Tuesday, July 30, 2024

දේශබන්දු පාරාවළල්ල සහ අධිකරණ අපහාසය හමුවෙහි රනිල් රාජපක්ෂ ගැන්සිය

සේ. පියවර්ධන.

ටිරන් අලස්ගේ කූටෝපායක විපාකය වූ වධක පොලිස්පති දැන් රනිල් රාජපක්ෂ සහ අගමැති ඇතුලු අමාත්‍ය මණ්ඩලය වෙත පාරා වළලල්ලක් බවට පත්ව තිබේ.

රනිල් රාජපක්ෂ සිය ජනාධිපති බලතල අවභාවිතා කිරීමේ කප්පිත්තෙකි. කුකුලා මල්ලේ දමා ගෙන දුව ගොස් ජනාධිපතිවරණයට ඇප දී, තමා අපේක්ෂකයකු බැවින් වැඩබලන පොලිස්පතිවරයකු පත් කිරීමට බෑහෑහෑ බෑහෑහෑ ගාන්නට පටන් ගත්තේ එබැවිනි.

දූෂනය යනු මූල්‍ය අවභාවිතය සහ ගසා කෑම පමණක් නොවේ. එවැනි දූෂනයන්ට පදනම සපයන්නේ දේශපාලන බලය අවභාවිතා කිරීමේ දූෂනය විසිනි. රනිල් රාජපක්ෂ යනු දේශපාලන දුෂනය නම් ගෙහොරුවෙහි කරවටක්ම ගිලී ඇති භයානක අත්තනෝමතික පාලකයෙකි.

සිරිසේනට මිලියන ගණනින් දඩ ගෙවීමට සිදු වූයේ ජනාධිපති ලෙස සිය වගකීම් ඉටු නොකළ නිසාය. දැන් ැනිල් රාජපක්ෂ ද ඉන්නේ එම බෝට්ටුවේය.

ප්‍රථමයෙන් රනිල් රාජපක්ෂගේ බෑ බෑ  ප්‍රකාශය අමූලික මුසාවක් බව නීතිඥ සංගමය ඇතුලු බොහෝ පාර්ශව විසින් පෙන්වා දී තීබේ. ජනාධිපතිවරයාට වැඩබලන පොලිස්පතිවරයකු පත් කළ හැකි අතර එය දෙසතියකට සීමා වෙයි. ඉන් අනතුරුව ව්‍යවස්ථා කවුන්සිලිය විසින් එම පත්වීම අනුමත කළ යුතුය.

දේශබන්දු මාස තුනක්ම වැඩ බලන පොලිස්පති විය. ඊට පෙර වික්‍රමරත්න ද දිගු කාලයක් වැඩ බලන පොලිස්පති විය.

රනිල් වික්‍රමසිංහගේ ටිකිරි මොළයට අනුව පොලිස්පතිවරයකු නැති නිසා ජනාධිපතිවරණය කල් දමා ගැනීමට පුලුවන් වෙනු ඇත.  පොලිස්පතිවරයකු නැති නිසා ජනාධිපතිවරණ සැළසුම් සකස්කළ නොහැකි බවට පොලිස් ඇමැති ටිරන් අලස් හූ මිටි තබන්නේද ඒ අනුවය. අනතුරක් දුටු විට රැළම උම්බෑ ගාන්නේ එක පිම්මේය!

ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු පොලිස් දෙපාර්ථමෙන්තුව මැතිවරණ කොමිෂන් සභාව යටතට පත්වේ. දැන් මැතිවරණ කොමිෂන් සභාවට පළාත් හත බාරව සිටින නියෝජ්‍ය පොලිස්පතිවරුන් කැඳවා ජනධිපතිවරණයට අවශ්‍ය සැළසුම් සකස් කළ හැකිය.

