Tuesday, May 7, 2024

දැනටමත් ආඥාදායක ආණ්ඩුව වඩාත් ආඥාදායක වීම සහ යෝජිත කම්කරු ප්‍රතිසංස්කරණ

ඡායාරූපය: වසර 121කට පෙර මෙරට ඇති වූ ප්‍රථම වැඩකරන ජනයාගේ වැඩ වර්ජනයේ සිට දිනා ගත් අයිතීන් පගා දැමීම රනිල් රාජපක්ෂ ආණ්ඩුවේ යෝජනාව මගින් සිදුවේ.
ලංකාව දැඩි ආර්ථික අර්බුදයක සිරව සිටියි. මිනිස් දුක්ඛ දෝමනස්ස වල අලුත් ගැඹුරක් අපි අත්දකිමින් සිටින්නෙමු. අඩමාන වේතන, රැකියා අස්ථිර භාවය සහ ආර්ථික අවපාතයක විනාශකාරී බව නිසා වැඩියෙන්ම බලපෑමට ලක්ව ඇත්තේ වැඩ කරන ජනතාවයි.
මෙවැනි අනතුරුදායක තත්වයක සිටින්නා වූ වැඩ කරන ජනතාවගේ තත්වය තවත් අවිනිශ්චිත කරමින් කම්කරු ප්‍රතිසංස්කරණ හඳුන්වා දීමට ආණ්ඩුව යෝජනා කොට තිබේ. 2022 නොවැම්බර් මාසයේදී, 2023 වර්ෂය සඳහා වූ සිය අයවැය වාර්තාව ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා කියා සිටියේ “අපනයන මුල් කොටගත් ආර්ථිකයක් සඳහා වූ” ප්‍රතිසංස්කරණ හඳුන්වා දෙනු ඇති බවයි.
ඉනික්බිතිව කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ශාන් යහම්පත් පැවසූයේ “දැනට පවතින සේවකයාට වඩා මිත්‍රශීලී කම්කරු නීති පද්ධතිය වෙනුවට, සේව්‍යයා හා සේවකයා අතර තුලනයක් ඇති කරන ආකාරයේ කම්කරු නීති පද්ධතියක් හඳුන්වා දීමට අදහස් කරන” බවයි.

අවිධිමත් ශ්‍රමයේ වැදගත්කම හා විධිමත් ශ්‍රමය අවිධිමත් ශ්‍රමය බවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය ද ඔහු විසින් අවධාරණය කරන ලදී. යෝජිත ප්‍රතිසංස්කරණ වල මූලිකම අනතුර ඇත්තේ මෙතැනය.

එජාප මැයි රැළියේ මනූෂ  කී දේ

එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැළියේදී, යෝජිත ප්‍රතිසංස්කරණ වල මූලධර්ම ඇතුළත් කරුණු 11 කින් යුතු න්‍යාය පත්‍රයක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් ඉදිරිපත් කළ අතර, ඒවා ඔස්සේ සේව්‍ය-සේවක සම්බන්ධයේ බල තුලනය සේව්‍යයාට වාසිදායක ලෙස නමන බව පෙනෙන්නට තිබේ. මෙම ප්‍රතිසංස්කරණ සම්බන්ධව පවතින්නා වූ වඩාත්ම පැහැදිලි විස්තර කිරීම මෙය වන අතර, එහිද හිස්තැන් බොහෝය. එසේම විධිමත් ක්ෂේත්‍රයේ ශ්‍රමිකයන්ගේ සාමූහික ශක්තිය අඩු කිරීම සූක්ෂමව අරමුණු කිරීමක්ද එහි දක්නට ඇත. මෙමඟින් ලබාදෙන පණිවිඩය අමාත්‍යවරයාගේ ආරම්භක වාක්‍යයෙහි පැහැදිලිව දක්නට ඇත: “අපට තවමත් ඇත්තේ ආයෝජකයන් අධෛර්යමත් කරන ආකාරයේ යල් පැනගිය කම්කරු නීතීන්ය.”
ජූනි 14 පැවති උපදේශන ලබාගැනීමේ රැස්වීමකදී අමාත්‍යවරයා නැවත වාරයක් මෙම කරුණ මතු කළේ පවතින කම්කරු නීතියෙහි සංශෝධනය විය යුතු තැන් 20 ක් වත් ඇතිබව පවසමිනි.
ඒ අතර වතුකරය පිළිබඳ නීති මෙන්ම සේවක වැටුප් හා අර්ථ සාධක අරමුදල් පිළිබඳ නීතිද ඇතුළත් වන බව ඔහු පැවසූ අතර, අවිධිමත් ශ්‍රමයේ වැදගත්කම හා විධිමත් ශ්‍රමය අවිධිමත් ශ්‍රමය බවට පරිවර්තනය කිරීමේ අවශ්‍යතාවය ද ඔහු විසින් අවධාරණය කරන ලදී. යෝජිත ප්‍රතිසංස්කරණ වල මූලිකම අනතුර ඇත්තේ මෙතැනය.

