Tuesday, July 16, 2024

යෝජිත ත්‍රස්ත විරෝධී පනත සම්බන්ධයෙන් විවේචනාත්මක මුලික ප්‍රතිචාරයක් – අර්මිසා ටේගල්

හැදින්වීම

තවදුරටත් යුද්ධයක් නොපවතින රටක් වශයෙන් ශ්‍රි ලංකාව  විසින් එහි පුරවැසියන්ට පීඩාකාරි ලෙස ක්‍රියාත්මක කරන්නා වුද, කණ්ඩායම් හා ජන ප්‍රජාවන් සීමාකිරීමට හේතුවන්නා වුද හානිදායක නීතින් නැවත හකුලා ගැනීම කළ යුතු ව තිබුණි. පසුගිය වසර 40 පුරාවට ශ්‍රි ලාංකිකයන්ගේ, විශේෂයෙන්ම සුළු ජාතීන්ගේ ජීවිත වලට විනාශයක් කරලූ 1979 ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත ට දේශියව[1] හා අන්තර්ජාතික[2] වශයෙන් ලැබුණු පීඩනයට ප්‍රතිචාර දැක්වීමට ශ්‍රී ලංකා රජයන් ගත් නවතම උත්සාහය 2023 මාර්තු 17 දිනැති යෝජිත ත්‍රස්ත විරෝධී පනතයි.

ත්‍රස්ත විරෝධී පනතෙහි පුළුල් බලතල සඳහා සාධාරණීකරණයක් නොමැත

ත්‍රස්ත විරෝධී පනත මඟින් සිවිල් සමාජයේ නීත්‍යානුකූල හා සාමකාමී ක්‍රියකාරකම්, මානව හිමිකම් ආරක්ෂකයන්, ජනමාධ්‍යවේදීන්, සුළුතර ජාතීන් සහ වෙනත් අය හෝ  දේශපාලන විසම්මුතිය යටපත් කිරීමට මෙම රජය විසින් ඉතා පුළුල් හා අධික ලෙස විධායක බලතල රදවා ගැනීමට කටයුතු කර තිබේ. යෝජිත ත්‍රස්ත විරෝධී පනතට විධිවිධාන සාධාරණීකරණය කරන, සන්දර්භය සකසන පත්‍රිකාවක් නොමැත.එසේ නොමැති වීම ශ්‍රී ලංකාවේ සාමාන්‍යය දෙයකි. ශ්‍රි ලංකාව ත්‍රස්වාදය අත්විඳ ඇති බවත් එහි ප්‍රතිඵලක් ලෙස අලාභ හානි වූ  බවත්, ත්‍රස්තවාදය  නිසා ජාතික සංවර්ධනය පසුගාමී වූ  බවත්, එම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මානව හිමිකම් ප්‍රමිතීන්ට බැඳී සිටින අතර වෙනත් ස්වෛරී ජාතීන් ආරක්ෂා කිරීමට කැපවී සිටින බවත්, ත්‍රස්ත විරෝධී පනතේ පුර්විකාව මගින් අපිට මතක් කර සිටී. නමුත් මෙම අරමුණු කිසිවක්  පනතේ ප්‍රතිපාදන හරහා අර්ථවත් ලෙස ආමන්ත්‍රණය කරන බවක් නොපෙනේ.

ත්‍රස්ත විරෝධී පනතේ විස්තර කරන වැරදි සෑම එකක්ම සමඟ ගනුදෙනු කිරීම සඳහා පුළුල් පරාසයක අපරාධ නීති ඇති අතර ත්‍රස්ත විරෝධී පනත යනු ඇත්තටම විධායකය විසින් රජයේ ප්‍රතිපත්තිවලට අභියෝග කරන පුරවැසියන්ට බලය ප්‍රකාශ කිරීමකි.

මහජනයා උද්ඝෝෂණ කළ යුතු මොහොතේ ත්‍රස්ත විරෝධී පනත ක්‍රියාත්මක වීම.

ත්‍රස්ත විරෝධී පනත යෝජනා වන්නේ, රටක් වශයෙන් ශ්‍රි ලංකාව බරපතල ආර්ථික අර්බුදයකය මුහුණ දී සිටින මොහොතක හා ආණ්ඩුවේ ප්‍රතිපත්ති තුළින් දිගින් දිගටම ජනතාව අඳුරේ අතරමං වෙන වකවානුවකය. අද දක්වා රජයේ ප්‍රතිපත්ති තුළින් දුප්පත් හා මධ්‍යම පාන්තික ජනතාවගේ සැබෑ අවශ්‍යතා සපුරාලීමට අසමත් වී ඇත. එහිදී පුරවැසි විරෝධතා දෛනික සිදුවීමකි.,. මෙම ත්‍රස්තවිරෝධී පනත විරෝධතාකරුවන් සමඟ ගනුදෙනු කළ හැකි  ආකාරයෙන් සකස් කර ඇති බවට සලකුණු පෙන්වයි. ආර්ථික අර්බුදය තුළ දිගටම ප්‍රභූ පාලනය සහ ප්‍රභූ ප්‍රතිලාභ ස්ථාවර කිරීම සඳහා පුරවැසි විරෝධතාකරුවන් ‘ත්‍රස්තවාදීන්’ ලෙස නම් කර ඇත. ඉදිරිපත් කර ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි පනතකි.

මෙම ත්‍රස්ත විරෝධී පනත තුළින් නීති ක්‍රමයක් (නීතියේ යෝජනා ක්‍රමයක්) හදුන්වා දී තිබේ. එනම්,

    1. ත්‍රස්තවාදය සහ ත්‍රස්තවාදිා හා සම්බන්ධ පුළුල් පරාසයක වැරදි නිර්මාණය කරයි.

    2. අසාමාන්‍ය (විශේෂ) අත්ඩංගුවට ගැනීමේ හා රදවා තබා ගැනීමේ බලතල පුළුල් කිරීම හා පවත්වාගෙන යාම.

