Tuesday, July 16, 2024

ශ්‍රී ලාංකාවේ බලහත්කාර අතුරුදහන් කිරීම් සඳහා වගවීම: මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්‍යාලයේ වාර්තාව

සාරාංශය: ශ්‍රී ලාංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් සඳහා වගවීම පිළිබඳ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්‍යාලයේ (OHCHR) වාර්තාව

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයාගේ අධිකාරියට අනුව 48/141 මහා සභා යෝජනාව යටතේ සහ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලයේ අධිකාරියට අනුව 46/1 සහ 51/1 1 යෝජනා යටතේ නිකුත් කරන ලද මෙම වාර්තාව ශ්‍රී ලංකාවේ සිදු කරන ලබන බලහත්කාර අතුරුදහන් පිළිබඳ වගවීමේ අඩුපාඩු ආමන්ත්‍රණය කරයි.

1970 දශකයේ සිට 2009 සිවිල් යුද්ධයේ අවසානය දක්වා කාලය තුල ශ්‍රී ලංකාව බලහත්කාර අතුරුදහන් කිරීම් රැලි කිහිපයකටම මුහුණ දී ඇත. ප්‍රධාන වශයෙන්ම ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා සහ අනුබද්ධ පැරා මිලිටරි කණ්ඩායම් විසින් මෙය ප්‍රතිවාදීන් බිය ගැන්වීමේ සහ මර්දනය කිරීගම් මෙවලමක් ගලස භාවිතා කරන අතර, අවම වශයෙන් දස දහස් ගණනක් බලහත්කාර අතුරුදහන් කිරීම්වලට ලක්ව ඇති බව පැහැදිලිය.

සෑම තරාතිරමකම අපරාධකරුවන් ගණනාවක්ම යුක්තියෙන් ගැලවී ගොස් තිබේ. වරදකරුවන්ට දඩුවම් නොලැබීම ගැඹුරින් මුල් බැස ගෙන ඇත. අතුරුදහන් වූ ඔවුන්ගේ ඥාතීන්ගේ ඉරණම සහ තත්වය පිළිබඳව කිසිම තොරතුරක් ඔවුන්ගේ පවුල් වල අය නොදනී. ව්‍යුහාත්මක දුර්වලතා මඟහරවා ගැනීමට සහ අවශය ප්‍රතිසංස්කරණ සිදු කිරීමට අපොහොසත් වීම හේතුවෙන් අතුරුදහන් කිරීමේ අවදානම ඉදිරියටද ඇත.

මෑත වසරවලදී, ශ්‍රී ලංකාව බලහත්කාර අතුරුදහන්කිරීම් වලින් පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතිය (ICPPED) සම්මත කිරීම, බලහත්කාර අතුරුදහන් කිරීම් අපරාධකරණය කිරීම, අතුරුදහන් වූවන් පිළිබඳ කාර්‍යාලය (OMP) පිහිටුවීම සහ හානිපූරණය සඳහා වන කාර්‍යාලය (OR) ඇතුළු විමර්ශන කොමිෂන් සභා (CoIs) පිහිටුවීම ඇතුළු ධනාත්මක පියවර කිහිපයක් ගෙන ඇත. කෙසේ වෙතත්, මෙම පියවර මගින්, සත්‍යය දැන ගැනීම, යුක්තිය, වන්දි ලැබීම සහ නැවත සිදු නොවන බවට සහතික වීමට වින්දිතයන්ට ඇති අයිතිය සදහා නිත්‍ය ප්‍රගතියක් ලැබී නැත. අතුරුදහන් වූ පුද්ගලයකුගේ ඉරණම සහ ඔහුට සිදුවූ දෙය පිලිබදව පැහැදිලි තොරතුරක් නොලැගබන තාක්, බලහත්කාර අතුරුදහන් කිරීම “අඛණ්ඩව උල්ලංඝනය කිරීමක්” ලෙස සැලකේ. බලහත්කාර අතුරුදහන් කිරීම් මගින් වින්දිතයිනට වන බලපෑම වින්දිතයන් සදහා මූලිකත්වය ලබා දෙමින්, වගවීම පිළිබඳ ඔවුන්ගේ ඉදිරි දර්ශන සහ ඔවුන්ගේ අත්දැකීම් දැනගැනීමට OHCHR කාර්‍යාලය විසින් වින්දිතයන් 39ක් (කාන්තාවන් 32ක් සහ පිරිමින් 7ක්) සමඟ ද්විපාර්ශවික සම්මුඛ සාකච්ඡා පැවැත්වූ අතර වින්දිතයන් 43ක් (කාන්තාවන් 34ක් සහ පිරිමින් 9ක්) සමඟ  ග්‍රාහක සාකච්ඡා පවත්වන ලදී. බලහත්කාර අතුරුදන් කිරීමේ වින්දිතයන් අතරට බලහත්කාර අතුරුදන් කළ පුද්ගලයා පමණක් නොව, පවුලේ සාමාජිකයන් ද ඇතුළුව බලහත්කාරයෙන් අතුරුදන් කිරීමක සෘජු ප්‍රතිඵලයක් ලෙස හානියට පත් ඕනෑම අයකු ඇතුළත් වේ.

