Wednesday, February 21, 2024

නීතිය මත පාලනය හා ප්‍රතිත්‍රස්ථවාදී පනත් කෙටුම්පත – බැසිල් ප්‍රනාන්දු

ඡායාරූපය: මර්දන නීති සාමය ඇති  නොකරයි. ( පෙබ 20 මැතිවරණය කල් දැමීමට විරුද්ධව සමගි ජන බලවේගයේ විරෝධතාවය මැඩළිමට කැඳවූ හමුදා බලකායක්)
නීතිය මත පාලනය පිළිබදව වර්ථමාන කාලය තුල ලිය වී ඇති පොත් අතර ඉතාමත් ප්‍රසිද්ධියට පත් පොතක් වූයේ ටොම් බින්ග්හම් (Tom Bingham) සාමිවරයා විසින් ලියන ලද නීතිය මත පාලනය (The Rule of Law) යන පොතය. එම පොත නීතිය මත පාලනය යන නමින් සිංහලට පරිවර්ථනය කොට ඇත.
එම පොතෙහි නීතිය මත පාලනය යන්න පිළිබදව ඇති නිර්වචනයය මෙසේය:
’දැනට පවත්නා මූලධර්මයේ ඤනීතිය මත පාලනය ගැන% හරය බවට මා යෝජනා කරන්නේ, රාජ්‍යයක් තුලින් ක්‍රියාකරන සියලු තැනැත්තන්, ඔවුන් පොදු හෝ පුද්ගලික තැනැත්තන් වූවත්, ප්‍රසිද්ධියේ සාධන ලද, අනාගතයේ බල පවත්වන :සාමාන්‍ය වශයෙන්* සහ උසාවිවලින් ප්‍රසිද්ධියේ පරිපාලනය කරනු ලබන නීතිවලින් බැදී සිටිය යුතු බව සහ ඒවායේ ප්‍රතිලාභවලට හිමිකම් කිව යුතු බවයි.’’
මෙම නිර්වචනයය වටා නීතිය මත පාලනය යන සංකල්පය මෙන්ම ඒ වටා ලංකාවේ පැන නැගී ඇති ගැටලු ගණනාවක් සාකච්ඡා කල හැකිය.

අභිමතය නීතියට යටත් විය යුතුය

නීතිය මත පාලනය යන්නෙහි පළමුවෙනි අංගය නම් රටක සෑම ප්‍රසිද්ධ කටයුත්තක්ම නීතියක් මත පදනම් විය යුතු බවය. ටොම් බින්ග්හම් :ඔදප ඊසබටය්ප* ස්වාමිවරයා නීතිය හා අභිමතය පිළිබදව මෙසේ ප්‍රකාශ කරයි. නෛතික අයිතින් හා වගකීම් පිළිබද ප්‍රශ්ණ සාමාන්‍යයෙන් විසදිය යුත්තේ නීතිය මතය. අභිමතය මත නොවේ.
එතුමා තව දුරටත් ප්‍රකාශ කරන්නේ, නිළධාරීන් හෝ අධිකරණයේ තීන්දු ගන්නන් සියලු අභිමතයන්ගෙන් තොර කල යුතු යැයි නීතිය මත පාලනය විසින් ඉල්ලා සිටින්නේ නැත. ඒ වෙනුවට එයින් ඉල්ලා සිටින්නේ අත්තනෝමතික විය හැකි ලෙසට කිසිදු අභිමතයක් සිමාවන්ගෙන් තොර නොවිය යුතු බවයි. කිසිදු අභිමතයක් නෛතිකව නිර්බාධිත නොවිය යුතු බවයි.

