේ පුතා මේ බස් බෝම්බයට අහුවෙලා නැති වුණා. පුතාගේ ඒ නැතිවීම මතක් වෙනකොටත් දැනෙන වේදනාව කියා ගන්න බෑ.”
එන්. කළුමැණිකා (74) මහත්මිය
“මගේ පුතා බස් බෝම්බයෙන් නැති වුණා. එදා ඉඳලා අපිට කාගෙවත් පිහිටක් නෑ. මමයි, මහත්තයයි දැන් ලෙඩ ඇඳේ ඉන්නේ. අපි බලා ගන්න අද කවුරුත් නෑ. පුතා හිටිය නම් අපට මෙහෙම වෙන්නේ නෑ.”
කැබිතිගොල්ලෑව විශේෂ හේමන්ත රණසූරිය