කොවිඩ් වසංගත සමයෙහි බලෙන් ලබාගත් කැමැත්ත මත පදනම්ව ඉතා දරුණු තත්වයන් යටතේ වැඩ කිරීමටද ඔවුන්ට සිදුවිය. යෝජිත ප්‍රතිසංස්කරණ මඟින් කරනුයේ මෙම තත්වය නිත්‍ය එකක් බවට පත් කිරීමයි. අනතුර දොරකඩය.

මෙම යෝජනා සමාජ ආරක්ෂණ පිළිබඳ භාෂාවෙන් රාමු කොට, අවිධිමත් අංශයේ සේවක අයිතීන් වල ප්‍රගමනය උදෙසා ඉදිරිපත් කරන බව පෙන්වීමේ උත්සහයක් තිබේ. රැකියා ස්ථානය තුළ කාන්තාවන්ගේ සුරක්ෂිත භාවය සහ ශ්‍රම බලකායට ආබාධිත පුද්ගලයින්ගේ දායකත්වය ලබා ගැනීම වැනි ප්‍රතිපාදන, ආර්ථික අඩමාන බව සහ රැකියා අස්ථිරත්වයෙහි ගිලී ගිය පසුබිමක් තුළ එතරම් අර්ථාන්විත නොවේ.
එමෙන්ම සේවක ආරක්ෂණ අඩු කිරීමට යෝජනා කරන අතරේ ශ්‍රම බලකායේ කාන්තා දායකත්වය වැඩි කිරීමේ සංවාදය තුළ ඇත්තේ කාන්තා ශ්‍රමය ගරා ගැනීමේ තැතකි.
ලංකාවේ පවතින කම්කරු පද්ධතිය මහා අරුම එකක් නොවුනත්, සිය අයිතීන් අමු අමුවේ උල්ලංඝනය වීමෙන් සේවකයාට යම් තරමක ආරක්ෂණයක් ඓතිහාසිකව ලබාදුන් එකකි. එහෙත් ශ්‍රම බලකාය ඛණ්ඩනය කිරීම, බාහිරින් සේවා ලබාගැනීම, විධිමත් ශ්‍රමය අවිධිමත් බවට පරිවර්තනය කිරීම වැනි බලරහිත කිරීමේ ක්‍රියාමාර්ග මඟින් මෙම නීති මඟහැර යෑමට කාර්මික කළමණාකාරීත්වයට හැකි වී ඇත. අපේ විධිමත් ක්ෂේත්‍රයේ බහුතරය කාන්තාවන්ය. කළමණාකාරීත්වයේ පෙරළි වලින් කොහොමටත් බලපෑමට ලක්වන ඔවුන් ආර්ථික අර්බුද වල පළමු බිල්ලයි.
කොවිඩ් වසංගතය සමයේදී වෙනස් වන ආර්ථික තත්වයන් වලට දේශීය හා ජාත්‍යන්තර ශ්‍රමිකයන් කොතරම් ගොදුරු වූවාද යන්න අපි දුටුවෙමු. කම්කරු නීතීන් අවඥාවෙන් බැහැර කරනු ලැබූ අතර, ශ්‍රමිකයන්වද කිසිදු පිළිසරණක් නොමැතිව සමාජයෙන් බහිෂ්කරණය කරන ලදී. අනෙක් අතට බලෙන් ලබාගත් කැමැත්ත මත පදනම්ව ඉතා දරුණු තත්වයන් යටතේ වැඩ කිරීමටද ඔවුන්ට සිදුවිය. යෝජිත ප්‍රතිසංස්කරණ මඟින් කරනුයේ මෙම තත්වය නිත්‍ය එකක් බවට පත් කිරීමයි. අනතුර දොරකඩය.

