Wednesday, May 1, 2024

ගාසා ජන සංහාරය: මාස හයකදී ජනගහනයෙක් 5% මරුට.

ගාසා තීරය තුළ “වහා ම සටන් විරාමයකට එළඹෙන ලෙසට ත් සියලු ම ප්‍රාණ ඇපකරුවන් වහා ම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙසට ත්” ඉල්ලා එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය පසුගිය මාසයේ යෝජනාවක් සම්මත කර තිබියදීත්, ගත වුණු හය මස පුරා එම භූමි ප්‍රදේශයේ පැවති බෝම්බ හෙළීම්වල සහ මරණ හා තුවාල සිදුවීම්වල කිසිදු අඩුවීමක් පෙන්නුම් කර නොමැත.

පවතින යුද්ධය හේතුවෙන් ගාසා තීරයේ යටිතල පහසුකම්වලට දැඩි ලෙස හානි සිදුවී ඇති අතර ගොඩනැගිලි සුන්බුන් බවට පත්ව තිබේ. එපමණක් නොව යුද්ධය හේතුවෙන් ප්‍රදේශවාසීන්ට දකුණු ප්‍රදේශයේ පිහිටා ඇති රෆා නගරය වෙත යාමට සිදුවී ඇති අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහය ඇතිව සැකසුණු වර්තාවක දැක්වෙන්නේ, සාගතයක් ඇතිවීමේ තර්ජනය පිළිබඳ කනසල්ල තවත් තීව්‍ර කර ඇති බව ය.

ඊශ්‍රායල සංඛ්‍යාලේඛනවලට අනුව ප්‍රධාන වශයෙන් සාමාන්‍ය වැසියන් 1,200 දෙනෙකු පමණ මරා දැමූ හමාස් සංවිධානය විසින් 2023 ඔක්තෝබර් 7 වන දින එල්ල කළ පෙර නොවූ විරූ ප්‍රහාරයෙන් පසුව යුද්ධය ආරම්භ විය.

එක්සත් රාජධානිය, එක්සත් ජනපදය සහ යුරෝපා සංගමය හමාස් තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස සලකයි.

ඔක්තෝබර් අවසානයේ ගාසා තීරය තුළ ගොඩබිම් මෙහෙයුම් ආරම්භයේ සිට මිය ගිය 256 දෙනෙකු සමග ඊශ්‍රායල හමුදාවට අනුව, ඔක්තෝබර් 7 වන දා ප්‍රහාරයෙන් පසු ඊශ්‍රායල හමුදා සාමාජිකයින් 600 දෙනෙකු පමණ මිය ගොස් තිබේ.

එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය (OCHA) පවසන පරිදි යුද්ධයේ 175 වන දිනය වන විට අවම වශයෙන් පුද්ගලයින් 32,623 දෙනෙකු මිය ගොස් 75,092කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

දැනට වසා දමා ඇති ඊජිප්තු දේශ සීමාවේ ගාසා තීරයට දකුණින් පිහිටා ඇති රෆාහි ගොඩබිම් මෙහෙයුමක් දියත් කරන බවට ඊශ්‍රායලය සති ගණනාවක් තිස්සේ තර්ජනය කර ඇත. මෙම ප්‍රදේශය මිලියන 1.5කට අධික පලස්තීන වැසියන්ගේ නවාතැනක් බවට පත්ව ඇති අතර ඔවුන්ගෙන් බහුතරයක් ගාසා තීරයේ වෙනත් ප්‍රදේශවල අවතැන් වී පැමිණි අය වෙති.

හමාස් සංවිධානය විසින් පවත්වාගෙන යනු ලබන ගාසා තීරයේ සෞඛ්‍ය අමාත්‍යංශයට අනුව, ගැටුමේ 178 වන දිනය වන විට අවම වශයෙන් පුද්ගලයන් 32,916 දෙනෙකු මිය ගොස් ඇති අතර ඔවුන්ගෙන් වැඩි දෙනෙක් කාන්තාවන් සහ දරුවන් වූහ.