යෝජිත පනත අතුරුදහන් කිරීම් වලට මගපාදයි

යෝජිත ප්‍රතිත්‍රස්ථවාදී පනත තුල ඇති ප්‍රතිපාදනයන් ඉතා බරපතල මානව හිමිකම් කැඩීම් වලට මාවත විවෘත කර ඇත. රදවා ගැනීම් පිළිබද නියෝග ඉහල පොලිස් නිළධාරීන් විසින් කල හැකිය යනුවෙන් සලසා ඇති ප්‍රතිපාදනය නිසා අත්තඩංගුවට ගැනීම් හා රදවාගැනීම් වල නීත්‍යානුකූල භාවය තීන්දු කිරීමට අධිකරණයට ඇති බලය අහිමි වේ. මහේස්ත්‍රාත් වරයෙකු විසින් අත්තඩංගුවට ගැනීම් පිළිබදව සලකා බලන්නේ එම අත්තඩංගුවට ගැනීම් හෝ රදවා ගැනිම් නීත්‍යානුකූලද නැද්ද යන පදනම මතය. එය කිරීම පවරා ඇත්තේ අධිකරණ නිළධාරියෙකුටය. තරාතිරම කුමක් වූවත් පොලිස් නිළධාරියෙකු යනු විධායකය වෙනුවෙන් වැඩ කරන නිළධාරියෙකි. එවනි නිළධාරියෙකුට අධිකරණ නිළධාරියෙකු සතු බලතල පැවරීම තුලින් විධායක නිළධාරීන්ට ඔවුන්ට අයිති නැති බලයක් පැවරේ. ජන ව්‍යවහාරයේ එන විදියට බල්ලාගේ වැඩේ බූරුවා කිරීමට උත්සාහ කිරීම වැනි තත්වයක් මෙහිදී නිර්මානය වේ.
මේ  අනුව ජනතාවගේ ආරක්ෂාව පිළිබදව පවතින ගැඹුරුම මූලධර්ම උඩු යටිකුරු වේ. විනිශ්චයකාර වරයෙකුට අත්තඩංගුවට ගැනීම් හා රදවා ගැනීම් පිළිබදව නීත්‍යානුකූලභාවය සලස්වා ඇත්තේ හොරාගේ අම්මාගෙන් පේන ඇසීම වැනි අර්ථ විරහිත හා ව්‍යාජ තත්වයන් ඇතිකිරීම සදහාය. පොලිස් නිළධාරීන්ටම පොලීසිය විසින් කරනු ලබන අත්තඩංගුවට ගැනීම් හරිද වැරදිද කියා තීන්දු කිරීමට ඉඩදීම බරපතල වැරදි වසන් කිරීමට මාවත විවෘත කරනු ඇත.
විශේෂයෙන්ම දේශපාලන හේතූන් මත යමෙක් අත්තඩංගුවට ගන්නේ නම්, එසේ කල හැක්කේ ඉහල පොලිස් නිළධාරීන්ගේ අනුදැනුම ඇතිව පමනි. එම නිසා එවනි අත්තඩංගුවට ගැනීම් පිලිබද තීන්දු වල හරි වැරදි තීන්දු කල හැක්කේ අධිකරණ නිළධාරීන්ට පමණය. තවදුරටත් යෝජිත පණත් කෙටුම්පත යටතේ නියෝජ්‍ය පොලිස්පති වරුන් යටතේ අත්තඩංගුට ගත් අය රදවා ගැනීමේ  කදවුරු පවත්වාගෙන යාමටද ඉඩදී ඇත. මේ  අනුව එම රදවා ගැනීම් ස්ථානයන් අධිකරණයේ මෙන්ම බන්ධනාගාර කොමසාරිස්ගේද අධීක්ෂණයෙන් බැහැර වේ. කොටින්ම කිවහොත් 1987-1991 කාලයේදී පැවතුනා වැනි කදවුරු එනම් බටලන්ද වැනි කදවුරු ඇතිවීමට මාවත මෙයින් සැලසී ඇත. එවනි කදවුරු පැවති කාලයේ රහසිගතව අත්තඩංගුවට ගැනීම් කිරීමටත්, රහසිගතව ඔවුන් රදවා ගැනීමටත් රදවාගෙන සිටින කාලය තුල එම රුදවියන් ඔිනෑම වර්ගයක වධහිංසාවට හෝ වෙනත් වැරදි සහගත සැලකිල්ලට භාජනය කිරීමටත් හැකිවිය.
ඉන් පසු එම රැදවියන් අතරින් බොහෝ දෙනෙකු මරාදැමීමද වළලා දැමීමද රහසිගතව කර ගැනීමටද හැකිවිය. යෝජිත ප්‍රතිත්‍රස්ථවාදී පණතේ මෙසේ ඉහල පොලිස් නිළධාරීන් වෙත පවරා ඇති බලතල නැවත පැවරීම රාජ්‍ය ත්‍රස්ථවාදය ලෙස හිස එසවීමට හා ඝාතන සංස්කෘතියක් ඇති කිරීම මගින් රටතුල භීතියේ මානසිකත්වයක් නැවත නිර්මාණය කිරීමටත් තුඩු දෙනු ඇත. ඇත්තෙන්ම ප්‍රතිත්‍රස්ථවාදී පණතේ අරමුණද මෙවනි තත්වයක් උදාකිරීමට අවශ්‍ය කොන්දේසි සැලසුම් කිරීමක් බව පෙනී යයි.
ඉහත සදහන් වන්නේ ප්‍රතිත්‍රස්ථවාදී පනත් කෙටුම්පත යන නාමයෙන් ඉදිරිපත් කොට ඇති අති භයාපනක වූ නීති සම්පාදනයක් පිළිබද කරුනු කිහිපයක් සදහන් කිරීමකි. මේ  පිළිබදව තවත් කිය යුතු බරපතල විවේචන විශාල වශයෙන් පවතී. දැනට මෙම පණත් කෙටුම් පතට විරුද්දව විශාල මහජන මතයක් ගොඩ නැගී ඇත්තතේද මේ  නිසාය. මෙම පනත පරාජය කල යුතුය යන්න ගැන මහජන අවදිවීමක් පැවතීම සාධාරණය. එම විවේචනය ඉදිරියට ගෙන යාම ලාංකීම ජනතාවගේ අනාගත ආරක්ෂාව සදහා හේතුවනු ඇත.