    3. පොලීසීය සදහා පුළුල් විමර්ෂණ බලයක් නිර්මාණය කර දීම. (පොලිසියට විමර්ශන බලතල පරාසයක් සම්පාදනය කරයි)

    4. වරද පිළිගැනීමට බලකිරීමේ බලය නීතිපතිවරයා වෙත පැවරීමට උත්සාහ කිරීම.

    5. තහනම් සංවිධාන ප්‍රකාශ කිරීම,සීමා නියෝග නිකුත් කිරීම, ඇඳිරි නීතිය ප්‍රකාශ කිරීම, ස්ථාන තහනම් ස්ථාන ලෙස ප්‍රකාශ කිරීම (ඉහළ ආරක්ෂක කලාප හා සමානයි), පුනරුත්ථාපන වැඩසටහන් හඳුන්වා දීම සඳහා ජනාධිපතිවරයාට පුළුල් බලතල යෝජනා ක්‍රමයක් ඇති කිරීම.

ඒ අනුව යෝජිත ත්‍රස්ත විරෝධීි පනත කෙරෙහි සැකෙවින් විමසා බැලීමේදී පෙනී යන්නේ ත්‍රස්වාදය වැලැක්වීමේ පනතට වඩා බොහෝ ආකාරවලින් ත්‍රස්ත විරෝධී පනත භයානක (නරක) බවයි. යෝජිත ත්‍රස්ත විරෝධී පනත තුළ ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ තිබුණු වරද කියා පෑම (පාපොච්චාරණය) යන කොටස ඉවත් කර ඇත. එසේම සමහර අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් යම් අධිකරණ අධීක්ෂණයක් හඳුන්වා දී ඇත. කෙසේ වෙතත්, වන්දි ගෙවීමට අත් අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් අධිකරණ අධීක්‍ෂණයක් හඳුන්වා දීම රැඳවුම් නියෝග වල බලය විශාල ලෙස පුළුල් කර ඇත සහ හඳුන්වා දුන් අධිකරණ අධීක්‍ෂණය අතිමහත් ලෙස ප්‍රතික්ෂේප කරයි.

ත්‍රස්තවාදී වරදක් යනු කුමක්ද යන්න පිළිබඳ අර්ථ දැක්වීම පුළුල් කරයි.

අධිකරණ පද්ධතිය තුළ ඇති සාමාන්‍ය ආරක්‍ෂාව ඉවත් කරන නීතියක් ගැන තත්වයන් නිශ්චිත විය යුතු අතර සහ එය යෙදිය හැකි වැරදි පිළිබඳවද නිශ්චිත විය යුතුය. එය අපයෝජනය කිරීම සහ අසාධාරණ ලෙස භාවිතා කිරීමට ඇති අවස්ථා මෙමඟින් අඩු කරයි . ඒ නිසයි ත්‍රස්තවාදය සම්බන්ධයෙන් අර්ථ නිරුපණය (නිර්වචනය) පැහැදිලි හා නිවැරදි විය යුත්තේ.

යෝජිත ත්‍රස්ත විරෝධී පනතේ 3(2) වගන්තිය ත්‍රස්තවාදී ක්‍රියාවන් ලෙස, පොදු භාවිතයේ ඕනෑම ස්ථානයකට බරපතල හානි සිදු කිරීම, අත්‍යවශ්‍ය සේවා සඳහා බාධා කිරීම, පුද්ගලික දේපල සොරකම් කිරීම සහ වෙනත් පුළුල් ලෙස අර්ථ දක්වා ඇති ත්‍රස්තවාදී ක්‍රියා කොමිසම සඳහා නීති විරෝධී රැස්වීමක සාමාජිකයෙකු වීම ඇතුළු  ක්‍රියා වර්ග 13ක් පුළුල් ලෙස නිර්වචනය කරයි.

ලබා දී ඇති අර්ථ දැක්වීම, පහත දැක්වෙන වැනි දෑ ද ත්‍රස්තවාදී අවස්ථා ලෙස සැලකීමට රාජ්‍යයට බලපත්‍රයක් ලබා දේ

රතුපස්වල සිද්ධිය සහ රජය ජල දූෂණයට සම්බන්ධ වීම,  රඹුක්කන ප්‍රදේශයේ ඉන්ධන බෙදා හැරීමට බලපාන ලද රජයේ ක්‍රියාව, මීතොටමුල්ල ප්‍රදේශයට කසළ බැහැර කිරීමට රජය ගත් තීරණය, රාජ්‍ය සංවර්ධන ව්‍යාපෘති ප්‍රතිවිපාක ලෙස නාගරික ප්‍රදේශ වලින් ජනතාව ඉවත් කිරීම, වතු ඉඩම් වලින් ජනතාව ව බලහත්කාරයෙන් ඉවත් කිරීම සහ බලහත්කාරයෙන් භාවිතය , හම්බන්තොට කාර්මික සංවර්ධන කලාප වැනි ව්‍යාපෘති සහ හමුදාව විසින් අත්පත් කරගෙන සිටින ඉඩම් නිදහස් කරන ලෙස ඉල්ලා පුරවැසියන් විරෝධතාවයේ නිරත වීම වැනි අවස්ථාවන්ගේ පුරවැසියන් රාජ්‍යට විරුද්ධව විරෝධතා දැක්වීම.