වාර්තාවෙහි ඉදිරිපත් කර ඇති ප්‍රධාන සොයාගැනීම් අතර:

 • අතුරුදහන් වූ පුද්ගලයන්ගේ ඥාතීන්ට වන මානසික බලපෑම් :

කම්පනය, බිය, ගකෝපය, අසරණභාවය සහ වරදකාරී හැඟීම් ඇතුළු ඥාතියකුගේ අතුරුදහන් වීඹ පිළිබඳ ගැඹුරු මානසික බලපෑම් වින්දිතයන් වාර්තා කරන ලදී. දශක ගණනාවකට පසු වුවද වින්දිතයින්ට එය අමතක කිරීමට නොහැකි වූ බව වාර්තා කළහ. බොහෝ අය තම ඥාතියා නැවත පැමිනෙනු ඇතැයි බලාගපාගරාත්තුවෙන් සිටිති. සිරුරක් නොමැතිකම සහ අවමංගලය චාරිත්‍ර පැවැත්වීමට නොහැකි වීම ශ්‍රී ලාංකේය සම්ප්‍රදායන් සහ ආගමික ක්‍රම තුළ විශේෂිත ගැටළු ඇතිකර ඇත. විශේෂගයන්ම ශ්‍රී ලංකාවේ උතුරු සහ නැගෙනහිර ප්‍රගද්ශවල මනෝ-සමාජ සේවා ලබා ගැනීම සම්බන්දව හිඟයක් පවතී.

• සමාජයීය හුදකලාව :

බොහෝ වින්දිතයින් සමාජ හුදකලාව සහ නෙරපා හැරීමේ  වේදනාකාරී අත්දැකීම් ගැන සඳහන් කළහ. ඥාතීන් සහ ප්‍රජා සාමාජිකයින් ඔවුන්ට “ඉදිරි කටයුතු කරගෙන යන” ලෙසට පැවසීමෙන් පසු හෝ තම දරුවන් අපකීර්තියෙන් ආරක්ෂා කර ගැනීමේ මාර්ගයක් ලෙස සමහරුන් ස්වයං හුදකලා වීමකට ලක්ව ඇත. තවත් අය වාර්තා කලේ බලධාරීන්ගේ බිය ගැන්වීම් සහ පළිගැනීම් වලින් ආරක්ෂා වීමට අසල්වැසියන්, මිතුරන් සහ ඥාතීන් ඔවුන්ගෙන් ඈත් වූ බවයි. “වැන්දඹුවක්” වීම අවාසනාවන්ත හෝ නරක සිදුවීමක් ලෙසට සමහර ප්‍රජාවන් තුළ පිළිගන්නා බැවින් පවුලේ උත්සව වලින් ඔවුන්ව බැහැර කළ බව සමහර කාන්තාවන් වාර්තා කළහ.

• සමාජ – ආර්ථික අයිතිවාසිකම් :

බලහත්කාරගයන් අතුරුදහන් කිරීම නිසා සිදුවන සංකීර්ණ මූලය, සමාජීය සහ නෛතික ප්‍රතිවිපාක වින්දිතයාගේ සෞඛ්‍ය, අධයාපනය සහ ප්‍රමාණවත් ජීවන රටාවට ඇති අයිතිවාසිකම් වලට බලපෑමක් ඇති කරනු ලැබේ. අතුරුදහන් වූ පුද්ගලයන්ගෙන් බහුතරයක් පිරිමින් බැවින්, බොහෝ විට එම පවුගල් කාන්තාවට ප්‍රධාන ආදායම් උපයන්නා බවට පත් වීමට සිදුව ඇත්තේ කාන්තාවන්ගේ සහභාගීත්වයට බොහෝ බාධා ඇති කරන ශ්‍රම පරිසරයක් තුළ ලිංගික හිරිහැර හා සූරාකෑමේ අවදානම් වැනි බාදා මැදය. දරුවන්ගේ ඇතැම් අයිතිවාසිකම් භුක්ති විඳීම ද අඩු වී ඇත. නිදසුනක් වශයෙන්, අධයාපනය, සෞඛ්‍ය සේවා සහ පවුල් ජීවිතය සඳහා ප්‍රවේශය වීමට ඔවුන්ට ඇති අයිතියට ඔවුන්ගේ යහ පැවැත්ම සහ සංවර්ධනය සෘජුව බලපානු ලැබේ. තම ඥාතියා ආපසු ලබා දීගම් පොරාන්දුව මත කප්පම් මුදල් ගෙවීමන් මූලය සූරාකෑමට ලක් වූ බව ද සමහර වින්දිතයන් වාර්තා කරන ලදී.

වගවීම පිළිබඳ වින්තදියන්ගේ ආකල්පය:

ඥාතීන් ගසීම, සෙවීම වගවීම වෙනුවෙන් ගපනී සිටීම සහ/හෝ ගපළපාලි හෝ සැමරුම් උත්සාහයන් සඳහා සහභාගී වීම නිසා වින්දිතයන්ව හිරිහැර කිරීම්, බිය ගැන්වීම්, ඔත්තු බැලීම් සහ ප්‍රචණ්ඩ ක්‍රියාවලට ලක් වූ බව වාර්තා වේ. සමහර අවස්ථා වලදී, වින්දිතයන් ලිංගික සහ ස්ී පුරුෂ භාවය පදනම් කරගත් වධහිංසා වලට ලක් වූ බවට වාර්තා විය. ඒසේ තිබියදීත් මෙම අත්දැකීම්  නොතකා, වින්දිතයින් මතු සදහන් අදාළ ඉදිරි මුලපිරීම් සඳහා දැඩි ලෙස සහයෝගය දැක්වීය:

• සත්‍යය :

