Friday, April 19, 2024

මැයිදින පණිවුඩය: ශ්‍රී ලංකාවේ ආර්ථික බර දරන්නේ සංක්‍රමිණික ප්‍රජාවයි – සංක්‍රමණික හඬ සාමූහිකය

කම්කරුවන්ගේ දායකත්වය සහ ජයග්‍රහණ අගය කිරීම සඳහා කම්කරු දිනය මැයි 01 දින ලොව පුරා සමරනු ලබයි. මේ වන විට සංක්‍රමණික කම්කරුවන් කම්කරු ව්‍යාපාරයේ අත්‍යවශ්‍ය අංගයක් වන අතර සාධාරණ ලෙස සැලකීම සහතික කිරීම සඳහා ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බව සංවිධාන 33කින් සමන්විත් සංක්‍රණික හඬ සාමූහිකය – Voice of Migrant Network-VoM ) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
ශ්‍රී ලංකාව ශ්‍රම සංක්‍රමණය මත දැඩි ලෙස රඳා පවතින අතර ශ්‍රී ලාංකිකයන් මිලියන 1.5 ක් විදේශයන්හි සේවය කරයි. අප ආර් ථිකය ඔවුන්ගේ මුදල් වලින් ප්‍රතිලාභ ලබයි. නමුත් වැඩ කරන ස්වභාවයන් අනුව ඉතා දුෂ්කර තත්ත්වයන් යටතේ කරනු ලබන අතර, සූරාකෑම, වෙනස්කම් කිරීම, සමාජ ආරක්ෂණ සහ නිසි සෞඛ්‍ය රැකවරණය සඳහා ප්‍රවේශයක් නොමැතිකම ඉතාම කණාගාටුදායකය .
සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ තත්ත්වය යහපත් කිරීමට ශ්‍රී ලංකා රජය මෑත වසරවලදී ක්‍රියාමාර්ග ගෙන ඇතත්, විශේෂයෙන්ම රට මුහුණ දෙන COVID-19 වසංගතය සහ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් පැවැති ගැටලු තවමත් නිරාකරණය වී නොමැත.
VoM ශ්‍රී ලාංකික සංක්‍රමණික සේවකයින් සහ ඔවුන්ගේ පවුල් සමඟ සහයෝගයෙන් සිටින අතර ඔවුන්ගේ අයිතිවාසිකම් සහ සුබසාධනයට ප්‍රමුඛත්වය ලබාදී කටයුතු කරන ලෙස රජයෙන්, ආයතන හා ඒ සම්බන්ධයෙන් කටයුතු කරන සංවිධානවලින් ඉල්ලා සිටිමු.
විදේශ සංක්‍රමණික සේවකයින් සංක්‍රමණයේ සංවර්ධන හවුල්කරුවන් ලෙස හඳුනා ගැනීම සඳහා, සියලුම සංක්‍රමණික සේවකයින් සඳහා තොරතුරු පත්‍රිකාවක් ලෙස විදේශ සේවා නියුක්ති කාර්යාංශය (FBR) භාවිතා කිරීම, ඵලදායී පවුල් ශක්තිමත් කිරීමේ වැඩසටහනක් (FSM) සහතික කිරීම, පිටත්වීමට පෙර පුහුණුව යාවත්කාලීන කිරීම වැනි ප්‍රායෝගික ක්‍රියාමාර්ග ජාලය හැකි ඉක්මනින් ක්‍රියාත්ම කිරීම කාලෝචිතය. ආපසු පැමිණීමේ යෙදවුම් සහ පුද්ගලික ආයතන සමග පොදු හවුල්කාරිත්වයන් සමඟ, සංක්‍රමණික සමාජය සම්බන්ධව පැමිණිලි හැසිරවීමේ යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම, සැලසුම් සහ තීරණ ගැනීමේ ක්‍රියාවලීන්හි සංක්‍රමණික සේවකයින් ඇතුළුව ආපසු පැමිණෙන දත්ත ගබඩාවක් ක්‍රියාත්මක කිරීම සහ ඔවුන්ගේ ඡන්ද අයිතිය සහතික කිරීම යන කරුණු ක්‍රිියාත්මක කිරීමට පියවර ගැනීමට කටයුතු කිරීම වහාම ක්‍රියාත්මක කිරීම ඒ සම්බන්ධව කටයුතු කරන ආයතන වල වගකීම වන්නේය.
සමස්තයක් වශයෙන්, එම ප්‍රකාශය මගින් ශ්‍රී ලංකා ආර්ථිකයට සහ සමාජයට සංක්‍රමණික ශ්‍රමිකයන්ගේ අයිතිවාසිකම් සහ යහපැවැත්ම සුරක්ෂිත වන අතරම ඔවුන්ගේ දායකත්වය පිළිගැනීමේ සහ අගය කිරීමේ වැදගත්කම අප සංවිධාන අවධාරණය කරමු.
VOICE OF MIGRANTS COALITION
  • Ape Shakthi Gami Kantha Padanama
  • Aaruthal
  • Catholic Commission
  • Center for Human Rights and Community Development (CHRCD)
  • Community Development Services
  • Darani Swashakthi Padanama
  • Eastern Self-Reliant Community Awakening Organisation (ESCO)
  • Environment and Community Development Information Center
  • Future in our Hands Development Fund
  • Lanka Plus
  • Migrant Workers’Association Killinochchi
  • National Union of Sri Lanka Seafarers (NUSS)
  • Plantation Rural Education Development Organization (PREDO)
  • Praja Diriya Padanama
  • Protect Union
  • Rajarata Gami Pahana
  • Rajarata Praja Kendraya
  • Sesatha Economic and Livelihood Development Association
  • Social Organizations Networking for Development (SOND)
  • Social Welfare Organization Ampara District (SWOAD)
  • Solidarity Center (American Center for International Labor Solidarity)
  • Sri Lanka Nidahas Sevaka Sangamaya (SLNSS)
  • Stand Up Movement
  • The Power Foundation
  • Tissa Jaya Lama Padanama
  • Uva Shakthi Foundation
  • Uva Wellassa Women’s Organization
  • Wayamba farmers, Environmental and Human Development
  • Women’s Development Federation
  • Women and Media Collective
  • Working Women’s Front
  • Voluntary Organization for Vulnerable Community Development
  • Young Muslim Men’s Association Kandy

Archive

Latest news

Related news