Friday, May 3, 2024

ලොව පුරා ගැහැණු පිරිමි අතර සමානාත්මතාවය තවමත් හීනයක්! 

ලෝක බැංකුවේ නවතම වාර්තාවකට අනුව සඳහන් කරනුයේ ලොව පවතින කිසිදු නූතන ආර්ථිකයක් ඔවුන් කෙතරම් දියුණු හා නවීන ලෙස පෙනී සිටියත් පිරිමින් හා ගැහැණුන් අතර සමානාත්මතාවය සහතික කරලීමේ අරමුණ සාක්ෂාත් කර ගැනීමට තවමත් සමත් වී නොමැති බවයි.

පසුගිය වසර දහය තුල කාන්තාවන්, ව්‍යාපාර සහ කාන්තා අයිතිවාසිකම් හා නීතිය (WBL)යන තේමා ඔස්සේ සිදු කරන ලද ලෝක බැංකු වාර්තාවේ (WBL) නවතම සංස්කරණයට අනුව, පිරිමින් සහ කාන්තාවන් අතර ආර්ථික සමානාත්මතාවය ඉතා දුරස්ථ ඉලක්කයක් ලෙස පවතින අතර, දියුණු ආර්ථිකයන් අතර පවා එය සහතික කල බවට ලොව කිසිදු රටකට පුරසාරම් දෙඩීමට නොහැකිය.

ලෝක බැංකුව විසින් ඉදිරිපත් කර ඇති වාර්තාව සම්පාදනය සඳහා එහි නිර්ණායක ලෙස තෝරා ගෙන ඇත්තේ රටවල පවතින නීති රාමුව නොව ඒවායේ සැබෑ භාවිතාව සහ සමාජයේ පවතින දෛනික යථාර්ථය වේ. එක් එක් රටවල කාන්තාවන් හා මිනිසුන් අතර සමානාත්මතාවය සහතික කිරීමේ විෂය පිළිබඳ එම රටවල නීතින්ගේ පරිණාමය මෙහි දී දැඩි සැලකිල්ලක් දක්වා ඇත. එහෙත් ලෝක බැංකුවේ මෙම නව ප්‍රවේශය තුලින් පෙන්වා දෙන්නේ ආර්ථික සමානාත්මතාවය පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් පෙර වසරවලට වඩා සෘණාත්මක අගයක් ගැනීම හේතුවෙන් දියුණු ආර්ථිකයන් අතර පවා රටවල් ගණනාවක් සමානාත්මතාවයට සමීපව හෝ සාක්ෂාත් කර ඇති බවක් පෙනෙන්නට තිබුණත්, නීතිය ක්‍රියාත්මක කිරීම සහ එම රටවල විද්වතුන්ගේ මතයන් පරික්ෂා කිරීමේදී මෙම දියුණු රටවල පවා යෑමට ඇති දුර තව බොහෝ බවයි.

මේ අනුව, 2022 දී, නව නිර්ණායක සැලකිල්ලට ගැනීමට පෙර, ප්‍රබල භූගෝලීය විෂමතා සහිතව, ලොව පුරා පිරිමින් භුක්ති විඳින අයිතිවාසිකම්වලින් 77% ක් කාන්තාවන් භුක්ති විඳින අතර, නව වාර්තාව මගින් ඇස්තමේන්තු කර ඇත්තේ යථාර්ථයේ දී කාන්තාවන් සතුව ඇත්තේ 64% ක් පමණක් බවයි. ලබා ගන්නා මාසික වේතනය සම්බන්ධයෙන් ලෝක බැංකුව වාර්තාව අවධාරනය කරනුයේ ලෝකයේ රටවල් 98 ක මෙම අර්ථයෙන් නීති සම්පාදනය වුවද, මෙම වගකීම සැබෑ ලෙස ක්‍රියාත්මක කිරීම සහතික කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇත්තේ රටවල් 35 ක් පමණක් බවයි. එය ලෝකයේ රටවල් වලින් 20% කටත් වඩා අඩු ප්‍රතිශතයක් ලෙස වාර්තා කරනු ලබයි. එහි ප්‍රතිඵලයක් ලෙස ලෝක බැංකුව ඇස්තමේන්තු කරන්නේ පිරිමින්ට ඩොලර් දහයක් ලැබෙන විට සාමාන්‍යයෙන් කාන්තාවන් උපයා ගනු ලබනුයේ ඩොලර් 7.7ක් බවයි.