නීති ප්‍රසිද්ධියේ සම්පාදනය කල යුතුය

මෙම නීති සම්පාදනය ප්‍රසිද්ධියේ කල යුතු බව එහි ප්‍රධාන අංගයකි. මෙහිදී ප්‍රසිද්ධියේ නීති නිර්මාණය කිරීම යන අදහස පිළිබදව ලංකාවේ ඉතාමත් විශාල ව්‍යාකූලත්වයන් පවතින බව පෙනේ. සාමාන්‍යයෙන් වර්ථමාන කාලය තුල ප්‍රසිද්ධියේ නීති සෑදීම යන්නෙන් අදහස් වන්නේ යම් නීති කෙටුම්පතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට පෙර ගැසට් පත්‍රයක් මගින් නිකුත් කිරීමය.
ඉන් පසු එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන පනත් අතරට ඉදිරිපත් කිරීමත් පසුව පාර්ලිමේන්තුව තුලදී ඒ පිළිබදව ඇතිවන සාකච්ඡාව හා එකගතාවයන් ලබා ගැනීමත් එසේ කරන අතරතුරේදී එම පනත පිළිබදව යම් විරුද්ධත්වයක් ඇති පුද්ගලයින් ශ්‍රේෂඨාධිකරණය ඉදිරියට ගොස් එයට විරුද්ධතා දැක්වීමට ලබා දී ඇති කෙටි කාලයත් එම කාලය තුල සලකා බැලීමෙන් පසු එම පනත පිළිබදව අධිකරණයෙන් කරන ප්‍රකාශය හා ඒ අනුව වෙනස්කම් ඇති කල යුතුනම් එසේ කොට අවසාන කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට එය එහිදී සම්මත කර ගැනීම මගිනි.
එසේ ප්‍රසිද්ධියේ කරන සාකච්ඡාවට අඩංගු තව කරුනු දෙකක් නම්, යම් ආකාරයක මතවාදයට තුඩු දෙන හා ව්‍යවස්ථාවට පටහැනි සේ පෙනෙන යම් වගන්ති ඇතොත් ඒවා තුනෙන් දෙකක පාර්ලිමේන්තු ඡන්දයෙන් සම්මත කරගත යුතු හා අවශ්‍ය නම් ජනමත විචාරනයකට යටත් කල යුතු බවය.
මෙය බැලූ බැල්මට ප්‍රසිද්ධියේ නීති නිර්මාණය කිරීමක් සේ පෙනෙන්නට ඇතත් ඇත්තෙන්ම මෙම වත් පිලිවෙත්හි ප්‍රධාන ගැටලු ගණනාවක් ඇත. ප්‍රසිද්ධියේ නීති සෑදීම යන්නෙන් අදහස් වන්නේ මහජනයගේ කැමැත්ත මත නීතියක් සම්මත වන බවය. එසේ සම්මත වන බවට නෛතික මූලධර්මය නම් ජනතාවගේ පරමාධිපත්‍ය යන සංකල්පයය. ලංකාවේ ව්‍යවස්ථාව ගොඩනැගී ඇත්තේ මෙම සංකල්පය මතය.