දේශබන්දුට ගෙදර යන්නට සිදුවීමට පෙර ඔහු ජනාධිපතිවරණ කරගෙන යෑම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයකු මැතිවරණ කොමිසමට අනුයුක්ත කළේය. ඒ ද පෙර නොවූ විරූ ලෙසය. සාමන්‍යයෙන් ජනාධිපති, අගමැති ආරක්ෂක ප්‍රධානීන්ව සිටි පොලිස් නිලධාරීන් එම තනතුර සඳහා පත් කරන්නේ නැත. නමුත් මෙවර පත් කර ඇත්තේ රනිල් රාජපක්ෂගේ හිටපු ආරක්ෂක ප්‍රධානියෙකි.

රනිල් රාජපක්ෂගේ ප්‍රකාශය අනුව යමින් අමාත්‍ය මණ්ඩලය, ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව විශ්ලේෂනය කර දෙදිනක් ඇතුලත සිය මතය කියන බව කීවේය. එම දෙදින නොඑන දෙදිනක් බවට පත් ඇත්තේ, අධිකරණ අපහාසයට හිරේ ලගින්නට  බියෙන් විය හැකිය.

අමාත්‍ය මණ්ඩලයට පාර්ලිමේන්තු වරප්‍රසාද නැත. ඉන් කියවෙන්නේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රකාශ අධිකරණ අපහාසයක් ලෙස සළකා පියවර ගත හැකි බවයි.

“2024 අංක 8 දරන අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පනත” මෙසේ සඳහන් කරයි:

  1. (1) වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධාන සලසා ඇති පරිදි හැර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව-

(අ) අධිකරණයක, විනිශ්චය අධිකාරයක හෝ ආයතනයක අධිකාරී බලය සහ යුක්තිය පසිඳලීම අගෞරවයට හෝ අවතක්සේරුවට ලක්කිරීමේ; හෝ

(ආ) යම් විභාග වෙමින් පවතින නඩුවකට අදාළ අධිකරණ ක්‍රියාවලිය සඳහා මැදිහත්වීමේ හෝ ඊට තදබල අගතියක් සිදු කිරීමේ, අදහසින් යුතු ව යම් ක්‍රියාවක් හෝ නොකර හැරීමක් සිදු කරන යම් තැනැත්තකු, අවස්ථාවෝචිත පරිදි, අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීමක් සිදු කරන්නේ ය.

(2) වෙනත් යම් ලිඛිත නීතියක විධිවිධාන සලසා ඇති පරිදි හැර සහ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට යටත්ව, පහත සඳහන් ක්‍රියාවන් අතුරින් යම් ක්‍රියාවක් සිදු කරන යම් තැනැත්තකු, අවස්ථාවෝචිත පරිදි, අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීමක් සිදු කරන්නේ ය.

එනම්-

(අ) අධිකරණයක, විනිශ්චය අධිකාරයක හෝ ආයතනයක යම් නඩු තීන්දුවකට, තීන්දු ප්‍රකාශයකට, විධානයකට, ආඥාවකට, රිට් ආඥාවකට හෝ වෙනත් කැඳවීම් නියෝගයකට චේතනාන්විතව ගරු නොකිරීම;

(ආ) යම් අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට ලබා දී ඇති යම් ප්‍රතිඥාවක් චේතනාන්විතව උල්ලංඝනය කිරීම;”

(අවධාරණය අපෙනි)

මේ අනුව රනිල් රාජපක්ෂ සමඟ එක්ව දේශබන්දු සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව යළි විමර්ශනය කිරීමට තීන්දුව ගත් ඇමැති මණ්ඩළයම අධීකරණ අපහාසයට ලක් විය හැකිය.

රනිල් රාජපක්ෂ මේසේ කියා තිබේ: “මම කථානායකවරයාට උදේ කතා කළා. එතුමා කිව්වා මම නීතිපතිතුමාට ලිපියක් යොමු කරලා තිබෙනවා, අගවිනිසුරුතුමා සමඟ කතා කරන්න මම සුදානම් කියලා. මම අගවිනිසුරුතුමාටත් දැනුම් දෙන්නම් මේ පිළිබඳ සාකච්ඡා කරන්න කියලා. අපි මෙම ප්‍රශ්නය මේ සතිය තුළ විසඳාගත යුතුයි.”