ප්‍රතිසංස්කරණ ඇරඹුණු පසු ශ්‍රමිකයන් නියෝජනය කරන හවුල් වල ශක්තිය හීන කොට ශ්‍රමිකයන් සම්පූර්ණ බලරහිත තත්වයට පත්කිරීමට රජය අරමුණු කරන ආකාරය පිළිබඳ පැහැදිලි ඇඟවුමකි මෙය.

සේව්‍යයා සහ සේවකයා අතර ගිවිසුම්ගත බැඳීම අඩපණ කිරීම තුළින් අවිධිමත්කරණය, සේවා අස්ථිර භාවය, සහ සේවකයා වැඩියෙන් සූරාකෑමට ලක්වීම යන ප්‍රතිවිපාක ඇතිවේ. බඳවා ගැනීම් හා සේවයෙන් පහකිරීම් වලට අදාළ නීති පැහැදිලි සහ සේවකයා සේවා අස්ථිරත්වයෙන් ආරක්ෂා කරන ආකාරයේ ඒවා විය යුතුය.
වර්තමානයේ පවතින සේවයෙන් පහකිරීමට අදාළ නීති සේවකයා ආරක්ෂා කරන ආකාරයේ ඒවා නොවේ. ඒවා තවදුරටත් ලිහිල් කළහොත් සේවක සුබසිද්ධියට දරුණු අනතුරක් එල්ල වනු ඇත. සේවා මුරය නම්‍යශීලී කිරීම පිළිබඳවද යම් කතිකාවක් තිබේ. මෙමඟින්ද හානිය වන්නේ සේවකයාටය. මන්ද ආර්ථික පීඩනය නිසා බලහත්කාරී සහ සූරාකෑමට ලක්වන ආකාරයේ විකල්ප වලට යොමු වීමට අවිධිමත්කරණය ඔස්සේ තවදුරටත් දොර විවර වන නිසාය. එමෙන්ම ඉතා දීර්ඝ වැඩ මුර වලට එරෙහිව ඇති ආරක්ෂණද ලිහිල් වනු ඇත. සේවකයාට හිමි ලෙඩ නිවාඩු, මාතෘ නිවාඩු සහ විවේකයට ඇති අයිතිය සම්බන්ධ ප්‍රතිපාදන ඛාදනයට ලක්වනු ඇත. ඇඟලුම් කම්හල් වල නිල වශයෙන් මසකට දින 10 කට වඩා රාත්‍රී සේවා මුරය කිරීමට අවසරය කාන්තාවන්ට නැති මුත්, භාවිතයේදී ඔවුන් ඇත්තෙන්ම අවම ආරක්ෂණ මධ්‍යයේ දීර්ඝ රාත්‍රී සේවා මුර කරන බව අප දන්නා කරුණකි.
යෝජිත ප්‍රතිසංස්කරණ වලින් උත්සහ කරන්නේ කම්කරු නීති ක්‍රමයෙන් දුර්වල කොට පවතින අරක්ෂණ ද අඩු කිරීම මඟින් කම්කරුවා තවත් බලරහිත තත්වයට පත් කිරීමයි. රාජ්‍යයේ, සේව්‍යයන්ගේ සහ වෘත්තීය සමිති වල සහභාගීත්වයෙන් සැදි ජාතික කම්කරු උපදේශන සභාවෙහි රැස්වීමක් පසුගිය මාසයේ කැඳවූ විට, කිසිදු දේශපාලන පක්ෂයකට අනුබද්ධ නොවූ පෞද්ගලික අංශයේ වෘත්තීය සමිති 4 කට ඊට ආරාධනා කොට නොතිබීම සැළකිය යුතුය. ප්‍රතිසංස්කරණ ඇරඹුණු පසු ශ්‍රමිකයන් නියෝජනය කරන හවුල් වල ශක්තිය හීන කොට ශ්‍රමිකයන් සම්පූර්ණ බලරහිත තත්වයට පත්කිරීමට රජය අරමුණු කරන ආකාරය පිළිබඳ පැහැදිලි ඇඟවුමකි මෙය.
වතුකරයේ ආර්ථිකය විශාල විපරිවර්තනයකට බඳුන් වෙමින් පවතී. ඒ තුළ වතුකර කම්කරුවා මුහුණ දෙමින් සිටින්නේ සිය ප්‍රජාව ඛණ්ඩනයට බඳුන් වන්නා වූ, රැකියා අස්ථිර සහ භූමිය හිඟ අනාගතයකටය. සාධාරණ වැටුපක් සහ අවම වශයෙන් හෝ පිළිගත හැකි අන්දමේ පුරවැසිභාවය – එනම් ශිෂ්ට සම්පන්න ජීවන තත්වයක්, රැකියාව තුළ ආරක්ෂාකාරී බව, ඉඩම් අයිතිය, පිළිගත හැකි මට්ටමේ නිවාස සහ පාසල් වලට ප්‍රවිෂ්ඨය – ඔවුන්ගේ අරගලයයි. නානායක්කාරගේ ප්‍රතිසංස්කරණ න්‍යාය පත්‍රයේ දැක්වෙන්නේ “නවීන ශ්‍රම ලෝකයට සුදුසු වතු කම්කරුවකු” නිර්මාණය කිරීමට රජය යෝජනා කරන බවය. වතු කම්කරුවා දැනට මුහුණ පාන දරුණු අසාධාරණකම් එතුළ නොතකා හැර තිබේ.
කම්කරු නීති දුර්වල කිරීම මඟින් රජය බලාපොරොත්තු වන්නේ ආයෝජන ආකර්ෂණය කරගැනීමත්, ඒ හරහා ආර්ථිකය සවිබල ගැන්වීමත්ය. එය අනාගත ආයෝජකයින් වෙනුවෙන් කෙරෙන සංදර්ශනයකි. නමුත් වත්මන් ආර්ථික යථාර්ථය පිළිබඳ රජයට කිසිදු හැඟීමක් නොමැති බව පැහැදිලිය.
