වැඩබලන පොලිස්පතිවරයා පත් කිරීම ප්‍රතික්ෂේප කිරීම තුලින් රජය සහ ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණය හෑල්ලුවට ලක්කිරීම සහ මහජන ආරක්ෂාව අනතුරේ හෙලීම.
2024 ජූලි 24 වන දින උදෑසන 9.30ට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දින 6ක් මුළුල්ලේ සියළුම පාර්ශවයන් විසින් පොලිස්පතිවරයාගේ පත්වීම අභියෝගයට ලක්කරමින් ගොනු කරන කරන ලද පෙත්සම් 9 සම්බන්ධයෙන් කරන ලද සැලකිරීම් සැලකිල්ලට ගෙන, පොලිස්පතිවරයා පත්කිරීම බැලූ බැල්මට ව්‍යවස්ථානුකූල නොවන බවත් එම තීරණය නැවත සම්පූර්ණයෙන් සළකා බැලිය යුතු බවත් තීරණය කරන ලදී.මෙම ගැටළුව විසඳන තෙක් දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ධූරයේ කටයුතු කිරීම වළක්වාලන බව උසාවිය විසින් නියෝග කරන ලදී. එම අතුරු කාලය තුල වැඩබලන පොලිස්පතිවරයෙකු ජනාධිපතිවරයා විසින් පත්කල හැකි බව උසාවිය තවදුරටත් ප්‍රකාශ කරන ලදී.
ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවේ කිසිම අපැහැදිලිභාවයක් නොමැත.ශ්‍රේෂ්ඨාධිකරණය අවසානයේ යම් හෙයකින් තෙන්නකෝන් මහතාගේ පත්වීම ව්‍යවස්ථානුකූල නොවන බවට තීරණය කලේ නම් එයින් ගම්‍ය වන්නේ මෙම පත්කිරීම වලංගු නොවන බවයි. උසාවිය ඉදිරියේ ගෙනහැර දක්වා ඇති නඩු තින්දු පත්කිරීම වලට අදාල වුවද පොලිස්පතිවරයෙකු ධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අදාල නොවේ.
පෙත්සම්කරුවන් විසින් තෙන්නකෝන් මහතා ධුරයේ කටයුතු කිරීම වළක්වාකන අතුරු නියෝග අයැද සිටි බව පෙත්සම් නමයේම පාර්ශවකරුවෙකුව සිටි ජනාධිපතිවරයා විසින් දැන සිටියේය.එසේ තිබියදීත් මෙවැනි නියෝගයක් ලබාදී තිබෙන විටදීත් ජනාධිපතිවරයා ඉක්මනින් සහ වගකීම් සහගතව කටයුතු කිරීම හිතමතාම පැහැර හරිමින් වැඩබලන පොලිස්පතිවරයෙකු ලෙස සුදුසු පුද්ගලයෙකු නිර්දේශ කර නැත.
මෙම ප්‍රමාදය ජනාධිපතිවරණයේ දිනය ප්‍රකාශයට පත්කිරීමට සුදුසු වාතාවරණයක් නිර්මාණය කිරීම සඳහා කරන ලද්දක් බව පෙනී යයි.ඉන් අනතුරුව ජනාධිපතිවරණයට තරඟ කිරීම සඳහා ඇප මුදල් තැන්පත් කිරීමන් අනතුරුව තමාට එරෙහිව ජන්ද පෙත්සම් ගොනු කිරීමට හැකිවන තත්වයක් උද්ගත වන බවට තමාට උපදෙස් ලැබුණු බැවින් වැඩබලන පොලිස්පතිවරයෙක් පත් නොකිරීමට තීරණය කළ බව දක්වමින් ඔහු නිවේදනයක් නිකුත් කරන ලදී.
දේශබන්දු තෙන්නකෝන් මහතාගේ වැඩබලන පොලිස්පතිධූර කාලය (ඒවනවිටත් උසාවියේ අභියෝගයට ලක්වෙමින් තිබුනු) වූ මාස 3ක කාලය කල් ඉකුත් වීම හේතුවෙන් නිමා වීමට දින 4 කට පෙර කඩිමුඩියේ ඔහුව පොලිස්පති ලෙස පත්කිරීමට ජනාධිපතිවරයාට තිබූ බලවත් උනන්දුව මෙම අවස්ථාවේ වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීමට දක්වන ප්‍රමාදයට සම්පූර්ණයෙන් පටහැනිබව පෙනේ.
