Wednesday, May 1, 2024

ලංකාව අන්තර් ජාතික යුද අධිකරණයට ගෙන යන කොන්ග්‍රස් සභිකයින් ඇමෙරිකානු ජනපතිට ලියයි

දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලංකාවේ සුළුතර දෙමළ ජනතාවට එරෙහිව සිදු කරන ලද වධහිංසා, මිලිටරි අපයෝජන සහ අනෙකුත් “බිහිසුණු අපරාධ” ඇතුළුව, මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සහ ජාත්‍යන්තර මානුෂීය නීතිය උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව විධිමත් ලෙස වගකිව යුතු බවට ඇමෙරිකානු කොන්ග්‍රසය බයිඩන් පාලනයෙන් පරිපාලනයෙන් ඉල්ලා සිට තිබෙන බව වොෂින්ටන් පොස්ට් පුවත්පත වාර්තා කරයි..
රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් වෙත යවන ලද සහ “වොෂින්ටන් පෝස්ට්” පුවත්පත  ලබා ගත් ලිපියකට අනුව,  කොංග්‍රසයේ දෙපාර්ශයේම සාමාජිකයින් 12 දෙනෙක්, වධහිංසාවට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියේ 30 වැනි වගන්තිය අනුගමනය කර “අඛණ්ඩව අසාර්ථක වූ ශ්‍රී ලංකාණ්ඩුව වගවීමට ලක් කැන ලෙස රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිති. යුක්තිය සහ වගවීම සඳහා ඉදිරිගාමී ප්‍රගතියක් ලබා ගැනීමට” වගවීම ඉටු විය යුතු බව ඔව්හු එම ලිපියෙහි දක්වා තිබේ.
“අපගේ අදහසට අනුව, ශ්‍රී ලංකාවේ ආර්ථික හා දේශපාලන අර්බුදවලට තුඩු දී ඇති ශ්‍රී ලාංකික අපරාධකරුවන් විසින් භුක්ති විඳින දණ්ඩ මුක්තිය, මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්ම ආරක්ෂා කිරීමට ඇමරිකාවේ කැපවීමට පටහැනි වන අතර එය නැවැත්විය යුතුය” යනුවෙන් එම නීති සම්පාදකයින් ලියා තිබේ.  වධහිංසා පැමිණවීම පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මුතියට ශ්‍රී ලංකාව නීත්‍යානුකූලව වගකියන බව සහතික කරන ලෙස එම ලිපිය  රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටිති.
1983 දී ශ්‍රී ලංකා සිවිල් යුද්ධය ආරම්භ වූ දා සිට,බහුතර වාර්ගික සිංහල සහ සුළුතර වාර්ගික දෙමළ ජනතාව අතර වූ, සන්නද්ධ හමුදාවන් සහ ස්වාධීන දෙමළ රාජ්‍යයක් පිහිටුවීමට සටන් කළ දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය අතර වූ වාර්ගික ප්‍රචණ්ඩත්වයෙන්   රට විනාශ වී ඇත. . 2009 දී අවසන් වූ දශක තුනක කැරැල්ල අතරතුර, ශ්‍රී ලංකා හමුදාව සිවිල් වැසියන්ට මාරාන්තික ප්‍රහාර එල්ල කළේය, දෙමළ කාන්තාවන් සහ ගැහැණු ළමයින් සිය ගණනක් ලිංගික අපයෝජනයට ලක් කළේය. එමෙන්ම තවමත් ගණන් නොදන්නා දහස් ගණන් දෙමළ ජනතාව බලහත්කාරයෙන් අතුරුදහන් කළේය. දශක හතරකට පසුවත්, වින්දිතයන්ගේ පවුල් සහ ම්ලේච්ඡත්වයේ සාක්ෂිකරුවන් තවමත් යුක්තිය ඉල්ලා සිටිති.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ වත්මන් පරිපාලනය ඇතුළු අනුප්‍රාප්තික ආන්ඩු උත්සාහ කළ ද, රටේ අඳුරු අතීතය පිළිබඳ අපරාධ විමර්ශන සිදු කිරීම සඳහා 1970 ගණන්වල සිට 15කට වඩා ස්වාධීන කොමිෂන් සභා පිහිටුවුවද,  ඒවායින් කිසිවක් සාර්ථක වී නැත. එමගින් දෙමළ ප්‍රජාවගේ ආයාචනාවන් දිගටම නොසළකා හැර ඇත.