    • වෘත්තිය සමිති වර්ජනයන්

    • බහුජන සිවිල් විරෝධතා හා සිවිල් නීති කඩකිරීමේ ක්‍රියාකාරකම්( කුමන්ත්‍රණ විරෝධී විරෝධතාවය 2018 හා ගෝඨාගෝගම 2022 වැනි දෑ)

    • විවේචනයන් ජාතික අවශ්‍යතාවයන්ට හානිකර යැයි සැලකේ උදා -තිස්සනායගම් (අත්ඩංගුවට ගැනීම හා නඩු පැවරීම)( වාර්ගික වෛරය අවුස්සමින් ඔහුගේ ප්‍රකාශන වෙනුවෙන් මුදල් එකතු කිරීම)

,  අසාත් සාලි (බොදුබල සේනාව පිළිබඳ ඔහුගේ විවේචන වාර්ගික අසමගිය උසිගැන්වීම් යැයි කියනු ලැබේ)

    • මානව හිමිකම් ක්‍රියාකාරීන් ( රුකී ප්‍රනාන්දුව හා ප්‍රවීන් පියතුමන්ව ඔවුන් අතුරුදහන් වුවන්ගේ පවුල් බැලීමට ගිය අවස්ථාවේ අත්ඩංගුවට ගෙන රදවා තබා ගැනීම වැනි දෑ))

ඒ අනුව මෙම යෝජිත ත්‍රස්ත විරෝධී පනතේ 3(2) හි දක්වා තිබෙන අර්ථ නිරුපණයන් (නිර්වචනය) අන්තර්ජාතින මානව හිමිකම් ප්‍රමීතින් සම්පුර්ණයෙන්ම උල්ලංඝනය කිරීමකි. එම නිර්වචනය දිගු වැරදි ලැයිස්තුවකින් සමන්විත වේ. මෙම වැරදි බොහොමයක් සාමාන්‍ය අපරාධ නීතිය යටතේ වැරදි විය යුතුය. රටට පුළුල් තර්ජනයක් පවතින බවට මූලික වශයෙන් අදහස් කරමින් ඒවා ‘ත්‍රස්තවාදී වැරදි’ ලෙස නැවත සකස් කළ නොහැක.

ත්‍රස්ත විරෝධී පනතේ අර්ථ නිරුපණයන් එක්සත් ජාතීන්ගේ මාර්ගෝපදේශ වලට අනුකූල නොවීම.

ත්‍රස්තවාදය සහ මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරු ත්‍රස්තවාදය නිර්වචනය කිරීමේ උත්සාහයන් පහත සඳහන් සංරචක වලින් සමන්විත විය යුතු බවට නිර්දේශ කර ඇත:

    1. නිර්වචනය කළ වැරදි (බලාත්මක දස වැදෑරුම් ත්‍රස්ත විරෝධී සම්මුති වල ප්‍රේරක වැරදි (අවුළුවන සුළු) (Trigger Offences) ලෙස විස්තර කෙරෙන වැරදි ) සහ

    2. පළමු ඛාණ්ඩ චේතනාව – මරණයට හේතු වන, බරපතල ශාරීරික හානි හෝ ප්‍රාණ ඇපකාරිත්වට ගැනීම හා

    3. දෙවන ඛාණ්ඩ චේතනාව -ත්‍රස්ත රාජ්‍යයක් කැඳවීමේ අරමුණ, ජනතාව තැති ගැන්වීම හා බිය ගැන්වීම, රජයට හෝ අන්තර්ජාතික ආයතනයකට යමක් කිරීමට හෝ නොකිරීමට බල කිරීමේ ක්‍රියා. ‍

ඒ අනුව ඉහත දක්වා ඇති චේතනානේ ඛාණ්ඩ (අදියර) දෙකම සම්පුර්ණ කළ බවට තහවුරු කළ විට පමණක් වරදක් ත්‍රස්තවාදී ලෙස අර්ථ නිරුපණය කිරීමට හැකි වේ.

 නමුත් ත්‍රස්ත විරෝධී පනතට අන්තර්ජාතික නියමයන් ලෙසින් පටු අර්ථ නිරුපණයක් යටතට වරදවල් ගොනු කිරීමට නොහැකි වී ඇත. දස වැදෑරුම් ත්‍රස්ත විරෝධී  සම්මුති ආශ්‍රය නොකොට දීර්ඝ වූ ක්‍රියාවලි ලැයිස්තුවක් වෙතට ත්‍රස්තවාදය පිළිබඳ නිර්වචනය ආකර්ෂණය කොටගෙන තිබේ. ත්‍රස්ත විරෝධී පනත පහත අංග ප්‍රකාශ කිරීමට (අවධාරණය කිරීමට) නොහැකි වී තිබේ.

    • මරණය, බරපතල ශාරීරික තුවාල හෝ ප්‍රාණ ඇපයට ගැනීම සිදුකිරීමේ අරමුණින් කරන ලද ක්‍රියා පමණක් සහ

    • ත්‍රස්ත රාජ්‍යයක් කැඳවීමේ අරමුණ හෝ ජනතාව තැති ගැන්වීම හා බිය ගැන්වීම හෝ රජයට බල කිරීම

තවත් අපැහැදිලි වරදවල් හා ප්‍රමාණයට වඩා පරාසයක් අයත් වන වරදවල් (පුළුල් වැරදි ) ඇතුළත් කර ඇත .