දේශබන්දු තෙන්නකෝන් මහතා පොලිස්පති ලෙස නිර්දේශ කරමින් ජනාධිපතිවරයාගේ 2024 පෙබරවාරි 25 වන දින දරන ලිපිය ව්‍යවස්ථාදායක සභාවට ලැබී ඇත්තේ 2024 පෙබරවාරි 26 වන දින වන අතර එම දිනයේම ’වෙනත් කරුණු’ යටතේ ව්‍යවස්ථාදායක සභාවේ එය සාකච්ජාවට ගැනිණි.
ජනාධිපතිවරයා විසින් හිතමතාම වැඩබලන පොලිස්පතිවරයෙකු පත්කිරීම ප්‍රමාද කිරීම ව්‍යවස්ථාපිත අර්බුධයකට පෙළඹවීමක් ලෙසත් නීතියේ ආධිපත්‍ය සහ මහජන ආරක්ෂාව අනතුරේ හෙලීමක් ලෙස දැකිය හැක.
2024 ජූලි 26 වන දින අගමැතිවරයා විසින් රජය වෙනුවෙන් නිවේදනය කරමින් ප්‍රකාශ කරන ලද්දේ ශ්‍රේෂ්ඨාධිකරණයේ අතුරු නියෝගය නිතියෙන් වලංගු නොවන බවත් සභාවේ තීරණය උසාවියට වෙනස් කල නොහැකි බවත්, ඒ අනූව උසාවියේ තීරණය එසේ වුවද අවසන්වරට ධූරය හෙබවු තැනැත්තා තවදුරටත් පොලිස්පති ධූරයේ කටයුතු කරන බවත්ය. අගමැතිවරයා තවදුරටත් ප්‍රකාශ කලේ එම නියෝගය දීම තුලින් ශ්‍රේෂ්ඨාධිකරණය ව්‍යවස්ථාදායකයේ ආධිපත්‍ය හෑල්ලුවට ලක්කර ඇති බවයි.
මෙම ප්‍රකාශයෙන් පාර්ලිමෙින්තුව සහ ව්‍යවස්ථාදායක සභාව යන දෙකම එකම අංගයක් ලෙස අඟවා ඇත. අධිකරණයට ව්‍යවස්ථාදායක සභාවේ තීරණ නැවත පරික්ෂා කිරීමට හැකියාව තිබියදී එසේ බලයක් නොමැති බවට පෙන්වාදෙමින් ජනතාව නොමඟ යැවීම කළ නොහැක. සභාවේ තීරණ පැහැදිලිවම අධිකරණ සමාලෝචනයට යටත් වන අතර (ව්‍යවස්ථාවේ 41ඒ ව්‍යවස්ථාව) පාර්ලිමෙන්තුවේ තීරණ එසේ පැහැදිලිවම අධිකරණ සමාලෝචනයට යටත් නොවේ. අගමැතිවරය විසින් 2024 ජූලි 26 වන දින ගන්නා ලද මෙම ස්ථාවරය ශ්‍රේෂ්ඨාධිකරනය ඉදිරියේ තර්කයක් ලෙස ගෙනහැර දැක්වූ අතර ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීමේ අවසාන තීරණය ලබාදෙන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය මෙම තර්කය මත මෙම නඩුව නිශ්ප්‍රභා කිරීමේ හරයක් නොදුටුවේය. ව්‍යවස්ථාදායක සභාවේ තීරණයක් ශ්‍රේෂ්ඨාධිකරණය නැවත විමසා බලන ප්‍රථම වතාවද මෙය නොවේ.
ව්‍යවස්ථාදායකයේ ආධිපත්‍ය යටතට ව්‍යවස්ථාදායක සභාවේ තීරණද ඇතුලත් වන ලෙස පැතිරවීමට තැත් කිරීම නිවැරැදි නොවන සමකිරීමක්, ව්‍යවස්ථාදායක ව්‍යාකූලභාවයක් ඇතිකිරීමක් සහ, අපකාරයක් කිරීමට තැත්කිරීමකි. තවද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් පැහැදිලිවම තීරණය කර ඇත්තේ සභාවේ තීරණ නැවත සමාලෝචනයට ලක්කිරීමට අධිකරණයට ඇති හැකියාව ඉවත් කිරීමට සංශෝධනයක් ගෙන ඒම ජනතාවගේ අධිකරණ බලය නැති කිරීමක් බවත් එමෙන්ම එය ඔවුන්ගේ නීතිය ඉදිරියේ සමානව ආරක්ෂාව ලැබීමට ඇති අයිතිය උල්ලංඝනය කිරීමක් බවත්ය.