එක්සත් ජාතීන්ගේ ළමා ඒජන්සිය වන යුනිසෙෆ් සංවිධානයට අනුව, යුද්ධය ආරම්භයේ සිට ගාසා තීරය තුළ ළමුන් 13,000කට වැඩි ගණනක් ඝාතනයට ලක්ව ඇතැයි පැවසේ.

පලස්තීන සෞඛ්‍ය අමාත්‍යංශය විසින් සපයන ලද සංඛ්‍යාවල නිරවද්‍යතාව පිළිබඳව එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් වැනි ඇතැම් දේශපාලනඥයන් මීට පෙර ප්‍රශ්න කර ඇති නමුත් ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ එම සංඛ්‍යා විශ්වාසදායක යැයි තමන් විශ්වාස කරන බව ය.

‘ව්‍යසනකාරී’ ආහාර තත්ත්වය

දැනට වසා දමා ඇති ඊජිප්තු දේශ සීමාවේ ගාසා තීරයට දකුණින් පිහිටා ඇති රෆාහි ගොඩබිම් මෙහෙයුමක් දියත් කරන බවට ඊශ්‍රායලය සති ගණනාවක් තිස්සේ තර්ජනය කර ඇත. මෙම ප්‍රදේශය මිලියන 1.5කට අධික පලස්තීන වැසියන්ගේ නවාතැනක් බවට පත්ව ඇති අතර ඔවුන්ගෙන් බහුතරයක් ගාසා තීරයේ වෙනත් ප්‍රදේශවල අවතැන් වී පැමිණි අය වෙති.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, යටිතල පහසුකම් විනාශ වීම සහ ආහාර, ජලය, ඉන්ධන හා විදුලිය හිඟකම ඇතුළු ගාසා තීරයේ වත්මන් තත්ත්වය හේතුවෙන් මිලියන 2.3කට වැඩි පිරිසක් ජීවත් වන ඊශ්‍රායල හමුදා විසින් වටලන ලද ප්‍රදේශයේ ජනගහනයෙන් 85%කට තම නිවෙස්වලින් ඉවත්ව යාමට සිදුව ඇත.

පසුගිය මාසයේ, ඒකාබද්ධ ආහාර සුරක්ෂිතතා අදියර වර්ගීකරණ (IPC) වාර්තාව, [රජයන්ට, එක්සත් ජාතීන්ගේ සංවිධානයට සහ ආධාර ඒජන්සිවලට සාගත තත්ත්වල පරිමාණය මැන ගැනීමට දේශපාලනික නොවන දත්ත සපයන ගෞරවනීය ජාත්‍යන්තර ජාලයක්] ගාසා තීරය සාගතයක් ඇති වීම ආසන්නයේ සිටින බවට අනතුරු ඇඟවීය.

ආහාර සුරක්ෂිතතාව සම්බන්ධයෙන් සහ සාගතයක් ඇතිවීමේ අවදාම සම්බන්ධයෙන් ගත් කල “ගාසා තීරයේ ජනගහනයෙන් අඩක් (මිලියන 1.11ක ජනතාවක්) ) ව්‍යසනකාරී තත්ත්වයන්ට මුහුණ දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.”

එක්සත් ජාතීන්ගේ තක්සේරුවේ සාවද්‍ය තොරතුරු අඩංගු යැයි ඊශ්‍රායලය සලකන අතර, දිනපතා ලැබෙන ආධාර බෙදා හැරීමට එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන අපොහොසත් වී ඇති බව පවසයි.

“හැම වෙලාවක ම, ඊශ්‍රායලයේ බලධාරීන් පූර්ණ වශයෙන් පරීක්ෂාවට ලක් කරපු ට්‍රක් රථ සිය ගණනක් කෙරම් ශලෝම් හරස් මාර්ගයේ ගාසා පැත්තේ රඳවා තබලා තියෙන්නේ,” යනුවෙන් ඊශ්‍රායල ආරක්ෂක අමාත්‍යංශයේ (කෝගැට් – Cogat) සිවිල් කටයුතු සම්බන්ධීකරණ ඒකකය පවසයි. කෝගැට් යනු, ඊශ්‍රායල හමුදා වාඩිලාගෙන සිටින බටහිර ඉවුරේ සහ ගාසා තීරයේ සිවිල් ප්‍රතිපත්ති භාර ඊශ්‍රායල ආයතනය යි.