වඩාත් පුළුල් ලෙස, කාන්තාවන්ට පිරිමින්ට සමානව තම අයිතිවාසිකම්වලින් 77%ක් ලබා ගැනීමේ හැකියාවක් තිබුණද, ව්‍යවස්ථාදායක දෘෂ්ටි කෝණයකින්, මෙම අයිතිවාසිකම් ඵලදායී ලෙස ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීමේදී එම රටවල් සාමාන්‍යයෙන් ක්‍රියාත්මක කර ඇත්තේ 40% කට වඩා අඩු ප්‍රමාණයකි. සාමාන්‍යයෙන් කාන්තාවන් පිරිමින්ට වඩා පැය 2.4 ක් වැඩිපුර ශ්‍රමයක් දිනපතා වැය කරයි: සෑම දිනකම, ගෙදර දොරේ වැඩ, ප්‍රධාන වශයෙන් ළමන් හදා වඩා ගැනීම මෙහිදී කැපී පෙනේ. නමුත් මෙම සේවා සඳහා තත්ත්ව ප්‍රමිතීන් නිර්මාණය කරන නීති පවතින්නේ ලොව පුරා රටවල් 62ක පමණි.

රටවල් 150කට රැකියා ස්ථානයේ ලිංගික හිරිහැර කිරීම තහනම් කරන නීතියක් ඇතත්, පොදු ස්ථානවල එවැනි නීතින් සම්මත කර ඇත්තේ රටවල් හතළිහක් පමණක් වන අතර, මේ හේතුව නිසා කාන්තාවන්ට රැකියාවන්ට ප්‍රවේශ වීමට සහ වඩාත් පුළුල් ලෙස ජාතික ආර්ථිකයට මැදිහත් වීමට බාධා කරනු ලබයි. “අද, පිරිමින් හතර දෙනෙකුගෙන් තුන් දෙනෙකුට ආසන්න සංඛ්‍යාවක් සමඟ සසඳන විට, ගෝලීය ශ්‍රම බලකායේ කොටසක් කාන්තාවන් ප්‍රතිශතය එයින් අඩක් ලෙස සඳහන් වේ. ශ්‍රී ලංකාවේ එය 44% ලෙස වාර්තාවේ සඳහන් වේ. “එය අසාධාරණයක් පමණක් නොවේ, එය සැබෑ නාස්තියකි,” ලෝක බැංකු වාර්තාව සකස් කල ටී ට්‍රම්බික් අවධාරණය කරනු ලබයි.

ලෝක ආර්ථිකයන් දාහතරක් පමණක් (බෙල්ජියම, කැනඩාව, ඩෙන්මාර්කය, ප්‍රංශය, ජර්මනිය, ග්‍රීසිය, අයර්ලන්තය, අයිස්ලන්තය, ලැට්වියාව, ලක්සම්බර්ග්, නෙදර්ලන්තය, පෘතුගාලය සහ ස්වීඩනය) විමර්ශනය කරන ලද සෑම ක්ෂේත්‍රයකින්ම කාන්තාවන් පිරිමින්ට සමාන මට්ටමක තබා ඇත. පිරිමින්ට සමානව නීතිමය අයිතිවාසිකම් නොමැති වැඩ කරන කාන්තාවන් ප්‍රමාණය බිලියන 2.4 ක් ලෙස වාර්තා වේ.