ගෝලීයව ආර්ථික අවපාතයක් ඇති වෙමින් තිබේ. 2022 අවසාන කාර්තුවේ 12.4% කිනුත්, 2023 පළමු කාර්තුවේ 11.5% කිනුත් අපේ ආර්ථිකය හැකිලී ඇත. මෙම අර්බුදයට හේතුව කම්කරු නීති නොවන නිසා, කම්කරු නීති වෙනස් කිරීම මඟින් අර්බුදය විසඳිය නොහේ. වියදම් කපා හැරීම්, රැකියා ජනන ප්‍රතිපත්ති වල දුර්වලතා සහ වැඩ කරන ජනතාවගේ සමාජ ආරක්ෂණ මඳ වීම නිසා ආර්ථිකය දිගින් දිගටම කඩා වැටෙමින් පවතී. අවසානයේ අපට ඉතිරි වන්නේ නැවත හැරවිය නොහැකි ලෙස කම්කරු අයිතීන් ඛාදනය වීමේ යථාර්ථය පමණි.
කම්කරු සබඳතා වැනි ඇති මූලික ආකාරයේ ගැටළුවක් පිළිබඳ ස්ථාවරයක් ගැනීමට ශාස්ත්‍රාලිකයන් වශයෙන් අපට වගකීමක් තිබේ. එය අප සියල්ලන්ටම බලපෑම් එල්ල කරයි. මේ මොහොතේ අවශ්‍ය වන්නේ ශ්‍රමිකයන්ට සහ ජනතාවට හිතකර, සැමට ආරක්ෂණය සපයන, නිෂ්පාදන ක්‍රියාවලියෙහි ස්ථායිතාවය සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන ආකාරයේ කම්කරු ප්‍රතිපත්තියකි. නැතිනම් අනාගතය පීඩිත හා අස්ථායී එකක් වනු ඇත.
මතුවන සමාජ අසහනය හමුවේ දැනටමත් ආඥාදායක ආණ්ඩුව වඩාත් ආඥාදායක වීම පමණි විය හැක්කේ. සැමට වඩා හොඳ අනාගතයක් සඳහා අප ප්‍රජාතන්ත්‍රවාදී බලවේග හා එකතු විය යුතුය.
අත්සන් කළේ
(මෙම නම් පෙළ පමණක් සිංහල බසට පෙරළන ලද්දේ ගූගල් පරිවර්ථකයේ අධාරයෙන් බැවින් යම් යම් දොස් තිබිය හැකිය)
1. ඒ.එම්. නවරත්න බණ්ඩාර, කලින් විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
2. අහිලන් කදිරගාමර්, විශ්වවිද්‍යාලය. යාපනය
3. ඒ.එම්.ජේ.එච්. අමන්දාකෝන්, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
4. අමල්කා විජේසූරිය, විශ්වවිද්‍යාලය. රුහුණ
5. අනුරුද්ධ කරුණාරත්න, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
6. අනුෂ්ක කහඳගම, කලින් විශ්වවිද්‍යාලය. කොළඹ
7. අර්ජුන අලුවිහාරේ, කලින් විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
8. අර්ජුන පරාක්‍රම, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
9. අරුණි සමරකෝන්, විශ්වවිද්‍යාලය. රුහුණ
10. අතුලසිරි සමරකෝන්, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
11. අවන්කා ප්‍රනාන්දු, විශ්ව විද්‍යාලය. කොළඹ
12. බී.පී.බී.ඩබ්ලිව්. රත්නායක, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
13. බරණ ජයවර්ධන, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
14. Bahirathy J.R, Univ. යාපනයේ
15. බුද්ධිම පද්මසිරි, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
16. කැමනා ගුණරත්න, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
17. චිරත් ජීවන්ත, විශ්ව විද්‍යාලය. රුහුණේ
18. චූලනි කොඩිකාර කලින් විශ්වවිද්‍යාලය. කොළඹ
19. Crystal Baines, Univ. පේරාදෙණිය
20. දයාපාල තිරාණග්ම, කලින් විශ්වවිද්‍යාලය. කැලණිය
21. ධම්මික ගමගේ, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
22. ධම්මික හේරත්, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
23. ධම්මික ජයවර්ධන විශ්වවිද්‍යාලය. ශ්‍රී ජයවර්ධනපුරය
24. ධනුක බණ්ඩාර කලින් විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
25. දිලිනි හේමචන්ද්‍ර, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
26. දිනේෂා සමරරත්න විශ්වවිද්‍යාලය. කොළඹ
27. එරන්දික ද සිල්වා, විශ්වවිද්‍යාලය. යාපනය
28. ෆර්සානා හනිෆා, විශ්ව විද්‍යාලය. කොළඹ
29. ෆසීහා අස්මි, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