තොරතුරු සපයන ලද සියලුම වින්දිතයින්ගේ මතය වුයේ තම ආදරණීයයන්ගේ ඉරණම සහ ඔවුන් සිටින ස්ථානය පිළිබඳ සතයය සොයා ගැනීම සහ ඔවුන් අතුරුදහන්වීමේ තත්වයන් වලට උපරිම ප්‍රමුඛතාවය දිය යුතු බව ය . අතුරුදහන්වීම් සමූහ වශයෙන් සිදුවූයේ කෙසේද සහ ඇයිද යන්න සහ ඒවා සිදුකිරීමට පහසුකම් සැලසූ සාධක මොනවාද යන්න  තේරුම් ගැනීම අවශ්‍යය. සමස්ත ජාතිගේ සහ වින්දිත ප්‍රජාවන්ගේ මතකයන් සුවපත් කිරීමට සත්‍යය උපකාර විය හැකි බව සැලකේ. සමූහ මිනීවළවලින් හමුවූ මිනිස් අස්ථි කොටස් හඳුනා ගැනීම සහ යුද්ධය අවසාන කාලයේ රජගේ අත්අඩංගුවේ පසුවන හෝ කඳවුරුවල රඳවා සිටි පුද්ගලයන්ගේ නම් ප්‍රසිද්ධියට පත් කිරීම වැනි මුලපිරීම් සඳහා වින්දිතයන් තම සහය පළ කළහ.

• අපරාධ යුක්තිය:

විශේෂයෙන් ඉහළ තනතුරු දරන අපරාධකරුවන්ව, සාපරාධී වගකීමකට යටත් කිරීම සම්බන්දව දැඩි අපේක්ෂාවක් ඇති බව වින්දිතයන් ප්‍රකාශ කලේ ය. ජේ‍්‍යෂඨ මට්ටමේ පුද්ගලයින්ට එරෙහිව ක්‍රියාමාර්ග ගැනීම, බලගේ සිටින අය ඉවත් කිරීමට සහ අනාගත උල්ලංඝනයන් වැලැක්වීඹ යන දෙකටම උපකාරී වන බව සැලකේ. ශ්‍රී ලංකාවට ගම් වන විට යුක්තිය ඉටු කිරීමට කැමැත්තක් ගනාමැති බවත් යුක්තිය ඉටු කිරීමට ගනාහැකි බවත් බොහෝ වින්දිතයන්ගේ අදහස විය. ගමම ප්‍රතිවිරෝධයට මුලික වී ඇති කරුණු අතර, අපරාධකරුවන් යැයි සැලකෙන අයට “සමාව දීම”, ඉහළ නිල තනතුරුවලට උසස් කිරීම ගහෝ “විශ්‍රාම වැටුප් සහිත සාමකාමී විශ්‍රාමයක්” භුක්ති විඳීමට ඉඩදී තිබීම වැනි ඔවුන්ගේ තත්ත්වයන්ට වඩා හාත්පසින්ම ගවනස් තත්වයන් ඇතුළත් විය. විශ්වීය අධිකරණ මූලධර්ම භාවිතා කරමින් තෙවන පාර්ශීය රාජයයන් තුළ සිදුවන උසාවි කටයුතු සදහා වින්දිතයින් සගයෝගය පලකරන ලද අතර, එවැනි ක්‍රියා පටිපාටි මගින් බලධාරීන්ට “පරිච්ගේදය වසා දැමීම” සිදු ගනාකළ හැකි බවට විවවාස කරන අතර එය වින්දිතයින්ට බලාපොරොත්තුවක් ලබා දෙන්නේය. ඇතැම් වින්දිතයන් ශ්‍රී ලංකාගේ තත්ත්වය ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ගයාමු කිරීමට ද ජාත්‍යන්තර ප්‍රජාගේ සහය ඉල්ලන ලදී.

• වන්දි ගගීම සහ පුනරාවර්තන නොවන බවට සහතික:

වන්දි ලෙස පිරිනමන ඕනෑම හැගීමක් සමගම වගකීම පිළිගැනීම සහ සතයය ලබා දීම අවශය බව වින්දිතයන් ප්‍රකාශ කලේය. වන්දි ගැනීම, යුක්තියෙන් අවධානය වෙනතකට ගයාමු කිරීමට සහ මිනිසුන්ගේ නිශ්ශබද්ධ මිල දී ගැනීමට මෙවලමක් ලෙසට යොදා ගගන ඇති බවට මතයක් බොහෝ වින්දිතයින් විසින් ඉදිරිපත් කරනු ලදී. OHCHR කතා කළ වින්දිතයන් කිසිවකුට එවැනි හැගීම් ලැබී නොතිබුණද, මූලික අවශ්‍යතා සපුරාලීම සඳහා “අතුරු සහන” ලබා ගැනීමට වැඩි පිළිගැනීමක් ඇති බව පෙන්නුම් කරන ලදී. අතුරුදහන් වූ තම ඥාතියකුට මරණ සහතික ලබා ගැනීමට වින්දිතයන් වැඩි දෙනකු විරුද්ධය. දැනට ඉදිරිපත් කරන ලද විකල්පය වන “දකිනට නොමැති බවට වූ සහතිකය” කාලයකට පසු මරණ සහතිකයක් බවට ස්වයංක්‍රීයව පරිවර්තනය වනු ඇතැයි වින්දිතයින් කිහිප දෙනකු බිය පළ කළහ. අනුස්මරණ ක්‍රියාකාරකම්වල නිරතවීමට උත්සාහ කිරීමේදී වින්දිතයන්ට ගබාගහෝ විට බාධාවලට මුහුණ පෑමට සිදු වු බව වාර්තා වුවද, පිළිගැනීම සහ අනුස්මරණය වැනි මූල්‍ය නොවන වන්දි ගැනීම් වැදගත් ගලස සැලකේ. පුනරාවර්තනය නොවීම සඳහා, රජගේ වගකීම මත, ශක්තිමත් නීතිමය ආරක්ෂාවන් සමග, සතය්‍ය හෙළිදරව් කිරීමට සහ දඩුවම් ලබා දීම සදහා සැබෑ වෙනසක ඇති අවශ්‍යතාවය වින්දිතයින් පෙන්වා දෙන ලදී.