නඩුවක වගූත්තරකරුවකු එම නඩු තීන්දුව පිළිබඳව විනිසුරුවරු සමඟ සාකච්ජා කිරීමට යෑම, කිසිම නීති පොතකට අනුව සාධාරණ නැත. දැන් නීතිපති බිත්තරයක් දාන්න ද නොදාන්නද යැයි  කෙකර ගාමින් සිටිනවා ඇත.

රනිල් රාජපක්ෂ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව වැරදි යැයි මෙසේ විවේචනය කරයි: “එබැවින් මැතිවරණ කොමිසමෙන් මෙය විමසීම ශ්‍රෙෂ්ඨාධිකරණයේ පළමු යුතුකම වුණා. පාර්ලිමේන්තුවේත් මූලික යුතුකම වුණේ මැතිවරණ කොමිසමෙන් මෙම කරුණු විමසා තීරණයක් ලබා දීමයි. එය සිදු නොකිරීම නිසා තමයි විශාල ගැටලුවක් මතු වී තිබෙන්නේ.”

එපමණක් නොවේ. පාරිලිමෙන්තු වරප්‍රසාද වලට මුවා වී අගමැති දිනේශ් ගුණවර්ධන විසින් එකී තින්දුව පිළි නොගන්නා බවට කරන ලද ප්‍රකාශයද දැන් ප්‍රසිද්ධියේ පළ කර ඇති බැවින් ද ඔහු ද අධිකරණ අපහාසයට ලක් වීය හැකිය.

පාර්ලිමෙන්තු වරප්‍රසාද යටතේ ඕනෑම දෙයක් කීමට මංත්‍රීවරුන්ට අවසර තිබුණේ එවැනි ප්‍රකාශ පාර්ලිමෙන්තු හැන්සාඩ් වලින් කපා හැරීමටත් එවා පළ නොකරණ දේ මාධ්‍ය වාර්තාකරුවන්ට නියෝග කිරීමටත් කතානායක පියවර ගත් තත්වය නිසාය. එවිට එම ප්‍රකාශ ප්‍රසිද්ධ ප්‍රකාශ බවට පත් නොවේ. එනමුත් දිනේශ් ගුණවර්ධන එම ප්‍රකාශය කළේ සජීවී විකාශනයක් අතරතරය. එම හේතුව උඩ, දිනේශ් ගුණවර්ධනගේ ප්‍රකාශය අධිකරණ අපහාසයක් සේ මැළකිය හැකි බවට නීති අංශ තර්ක කරති. (ආ) යම් විභාග වෙමින් පවතින නඩුවකට අදාළ අධිකරණ ක්‍රියාවලිය සඳහා මැදිහත්වීමේ හෝ ඊට තදබල අගතියක් සිදු කිරීමේ, අදහසින් යුතු ව යම් ක්‍රියාවක් හෝ නොකර හැරීමක් සිදු කරන යම් තැනැත්තකු, අවස්ථාවෝචිත පරිදි, අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීමක් සිදු කරන්නේ ය.

රනිල් රාජපක්ෂ, පොලිස්පති පිළිබද ප්‍රශ්නය විසදා ගැනීමට කතානායක, එනම් එකී නඩුවෙහි වගඋත්තරුකරුවකු වූ පුද්ගලයකුට අගවිනිසුරු හමු වන සේ ප්‍රසිද්ධ රැස්වීමකදී කරන ලද ප්‍රකාශය ද පැහැදිළි අධිකරණ අපහාසයකි. නඩුවක වගඋත්තරකරුවකට එම නඩුවේ තීන්දුව වෙනස් කර ගැනීමට අගවිනිසුරු හමුවීමට උපදෙස් දීම හුදෙක් අධීකරණ අපහාසයක් පමණක් නොව නීතියේ ආධිපත්‍යට අභියෝග කිරීමකි.