  • යෝජිත 10 වෙනි වගන්තියට අනුව වරදක් නම් “ජනතාවගෙන්

(අ) ජනතාවගෙන් ඇතැමෙක් විසින් හෝ සියලුම ජනතාව විසින් ත්‍රස්තවාදය පිළිබද වරද සිදු කිරීමට ඒ සදහා සුදනාම් වීමට හෝ පෙළඔවීමට ඔවුන් සෘජුව හෝ වක්‍රව දිරිගන්වන්නක් හෝ පොළඔවන්නක් ලෙස තේරුම් ගැනීමට ඉඩ ඇති යම් ප්‍රකාශයක් පළ කරන්නා වු හෝ පළ කිරීමට කටයුතු සළස්වන්නා වු හෝ එවැනි වචනයක් හෝ වචන කතා කරන්නා වු හෝ සංඥා හෝ දෘෂ්‍ය නිරුපණය සිදු කරන්නා වු  සහ(ආ) එමගින් ත්‍රස්තවාදය පිළිබද වරද සිදු කිරීමට,  ඊට සුදානම් වීමට හෝ පෙළඔවීමට ජනතාව සෘජුව හෝ වක්‍රව දිරිගැන්වීමට හෝ පෙළඔවීමට අරමුණු කරන්නා වු හෝ  එම ප්‍රකාශයෙන් ජනතාව ත්‍රස්වාදය පිළිබද වරද සිදු කිරීමට, ඊට සුදානම් වීමට හෝ පෙළඔවීමට සෘජුව හෝ වක්‍රව දිරිගැන්වෙන්නේ ද නැතහොත් පෙළඔවන්නේ ද යන්න පිළිබද අනවධානීව සිටින්නා වු, යම් තැනැත්තෙක් මේ පනත යටතේ වරදක් සිදු කරනු ලබන්නේ ය. ත්‍රස්තවාදී වරදක් පුළුල් හා සාමන්‍ය වැරදි ඇතුළත් කිරීම තුළින් එනම්  යම් කෙනෙකු සිදු කරන ප්‍රකාශනයක් ත්‍රස්තවාදී අනුබල දීමක් ලෙස, ක්‍රියාවක් සිදු කිරීමක්, සුදානම් වීමක්, පෙළඔවීමක් ලෙස අර්ථ නිරුපණය සිදු වෙනවා නම් ත්‍රස්තවාදය යන්නට ඕනම වරදක් ඇතුළත් වීමට හැකිව ලැබෙනවා.එය  අර්ථ නිරුපණය මත පදනම් වේ.

  • යෝජිත 11 වගන්තියට අනුව යම් තැනැත්තෙක් ත්‍රස්තවාදී ප්‍රකාශනයක් බෙදා හරිනු ලැබීම , සංසරණය කරනු ලැබීම , ලබා දෙනු ලැබීම, විකුණනු ලැබීම, තාවකාලික ව දෙනු ලැබීම, විකිණීමට ඉදිරිපත් කරයි නම්, අන් අයට ප්‍රවේශ වීමට සේවාවක් සපයයි නම්, ඉලෙක්ට්‍රොනිකව සම්ප්‍රේෂණය කිරීම, හෝ “ත්‍රස්තවාදී ප්‍රකාශන” සන්තකයේ තබා ගැනීම වරදකි.  ඒ අනුව නැවතත් මෙම වගන්තිය තුළ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් පුළුල් අර්ථ නිරුපණයක් දීම තුළින් ත්‍රස්වාදී ප්‍රකාශනයක්ට පුළුල් අර්ථයක් ලැබී ඇත.

  • යෝජිත 12 වගන්තියට අනුව ත්‍රස්තවාදය සම්බන්ධ උපදෙස් ලබා දීම හෝ ලබා ගැනීම හෝ පුහුණු කිරීම වරදක් බවයි. ත්‍රස්තවාදය පිළිබඳ අර්ථ නිරූපණය කෙතරම් පුළුල් ද යත්, උද්ඝෝෂණය කරන්නේ කෙසේද, රැස්විය යුතු හා පෙළපාලි යන්නේ කොතැනද, කුමන සටන් පාඨ පෙන්විය යුතුද යන්න පිළිබඳව උපදෙස් ලබා දීම හෝ ලැබීම යන සියල්ල ත්‍රස්තවාදී ක්‍රියාවන් විය හැකිය.ඒ අනුව විරෝධතාවයක් කරන්නේ කෙසේද? කොතන ද සිදු වන්නේ හා පෙළපාලිය යන්නේ කෙහෙටද හා කූමන විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරන්නේ ද යන්න සෑම කොටසක්ම මේ අනුව ත්‍රස්තවාදී ක්‍රියා ලෙස සලකයි. මෙම වරද සදහා යෝජිත දඩුවම වන්නේ, උපරිම වසර 15ක් බරපතල වැඩ සහිතව සිරදඬුවමක්  හා මිලියන 01නොඉක්මවන දඩයකි.

  • 16 වගන්තියට අනුව ‌ මේ පනත ප්‍රකාරව කරන ලද විධානයකට අනුකූලව ක්‍රියා කිරීමට සිතාමතාම අපොහොසත් වීම හෝ නොසලකා හැරීම හෝ නීත්‍යානුකූල නියෝගයක් ක්‍රියාත්මක කිරීමට හිතාමතාම බාධා කිරීම හෝ නියෝගය හෝ මෙම පනතේ විධිවිධාන බලාත්මක කිරීමට බාධා කිරීමවරදකි. මෙම වගන්තිය කියවිය යුත්තේ, 61 වගන්තියේ දක්වා ඇති පරිදි ජ්‍යෙෂ්ඨ පොලිස් පරීක්ෂකවරයකුට පනත යටතේ නීතීන් බලාත්මක කිරීමට ලබා දී ඇති උපදෙස් ලැයිස්තුවට අවධානය යොමු කරමිනී..එහි පහත සඳහන් දේ ඇතුලත් වේ.(අ) යම් නිශ්චිත ප්‍රදේශයකට හෝ පරිශ්‍රයකට ඇතුළු නොවන ලෙස, (ආ) යම් නිශ්චිත ප්‍රදේශයකින් හෝ පරිශ්‍රයකින් පිටවන ලෙස, (ඇ) යම් ප්‍රදේශයකින් හෝ පරිශ්‍රයකින් පිට නොවන ලෙස සහ එකී ප්‍රදේශය හෝ පරිශ්‍රය තුළ රැදී සිටින ලෙස, (ඈ) යම් මාර්ගයක ගමන් නොකරන ලෙස, (ඉ) කිසිවක් ප්‍රවාහනය නොකරන ලෙස හෝ කිසිවකු ප්‍රවාහනය නොකරන ලෙස, (ඊ) නිශ්චිත පොදු ප්‍රවාහන පද්ධතියක් ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස, (උ) යම් ස්ථානයකින් යම් නිශ්චිත වස්තුවක්, වාහනයක්, යාත්‍රවාක් හෝ ගුවන් යානයක් ඉවත් කරන ලෙස, (ඌ)  වාහනයක්,යාත්‍රාවක්,නැවක් හෝ ගුවන් යානයක්  එහි වර්තමාන පිහිටීමෙහිම තබන ලෙස, (එ) වැඩිදුර දැනුම්දීමක් නිකුත් කරනු ලබන තෙක් යාත්‍රාවක් හෝ නැවක් යම් නිශ්චිත ප්‍රදේශයක් තුළට යාත්‍රා නොකරන ලෙස, (ඒ) ගුවන් යානයක්,නිශ්චිත ගුවන් අවකාශයක් තුළට හෝ ඉන් පිටතට පියාසර නොකරන ලෙස, (ඔ) යම් නිශ්චිත ස්ථානයක ඒකරාශි නොවන ලෙස,(ඕ) යම් නිශ්චික රැස්වීමක්, රැලියක් හෝ පෙළපාලියක් නොපත්වන ලෙස හෝ, (ක) යම් නිශ්චිත ක්‍රියාකාරකමක නිරත නොවන ලෙස දක්වයි.