ශ්‍රී ලංකාව තුළ වගවීම සම්බන්ධයෙන් ගෙන ඇති මුලපිරීම්:

හිඟ පරතරය සාමූහික සත්‍ය සෙවීම:

ශ්‍රී ලංකාව සත්‍ය  සෙවීමේ යාන්ත්‍රණයන්ට ආගන්තුක නොවන අතර, මහා පරිමාණගයන් සිදු කරන ලද බලහත්කාර අතුරුදහන් කිරීම් පිළිබඳ චෝදනා සම්බන්ධයෙන් විමර්ශන  කොමිෂන් සභාවක් (CoI) කැඳවීම ශ්‍රී ලංකා රජයේ පොදු ප්‍රතිපත්ති ප්‍රතිචාරය වී ඇත. මෙමගින් සිදූවූ සමහර විමසීම් මගින් අතුරුදහන්වීම් රටා පිළිබඳව සැලකිය යුතු අවබෝධයක් ලැබී ඇති අතර පසු විපරම් ක්‍රියාමාර්ග නොමැතිකම නිසා වගවීම සම්බන්දයෙන් “වඩා අසීරු” අංශවල අක්‍රියතාව වසං කිරීමට විමර්ශන කොමිෂන් සභා භාවිතා කර ඇති බවට මතයක් ඇති වී තිබේ. නිදසුනක් වශගයන්, 1990 ගණන්වල පත්කරන ලද කලාප විමර්ශන කොමිෂන් සභා සහ සමස්ත ලංකා විමර්ශන කොමිෂන් සභාව සහ උගත් පාඩම් සහ ප්‍රතිසන්ධාන කොමිෂන් සභාව (2011) සහ පරණගම කොමිෂන් සභාව (2013) පිළිබඳ කෙටි විමර්ශනයකින් පෙනී යන්නේ එවැනි විමර්ශන ගකාමිෂන් සභා වල වාර්තා බොහෝ දුරට දුර්වල බවත්, ප්‍රසිද්ධියට පත් කර ඇති වාර්තා කිහිපයක ප්‍රධාන නිර්දේශ ක්‍රියාවට නංවා නොතිබූ බවත් ය. මෙම ඉතිහාසය සැලකිල්ලට ගෙන, ශ්‍රී ලංකා රජය විසින් 2023 දී යෝජිත නව ජාතික සමගිය හා ප්‍රතිසන්ධාන කොමිසම සම්බන්ධයෙන් වින්දිතයන් සහ සිවිල් සංවිධාන අතර සැලකිය යුතු සැකයක් පවතී. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා සඳහන් කර ඇති පරිදි, ගමම නිසා විශ්වසනීය සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයකට අවශ්‍ය හිතකර පරිසරයක අඩුවක් ඇත. ශ්‍රී ලංකා මානව හිමිකම් ගකාමිෂන් සභාව, වින්දිත කණ්ඩායම් සහ සිවිල් සංවිධාන සමඟ එක්ව සංක්‍රාන්ති යුක්තියක් සඳහා පුළුල් ප්‍රවේශයක අවශයතාවය අවධාරණය කර ඇත.

ඉරණම සහ ආගිය තැන් පැහැදිලි කර ගැනීම :

ශ්‍රී ලංකාවේ බලහත්කාරයෙන් අතුරුදහන් කිරීමට ගොදුරු වූ වින්දිතයන් ගගන් අතිමහත් බහුතරයක් තම ආදරණීයයන්ගේ ඉරණම සහ ඔවුන් සිටින ස්ථානය පිළිබඳ සැලකිය යුතු දැනුමක් නොමැතිව රැඳී සිටිති . 2016 දී ශ්‍රී ලංකා රජය විසින් අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) පිහිටුවන ලදී. පසුගිය වසර හත තුළ, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය, එහි නීති සම්පාදනය යටතේ පුළුල් බලතල තිබියදීත්, පරිපාලනමය “නඩු කළමණාකරණ ප්‍රවේශයක්” ලෙස විස්තර කළ හැකි දේ පමණක් කර ඇති අතර, මූලික විමර්ශන සිදු කිරීමේ වින්දිත පවුල්වල ට මූලය ආධාර සඳහා ඇති සුදුසුකම් කෙරහි පමණක් අවධානය යොමු කර ඇති අතර පුද්ගලයන්ගේ ඉරණම සහ ඔවුන් සිටින ස්ථානය පැහැදිලි කිරීම සඳහා ගැඹුරු විමර්ශන සිදු කිරීමක් කර නැත. අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිලිබදව වින්දිත ප්‍රජාවන්ගේ විශ්වාසයේ අඩුවක් ඇත. ඇත්ත වශයෙන්ම, අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලගේ අතුරුදහන් වූවන්ගේ ඉරණම සහ ඔවුන් සිටින ස්ථානය පැහැදිලි කිරීම නැවත මෙහයවීමට සහය වීමට, ආයතනගේ ස්වාධීනත්වය ශක්තිමත් කිරීමට සහ වින්දිතයින්ට සම්බන්ධ වීමට ආරක්ෂිත පරිසරයක් සහතික කිරීම සඳහා ජාත්‍යන්තර තාක්ෂණික සහාය ගයාදා ගත යුතුය.