ව්‍යාකූලභාවය ඇතිකිරීම, නීතිය සම්බන්ධයෙන් ජනතාව නොමඟ යැවීම, ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය අස්ථාවර කිරීම, ජනතාවගේ අධිකරණ බලය සහ ශ්‍රේෂ්ඨාධිකරණය හෑල්ලුවට ලක්කිරීම, නීතියේ ආදිපත්‍යට නිග්‍රහ කිරීම සහ හිතමතාම නීතිය පිලිපැදීම පැහැර හැරීමට ඇති නිහඬ චේතනාව සළකුණු කරමින් ගෙන යන මෙම ක්‍රියා පිළිවෙල වහාම නතර කල යුතුය.
රජයේ සහ ජනාධිපතිවරයාගේ මෙම ප්‍රජාතන්ත්‍රවාදී නොවන ක්‍රියාමාර්ග සහ බලය අවභාවිතය අප හෙලා දකිමු.
මෙම විධායක බලය අවභාවිත කිරීමි වල අරමුණ වන්නේ එළබෙන ජනාධිපතිවරණයේ ප්‍රතිඵලයට බලපෑමක් කිරීමට බව හඳුනාගත හැකි හෙයින් අප සියළුම ජන්ද අපේඅක්ෂකයන්ට සහ සහෝදර පුරවැසියන්ට මතක් කර දෙන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදායන්ට තර්ජනය කරන සහ ව්‍යවස්ථාවේ පැහැදිලි අදහස සහ වචන උල්ලංඝනය කරන ජනාධිපති අපේක්ෂකයෙකුට මනාපය ලබා නොදිය යුතු බවයි.
තවද මෙම අවස්ථාවේදී පෙනී යන්නේ මෙම බලය අවභාවිතය මෙරට දේශපාලනයේ දිගු කාලයක් මහත් කරදරයක් බවට පත්ව ඇති විධායක ජනාධිපති ධූරයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී විද්‍යාමානයක් බවයි.මෙම විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට පොරොන්දු වන අව්‍යාජ අපේක්ෂකයෙකුට අපේ ජන්දය ලබාදීම සුදුසු වන්නේය.
අත්සන් කළේ:
(මෙම නම් ගම් හි සිංහල පරිවර්ථනය ගූගල් පරිවර්ථන මෙවළම අධාරයෙන් ලබා ගන්නා ලද බව සළකන්න.)
පුද්ගලයින්
1. ඒ අජිත
2. අයින්ස්ලි ජෝසප්
3. අමිල උඩගෙදර
4. ඇන්ජලිකා චන්ද්‍රසේකරන්
5. Angeline Ondaatjie
6. අනිත්‍රා වරියා
7. ඇන්තනි විනෝද්
8. අනුෂයා කොල්ලුරේ
9. අරුණි ජෝන්
10.අශිල දන්දෙණිය
11. බී. ගෞතමන්
12.බාලසිංහම් ස්කන්ධකුමාර්
13.බ්රයන් නිකලස්
14.කාමන් වීරසිංහ
15.Caryll Tozer – කාන්තා අයිතිවාසිකම් සහ පාරිසරික ක්‍රියාකාරිනිය
16.චමිලා තුෂාරි
17.චමින්ද ඩයස්
18.චන්ද්‍ර දේවනාරායන
19.චන්ද්‍ර ජයරත්න
20.චන්නක ජයසිංහ
21.චරිත් ද අල්විස්
22.චින්තක රාජපක්ෂ
23.චිරන්ත අමරසිංහ
24.ක්‍රිස්ටෝපර් ස්ටීවන්
25.දමරිස් වික්‍රමනායක
26.ධනුෂ පතිරණ
27. Dr. අර්ජුන පරාක්‍රම – පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සම්මානනීය මහාචාර්ය
28. Dr. සී.එස්.ජමුනානන්ත
29. Dr. කල්ප රාජපක්ෂ – පේරාදෙණිය විශ්වවිද්‍යාලය
30. Dr. එම්.ජී.එම්. රිස්වි
31. Dr. ගුණරත්න රනිල් ඩී
32. Dr. රුවන් වීරසිංහ – කොළඹ විශ්වවිද්‍යාලය