“යුද්ධය නිසා ගාසා තීරයේ වෙසෙන සිවිල් ජනතාවට ඇති වන අවාසනාවන්ත ප්‍රතිවිපාක ගැන ඊශ්‍රායලයට අවබෝධයක් තියෙනවා,” යනුවෙන් පවසන ඊශ්‍රායලය විසින් ගාසා තීරයේ සිවිල් ජනතාව සාගින්නෙන් පෙළෙන බවට එල්ල වන චෝදනා ප්‍රතික්ෂේප කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව, යුද්ධයට පෙර දිනකට අවම වශයෙන් ට්‍රක් රථ 500ක් පැමිණි ගාසා තීරයට ඇතුළු වන හරස් මාර්ග විවෘත කරන ලෙසට සහ එම භූමි ප්‍රදේශය වෙත ආධාර ගලා ඒම වේගවත් කිරීම ගැන සිදු කෙරෙන ඉල්ලීම් ඉහළ ගොස් තිබේ.

ගාසා තීරයේ විශාලතම ආධාර මෙහෙයුම ක්‍රියාත්මක කරන පලස්තීන සරණාගතයින් සඳහා වන එක්සත් ජාතීන්ගේ ඒජන්සිය වන UNRWA සංවිධානයට අනුව මාර්තු මාසය තුළ සාමාන්‍යයෙන් ට්‍රක් රථ 161ක් දිනපතා එම ප්‍රදේශයට පැමිණෙමින් සිට තිබේ.

ගාසා තීරයට පැමිණිය හැකි මානුෂීය ආධාර ප්‍රමාණය සම්බන්ධයෙන් සීමාවන් නොමැති බව ඊශ්‍රායලය පවසයි.

මාධ්‍යවේදීන් සහ සහන සේවකයින්ගේ මරණ

දැනට වසා දමා ඇති ඊජිප්තු දේශ සීමාවේ ගාසා තීරයට දකුණින් පිහිටා ඇති රෆාහි ගොඩබිම් මෙහෙයුමක් දියත් කරන බවට ඊශ්‍රායලය සති ගණනාවක් තිස්සේ තර්ජනය කර ඇත. මෙම ප්‍රදේශය මිලියන 1.5කට අධික පලස්තීන වැසියන්ගේ නවාතැනක් බවට පත්ව ඇති අතර ඔවුන්ගෙන් බහුතරයක් ගාසා තීරයේ වෙනත් ප්‍රදේශවල අවතැන් වී පැමිණි අය වෙති.

මාධ්‍යවේදීන්ගේ ජාත්‍යන්තර සම්මේලනයට (IFJ) අනුව, පලස්තීන මාධ්‍යවේදීන් සහ මාධ්‍ය වෘත්තිකයන් 99 දෙනෙකු, ඊශ්‍රායල ජාතිකයින් හතර දෙනෙකු සහ ලෙබනන් ජාතිකයින් තිදෙනෙකු ඝාතනයට ලක්ව තිබේ.

මාධ්‍යවේදීන් ආරක්‍ෂා කිරීමේ කමිටු (CPJ) වාර්තාවක සඳහන් තොරතුරු අනුව, ගාසා තීරයේ යුද්ධය වාර්තා කරමින් සිටියදී මාධ්‍යවේදීන් 16 දෙනෙකු තුවාල ලබා, හතර දෙනෙකු අතුරුදන් වී සහ 25 දෙනෙකු රඳවාගෙන සිටින බවට වාර්තා වී තිබේ.

ගාසා තීරයේ සිට වාර්තා කිරීමට උත්සහ කරන මාධ්‍යවේදීන්ට ඒ තුළට ඇතුළු විය හැක්කේ, ඔවුන් ඊශ්‍රායල හමුදාව සමග සම්බන්ධ වී හමුදාව විසින් පනවන ලද කොන්දේසිවලට එකඟ වුවහොත් පමණි. එම කොන්දේසි අතරට ඊශ්‍රායල හමුදා සමඟ රැඳී සිටීම සහ පුවත් පළ කිරීමට පෙර පූර්ව අනුමැතිය ලබා ගැනීම සඳහා ඒවා ඔවුන් වෙත ඉදිරිපත් කිරීම ද ඇතුළත් වේ.