එ අනුව ත්‍රස්ත විරෝධී පනත යටතේ දක්වා ඇති වරදවල් ඉතා පුළුල් හා සම්පුර්ණයෙන්ම සාධාරණ නොවන මෙන්ම හානි කිරීිමේ පරමාර්ථයෙන් නිර්මාණය කර ඇත. එය විශේෂයෙන්ම අන්තර්ජාතික ප්‍රමීතින්හි මුලික වශයෙන්ම හදුන්වා දී ඇති පදනම් වලට අනුකූල නොවන අතර ව්‍යුහාත්මකව ඉතා අවම ප්‍රමාණයේ ක්‍රියාකාරකම් ත්‍රස්තවාදය ලෙස හඳුනාගැනීම තුළින් සත්‍ය ත්‍රස්තවාදය කෙරෙහි අසීමිත බලය සීමා කිරීමට නොහැකි වී තිබේ. මෙහිදී වඩා භයානක ලෙස නීත්‍යානුකුල කථනයන්ට , මාධ්‍යකරණයට මෙන්ම ප්‍රජාතාන්තික දේශපාලන ක්‍රියාකරකම් තුළට ඉතා පුළුල් ලෙස ත්‍රස්තවාදය අර්ථ නිරුපණය කිරීමයයි. මෙහි සැබෑ ස්වභාවය අනුව එය ව්‍යර්ථයට (විනාශයට) ගොදුරු විය හැක. ඒ අනුව මෙම අර්ථ නිරුපණයන් මගින් දේශපාලනික විසංවාදි මත දැරීම හා සිවිල් ජනතාව අවනත නොවීම් ත්‍රස්තවාදය ලෙස සැලකෙන අතර රාජ්‍ය නිළධාරීන්ට සමානුපාතික නොවන ලෙස අධික බලයක් භාවිතා කිරීමට නීතියානුකූල ලෙස අවසරය ලබා දෙයි.

2)  අසාමාන්‍ය අත්අඩංගුවට ගැනීම් සහ රඳවා තබා ගැනීමේ බලතල දිගටම ක්‍රියාත්මක වේ.

“ත්‍රස්තවාදය” ලෙස සැලකෙන පුළුල් පරාසයක ක්‍රියා  සදහා ශ්‍රි ලංකා නීති පද්ධතිය තුළ හමුදා නිළධාරින්ට හා වෙරළ ආරක්ෂක නිළධාරීන්ට අත්ඩංගුවට ගැනීමට අවසර ලබා දෙන නීතින් නොතිබිය යුතුය.එලෙසම ශ්‍රි ලංකාව තවදුරටත්   “රැඳවුම් නියෝග” නාමයෙන් පූර්ණ අධිකරණ අධීක්ෂණයකින් තොරව පුද්ගලයකුගේ ශාරීරික නිදහස සීමා කිරීමේ කාල සීමාව වැඩි කිරීමට විධායකට  බලගැන්වීමක් නොකළ යුතුය.රඳවා ගැනීමේ නියෝග යනු අසමාන්‍ය බලයකි. සියලු ආරක්ෂාවන් සහිත සාමාන්‍ය අපරාධ නීති පද්ධතිය වරදක් සදහා ප්‍රතිචාර දැක්වීමට සාධනීය ම ක්‍රමවේදය වේ.විශේෂයෙන් පුළුල් පරාසයක ත්‍රස්තවාදය අර්ථකථනය කරන ත්‍රස්ත විරෝධී පනත වැනි පනතක් සඳහා.  අධිකරණ අධීක්ෂණයකින් තොරව සිදු කරන රඳවා තබා ගැනීම් කිසිදු විටක සාධාරණීකරණය කළ නොහැකිය.

යෝජිත ත්‍රස්ත විරෝධී පනතේ 28 වනි වගන්තියට අනුව, සැකකරුවෙක්ව අත්අඩංගුවට ගෙන පැය 48ක් තුළ මහේස්ත්‍රාත්වරයකු වෙත ඉදිරිපත් කළ යුතු වේ. කෙසේවෙතත් එහිදී රඳවා තබා ගැනීමේ නියෝගයක් ලබා දී ඇත් නම් මහේස්ත්‍රාත්වරයාට එය බලාත්මක කළ හැකි නියෝගයක් ලබා දීමට හැකියාව තිබේ. නමුත් 28 (2) (b) (iii) ප්‍රතිපාදනය යටතේ මහේස්ත්‍රාත්වරයාගේ සැකකරුවන් නිදහස් කිරීම පිළිබඳ අභිමතානුසාරී බලය කප්පාදු කොට තිබේ. ඒ අනුව දක්වන්නේ, සැකකරුවන් නිදහස් කිරීම සිදු කළ හැක්කේ අදාළ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති  විසින් කුමන හෝ පදනමක් මත මහේස්ත්‍රාත්වරයාට සිදු කරන ලද ඉල්ලීමක් මත හා ඒ පිළිබද මහේස්ත්‍රාත්වරයා සෑහීමකට පත් වන්නේ නම්  පමණි.