ශ්‍රී ලාංකාවේ නීතිමය කටයුතු අපරාධ යුක්තිය:

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් නඩු පැවරීමේ සහ දඬුවම් කිරීමේ අනුපාතය අඩු මට්ටමක පවතී. අපරාධ පරීක්ෂණ සහ නඩු පැවරීමේ ප්‍රගතියක් නොමැති බව පෙන්නුම් කරන නඩු අතර “ත්‍රිකුණාමලය 11” නඩුව සහ දේශපාලන කාටූන් ශිල්පී සහ මාධ්‍යෙව්දී ප්‍රගීත් එක්නැළිගොඩගේ අතුරුදන්වීම ඇතුළත් වේ.

අධිකරණ පද්ධතියේ ඇති ප්‍රධාන දුර්වලතාවලට ඇතුළත් වනු ලබන්නේ:

• දේශීය නෛතික රාමුවේ ඇති හිඩැස්:

2018 දී බලහත්කාරයෙන් අතුරුදහන් කිරීගම් ක්‍රියාව අපරාධයක් ලෙස සලකනු ලැබුවද, එයට පෙර වසරවල සිදු වූ අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් පනත අදාළ වන්නේද යන්න පැහැදිලි නැත. ශ්‍රී ලංකාවේ නීති රාමුව ද බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම මනුෂයත්වයට එරෙහි අපරාධයක් ලෙස හඳුනා නොගන්නා අතර, එය වගකීමට ඇති විධාන වැනි ජාත්‍යන්තරව පිළිගත් ක්‍රම සියල්ල ද ආවරණය නොකරය

• බලහත්කාර අතුරුදහන් කිරීම් පිළිබඳ පැමිණිලි භාර ගැනීමට සහ විමර්ශනය කිරීමට ගපාලිසිය අකැමැත්ත:

බලහත්කාර අතුරුදහන්වීම් පිළිබඳ පැමිණිලි  පොලිසියේ ලියාපදිංචි කිරීමේදී පවා වින්දිතයින්ට සැලකිය යුතු දුෂ්කරතා ඇති වී තිබේ. බොහෝ අයට ක්‍රියා පටීපාටීගයදී ඇතිවන බාධක, බිය ගැන්ීම් සහ හිරිහැරවලට මුහුණ දීමට සිදුව ඇත. බලහත්කාරයෙන් අතුරුදහන් කරීම් පිළිබඳ සිද්ධීන් ඵලදායි ගලස විමර්ශනය කිරීමේ ප්‍රතිපත්ති වල විශ්වසනීයත්වය ප්‍රශ්න කර ඇති අතර, වත්මන් පොලිස්පතිවරයාගේ (වධහිංසා පැමිණීමට සහ අණ දීමට වගකිව යුතු බවට ශේ‍ෂ්ඨාධිකරණය විසින් සෙයා ගන්නා ලද) පත්වීම, ආයතනයක් ලෙසට පොලිසිය කෙරෙහි ඇති විශ්වාසය තවදුරටත් පළුදු වීමට බලපාන ලදී.

• නීතිපති කාර්යාලයේ අභිලාශ අතර ගැටුම:

දැනට, රජගේ ප්‍රධාන නීති උපදේශක සහ ආරක්ෂකයා ගලස කටයුතු කරන නීතිපතිවරයාට නඩු පැවරීමේ බලතල පැවරී ඇත. හබයාස් කෝපස් නඩුවලදී හමුදාව, ගපාලිසිය හෝ වෙනත් රාජ්‍ය ආයතනවල වගඋත්තරකරුවන් වෙනුවෙන් ගපනී සිටිමට සහ එම පුද්ගලයන්ට එරෙහිව නඩු පැවරීම් වලදී නායකත්වය දීමටත් යන දෙකටම නීතිපතිවරයාව කැඳවිය හැකිය.

• අධිකරණයේ ස්වාධීනත්වයට ආරක්ෂාව නොමැතිකම:

අධිකරණගේ ස්වාධීනත්වය හෑල්වලුට ලක් කරන ව්‍යුහාත්මක දුර්වලතා පිලිබදව සහ අධික ගලස ගද්ශපාලනීකරණය  වී ඇත.ගැටුම් සම්බන්ධ නඩු විනිශ්චය කිරීමට අධිකරණයට ඇති හැකියාව අඩපණ කරන දේශපාලන බලපෑම් ගැන සැලකිල්ල යොමු වී ඇත.

• වින්දිතයන් සහ සාක්ෂිකරුවන් සඳහා ආරක්ෂාව නොමැතිකම:

මානව හිමිකම් කමිටුව නිගමනය කර ඇති පරිදි තර්ජන, බිය ගැන්වීම් සහ හිරිහැරවලට මුහුණ දෙන වින්දිතයින් සහ සාක්ෂිකරුවන් සඳහා ප්‍රමාණවත් ආරක්ෂාවක් දැනට නොමැත. නීතිඥවරුන් ද තර්ජන සහ පළිගැනීම්වලට මුහුණ ගදන බවට වාර්තා වී ඇත.

• අපරාධ නඩු කටයුතුවල පැහැදිලි ප්‍රමාදයන්:

සාමාන්‍යයෙන් ශ්‍රී ලංකාවේ අපරාධ නඩු කටයුතු දීර්ඝ ප්‍රමාදයන් මගින් වැසී ඇත. බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් හෝ රාජය නිලධාරීන් සම්බන්ධ ගවනත් බරපතල උල්ලංඝනයන් සම්බන්ධ නඩු වලදී, එම ප්‍රමාදයන් වඩාත් කැපී ගපගනන අතර, වින්දිතයින්ගේ නීතීඥයින්ගේ නිගමනය වන්ගන් එම ප්‍රමාදයන් වගවීම වැළැක්මේ උපාය මාර්ගයක් ලෙසට ගෙන ඇති බවය.