සහන සේවකයන්ට එරෙහි ප්‍රධාන ප්‍රචණ්ඩ ක්‍රියා වාර්තා කරන එක්සත් ජනපදය අරමුදල් සපයන Aid Worker Security Database ව්‍යාපෘතියේ දත්තවලට අනුව, ඔක්තෝබර් මාසයේ සිට ගාසා තීරය තුළ සහන සේවකයන් 196කට වඩා වැඩි ගණයක් ඝාතනයට ලක්ව ඇත.

මාස හයකට පෙර ඇති වූ යුද්ධයෙන් මියගිය බොහෝ දෙනෙක් ගාසා තීරයේ විශාලතම ආධාර මෙහෙයුම ක්‍රියාත්මක කරන UNRWAහි සේවය කළ පිරිස් වූහ.

ගොඩබිම් මෙහෙයුමක් සිදු කරන බවට තර්ජන

දැනට වසා දමා ඇති ඊජිප්තු දේශ සීමාවේ ගාසා තීරයට දකුණින් පිහිටා ඇති රෆාහි ගොඩබිම් මෙහෙයුමක් දියත් කරන බවට ඊශ්‍රායලය සති ගණනාවක් තිස්සේ තර්ජනය කර ඇත. මෙම ප්‍රදේශය මිලියන 1.5කට අධික පලස්තීන වැසියන්ගේ නවාතැනක් බවට පත්ව ඇති අතර ඔවුන්ගෙන් බහුතරයක් ගාසා තීරයේ වෙනත් ප්‍රදේශවල අවතැන් වී පැමිණි අය වෙති.

ඡායාරූප මූලාශ්‍රය,GETTY IMAGES

දැනට වසා දමා ඇති ඊජිප්තු දේශ සීමාවේ ගාසා තීරයට දකුණින් පිහිටා ඇති රෆාහි ගොඩබිම් මෙහෙයුමක් දියත් කරන බවට ඊශ්‍රායලය සති ගණනාවක් තිස්සේ තර්ජනය කර ඇත. මෙම ප්‍රදේශය මිලියන 1.5කට අධික පලස්තීන වැසියන්ගේ නවාතැනක් බවට පත්ව ඇති අතර ඔවුන්ගෙන් බහුතරයක් ගාසා තීරයේ වෙනත් ප්‍රදේශවල අවතැන් වී පැමිණි අය වෙති.

ඊශ්‍රායල හමුදාවේ මහා පරිමාණ ආක්‍රමණයක් රෆා වෙත සිදු වුවහොත් “ඇදහිය නොහැකි” මානුෂීය ව්‍යසනයක් සිදුවනු ඇතැයි එක්සත් ජාතීන්ගේ නිලධාරීන් බිය පළ කර තිබේ.

ඊශ්‍රායලය තුළ, ගාසා තීරයේ රඳවාගෙන සිටින ප්‍රාණ ඇපකරුවන් පිරිස නිදහස් කර ගැනීම සඳහා සටන් විරාම ගිවිසුමකට එළඹෙන ලෙසට ත් සහ ඉක්මන් මැතිවරණයක් පැවැත්වීමට ත් අගමැති බෙන්ජමින් නෙතන්යාහු වෙත එල්ල වන පීඩනය ඉහළ යමින් පවතී.

ඔක්තෝබර් මාසයේදී යුද්ධය හට ගැනීමෙන් පසු ඇති වූ විශාලතම ආණ්ඩු විරෝධී විරෝධතාවයේ දී, දස දහස් ගණනක් ඊශ්‍රායල ජාතිකයෝ මධ්‍යම ජෙරුසලම වෙත පැමිණියහ. යුද්ධයේදී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් විරෝධතාකරුවන් එහිදී සිය අතෘප්තිය ප්‍රකාශ කළ අතර ප්‍රාණ ඇපකරුවන් සියලු දෙනා මුදා ගැනීමට හෝ මුදා හැරීමට රජය අසමත් වීම ද ඔවුහු විවේචනය කළහ.

බීබීසී සිංහල අඩවියෙනි.

Archive

Latest news

Related news