යෝජිත ත්‍රස්ත විරෝධී පනතේ 31 වගන්තියට අනුව, සැකකරුවකුව රඳවා තබා ගැනීමේ නියෝගයක් නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලබා දිය හැකි අතර මීට පෙර පැවැති තත්ත්වය අනුව එවැනි නියෝගයක් ලබා දිය හැක්කේ ආරක්ෂක අමාත්‍යංශයට පමණි. මෙහි අර්ථය වන්නේ මෙම යෝජිත නීතිය මඟින් පැවති නීතියේ දුෂිත තත්ත්වය අවම කරනවා වෙනුවට එය තවත් වැඩි කිරීමට යෝජනා කර. ඇති බවයි. රැඳවුම් නියෝගයක් කළ හැක්කේ කවදාද යන්න සඳහා නීතියේ දක්වා ඇති හේතු අධිකරණ නිලධාරියෙකු විසින් ප්‍රනිශ්චය කළ හැකි (යෙදිය හැකි) හේතු වේ. ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ වරදක් සිදු කර ඇති විට එකම පුද්ගලයකුට පමණක් රඳවා තබා ගැනීමේ නියෝග ලබා දීමට හැකියාව ලබා දී තිබීයදීත් බොහෝ ජනයාගේ  මානව හිමිකම් උල්ලංඝනයන් සිදු කළ අවස්ථාවක මෙලෙස රඳවා තබා ගැනීමේ නියෝග ලබා දීමේ හැකියාව සහිත පුද්ගලයන් ප්‍රමාණය වැඩි කිරීමෙන් පෙනී යන්නේ, රාජ්‍ය විසින් ජනසාමුහික මානව හිමිකම් හඳුනාගැනීමට අපොහොසත්  වීමකි.

එසේම පනතේ 31(6) වගන්තිය තුළ දක්වා ඇති ‘අනුමත රඳවා තබා ගැනීමේ ස්ථාන’ පොලිසීයේ අධීක්ෂණය යටතේ මිස  අධිකරණය හෝ බන්ධනාගාර පද්ධති යටතේ අධීක්ෂණය නොවේ. ශ්‍රි ලංකාවට මෙලෙස රඳවා ගැනීමේ ස්ථානයන් හි සිදු වු වධ හිංසාවන්  සම්බන්ධයෙන් ඉතිහාසයක් ඇත. එය වධහිංසාව වැළකීම අරමුණු කරගත්  අපරාධ නීතියේ  මූලික මුලධර්ම වලට පටහැනිය – සැකකරුවකු විමර්ශකයන්ගේ සිරභාරයේ සිටීමේ හේතුව කුමක් ද? සැකකරුවකුව බන්ධනාගාර ගත කළ විට අධිකරණයට අධීක්ෂණ කිරීමේ බලය ලබා දී සැකකරුගේ පැවැත්මේ යහපත බෙදා වෙන් කරනුයේ න්‍යායාත්මකව සැකකරුගේ ආරක්ෂාව උදෙසාය. එලෙසෙම ඉන් දිර්ඝව සිදු කෙරෙන විමර්ශන වැළැක්වීමක් සිදු නොවේ.  යෝජිත ත්‍රස්ත විරෝධී පනතේ 38 වගන්තිය මඟින් දැක්වෙන්නේ උපරිම මාස 12ක් දක්වා පමණක් රඳවා තබා ගැනීමට හැකි බවයි. නමුත් 41 වගන්තියට අනුව  සැකකරුව බන්ධනාගාරයෙන් බැහැර කිරීමට නඩුවතක් ගොනු කිරීමට   මෙන්ම  නැවත රඳවා තබා ගැනීමට ද අවසර ලබා දී තිබෙනවා.

මෙම සමස්ථ කාර්යපටිපාටියම අසාමන්‍ය වන අතර එවන් කාර්ය පටිපාටියක අවශ්‍යතාවය සාධාරණීකරණය කළ හැකි කිසිවක් නොමැත.

3)  නීතිපති නඩු පැවරීමේදී වරද පිළිගැනීමට පුද්ගලයන්ට බල කිරීමට  හැකි අවස්ථා නිර්මාණ කිරීම .

යෝජිත පනතේ 71 වගන්තියට අනුව මේ පනත යටතේ වරදක් සිදු කර ඇතැයි කියනු ලබන යම් තැනැත්තකුට එරෙහිව අපරාධ නඩු පැවරීම වසර විස්සක් නොඉක්මවන කාලසීිමාවක් සදහා අත්හිටුවීම සහ කල් තැබීම කරනු ලැබිය හැකිය. ඒ අනුව ඒ තැනැත්තාට විරුද්ධව අපරධ නඩු අත්හිටුවීමට හා කල් තැබීමට ප්‍රතිශ්ඨාවක් වශයෙන් පහත කොන්දේසි එකක් හෝ වැඩි සංඛ්‍යාවක් එම තැනැත්තාට පැනවීමට මහාධිකරණයෙන් අවසර ලබා ගැනීමක් සදහා ඉල්ලීමක් නීතිපතිවරයා විසින් මහාධිකරණයට වෙත ඉදිරිපත් කරනු ලැබිය යුතුය. එනම්, මහාධිකරණය ඉදිරියේ ප්‍රසිද්ධියේ පසුතැවිල්ල ප්‍රකාශ කිරීම හා සමාව ඉල්ලීම, වින්දිතයන්ට හානි පුර්ණය ලබා දීම, නිශ්චිත පුනරුත්ථාපන වැඩසටහනකට සහභාගී වීම, නැවත එම පනත යටතේ වරදක් සිදු නොකරන බවට ප්‍රසිද්ධියේ සහතික වීම, නිශ්චිත ප්‍රජා හෝ සමාජ සේවාවක නිරත වීම, යම් අධිචෝදනීය වරදක් හෝ සාමය කඩ කිරීමක් සිදු කිරීමෙන් වැළකී සිටිම. මෙවැනි වගන්තියේ ස්වරුපයෙන් පෙනීයන්නේ, එම තැනැත්තා දිර්ඝ කාලයක් රඳවා ගබා ගැනීමෙන් ගැලවීමට හා ත්‍රස්තවාදය යටතේ අධිකරණ ක්‍රියාවලියෙන් බැහැර වීම සදහා මෙලෙස වරදකාරිත්වය පිළිගැනීමට සිදු කරන පීඩවක් ලෙසයි. .