• මානව හිමිකම් වගකීම් උල්ලංඝන සදහා සමාව භාවිතා කිරීම:

බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් පුද්ගලගයකු වරදකරු වූ අල්ප අවස්ථා කිහිපයෙන් එකක, 2020 දී එවකට ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එම පුද්ගලයාට සමාව දුන්ගන්ය.

• ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව දේශපාලනීකරණය වීම:

2020 දී, එවකට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් ඊනියා “දේශපාලන පළිගැනීම්” ගැන සොයා බැලීම සඳහා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව පිහිටුවන ලදී. දැඩි මානව හිමිකම් කඩකිරීම් සම්බන්ධ නඩු වලදී නිශ්චිත විමර්ශන සහ නඩු පැවරීම් නවතා දමා දඬුවම් අවලංගු කළ යුතු බවට මෙම කොමිසම නිර්ගද්ශ කරන ලදී.

විශේෂිත අධිකරණ යාන්ත්‍රණයන් සඳහා රජයේ පෙර යෝජනාව:

ජාතයන්තර මානව හිමිකම් නීතිය (IHRL) සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය (IHL) උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා විශේෂ උපදේශකයකු සහිත අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවීමට 2015 දී ශ්‍රී ලංකා රජය විසින් කරනු ලැබූ යෝජනාව මානව හිමිකම් කවුන්සිල විසින් අගය කරමින් සටහන් කර ඇත. මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා 30/1 (ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දක්වා ඇති) මගින් ස්වාධීන අධිකරණ සහ නඩු පවරන ආයතනවල අවශ්‍යතාවය සහ පොදුරාජය මණ්ඩලීය සහ අනෙකුත් විදේශීය විනිසුරුවන්ගේ සහභාගිත්වය, විත්තියේ නීතිඥයින් සහ බලයලත් අභිචෝදකයින් සහ විමර්ශකයින්ගේ සහභාගීත්වයේ වැදගත්කම තහවුරු කලේය. 2020 දී, ආණ්ඩු වෙනස් වීමකින් පසුව, ශ්‍රී ලංකාව එම යෝජනාවට ලබා දුන් සහය නිල වශයෙන් ඉවත් කර ගත් අතර, ඊට පසු වසර වලදී ද අනුප්‍රාප්තික රජයන් විසින්, විදේශ විනිසුරුවන් සහ නඩු පවරන්නන් සමඟ එවැනි යාන්ත්‍රණයන් ස්ථාපිත කිරීම ව්‍යවස්ථා විරෝධී බව කියා සිටි නමුදු එම මතය සමහර වෘත්තිකයන්, ශාස්ත්‍රීය විශේෂඥයින් සහ සිවිල් සමාජ සංවිධාන විසින් තර්ක කරන ලදී. දණ්ඩමුක්තිය ආමන්ත්‍රණය කිරීමට බලධාරීන් අදහස් කරන්ගන් කෙසේද යන්න පිළිබඳව ශ්‍රී ලංකාව විසින් සැබෑ විකල්ප සැලැස්මක් ඉදිරිපත් කර නොමැත.

සිවිල් නඩු:

සමහර වින්දිතයන්ගේ පවුල් මගින් උසාවිය ඉදිරියේ හබයාස් කෝපස් ක්‍රියාමාර්ග ආරම්භ කර ඇත.ගමම නඩු සැලකිය යුතු ප්‍රමාදයන් වලින් අවහිර වී ඇති අතර, බලහත්කාරයෙන් අතුරුදහන් වූ ස්ථානයෙන් බැහැර ස්ථානවලට නඩු මාරු කිරීම සඳහා වන අයදුම්පත් මගින් වින්දිතයන්ගේ ප්‍රවේශයට එය අහිතකර ලෙස බලපා ඇත. කෙසේ ගවතත්, ඇතැම් නඩු වල අධිකරණ තීන්දුව වී ඇත්ගත් පුද්ගලයන් අත් අඩංගුවට ගැනීම සම්බන්දයෙන් ආරක්ෂක අංශ වගකිව යුතු බවය.

ජාත්‍යන්තර මානව හිමිකම් නීතිය (IHRL) සහ ජාතයන්තර මානුෂීය නීතිය (IHL) උල්ලංඝනය කිරීම් සහ අපයෝජනයන් පිළිබඳ චෝදනා විමර්ශනය කිරීම සඳහා විශේෂ උපදේශකයකු සහිත අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවීමට 2015 දී ශ්‍රී ලංකා රජය විසින් කරනු ලැබූ යෝජනාව මානව හිමිකම් කවුන්සිල විසින් අගය කරමින් සටහන් කර ඇත. මානව හිමිකම් කවුන්සිලයේ යෝජනා  30/1 (ශ්‍රී ලංකාව සම අනුග්‍රහය දක්වා ඇති) මගින් ස්වාධීන අධිකරණ සහ නඩු පවරන ආයතනවල අවශ්‍යතාවය සහ පොදුරාජය මණ්ඩලීය සහ අනෙකුත් විදේශීය විනිසුරුවන්ගේ සහභාගිත්වය, විත්තිගේ නීතිඥයින් සහ බලයලත් අභිචෝදකයින් සහ විමර්ශකයින්ගේ සහභාගීත්වගේ වැදගත්කම තහවුරු කලේය. 2020 දී, ආණ්ඩු ගවනස් ීමකින් පසුව, ශ්‍රී ලංකාව එම ගයෝජනාවට ලබා දුන් සහය නිල වශගයන් ඉවත් කර ගත් අතර, ඊට පසු වසර වලදී ද අනුප්‍රාප්තික රජයන් විසින්, විගද්ශ විනිසුරුවන් සහ නඩු පවරන්නන් සමඟ එවැනි යාන්රණයක් ස්ථාපිත කිරීම වයවස්ථා විගරෝධී බව කියා සිටි නමුදු එම මතය සමහර වෘත්තිකයන්, ශාස්ීය විගවෂඥයින් සහ සිවිල් සමාජ සංවිධාන විසින් තර්ක කරන ලදී. දණ්ඩමුක්තිය ආමන්රණය කිරීමට බලධාරීන් අදහස් කරන්ගන් ගකගස්ද යන්න පිළිබඳව ශ්‍රී ලංකාව විසින් සැබෑ විකල්ප සැලැස්මක් ඉදිරිපත් කර නොමැත.