33. Dr. එස් බී ධනපාල
34. Dr. සකුන්තලා කදිරගාමර්
35. Dr. උපුල් වික්‍රමසිංහ
36.එරන්දි ද අල්විස්
37.ෆයිසි ෆයිසර්
38.ෆසාහීල් ෆයිසර්
39.ෆ්‍රැන්සිස් කොස්තා ප්‍රියංකර
40.ෆ්‍රැන්සිස් රාජන්
41.ගිහාන් ජයතිලක
42.එච්.එම්. පුෂ්පකුමාර ධර්මසිරි
43.හර්මන් කුමාර
44.හිමංගි ජයසුන්දර
45.හුසේන් ෂමිල් ඉමිටියාස් අලි
46.ඉම්රාන් රාජාබ්දීන්
47.ඉන්දික දයාරත්න
48.ජේ. තයාලිනී
49.ජේ. වරයාලිනී
50.ජයනි අබේසේකර – මානව හිමිකම් ආරක්ෂකයා
51.ජයන්ති කුරු-උතුම්පල
52.ජෝන් සෙන්
53.කේ. අයිංකරන්, නීතිඥ
54.කේ. හේමලතා ය
55.කේ. නිහාල් අහමඩ්
56.කේ. සත්තියසීලන්
57.කළණි සුබසිංහ
58.ලවිනා හසන්ති
59.ලීෂා ලෝරන්ස්
60.ලේඛා එන් රත්වත්තේ
61. ලයනල් පීරිස් – පූජක, ලංකා පල්ලිය
62.එම්. නිර්මලදේවි
63.මධුභාෂිනී ආර් රත්නායක – ක්‍රියාකාරිනිය
64.මහාලක්ෂ්මි කුරුශාන්තන්
65.මහේන්ද්‍රන් තිරුවරන්ගන් – යාපනය විශ්වවිද්‍යාලය
66.මහිමන් අබේගුණවර්ධන
67.මාලා ලියනගේ
68.මැනික් රුද්‍රිගු
69.මාරියෝ ගෝමස්
70.මරිසා ද සිල්වා
71.මරීසා ප්‍රනාන්දු
72.මෙලනි ගුණතිලක
73.මෙලනි මානෙල් පෙරේරා
74.මිරාක් රහීම්
75.මොහොමඩ් සාලි ජනුෆා
76.එන්.ඒ. සම්පත් පුෂ්පකුමාර, නීතිඥ සහ මානව හිමිකම් ක්‍රියාකාරි
77.එන්. ආර්තිගන්
78.නදීම් ලෙබ්බේ
79.නගුලන් නේසියා
80.නිල්ෂාන් ෆොන්සේකා
81.නිරාන් විරසිංහ – යුක්තිය සාමය සහ සංහිඳියා ඩෙස්ක්, රදගුරු පදවිය
කොළඹ
82.පී. මුතුලිංගම්
83.පී. පුෂ්පලතා ය
84.පී. සෙල්වරත්නම්
85.පාමෝදි එදිරිසිංහ
86.Peter Rezel – වරලත් ගණකාධිකාරී
87.ප්‍රමිලා නගුලේශ්වරන්
88.ප්‍රියලාල් සිරිසේන, නීතීඥ
89.ප්‍රියංගනී ප්‍රනාන්දු
90.ආර්. කූන්තිනී
91.ආර්. සත්තිය
92.රායා ගෝමස්, නීතිඥ
93.රාජනි රාජේශ්වරි
94.රාජ්කුමාර් රජීව්කාන්ත්
95.රාමනාදන් මහේන්ද්‍ර
96. Rev. ඇන්ඩෲ දේවදාසන් – ලංකා පල්ලිය, කොළඹ රදගුරු පදවිය
97. Rev. ශා. ජීවන්ත පීරිස්
98. Rev. ශා. ජෙයබාලන් කෲස්
99. Rev. ශා. නන්දන මනතුංග
100. ගරු පියතුමා. සරත් ඉද්දමල්ගොඩ
101. ගරු දීපා ප්‍රනාන්දු පියතුමා
102. පූජ්‍ය නිකොලා එමානුවෙල්
103. ගරු ජ්‍යෙෂ්ඨ නොයෙල් ක්‍රිස්ටීන් ප්‍රනාන්දු
104. රුවානි රඹුක්වැල්ල
105. රෝහිණී හෙන්ස්මන් – ලේඛිකාව සහ පර්යේෂකයා
106. රුකී ප්‍රනාන්දු
107. එස් ඊස්වරි
108. එස්.ඊතයාරානි
109. එස් කෝපිකා
110. එස් මරියරොසලින්
111. එස් නිත්තිකා
112. එස් සුගන්ති
113. එස්.ටී. ගනේෂලිංගම්
114. එස් තර්සන්