30. ගංගානී චම්දිමා සමරවීර, විශ්වවිද්‍යාලය. රුහුණ
31. එච්.එච්.එම්.ටී.වී.කේ. ජයසූරිය, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
32. හර්ෂණ රඹුක්වැල්ල, කලින් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
33. හසිනි ලේකම්වසම්, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
34. හසිත පතිරණ විශ්වවිද්‍යාලය. කැලණිය
35. හෙට්ටිගමගේ ශ්‍රියානන්ද, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය (මහාචාර්ය සම්මානය)
36. හිනිදුම සුනිල් සෙනෙවි, විශ්වවිද්‍යාලය. සබරගමුවේ
37. ඉමානි බක්මීදෙණිය, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
38. ජයදේව උයන්ගොඩ, විශ්වවිද්‍යාලය. කොළඹ (මහාචාර්ය සම්මානිත)
39. ජනිත් වික්‍රමසිංහ, විශ්වවිද්‍යාලය. කොළඹ
40. Jennifer Edama, Univ. පේරාදෙණිය
41. ජිත්මි අතුකෝරළ, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
42. K.M.Vihangi Semini, Univ. පේරාදෙණිය
43. කමනි සිල්වා, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
44. කංචුක ධර්මසිරි, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
45. කසුන් ගජසිංහ, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
46. කෞෂල්‍යා පෙරේරා, විශ්වවිද්‍යාලය. කොළඹ
47. කේතකී නාගහවත්ත විශ්වවිද්‍යාලය. කොළඹ
48. ක්‍රිෂාන් සිරිවදන, විශ්ව විද්‍යාලය. කොළඹ
49. ක්‍රිෂාන්ත ෆෙඩ්රික්ස්, යුනි. කොළඹ
50. ක්‍රිෂ්මි අප්සරා, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
51. කුමුදු කුසුම් කුමාර, කලින් විශ්වවිද්‍යාලය. කොළඹ
52. L.A.M.ජයසිංහ,Univ. පේරාදෙණිය
53. ලියනගේ අමරකීර්ති, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
54. මධාරා කරුණාරත්න, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
55. මධුරංග කළුගම්පිටිය, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
56. මහේන්ද්‍රන් තිරුවරන්ගන්, විශ්ව විද්‍යාලය. යාපනය
57. මලිකා පෙරේරා, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
58. එම්.ඒ.නුහ්මාන්. ඉස්සර Univ. පේරාදෙණිය
59. මුදිත ධර්මසිරි: විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
60. නදීෂ් ද සිල්වා, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
61. නාලිකා රණතුංග, විශ්වවිද්‍යාලය. රුහුණ
62. Neavis Morais, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
63. නිකොලා පෙරේරා, විශ්වවිද්‍යාලය. කොළඹ
64. නිලන්ත ලියනගේ, විශ්වවිද්‍යාලය. රුහුණ
65. නිර්මාල් රංජිත් දේවසිරි, විශ්වවිද්‍යාලය. කොළඹ
66. එන්.සිවකරන්, විශ්ව විද්‍යාලය. යාපනය
67. එන් ඩබ්ලිව් ප්‍රින්ස්, විශ්ව විද්‍යාලය. රුහුණ
68. පබා සුරවීර, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
69. පවිත්‍රා ජයවර්ධන, විශ්ව විද්‍යාලය. කොළඹ
70. පී.එම්. ජයවීර විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
71. ප්‍රභා මනුරත්න, විශ්ව විද්‍යාලය. කැලණිය
72. ප්‍රභාත් ජයසිංහ, කොළඹ විශ්වවිද්‍යාලය
73. ප්‍රදීපා කෝරළේ ගෙදර, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
74. ප්‍රදීප් පීරිස්, විශ්ව විද්‍යාලය. කොළඹ
75. ප්‍රියන්ත ෆොන්සේකා විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