වන්දි වගවීම් :

වින්දිතයන් සහ ප්‍රජාවන් සමඟ ප්‍රමාණවත් ලෙස සම්බන්ධ වීමට සහ වගවීම සඳහා පුළුල් ප්‍රවේශයක් සහතික කිරීමට අපොහොසත් වී  ඇත. පිළිගැනීම, අනුස්මරණය සහ නීතිමය සහාය වැනි මූල්‍ය නොවන අංශ ඇතුළුව සෑම දෙනෙකුම ඇතුළත් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවයට ප්‍රතිචාර දක්වන වන්දි පිලිබද තොරතුරු විමසීමක් ඇතුළුව හානිපූරණයන් පිළිබඳ පූර්ණ සංකල්පීයකරණයක්ද ඇතුළු ක්‍රියාමාර්ගයක අවශ්‍යතාවක් පවතී.

උල්ලංඝනයන් නැවත සිදු නොවීම:

උල්ලංඝනයන් නැවත ඇතිවීම වැලැක්වීම සඳහා ඵලදායී පියවර ලෙස බොහෝ පරීක්ෂණ සහ වාර්තා පෙන්වා දී ඇත්තේ, ආරක්ෂක හමුදා පරීක්ෂා කිරීම, හමුදාවේ සිවිල් පාලනය දැඩි කිරීම, කුරිරු හදිසි නීති ගරගුලාසි සහ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත අවලංගු කිරීම සහ රඳවා තබා ගැනීම සහ උසාවි වෙත ප්‍රවේශවීම සම්බන්ධයෙන් නීතිමය ආරක්‍ෂාව පිළිපැදීමය. මිට අමතරව සිවිල් අවකාශය ශක්තිමත් කිරීම, අධ්‍යාපන වැඩසටහන් ආරම්භ කිරීම, වෙනස් කොට සැලකීමට එරෙහි මුලපිරීම්, අනුස්මරණ කිරීම,ලේඛනාගාර විවෘත කිරීම සහ ප්‍රමාණවත් මනෝ සමාජීය සහයෝගයක් සැපයීම ඇතුළු අමතර ක්‍රියාමාර්ග ද අවශ්‍ය වේ.

වගවීම සම්බන්දයෙන් ජාත්‍යන්තර දායකත්වය

දේශීය මට්ටෙම් වගීවීමේ පරතරය සැලකිල්ලට ගෙන, ජාත්‍යන්තර ප්‍රජාව ශ්‍රී ලංකාව තුළ වගවීම ඉදිරියට ගෙන යාම සඳහා ක්‍රියාකාරීව දායක වී සිටීම අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකාව තුළ බලහත්කාරයෙන් අතුරුදන් කිරීම් සිදු කළ බවට චෝදනා ලබන පුද්ගලයන් පිළිබඳව විශ්ව අධිකරණ බලයේ පිළිගත් මූලධර්මය යටතේ තනි තනි රාජ්‍යයන්ට විමර්ශනය කිරීමට සහ නඩු පැවරීමට හැකිය. විශේෂයෙන්ම රාජය නොවන සංවිධාන විසින් එවැනි ක්‍රියාවන් උත්ගත්ජනය කිරීමට ඇතැම් උත්සාහයන් ගෙන ඇත. ඔවුන් අත්විඳි බදා අතර නිලධාරීන්ගේ මුක්තිය ඇතුළත් වේ. උල්ලංඝනය කිරීම් සිදු කළ බවට විශ්වාස කළ හැකි ලෙස චෝදනා කරන අයට එරෙහිව තවදුරටත් ඉලක්කගත සම්බාධක පැනවීමට OHCHR නැවත නැවතත් ඉල්ලා ඇත. මෙම වාර්තාව මෙම ක්ෂේත්‍රවල සහගයෝගීතාවය තීව්ර කිරීමට මෙන්ම එක්සත් ජාතීන්ගේ සාම සාධක කටයුතු, ද්විපාර්වවික හුවමාරු කිරීම්/පුහුණුවිම් සහ අනෙකුත් සීමාකාරී ක්‍රියාමාර්ග සඳහා යෙදවිය හැකි ශ්‍රී ලාංකික පුද්ගලයින් සඳහා කරනු ලබන පරීක්ෂණ ක්‍රියා පටිපාටි වඩාත් දැඩි ලෙස කරගෙන යාමට සහාය දක්වනු ලැබේ.

නිර්දේශ

බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් අඛණ්ඩව පවතින වගවීමේ හිඟය පියවීම සඳහා මෙම වාර්තාව ශ්‍රී ලංකා රජයට සහ ජාත්‍යන්තර ප්‍රජාවට නිර්දේශ මාලාවක් ඉදිරිපත් කරයි. එය අතුරුදහන්වීම්වල පරිමාණය සහ රාජය ආරක්ෂක අංශවල සහ සන්නද්ධ කණ්ඩායම්වල මැදිහත්වීම පිළිගෙන ප්‍රසිද්ධ රාජ්‍ය සමාවක් නිකුත් කිරීමට රජයට නිර්දේශ කරයි.