ජනතා පරමාධිපත්‍ය හා නීති නිෂ්පාදනය

ජනතාවගේ පරමාධිපත්‍ය යන සංකල්පය ප්‍රජාතන්ත්‍රවාදී රටවල් තුල නිර්මාණය වූයේ ශතවර්ෂ ගණනාවක වාද විවාද පමණක් නොව සිවිල් යුද්ධද පසුබිම් කරගෙනය. මෙහිදී ප්‍රධානම ප්‍රශ්ණය හැටියට පැවතියේ අසාධාරණ නීති සම්මත කරගැනීම මගින් විධායකය අයුතු ප්‍රයෝජන ගැනීම වලක්වාලීමය. රාජ්‍ය බලය සතු පුද්ගලයන් මහජන කැමැත්ත වෙනුවට තමන්ගේ කැමැත්ත ඉදිරිපත් කරමින් ඒ මත නීතිය සාදාගැනීමට උත්සාහ දැරීම සාමාන්‍ය දේශපාලන අත්දැකීමකි. මේ  නිසා නීති සෑදීමෙිදී සාධාරණත්වය පැවතිය යුතු බව පිළිබද සංකල්පය වර්ධනය වන්නේ එය හුදෙක්ම විධායකයේ අභිමතය පරිදි කිරීම වැලැක්වීමටත් එම නීති වලින් පොදු යහපත ඉටුවෙනවාද යන්න සලකා බැලීමට ජනතාවටම ඇති අයිතිය තහවුරු කිරීම සදහාත්ය. මෙහිදී යම් ඡන්දයක මාර්ගයෙන් බලයට පත්වන ආණ්ඩුවකට ජනයා විසින් තමන්ගේ පරමාධිපත්‍ය පවා දී ඇතය මේ  නිසා ජනතාව වෙනුවෙන් එම පරමාධිපත්‍ය පාවිච්චි කිරීම පාර්ලිමෙන්තුවේ පමණක් කටයුත්තක්ය යන සාවද්‍ය අදහස පිළිබදව වි වේචනාත්මකව සලකා බැලිය යුතුය.
සාධාරණත්වයට අනුව නීති සෑදීම පිළිබද මූලික අයිතිය පවතින්නේ සෘජුවම ජනතාව තුලය. සාධාරණත්වයක් පවතිනවාද නැද්ද යන කරුණ සලකා බැලීමකින් තොරව යම් නීතියක් සාධාරණයයි සම්මත කිරීමට ජනතාවට බැරිය. යමක් සම්මත කිරීම යනු ඊට කැමැත්ත දීමක් වේ. කැමැත්ත දිය හැක්කේ තමන් සලකා බැලූ දේවල් ගැන පමණය. තමුන්ගේ දැනීමෙන් පරිභාජනය නොවු සහ තමන්ගේ සැලකිල්ලට පරිභාජනය නොවූ දේ පිළිබදව කැමැත්තක් හෝ අකමැත්තක් ප්‍රකාශ කිරීමට හැකියාවක් ඇත්තේ නැත. ඒ නිසා ජනතාවගේ කැමැත්තක් ලබා ගැනීම යනුවෙන් පනතක් සම්මත කර ගන්නේ නම් ඊට අත්‍යාවශ්‍ය කොන්දේසියක් වන්නේ ඉතා පලල් ආකාරයේ එම නීතිය පිළිබදව ඉතා පැහැදිලි සාකච්ඡාවක් ඇති වීමට ඉඩ සැලැස්වීමය.

 රහසේ හෝ වංචනිකව නීති සකස් නොකල යුතුය.