115. එස්.තිලීපන්
116. සකුණ එම් ගමගේ
117. සම්පත් සමරකෝන් – සංස්කාරක, විකල්ප
118. සඳුන් තුඩුගල
119. සංජේ ගුණතිලක
120. සාරා ආරුමුගම්
121. සරලා එමානුවෙල්, මඩකලපුව
122. සරෝජ් පතිරණ – මාධ්‍යවේදියා, සන්දේශය සරෝජ් විසිනි
123. සෙල්වරාජා රාජසේගර් – කර්තෘ, මාත්‍රම්
124. සේතුංග මුදලිගේ
125. ශාන්ත ඩී පතිරණ – මානව හිමිකම් ආරක්ෂකයා
126. ෂීලා රිචඩ්ස්
127. ශිරාණි කුරේ
128. ශ්‍රීන් සරූර්
129. Shydhah Zaara
130. ශ්‍රීනාත් පෙරේරා, නීතිඥ
131. සුබත්‍රා යෝගසිංහම්
132. සුගත් රාජපක්ෂ
133. සුනන්ද දේශප්‍රිය – මාධ්‍යවේදියෙක්, ලේඛකයෙක් සහ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙක්
134. තරිඳු උඩුවරගෙදර
135. තස්නීමා ඩහ්ලන්
136. නීතිඥ තුසිත සිරිවර්ධන
137. Travice Ondaatjie
138. වී.ශාමිණී
139. වැනී සයිමන්
140. විදුර මුණසිංහ, නීතීඥ
141. යස්මින් පෙරේරා
142. සකීර් කාමිල්
ආයතන
1. සුළු ජාතීන් සඳහා සන්ධානය
2. දබිඳු සාමූහිකය
3. අනාගතය අපේ අතේ සංවර්ධන අරමුදල
4. මානව උන්නතාංශ සංවිධානය (HEO)
5. මනුෂ්‍යත්වය ශ්‍රී ලංකාව
6. මානව හිමිකම් කේන්ද්‍රය (HRH)
7. මානව හිමිකම් කාර්යාලය (HRO), මහනුවර
8. සමාජ සංවර්ධන ආයතනය (ISD), කටුගස්තොට
9. වාර්ගික අධ්‍යයනය සඳහා වූ ජාත්‍යන්තර මධ්‍යස්ථානය (ICES)
10.නීතිය සහ සමාජ භාරය (LST)
11. මන්නාරම කාන්තා සංවර්ධන සම්මේලනය (MWDF)
12. ඉඩම් සහ කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ සඳහා වූ ව්‍යාපාරය (MONLAR)
13.වතුකර ජනතාවගේ ඉඩම් අයිතිය සඳහා වූ ව්‍යාපාරය (MPPLR)
14.ක්රිස්තියානි කාන්තා හඬ ව්යාපාරය
15.මුලතිව් කාන්තා සංවර්ධන සමූපකාර සමිතිය (MWDCS)
16.මුස්ලිම් කාන්තා පර්යේෂණ සහ ක්‍රියාකාරී සංසදය (MWRAF)
17.ජාතික ධීවර සහයෝගීතා ව්‍යාපාරය (NAFSO)
18.උතුරු දකුණ සහයෝගිතාව
19.ඉඩම් අයිතිය සඳහා වූ ජනතා සන්ධානය (PARL)
20.ප්‍රජා අභිලාෂ ජාලය
21.මානව සංවර්ධනය සඳහා විප්ලවීය පැවැත්ම (RED) සංවිධානය,
කටුනායක
22.ශ්‍රමභිමානී කේන්ද්‍රය
23. වැවිලි අංශයේ සංවර්ධනය සඳහා වූ සමාජ ආයතනය (SIDPS)
24.සමාජ විද්‍යාඥයින්ගේ සංගමය (SSA)
25.ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජාලය (SLDN)
26.Stand Up Movement Lanka
27. උඩරට සිවිල් සමාජ සාමූහිකය (UCSC)
28.සමාජ වෙනසක් සඳහා වල්ලමයි ව්‍යාපාරය
29.වතුකර ජනතා සංවිධානයේ හඬ (VOPP)
30.කාන්තා ක්‍රියාකාරී ජාලය (WAN)