76. ආර්.ටී.ගමලත්, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
77. රමේෂ් රාමසාමි, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
78. රමිලා උසූෆ්, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
79. රමිඳු පෙරේරා, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
80. රම්‍යා කුමාර්, විශ්ව විද්‍යාලය. යාපනය
81. රංජිනී ඔබේසේකර; කලින්, Univ. පේරාදෙණිය
82. රංජිත් විජේකෝන්, කලින් විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
83. රූපිකා රාජකරුණා, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
84. රූත් සුරේන්ද්‍රරාජ්, විශ්ව විද්‍යාලය. කොළඹ
85. සබ්රීනා නයිල්ස්, විශ්ව විද්‍යාලය. කැලණියේ
86. සචිත්‍ර එදිරිසිංහ, කලින් විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
87. සහන් වන්නිආරච්චි, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
88. සහනි සිටුබණ්ඩාර, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
89. සමන් පුෂ්පකුමාර, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
90. සසංක පෙරේරා, කලින් විශ්වවිද්‍යාලය. කොළඹ
91. සසිනිඳු පටබැඳිගේ, විශ්වවිද්‍යාලය. යාපනයේ
92. සාවිත්‍රි ගුණසේකර, විශ්ව විද්‍යාලය. කොළඹ (මහාචාර්ය සම්මානිත)
93. සෙල්වරාජ් විශ්විකා, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
94. ශලිනි විජේරත්න, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
95. ශාමල කුමාර්, විශ්ව විද්‍යාලය. පේරාදෙණියේ
96. Sitralega Maunaguru කලින් නැගෙනහිර විශ්වවිද්‍යාලය. ශ්රී ලංකාව
97. සිවමෝහන් සුමති, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
98. සුදේශ් මන්තිලක, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
99. සුමිත් චාමින්ද, විශ්වවිද්‍යාලය. කොළඹ
100. සුපූර්ණ කුලතුංග, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
101. සුරංජිත් ගුණසේකර, විශ්වවිද්‍යාලය. රුහුණ
102. සුසන්ත රස්නායක, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
103. සුසිත් සිරිවර්ධන, රජරට විශ්වවිද්‍යාලය. ශ්‍රී ලංකාව
104. ශ් යාමනී හෙට්ටිආරච්චි, විශ්වවිද්‍යාලය. කැලණිය
105. තිරු කන්දියා, කලින් විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
106. තුෂාර කමල්රත්න, පේරාදෙණිය විශ්වවිද්‍යාලය
107. උදාර රාජපක්ෂ, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
108. උදාරි අබේසිංහ, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
109. උන්නති සමරවීර, විශ්වවිද්‍යාලය. කොළඹ
110. උපුල් අබේරත්න, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය
111. වරංගන රත්වත්ත, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය
112. විජය කුමාර්, විශ්ව විද්‍යාලය. පේරාදෙණිය (මහාචාර්ය සම්මානිත)
113. විසාකේස චන්ද්‍රසේකරම්, විශ්ව විද්‍යාලය. කොළඹ
114. Vivimarie Vanderpoorten Medawattegedera, ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය
115. ඩබ්ලිව්.එම්. රොහාන් ලක්සිරි, විශ්වවිද්‍යාලය. රුහුණ
116. යසස් කුලසේකර, විශ්වවිද්‍යාලය. පේරාදෙණිය

Archive

Latest news

Related news