Thursday, August 1, 2024

ඒකාබද්ධ ප්‍රකාශය: මාර්ගගත සුරක්ෂිත භාවය පනත අහෝසි කරනු!

මාධ්‍ය නිදහස මර්දනය කරන හා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ කතිකාවට තර්ජනයක් වන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත (Online Safety Act) පනත වහා අහෝසි කිරීමට කටයුතු කරන ලෙස ඉල්ලා ලිපියක් යවා තිබේ.

එය පහත පළවේ.

මාධ්‍ය නිදහස මර්දනය කරන හා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ කතිකාවට තර්ජනයක් වන මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත (Online Safety Act) පනත වහා අහෝසි කිරීමට කටයුතු කරන්න.

පසුගිය මාසයේ දී පාර්ලිමේන්තුව විසින් සම්මත කරගත් මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත (Online Safety Act) පුරවැසියන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස මර්දනයට ලක් කරන්නකි. එමෙන්ම අන්තර්ජාල නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාව අඩපණ කරන දරුණු තත්ත්වයක් ඒ මගින් ඇති කරනු ලබයි. ඊට අමතරව නොපැහැදිලි විධිවිධාන ඇතුළත් වීම ඇතුළු විවිධ කරුණු ගණනාවක් හේතුවෙන්, ශ්‍රී ලංකාවේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින වෘත්තීය සමිති වන අපි එම පනත දැඩිව හෙළා දකින්නෙමු.

එසේම පුද්ගලයන්, විශේෂයෙන්ම ළමයින් සහ ස්ත්‍රීන් ට, ඔන්ලයින් අවකාශයේදී සිදුවන හානිවලින් ආරක්ෂා කිරීමේ ක්‍රමවේදයක් ලෙස අර්ථනිරූපණය කළ ද, මෙම පනත විසම්මුතික අදහස් මැඩලීම සහ ඔන්ලයින් අන්තර්ගතයන් සම්බන්ධයෙන් අධිකාරීවාදී පාලනයක් ක්‍රියාත්මක කිරීම අරමුණු කරගත් කුරිරු පියවරක් බව අපි විශ්වාස කරමු. කෙටුම්පතේ විධිවිධාන පුළුල් ලෙස සකසා ඇති අතර, නොපැහැදිලි සහ නොමග යවන සුළු සමහර අන්තර්ගතයන්, විසම්මුතිය මැඩපැවැත්වීම සඳහා නොපැහැදිලි නෛතික ආවරණයක් යටතේ අවභාවිතා කිරීමට හැකියාවක් ලබාදීම මගින් ඒකාධිපති පාලනයකට මාර්ගයක් විවෘත කරනු ලබයි.

එසේම, ශ්‍රී ලංකාවේ පවතින නිරීක්ෂණ (Surveillance) රාජ්‍ය රාමුව තුළ මෙම නීතිය භාවිතා විය හැක්කේ කෙසේද යන්න පිළිබඳවද අපගේ අවධානය යොමු වේ. ඔන්ලයින් ආරක්ෂාව පිළිබඳව සාධනීය සහ විනිවිදභාවයෙන් යුතු සාකච්ඡාවක් ගොඩනගනවා වෙනුවට දැනටමත් ලංකාව තුළ සිදුවන දණ්ඩමුක්තිය, විසම්මුතික අදහස දරන්නට සිදුවෙමින් පවතින විවිධාකරයේ බාධා කිරීම්, බිය ගැන්වීම් සහ නිරීක්ෂණ ක්‍රියාවලීන් මගින් ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවට මෙමගින් බරපතල හානි සිදුවීම වැළැක්වීමට නොහැකි වනු ඇත.

අනෙක් විශේෂ කරුණ නම් ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයට, ඩිජිටල් සාක්ෂරතාවයේ ප්‍රවර්ධනය ඇතුලු රටක සමස්ත ඩිජිටල් සංදර්භයටම මෙම නීතිය මගින් එල්ලවන බලපෑම සුළුපටු නොවේ. එබැවින් එය ලංකාව වර්තමානය වන විට මුහුණ දී ඇති ආර්ථික සහ දේශපාලන අස්ථාවරත්වය තවතවත් තීව්‍ර කරනවා හැරෙන්නට එය අවම කීරිමට කිසිදු අකාරයක දායකත්වයක් සපයන්නේ නැති බව අපි විශ්වාස කරමු. තවද, ශ්‍රී ලංකාවේ මෙම නීතිය සහ සිංගප්පූරුවේ Protection from Online Falsehoods and Manipulation Act සංසන්දනය කරන විද්වත්හු ජාතීන් දෙක අතර ඇති දේශපාලන, තාක්‍ෂණික සහ සමාජ සන්දර්භයන්හි ඇති විශාල වෙනස සැළකිල්ලට නොගෙන නීති සම්පාදනය කිරීමේ නුසුදුසුකම තවදුරටත් පෙන්වා දෙති. විවේචකයන් විසින් පෙන්වා දෙන සිංගප්පූරු පනතෙහි ඇති ගැටලුකාරී බව, වේගයෙන් ප්‍රජාතන්ත්‍රවාදය හීන වෙමින් ශ්‍රී ලංකාවට සම්පූර්ණයෙන්ම ව්‍යසනකාරී වනු ඇත.