4) සංවිධාන ‘තහනම් සංවිධාන’ ලෙස ප්‍රකාශයට පත් කිරීම, ‘තහනම් නියෝග’, ‘ඇඳිරි නීති නියෝග, ස්ථාන තහනම් කිරීම  සදහා විධායකයේ අඛන්ඩ බලය.  

යෝජිත පනතේ 82 වගන්තියට අනුව ජනාධිපතිවරයාට තහනම් නියම නිකුත් කිරීමේ හැකියාව ලැබී ඇති අතර ඒ අනුව,  මෙම පනත යටතේ යම් වරදකට හේතුවන ක්‍රියාවක යම් සංවිධානයක් නිරත වී සිටින බවට හෝ ශ්‍රි ලංකාවේ හෝ වෙනත් රටක ආරක්ෂාවට අගතිගාමී වෙන ආකාරයට නීතිවිරෝධී ලෙස ක්‍රියා කරමින් සිටින බවට විශ්වස කිරීමට ජනාධිපතිවරයාට සාධාරණ හේතු පවතින අවස්ථාවක, ජනාධිපතිවරයා විසින් ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයක් මගින් ඒ සංවිධානය තහනම් කළ හැකි වේ. ඒ අනුව යම් තැනැත්තෙකු එම සංවිධානයේ සමාජිකයෙකු වීම තහනම් කිරීම, එකී සංවිධානයට සමාජිකයන් බදවා ගැනීම තහනම් කිරීම, යම් තැනැත්තෙක් එකී සංවිධානයේ පරමාර්ථ මුදුන් පමුණුවා ගැනීමේ ක්‍රියාවක් කිරීම තහනම් කිරීම, එම සංවිධානය විසින් රැස්වීම,ක්‍රියාකාරකම් හා වැඩසහටන් පැවැත්වීම තහනම් කිරීම,එම සංවිධානයේ බැංකු ගිණුම් හා වෙනත් මුල්‍ය තැන්පතු භාවිතය හෝ යෙදවීම තහනම් කිරීම, ගිවිසුම් වලට එළඔීම තහනම් කිරීම,අරමුදල් රැස්කිරීම හා ප්‍රදාන හා රික්ථවරණ  තහනම් කිරීම, සංවිධනයේ අරමුදල් හා වත්කම් පැවරීම තහනම් කිරීම, එම සංවිධානය වෙත පොළඔවාගැනීම සහ එම සංවිධානය වෙනුවෙන් යාචනය කිරීම තහනම් කිරීම හෝ යම් තැනැත්තකු විසින් එම සංවිධානයේ අරමුණු මුදුන් පමුණුවා ගැනීමට යම් දෙයක් පළ කිරීම තහනම් කිරීම, එම තහනම් නියෝග වල අඩංගු වේ.. 82(7) වගන්තියට අනුව මුලික වශයෙන් මෙම තහනම් නියෝග නිකුත් කරනුයේ වසරක් සදහා වුවත් සෑම වසරක් අවසානයේම මෙම කාලය දිර්ඝ කළ හැකි බවයි.

83 වගන්තියට අනුකූලව සීමාකිරීමේ නියම පැවරීම. මෙම වගන්තිය මගින් ජනාධිපතිවරයාට මහාධිකරයෙන් ඉල්ලීමක් කර සීමා කිරීමේ නියෝග ලබා ගැනීමට හැකියාව තිබේ. ඒ අනුව, පළවෙනි උපවගන්තිය යටතේ සකසන ලද සීමා කිරීමේ නියෝගයක පහත සීමා කිරීම් දැක්විය යුතුය. එනම්, (අ) පදිංචි ස්ථානයෙන් බැහැරව එහා මෙහා යෑම සීමා කිරීම, (ආ) විදේශ ගත වීම සීමා කිරීම, (ඇ) ශ්‍රී ලංකාව ඇතුලත ගමන් කිරීම සීමා කිරීම (ඈ) පදිංචි ස්ථානය සහ  සේවා ස්ථානය අතර සාමාන්‍ය ගමන් මාර්ගයෙන් බැහැරව ගමන් කිරීම සීමා කිරීම, (ඉ) නියමයෙහි නිශ්චිතව දැක්වෙන පුද්ගලයන් සමග සන්නිවේදනය කිරීම හෝ ආශ්‍රය කිරීම හෝ ඒ දෙකම සීමා කිරීම, (ඊ) මේ පනත යටතේ වරදක් සිදු කිරීමට පහසුකම් සැලසෙන ආකාරයේ ඇතැම් නිශ්චිත ක්‍රියාකරකම් වල නිරත වීම සීමා කිරීම.

ඉතාම නිශ්චිතව මෙයින් හදුනාගත යුත්තේ, මෙම වගන්තිය හරහා ජනාධිපතගේ බලතල වලින් අධිකරණයේ බලතල සදහා බලපෑමක් වන ආකාරයයි. විශේෂයෙන්ම මෙලෙස රට තුළ හෝ රටින් බැහැරව යෑමට සීමා කිරීමේ නියෝග ලබා දිය යුත්තේ පොලිසය මැදිහත් වී  විනිසුරුවරයෙක් විසින්ය.ඒ සදහා ජනාධිපතිවරයා විසින් බලතල භාවිතා කිරීම අවශ්‍ය නොවේ. එසේම සැලකිලිමත් විය යුත්තේ, මෙලෙස පුද්ගයන්ව මෙම නියෝග මගින් මැඩපැවැත්වීමට ගැනීම අභියෝග කළ හැක්කේ අභියාචනාධිකරණයේ පමණක් වන අතර එය බොහෝ මිනිසුන්ට භූගෝලීයව දුරස්ථ අධිකරණයකි. ඒ අනුව පෙනී යන්නේ, පුද්ගලයකුට මෙවැනි නීති තත්ත්වයක් තුළ යුක්තිය ලබා ගැනීම ඉතා අපහසු කරන කාර්යයක් බවට පත් කර ඇති බවයි.