ව්‍යවසායකත්වයට කාන්තාවන්ගේ මැදිහත් වීමට බොහෝ බාධා පවතී. සමාගම්වල කළමනාකරණ තනතුරුවල කාන්තාවන්ගේ සහභාගීත්වය අඩු තත්වයක පවතින අතර ඩිජිටල්කරණ ක්‍ෂේත්‍රයේ වැඩි ප්‍රතිශතයක් නියෝජනය කරනුයේ පිරිමින් වේ. Cloud, දත්ත තාක්‍ෂණය සහ කෘතිම බුද්ධිමය කේෂ්ත්‍ර තුළ ද කාන්තාවන් අඩුවෙන් නියෝජනය වේ.

බාධක දෙකක් තවමත් කාන්තාවන්ට ඔවුන් නියෙලන වෘත්තීන්හි ප්‍රගතිය වළක්වයි: රැකියා ස්ථානයේ ලිංගික හිංසනය සහ ළමා රැකවරණය මෙයින් ප්‍රධාන වේ. අද ලෝකයේ කුඩා දරුවන් ඇති දෙමාපියන්ට මුල්‍යමය හෝ බදු ආධාර ලබා දෙන්නේ රටවල් 80ක් පමණි. අවසාන වශයෙන්, වාර්තාකරුවන් ඇස්තමේන්තු කරන්නේ මෙම අසමානතා අඩු කර ගැනීමට හැකි වුවහොත් ඉදිරි වසර දහය තුළ ගෝලීය දළ දේශීය නිෂ්පාදනය 20% කට වඩා වැඩි කළ හැකි බවයි.

මෙහිදී අප්‍රිකානු රටවල් හතක් ධනාත්මක ප්‍රතිසංස්කරණ අනුගමනය කර ඇත. මැද පෙරදිග සහ උතුරු අප්‍රිකාවේ මෙන්ම උප සහරා අප්‍රිකාවේ “කාන්තාවන්ට සමාන සැලකීම සම්බන්ධයෙන් ප්‍රගතිය දක්නට ලැබෙනුයේ වසර 20 තුළ දුර්වලම අගයක් ලෙසය” යනුවෙන් වාර්තාව වැඩි දුරටත් සඳහන් කරයි. 2021 වසරේ සිට ලෝක ආර්ථිකයන් 18ක් ස්ත්‍රී පුරුෂ සමානාත්මතා සහතික කිරීම සඳහා ප්‍රතිසංස්කරණ 34 ක් හඳුන්වා දී ඇත, එය 2001 සිට මේ දක්වා උප සහරා අප්‍රිකාව සියලු ප්‍රතිසංස්කරණවලින් අඩකට වඩා වාර්තා කරයි: ආර්ථික හතක් – බෙනින්, කොංගෝ ජනරජය, අයිවරි කෝස්ට්, ගැබොන් , මලාවි, උගන්ඩාව සහ සෙනගාල් – ධනාත්මක නීතිමය වෙනස්කම් 18 ක් සම්මත කර ඇත. “මෙම රටවල් අතරින් දෙකක් කැපී පෙනේ,” ලෝක බැංකුව අවධාරණය කරයි, එනම් අයිවරි කෝස්ට් සහ ගැබොන්.

අයිවරි කෝස්ට් හි ණය පහසුකම් ලබා ගැනීමේදී ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ වෙනස්කම් කිරීම තහනම් කරන ප්‍රතිසංස්කරණ අනුගමනය කර ඇති අතර ගෘහස්ථ හිංසනයට එරෙහිව සටන් කිරීම සහ කාන්තාවන්ගේ රැකියා සඳහා ඇති සීමාවන් ඉවත් කිරීම සඳහා ද පියවරයන් ගෙන ඇත. ගැබොන් රාජ්‍යය ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයටම විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියා පටිපාටි එකමුතු කරමින්, සමාන වටිනාකමක් ඇති වැඩ සඳහා සමාන වැටුප් ගෙවීම සහ කාන්තාවන්ගේ රැකියා සඳහා ඇති සියලු සීමාවන් ද ඉවත් කර ඇත.

  • Lanka truth

Archive

Latest news

Related news