මෙම නීතිය මගින් වෘත්තීය අයිතිවාසිකම් ඇතුලු ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින අප වැනි වෘත්තීය සමිති ව්‍යාපාරයන්ට, මාධ්‍යවේදීන්ට, ප්‍රහසනකරුවන්ට, කාටුන් ශිල්පීන්ට, ඩිජිටල් අන්තර්ගතයන් නිෂ්පාදනය කරන නිර්මාණකරුවන්ට සහ විසම්මුතික අදහස් ප්‍රකාශ කරන සියලුම පුරවැසියන්ට බරපතල තර්ජනයකි. එබැවින් මෙම නීතිය නිසැකයෙන්ම රාජ්‍ය අනුමැතිය ලත් විසම්මුතිය මර්දනය කිරීමේ මෙවලමක් බවට පත්වනු ඇත. වෘත්තීය සමිති ව්‍යාපාරය වන අපි මෙම නීතිය කොන්දේසි විරහිතව ප්‍රතික්ෂේප කරන අතර, එය ඉදිරිපත් කිරීමට නියමිත යැයි පැවසෙන සංශෝධනවලින් කිසිසේත් නිවැරදි කළ නොහැකි දෝෂ සහිත පනතක් බව විශ්වාස කරමු. තවද මෙම පනත මගින් සියලු අයිතිවාසිකම්වල පදනමක් වන ‘අදහස් පළ කිරීමේ නිදහස’ මර්දනය කරන ප්‍රධාන මෙවලමක් බවද අපි තරයේ ප්‍රකාශ කර සිටිමු.

එසේම අපි සෑම අවස්ථාවක මෙන්, ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් ආරක්ෂා කිරීමටත් එය ප්‍රවර්ධනය කිරීම සඳහාත්, විශේෂයෙන් පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන සහ ප්‍රවර්ධනය කරන මූළධර්ම මත පිහිටමින්, විනිවිදභාවයෙන් යුතු, අන්තර්ජාල නිදහස පිළිබද පැහැදිලි, නිවැරදි ‍ ප්‍රවේශයන් වෙනුවෙන් පෙනී සිටින බවද මෙයින් දන්වා සිටිමු.

එම නිසා අප ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටින්නේ, නිදහස මර්දනයට පාලමක් සහ ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් සහ ප්‍රජාතන්ත්‍රීය කතිකාවට තර්ජනයක් වන ශ්‍රී ලංකාවේ නීතියක් බවට පත්කර ඇති මාර්ගගත ක්‍රමවල සුරක්ෂිත භාවය පිළිබඳ පනත (Online Safety Act)  පනත වහා අහෝසි කිරීමට කටයුතු කරන ලෙසයි.

මෙයට

අත්සන යෙදු වෘත්තීය සමිති නාම ලේඛණය

  1. සමස්ත ලංකා කළමනාකරණ සේවා නිලධාරී සංගමය

  2. ලංකා බැකු සේවක සංගමය

  3. සෞඛ්‍ය වෘත්තීය වේදීන්ගේ සංගමය

  4. ලංකා ගුරු සංගමය

  5. ශ්‍රි ලංකා ජනරජ සෞඛ්‍ය සේවා සංගමය

  6. පරිපුරක වෛද්‍ය වෘත්තීයවේදීනගේ ඒකාබද්ධ බලමණ්ඩලය

  7. පරිපූරක වෛද්‍ය සේවා බල මණ්ඩලය

  8. ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය

  9. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය

  10. රජයේ සෞඛ්‍ය කළමනාකරණ නිලධාරීන්ගේ සංගමය

  11. දුම්රිය නගා සිටුවීමේ වෘත්තීය සමිතිය

  12. කම්කරු අරගල මධ්‍යස්ථානය

  13. ලංකා විදුලි සේවක සංගමය

  14. රක්ෂණ පොදු සේවක සංගමය

  15. පොදුජන ප්‍රගතිශීලි සේවක සංගමය

  16. ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ

  17. ජාතික තැපැල් හා විදුලි සංදේශ සේවක සංගමය

  18. ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමය

  19. ශ්‍රී ලංකා ජාතික ගරු සංගමය

  20. වානිජ හා කාර්මික සේවක සංගමය

  21. ලංකා වෘත්තිය සමිති සම්මේලනය

  22. ප්‍රොටෙක්ට් සංගමය

  23. තැපැල් හා විදුලි සංදේශ නිලධාරින්ගේ සංගමය

  24. ලංකා ප්‍රගති ගුරු සංගමය

  25. නිදහස් වෙළඳ කළාප සහ පොදු සේවක සංගමය

  26. ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය

  27. ජාතික ධීවර වෘත්තීය සමිතිය

  28. රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය

  29. කළමනාකරණ සේවා නිලධාරින්ගේ ජාතික සංගමය

  30. ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමය

  31. ශ්‍රී ලංකා නාවික වෘත්තීකයින්ගේ සංගමය

  32. ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමය

  33. ලංකා ජාතික වතු සේවක සංගමය

  34. ලංකා වතු සේවක සංගමය

  35. ස්ටැන්ඩ්අප් වෘත්තීය සංගමය

  36. ශ්‍රි ලංකා වෘත්තිය ජනමාධ්‍යෙව්දන්ගේ සංගමය

  37. සමස්ත ලංකා නිදහස් වෘත්තීය සමිතිය

  38. හරිත පවුර වන සංරක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීය සමිතිය

  39. නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ වෘත්තීය සමිතිය

  40. විශ්වවිදයාල ආචාර්ය සමිති සම්මේලනය

  41. ලංකා ජනජය සේඛ්‍ය සේවා සංගමය

පිටපත් –

  1. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා

  2. ගරු මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමා

  3. අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ (ආචාර්ය) විජයදාස රාජපක්ෂ මැතිතුමා

  4. පාර්ලිමේන්තුවේ පක්ෂ නායකයින්

  5. සියලු මාධ්‍ය සංවිධාන

Archive

Latest news

Related news