මේ  නිසා මොනයම් ආකාරයකින් හෝ රහසිගත බාවයකින් යුතුව නීති නිර්මාණය කිරීම නීතිය මත පාලනය යන අදහසට මුලුමනින්ම පටහැනිය. රවට්ටා ලබා ගන්නා කැමැත්ත සැබෑ කැමැත්තක් නොවේ. මේ  නිසා නීති සම්පාදනයේදී රුවටිලි නොතිබිය යුතුය. එක් කරුනක් පිළිබද මවාපාමින් ඊට හාත්පසින්ම වෙනස් වන අදහස් ඉටුකර ගැනීම සදහා නීති සම්මත කර ගැනීම වනාහි ජන සම්මතයෙහි යන සංකල්පය මුලුමනින්ම බැහැර කිරීමකි. මේ  මගින් ජන සම්මතය වෙනුවට කිසියම් හෝ පාලක කණ්ඩායමක අවශ්‍යතාවය අනුව නීති නිෂ්පාදනය කිරීමක් සිදු වේ. මෙය සිදුවීමත් සමගම නීතිය මත පාලනය යන සංකල්පයට අනුව නීති සෑදීම පමණක් නොව නීතිය මත පාලනයේදී නොකිරිය යුතු කරුනු වක්‍රාකාරයකින් ඉටු කර ගැනීමක්ද සිදු කල හැකිය. කෙටියෙන් කිවහොත් පළල් ජනතා සහභාගිත්වයකින් තොරව නීති නිෂ්පාදනය කිරීම යනු වංචනික වූ ක්‍රියාවකි. සකල රටකටම බලපාන නීති වංචනීය වශයෙන් නිර්මාණය වූවොත් එයින් සිදුවන විපත අති විශාල එකක් විය හැකිය.
නීති නිෂ්පාදනය පළල් මහජන සහභාගීත්වයකින් කල යුතුය යන අදහස යට ඇත්තේ එවනි නීතියක් සම්මත වූවොත් ඒ මගින් සිදුවිය හැකි හොද මෙන්ම නරක ප්‍රතිඵලද දැන ගැනීමේ  අවස්ථාව ජනතාවට සලසාදීමය. බොහෝ විට ජනතාව අතරින්ම විවිද මත පැන නැගී මෙවනි නීතියක් සම්මත කලහොත් එයින් සිදුවිය හැකි විනාශය පෙන්වා දෙන අවස්ථා ඇතිවිය හැකිය. සමහර නීති දැමීම නිසා ආර්ථිකයක් කඩා වැටිය හැකි බව, අධ්‍යාපන ක්‍රමයක් හෝ සමාජයේ වෙනත් සංස්ථාවක් කඩා වැටිය හැකි බව, විශේෂයෙන්ම යුක්තිය පසදලීමේ  සංස්ථාවන් වන පොලීසිය නීතිපති ක්‍රමය හා අධිකරණයට හානිකර දේ මෙම නීතිය තුලින් සිදු විය හැකි බව ආදිය ජනතාව තුලින් යම් කොටසක් වටහා ගතහොත් ඔවුන්ගේ යුතුකම වන්නේ මෙය සමාජයට කියාදී එම වරද සිදුවීමට පෙර එය වලක්වාලීමය. එසේ නැතිවුවහොත් වැරදියට සාදාගත් නීතියක් සාධාරණත්වය ඉෂ්ඨකරනු වෙනුවට රටේ  තවත් ගැටලු වැඩිකර අසාධාරණය වැඩිකරන තත්වයක් ඇතිවිය හැකිය.

දැඩි මර්ධන නීති වල ප්‍රතිඵල වශයෙන් නෙලා ගත හැකිව ඇත්තේ නීතියෙන් තොර, ආරක්ෂාවෙන් තොර, වංචාවෙන් පිරි, අපරාධවලින් ගහන, ආරථික වශයෙන් කඩා වැටුනු, දේශපාලන වශයෙන් ජරා පත් වුනු සමාජීය වශයෙන් අනාරක්ෂිත රටකි.

