Tuesday, June 18, 2024

සිරිසේනගේ සිව්වන ව්‍යවස්ථා උල්ළංගනය- ජූඩ් සමන්තට සමාව දීම ශ්‍රේෂ්ඨාධිකරණය අවලංගු කරයි; මිලියන 3ක් දඩ!

රෝයල් පාක් ඝාතන චූදිත දොන් සාමන්ත ජූඩ් ඇන්තනි ජයමහට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගත් තීරණය අත්තනෝමතික බවත් එය වලංගු නොවන බවත් විධායක ජනාධිපතිවරයාගේ සමාවේ විෂය පථයට අදාළ තවත් සුවිශේෂී තීන්දුවක් දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද තීන්දු කළේය.

ඒ අනුව සාමන්ත ජූඩ් ඇන්තනි ජයමහ සමාව දීමේදී ව්‍යවස්ථාපිත ප්‍රතිපාදන පිළි නොපැදීම හේතුවෙන් ඔහුට ලබාදී තිබූ ජනාධිපති සමාව දෙකක් ඉවත් කිරීමට එස්.තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ සහ ජනක් ද සිල්වා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියෝග කළේය.

එම  පෙත්සම ඉදිරිපත් කළ කාන්තාව සහ මාධ්‍ය නම් සංවිධානයට රුපියල් මිලියනයක් ද මරණයට පත් වූ ඉවොන්ගේ මාපියන්ට රුපියල් මිලියන දෙකක්ද ගෙවීමට ශ්‍රේෂ්ඨාධිකරණය සිරිසේනට නියෝග කළේය.

ස්වීඩන ජාතික ඉවොන් නම් පෙම්වතියගේ හිස කුඩුවන තුරු පහර දී  සමන්ත විසින් ඝාතනය කරන ලදී.

ජූඩ් සාමන්ත ධනවත් පවුලකට අයත් වූ අතර ඝාතන විමර්ශනය අඩාල කිරීමට එවකට රහස් පොලිසියේ අධ්‍යක්ෂ ශානි අබේසේකරට මිලියන 50ක අල්ලසක් ලබා දීමට උත්සාහ කළේය. නමුත් අල්ලස පිළිබඳ අධිකරණයට වාර්තා කර  පරීක්ෂණ දිගටම කරගෙන ගොස් සමන්ත වරදකරු කිරීමට  ශානි අබේසේකර  සමත් විය.

ජූඩ් සමන්තට සමාව ලබා  ගැනීම සඳහා ජනාධිපති සිරිසේනට විශාල මුදලක් අල්ලස් ලෙස ලබා දුන් බවට චෝදනා එල්ල විය. සමන්ත නිදහස් වූ විගස රට හැර ගිය අතර ඔහු සිටින ස්ථානය රහසිගතය.

ජනාධිපති සිරිසේන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවට ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළ 4 වැනි අවස්ථාව මෙයයි. එසේ වුවත් තවමත් ඔහු පක්ෂ නායකයෙකු සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස වරප්‍රසාද භුක්ති විදී.

ශ්‍රී ලංකාව අරුම පුදුම රටකි.

2018 ඔත්තෝබර් ව්‍යවස්ථා කුමන්ත්‍රණය, පාස්කු ඉරිදා ප්‍රහාර සිදුවීමට ඉඩ හැරීම, ඥාණසාරට සමාව දීම අනෙක් අවස්ථා තුනය.

ශ්‍රී ලංකාවේ බිහි වූ නීච ජනාධිපතිවරුන් අතර සිරිසේන ඉහළම ගන්ධස්කාරයකි.

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන  වගඋත්තරකරුට ජනාධිපති සමාව ලබා දීමේදී පෙත්සම්කරුගේ මූලික අයිතිවාසිකම් සහ මහජන විශ්වාසය කඩ කළ බව ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.

රෝයල් පාර්ක් ඝාතන චූදිතයාට ජනාධිපති සමාව ලබාදීමට හිටපු ජනාධිපති සිරිසේන ගත් තීරණයේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක් කරමින් කාන්තා සහ මාධ්‍ය සාමූහික සංවිධානය විසින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ගොනු කර තිබුණි.

මෙම තීන්දුව සැලකිල්ලට ගනිමින් ජූඩ් ජයමහට පනවා ඇති දඬුවම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් නීතියට අනුව අවශ්‍ය පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය බලධාරීන්ට නියෝග කළේය.

එසේ නමුත් ඔහු සොයා ගැනීමට නැත.

පෙත්සම්කාර සංවිධානය වෙනුවෙන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන සහ නීතිඥ රුක්ෂාන් සේනාධීර සහ රන්මලී මීපාගල යන මහත්ම මහත්මීන් පෙනී සිටියහ. වින්දිතයන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා පෙනී සිටියේය. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තාපා මහතා පෙනී සිටියේය. ශ්‍රී ලංකා නීතිඥ සංගමය වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය. නීතිපතිවරයා වෙනුවෙන් අතිරේක සොලිසිටර් ජනරාල් නෙරින් පුල්ලේ මහතා පෙනී සිටියේය

සේ. පියවර්ධන

විනිශ්චය: sc_fr_446_19 re Jude Samantha

Archive

Latest news

Related news