ඉහත දැක්වූ අධිකරණ අපහාස පනතෙහි මෙම වගන්තිය ඉතා පැහැදිළිය:

(ආ) යම් විභාග වෙමින් පවතින නඩුවකට අදාළ අධිකරණ ක්‍රියාවලිය සඳහා මැදිහත්වීමේ හෝ ඊට තදබල අගතියක් සිදු කිරීමේ, අදහසින් යුතු ව යම් ක්‍රියාවක් හෝ නොකර හැරීමක් සිදු කරන යම් තැනැත්තකු, අවස්ථාවෝචිත පරිදි, අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීමක් සිදු කරන්නේ ය.

 රනිල් රාජපක්ෂ කතානායකට උපදෙස් දෙන්නේ පවතින නඩුවකට මැදිහත් වන ලෙසය!

 අනෙක් අතට ප්‍රමුඛ නීතිවේදියකු වන විරාන් කොරයා පෙන්වා දී ඇත්තේ  ශ්‍රේෂ්ඨාධීකරණ තීරණයක් වෙනස් කිරීමට අගවිනිසුරුට බලයක් නැති බවයි.

ටිරන් අලස්ගේ අනෙක් පොලිස් ලොක්කා වූ නිලන්ත ජයවර්ධන අනීවාර්‍ය නිවාඩු පිට ගෙදර යැවුණේ  දේශබන්දුටත් කලින්ය.

ශ්‍රේෂ්ඨාධිකරණය දේශබන්දුට වාරණය පනවා, එම පුරප්පාඩුව පුරවන සේ නියෝග කළේය.

රනිල් රාජපක්ෂ, කුකුලා මල්ලේ දාගෙන දුව ගියේ වධකබන්දු දිගටම තියා ගැනීමට සිහින මවමිනි. එනමුත් වධකබන්දු නොකියාම ගෙදර ගියේය.

වැඩබලන පොලිස්පතිවරයකු පත් නොකිරීම මගින් රනිල් රාජපක්ෂ ජනාධිපති පුටුවෙන් බැස යන සැප්තැම්බර් 21දාට පසු අධිකරණ අපහාසය වෙනුවෙන් චෝදනාවන්ට ලක්කල හැකිය. ජනාධිපතිවරුන්ට දූර කාලයෙන් පසු මුක්තියක් නැත. ගෝඨාභය සහ මහින්ද රාජපක්ෂ ආර්ථික අපරාධ වෙනුවෙන් වරදකරු කරන ලද්දේ ඒ අනුවය.

බටලන්ද අපරාධයන්ගෙන් රනිල් රාජපක්ෂ බේරා ගත්තේ සමාජ පංති මිතුරියක වූ චන්ද්‍රිකා බණ්ඩරනායකය. මේ අවස්ථාවේ එවැනි කිසිවකු නොසිටිනු ඇත. යූඇන්පීකාරයකු වී මිය ගිය  බොරළුගොඩ සිංහයාගේ පුතා ද රනිල් රාජපක්ෂගේ ගැත්තකු ලෙස බලුවීමට ඉඩ නැතුවා නොවේ.

අඩුම වශයෙන් සිංහ පැටියකු නම් දිනේශ් අනුර කුමාර කළ අභියෝගය බාර ගත යුතුය. එනම් පාරිලිමෙමන්තුවෙහි දී කළ කතාව පිටතදී කරන ලෙසත්, හැකි නම් පොලිස්පති ලෙස දේශබන්දු නඩු තීන්දුවෙන් පසු අත්සන් කරන ලිපියක් හැකි නම් ගෙන පෙන්වන ලෙසය.

තවම උත්තරයක් නැත.

බලු සිංහයින් කියන්නේ මෙවැනි බයගුල්ලන්ටය.

 

Archive

Latest news

Related news