එය ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටින්නේ ස්වාධීන පරීක්ෂණ තීව්‍රර කරන ලෙසත්, බලහත්කාර අතුරුදහන්වීම් පිළිබඳ විමර්ශනය සහ නඩු පැවරීම සඳහා ඵලදායී රාමුවක් සහතික කිරීම සඳහා ව්‍යවස්ථාමය සහ නීතිමය ප්‍රතිසංස්කරණ කඩිනම් කරන ලෙසත් ය. ජාත්‍යන්තර මානව හිමිකම් නීතියෙහි බරපතල උල්ලංඝනයන් සහ ජාත්‍යන්තර මානුෂීය නීතියෙහි බරපතල උල්ලංඝනයන් විසඳීම සඳහා හදිසි අවශ්‍යතාවයක් ලෙස සලකා ශ්‍රී ලංකාව ස්වාධීන නඩු පවරන අධිකාරියක්, විශේෂ අභිචෝදකයකු සහ තාවකාලික විශේෂ අධිකරණයක් පිහිටුවීමට වාර්තාව නිර්දේශ කරයි.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) වැඩිදියුණු කිරීම, සමූහ මිනී වලවල් පිළිබඳ නිසි විමර්ශනයක් සිදු කිරීම සහ අදාළ ලේඛනාගාර සහ විමර්ශන  කෙමිෂන් සභා (CoI) වාර්තා වලින් තොරතුරු ලබා ගැනීම සම්බන්ධයෙන් නිර්දේශ කිහිපයක් යොමු කර ඇත. නව සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට පෙර, OHCHR නිර්දේශ කරන්නේ ශ්‍රී ලංකාව තුල සක්‍රීය පරිසරයක් නිර්මාණය කරන ලෙසත්, ඉතා වැදගත් විශ්වාසය ගොඩනැගීමේ ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කළ යුතු බවත් ය.

මේ සදහා මානව හිමිකම් ආරක්ෂකයින් සහ වින්දිතයින්ගේ කණ්ඩායම්වලට එරෙහිව ඇති තර්ජන, හිරිහැර කිරීම් සහ නීති විරෝධී සහ අත්තනෝමතික නිරීක්ෂණ අවසන් විය යුතුය. ඕනෑම සත්‍ය සෙවීමේ යාන්ත්‍රණයක්, අධිකරණ යාන්ත්‍රණයක් තුල, පුළුල් සංක්‍රාන්තික යුක්තිය පසිදලන උපාය මාර්ගයක කොටසක් විය යුතුය.

ඒ හා සමානව, වන්දි ගෙවීම සඳහා ද පුළුල් සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ සංවේදී ප්‍රවේශයක් OHCHR විසින් නිර්ගද්ශ කරනු ලබයි.

එසේම, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම් නැවත සිදුවීම වැළැක්වීම සඳහා කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලා සිටින අතර, උල්ලංඝණය කිරීම් සම්බන්ධයෙන් විශ්වාස කළ හැකි යැයි කියන අපරාධකරුවන් ඉහළ මට්ටගම් තනතුරුවලට පත් කිරීමෙන් හෝ ප්‍රවර්ධනය කිරීමෙන් වැළකීම නිර්දේශ කරනු ලබයි.

වගවීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විසින් සිදු කරනු ලබන ප්‍රගතිය නොනවත්වා සමීපව මානව හිමිකම් කවුන්සිලය හරහා අධීක්‍ෂණය කරන ලෙසත්, වගවීම සහතික කිරීම සඳහා, ජාත්‍යන්තර ප්‍රජාව සතුව ඇති සිය ද්විපාර්ශවික සහ බහුපාර්විශක සබඳතා, විශ්වීය අධිකරණ බලය සහ ජාත්‍යන්තර යුක්තියේ අනෙකුත් මාර්ග මෙන්ම ඉලක්කගත සම්බාධක පැනවීම් ඇතුළු සියළුම මාධ්‍යයන් භාවිතා කරන ලෙසට OHCHR ජාත්‍යන්තර ප්‍රජාවට නිර්ගද්ශ කරනු ලැබේ.

1 මෙම ගයෝජනා යටතේ, මානව හිමිකම් කවුන්සිලය OHCHR වෙතින් ඉල්ලා සිටින්නේ, ශ්‍රී ලංකාව තුළ සිදු වී ඇති බරපතල මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති බරපතල ලෙස උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් වගවීම ඉදිරියට ගගන යාමේ හැකියාව ශක්තිමත් කරන ලෙසයි.

2 2000 ගණන්වල WGEID විසින් කලින් “පැහැදිලි ” ලෙස සලකනු ලැබූ දහස් ගණනක් නඩු වලට යොදා ගනු ලැබූ නිර්ණායක දැනට ඔවුන්ගේ ඉරණම සහ තත්ත්වයන් පැහැදිලි කිරීම සඳහා භාවිතා කිරීම පැහැදිලි නැති බව වාර්තාව සඳහන් කරයි. WGEID හි වත්මන් වැඩ පිළිපිළිවෙල අනුව WGEID සමඟ නඩු නැවත විවෘත කළ හැකිය.

(මානව හිමිකම් කොමසාර්ස්වරයාගේ කාර්යාලය විසින් පළ කරන ලද සිංහල පරිවර්තනය වන අතර එය නොනිල වාර්තාවකි. නිල වාර්තාව ඇත්තේ ඉංග්‍රිසි බසිනි. මෙම වාර්තාව පීඩීඑෆ්  ගොනුවකින් සකස් කරන ලද්දේ ශ්‍රී ලංකා බ්‍රීෆ් විසිනි. )

Archive

Latest news

Related news