ජාත්‍යන්තර ප්‍රඥප්තිය යටතේ විධිමත් සාකච්ඡා විවෘත කිරීම මගින් ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ වධහිංසා සම්මුතීන් යටතේ වගවීමට ශ්‍රී ලංකාව එකඟකරවා ගැනීමට කොන්ග්‍රසය එරට රාජ්‍ය දෙපාර්තමේන්තුවට බල කරයි. එනමුත් එම ක්‍රියාමාර්ග සහ බේරුම්කරණය අසාර්ථක වුවහොත්, බිඩෙන් පරිපාලනය ශ්‍රී ලංකාව  ජාත්‍යන්තරය යුද අධීකරණයට ගෙන යනු දැකීමට කොන්ග්‍රසය අපේක්ෂා කරන බව එම ලිපිය දක්වයි. ඒ මෑතකදී කැනඩාව සහ නෙදර්ලන්තය සිරියාවේ බෂාර් අල්-අසාද්ගේ කුරිරු ආඥාදායකත්වයට දඬුවම් කිරීමට එරට හේග්හි අධිකරණ අධිකරණය (ICJ) වෙත එම නඩු ගොන ගිය පරිදිය.
ශ්‍රී ලංකා බලධාරීන්,  ක්‍රියාකාරීන්, මාධ්‍යවේදීන් සහ රාජ්‍ය නොවන සංවිධාන යටපත් කිරීම දිගටම කරගෙන යයි. දෙමළ ජනගහනයෙන් බහුතරයක් වෙසෙන රටේ ඊසානදිග කලාපය දැඩි ලෙස මිලිටරිකරණය වී ඇති අතර පදිංචිකරුවන්ට පලා යාමට හෝ ඉඩම් අත්හැරීමට බල කෙරේ. පසුගිය ගිම්හානයේදී, ශ්‍රී ලංකාව ආහාර හා ඉන්ධන හිඟයකට එරෙහිව සටන් කරන අතර උද්ධමනය සියයට 55 දක්වා ඉහළ ගියේය. බිහිසුණු ආර්ථික අර්බුදයක් මධ්‍යයේ ආණ්ඩුවට එරෙහිව පෙළපාලි ගිය සාමකාමී විරෝධතාකරුවන් සිය ගණනක් එරට හමුදාව විසින් මර්දනය කරන ලද බවද වොෂින්ටන් පොස්ට් වාර්තාව වාර්තා දෙයි.
ශ්‍රී ලංකාවේ පවතින දණ්ඩ මුක්තියේ රටාව පැන නගින්නේ හවුල් සහ දූෂිත පාලනයෙන් පමණක් නොවේ. නීති විශාරදයින් තර්ක කර ඇති පරිදි, පුරවැසියන් බොහෝ විට  අත්තනෝමතික පාලනයකට මඟ පෙන්වන ව්‍යවස්ථාවෙහිම එහි මූලයන් තිබේ.
2015 දී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස්වරයා සත්‍ය හා ප්‍රතිසන්ධාන කොමිසමක් පිහිටුවීමට ශ්‍රී ලංකා රජය කළ යෝජනාව ප්‍රතික්ෂේප කලේය. රටේ අපරාධ යුක්ති විනිශ්චය පද්ධතිය එම කාලය තුළ සිදු කරන ලද ම්ලේච්ඡත්වයේ  ස්වභාවය සහ පරිමාණය හැසිරවීමට අප්‍රමාණවත් බවට  නිගමනය කළේය.. ඒ වෙනුවට ශ්‍රී ලංකා සහ ජාත්‍යන්තර විමර්ශකයන්ගෙන් සැදුම්ලත් විශේෂ දෙමුහුන් අධිකරණයක් නිර්මාණය කරන ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය නිර්දේශ කළේය. කොළඹ කිසි දිනක එ සදහා කටයුතු කළේ නැත.
කොළඹ ආණ්ඩුව කිසිදු යුද අපරාධකරුවකු වගවීමට හසු කිරීමට කටයුතු කර නැත. එවැනි තත්වයක් යටතේ ශ්‍රී ලංකාවේ සිදු වූ එවැනි අපරාධ අන්තර් ජාතික වශයෙන් විභාග කළ යුතුව ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාර්ස්වරයා ප්‍රකාශ කර තිබෙන බවච ලිපිය අවධාරණය කරයිත
“කැනඩාව සහ නෙදර්ලන්තය මෑතකදී සිරියාව ICJ වෙත ගෙන ගියේය. අවසානයේදී ශ්‍රී ලංකාවටද එයම සිදුවනු දැකීමට අපි බලාපොරොත්තු වෙමු” යැයි එම ලිපියේ නිර්මාතෘවරු ප්‍රකාශ කරති.

Archive

Latest news

Related news