පාලනය හා මර්ධනය

මිනිසුන් නීති සම්පාදනය කර ගන්නේ යහපත් මෙන්ම කාර්යක්ෂම පාලන ක්‍රමයක් තම සමාජය තුල නිර්මාණය කර ගැනීම සදහාය. මේ  අනුව නීතිය ක්‍රීයාත්මක කරවා ගැනීම තුලින් බලාපොරොත්තු වන්නේ සමාජය කෙරෙහි සාධනීය වන්නා වූ ප්‍රතිඵල ලබාගැනීමයි. මෙය වෙනත් ආකාරයකින් කියුවොත් සමාජය වඩාත් නරක තත්වයකට හරවා ගැනීම නීති නිෂ්පාදනයේ අරමුණ හෝ බලාපොරොත්තුව නොවේ. නරක තැනක සිට හොද තැනකට ගමන් කිරීම සදහා යම් පියවර ගැනීම නීතියේ අරමුණ වේ.
මේ  අනුව හුදෙක්ම මිනිසුන් මර්ධනය කිරීම සදහා සාදන නීති සාධනීය ප්‍රතිඵල ගෙන දෙන නීති නොවේ. 1970න් පමණ පසු කාලයේ ලංකාවේ නීති නිර්මාණය දෙස බැලීමේදී සමාජය වඩා නරක ප්‍රතිඵල දෙන නීතීන් පණවා ඇති බව පෙනී යයි. එවනි නීති සාධරණ කිරීම සදහා නොයෙක් හේතු දක්වා ඇතත් ලාංකීය සමාජය දෙස වර්ථමානයේදී බැලීමේදී පෙනී යන්නේ මෙසේ ඇති කරන ලද දැඩි මර්ධන නීති නිසා සමාජය සෑම අංශ වලින්ම අවුලට ගිය හා කඩා වැටුනු ආකාරයයි.
කෙටියෙන් කියුවොත් පසුගිය කාලය තුල නිර්මාණය කර ඇති මර්ධන නීති වල ප්‍රතිඵල වී ඇත්තේ රට තුල අවුල් ජාලයක් නිර්මාණය වීමයි. අද ලාංකික සමාජය ලිහාගන්නට බැරි ප්‍රමාණයකට ආරවුල් වල පැටලී ඇත. දැඩි මර්ධන නීති වල ප්‍රතිඵල වශයෙන් නෙලා ගත හැකිව ඇත්තේ නීතියෙන් තොර, ආරක්ෂාවෙන් තොර, වංචාවෙන් පිරි, අපරාධවලින් ගහන, ආරථික වශයෙන් කඩා වැටුනු, දේශපාලන වශයෙන් ජරා පත් වුනු සමාජීය වශයෙන් අනාරක්ෂිත රටකි. රට හැර යාම රට ඇතුලේ සිටීමට වඩා හොදය යන අදහස අනාගතයක් ගැන බපාපොරොත්තුවක් ඇති කාගේ වුවත් සිහිනයක් බවට දැන් පත්ව ඇත.
නුදුරු අතීතය තුල නිර්මාණය කර රටේ  නීතිය බවට පත් කලි’ප්‍රතිත්‍රස්ථවාදී’’ නීති වල ඇත්තෙන්ම කිසිදු ත්‍රස්ථවාදියෙකුය කල නොහැකි ප්‍රමාණය හානියක් රටට සිදුකොට ඇත.”ප්‍රතිත්‍රස්තවාදී’’ නීති පදනම් වන්නේ  වරදේ ප්‍රමාණයට වැඩි දඩුවම් නියම කිරීමය. මෙම අසමතුලිත දඩුවම් ක්‍රමය (Diss proptent punishment) “ප්‍රතිත්‍රස්තවාදී’’ නීති වල නොවැලැක්විය හැකි ප්‍රතිඵලයකි.
1971 ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ද ගැටීම් වලදී ජනතා පෙරමුනේ යැයි කියන සාමාජිකයන් අතින් මරුමුවට පත් වූ පොලිස් හා වෙනත් ආරක්ෂක නිළධාරීන්ගේ ගනන 52 ක් පමණ යැයි ගනන් බලා ඇත. එහෙත් එම අවස්ථාවේදී ගත්ප්‍රතිත්‍රස්ථවාදී’’ ක්‍රියා මගින් මරණයට පත් කරන ලද තරුණයන්ගේ ගණන පන්දහසකට වැඩිය. තවත් දසදහසක් පමණ තරුණයන් බේරාගන්නා ලද්දේ දෙමව්පියන් විසින් දරුවන් ආරක්ෂක ස්ථානවලට බාරදීම මගිනි.
1987-1991 අතර කාලයේ ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ද කලබල වලදී පොලීසිය හා හමුදාව විසින් මරාදමන ලද ප්‍රමාණය මේ  පිළිබදව පරික්ෂා කල බලයෙන් අතුරුදහන් කල වූවන්ගේ කොමිෂන් සභාවල වාර්ථා අනුව 20000ක් පමණ යැයි සදහන් කොට ඇත. එහෙත් එම ප්‍රමාණයට වඩා මරණ සිදු වූවායැයි වෙනත් සංවිධාන ප්‍රකාශයට පත් කොට ඇත. උතුරු හා නැගෙනහිර පළාත් වල එසේ අතුරුදහන් වූවන්ගේ ප්‍රමාණය අතිවිශාල යැයි සලකනු ලබන නමුත් මේ  පිළිබදව නිෂ්චිත සංඛ්‍යා ලේඛන ඇත්තේ නැත.
අතුරුදහන් වූ තැනැත්තන් පිළිබද කාරයාලය ඔි.පී.එම් කිර්යාලය මගින් ලබාගෙන යන තොරතුරුවලට අනුව විශාල ප්‍රමාණයක අතුරුදහන් සිදුවී ඇති බව පෙනී යයි. අත්තඩංගුවට පත් වූවන් මහා පරිමානයෙන් මරා දැමීම ජාත්‍යන්තර නීතියට අනුව යුද්ධ අපරාධයකි. එසේ වූවත් මේ  අපරාධ කිරීමට මාවත සලසා දුන්නේ මේ  කාල වල නිර්මාණය කොට ක්‍රියාවට දමන ලදි’ප්‍රතිත්‍රස්තවාදී’’ නීති මගිනි.

ප්‍රතිත්‍රස්තවාදී නීති රටට හා සමාජයට විනාශකාරී නොවිය යුතුය.

රටටත් සමාජයටත් විනාශකාරී නොවන ලෙසට යම් ප්‍රතිත්‍රස්ථවාදී නීතියක් නිර්මාණය කෙරෙන්නනේ නම් එහිදී අවම වශයෙන් පහත සදහන් ප්‍රතිපත්ති අනුගමනය කල යුතුය. මේ  ප්‍රතිපත්ති අනුව සැලකිය යුතු පළමුවෙනිම කරුණ නම් බොරු හේතු හෝ වෙනත් අරමුනක් ඉටුකර ගැනීමේ  සැගවුනු අරමුණු ඇතිව මෙම නීති නිර්මාණය නොකල යුතු බවය. එනම් සමාජය සාධාරණව පිළිගත හැකි ආකාරයක සාමයට සැබෑ තර්ජනයක් ත්‍රස්ථවාදී ක්‍රියා සහ ත්‍රස්ථවාදී සංවිධාන මගින් පැහැදිව පෙනෙන තත්වයක් ඇතිවී තිබිය යුතුය. දැනට වර්ථමාන රජය විසින් යෝජනා කර ඇති’ප්‍රතිත්‍රස්තවාදී ’’ පණතේ බිල්පත එනම් :2023 මාර්තු 22 නිකුත් කරන ලද* එවනි සාධාරන හේතුවක් මත නිකුත් කරන ලද බිල්පතක් නොවේ.
එම බිල්පතේ මෙම නීතිය හදුන්වාදී ඇත්තේ ’ශ්‍රී ලංකාව තුල හෝ ශ්‍රී ලංකාවෙන් පිටත දී සිදුකරනු ලබන ත්‍රස්ථවාදී ක්‍රියාවලින්, ත්‍රස්ථවාදය ආශ්‍රිත වෙනත් වැරදි වලින් සහ ත්‍රස්ථවාදය පිළිබද වරද සංස්ථාවනය වන ඇතැම් නිශ්චිත ක්‍රියාවලින් ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව ශ්‍රී ලංකාවේ ජනතාව ආරක්ෂා කිරීම සදහාද ශ්‍රී ලංකාවෙන් පිටත ත්‍රස්ථවාදය සදහා සූදානම් වීමට ශ්‍රී ලංකාවේ භූමය හා එහි ජනතාව භාවිතා කිරීම වැලැක්වීම සදහාද, ත්‍රස්ථවාදී ක්‍රියාවක් හෝ ත්‍රස්ථවාදය ආශ්‍රිත වෙනත් යම් වරදක් සිදුකර ඇත්තා වූ යම් තැනැත්තෙකු හදුනා ගැනීම, ග්‍රහණය කර ගැනීම, සිරභාරයට ගැනීම, රදවා තබා ගැනීම, පරීක්ෂණ පැවැත්වීම, නඩු පැවරීම සහ දඩුවම් ලබාදීම සදහා විධිවිධාන සැලැස්වීම පිණිසද, 1979 අංක 48 දරන ත්‍රස්ථවාදය වැලැක්වීමේ  :තාවකාලක විධිවිධාන* පනත ඉවත් කිරීම සදහාද, ඊට සම්බන්ද හෝ අනුෂංගික කාරණා සදහා විධිවිධාන සැලැස්වීම පිණිස ද වූ පනත් කෙටුම්පතකි.’’

Archive

Latest news

Related news