ගැසට් පත්‍රයක් මගින් විධාන කිරීමෙන් ජනාධිපතිට ඇදිරී නීතිය දැමීමට නියෝග කිරීමේ බලය ලැබීම .

යෝජිත ත්‍රස්ත විරෝධී පනතේ 85(1) වගන්තිය ජනාධිපතිට තහනම් කරන ප්‍රදේශ නම් කිරීමට බලය පවරයි.ජනාධිපතිවරයා විසින් පොලිස්පතිවරයාගේ හෝ පිළිවෙළින්, යුධ හමුදාපතිවරයාගේ, නාවික හමුදාපතිවරයාගේ හෝ ගුවන් හමුදාපතිවරයාගේ හෝ වෙරළ ආරක්ෂක අධ්‍යක්ෂක ජෙනරාල්වරයාගේ නිර්දේශ මත යම් පොදු ස්ථානයක් හෝ වෙනත් යම් ස්ථානයක් තහනම් ස්ථානයක් බවට ගැසට් පත්‍රයේ පළ කරනු ලබන නියමයන් මගින් කළින් කළ නියම කරනු ලැබිය හැකිය.මෙහිදී තහනම් කිරීම් යන්නට මෙම තහනම් ස්ථාන වලට ඇතුළු වීම,  තහනම් ස්ථානය ජයාරුප ගත කිරීම, විඩීයෝ පටිගත කිරීම සහ දළ සටහන් සකස් කිරීම ඇතුලත් වේ. මෙවැනි තහනම් කිරීමක් කිසිදු කාල සීමාවකට සීමා නොවන  අතර එය තාවකාලික නොවන ස්ථිර වු තත්ත්වයක් බවයි. එසේම මෙම නියෝග ක්‍රමවේදය වර්තමනයේ දැනට ක්‍රියාත්මක වෙන, එනම් මහජන සාමයට බාධා කරනවා යැයි හැගෙන අවස්ථාවකදී එය අධිකරණ තුළ තහවුරු කළ විට පමණක් කිසියම් පුද්ගලයන්ට යම් ප්‍රදේශයකට හෝ ස්ථානයකට ඇතුළු වීමට වළක්වනු ලබන ක්‍රමවේදය මඟහැරීම සදහා නිර්මාණය කර ඇති බව පෙනී යයි. ඒ අනුව මෙහීදී ලබා දී තිබෙන බලය යුධ සමයකදී අධි ආරක්ෂිත කළාප නම් කිරීමේදී භාවිතා කළ ක්‍රමවේදයයි.

යෝජිත පනතේ 100(1) වගන්තියට අනුව71 වන වගන්තිය යටතේ නීතිපතිවරයා විසින් අපරාධ නඩු කටයුතු අත්හිටුවීම සහ කල් තැබීම නිර්දේශ කරනු ලැබ ඇත්තේ හෝ 77 වන වගන්තිය යටතේ අධිචෝදනා ඉල්ලා අස්කර ගනු ලැබ ඇත්තේ යම් තැනැත්තන් සම්බන්ධයෙන් ද, එකී තැනැත්තන් සදහ පුනරුත්ථාපන වැඩසහටන් ක්‍රියාත්මක කිරීමට ජනාධිපතිවරයාට විසින් නියෝග සාදනු ලැබිය හැකිය. මෙම වගන්තිය මඟින් උත්සහ දරන්නේ ආණ්ඩුව විසින් පූර්වයේ සිදු කරන ලද හැසීරම් නීත්‍යානුකූල කිරීමටත්, අනෙක් අතට දිගින් දිගටම පුනරුත්ථාපනය ඉලක්ක කර ගනිමින් ගෙන ඒමට උත්සාහ කළ නීතීන් නීත්‍යානුකුල කිරීම මඟින් රැඳවුම් මධ්‍යස්ථාන වල සිටින පුද්ගලයන්ව ඉතා ඉක්මනින් නිදහස් කිරීමේ ක්‍රමවේදයක් ලෙස පුනරුත්ථාපනය සිදු කිරීමට බලකිරීමටයි. මෙම ක්‍රමවේදය තුළින් නීතිපතිවරයා විසින් අපරාධ කාර්ය පටිපාටියක් සිදු නොකරන අවස්ථා වලදී තහනමක් හෝ දඩුවමක් ලබා දීම සදහා භාවිතයේ පවතී.. විශේෂයෙන්ම මෙලෙස ත්‍රස්තවාදී වරදවල් පුළුල් ලෙස අර්ථ නිරුපණය කිරීමෙන් හා  බැලු බැල්මට පෙනෙන සාධාරණ හේතුවක් නොමැතිව පුද්ගලයකුව අත්ඩංගුවට ගැනීමෙන් පසුව ඒ පුද්ගලයාගේ බලහත්කාරයෙන් ලබා ගත් කැමැත්තක් මත ඔවුන්ගේ නිදහස ආරක්ෂා කිරීමට පුනරුත්ථාපනය සිදු කිරීම තුළින් මෙම නීතිය අයුතු ලෙස භාවිතා කිරීමේ හැකියාව පිළිබද ඉහළ ප්‍රවණතාවයක්  ඇතිව තිබේ.

05) අත්නෝමතික අත්ඩංගුවට ගැනීම, රවා තබා ගැනීම් සහ වෙනත් හානි සදහා හානිපුර්ණයන් හදුන්වාදීමට අපොහොසත් වීම.

නීත්‍යානුකූල වරදකරුවන් නොවු පුරවැසියන්ගේ ජීවිත වලට මෙම පනතට අනුව කරන ලද නියෝග, උපදෙස් බලපෑමක් සිදු විය හැකි අතර එහි ප්‍රතිඵලයක් ලෙස පුරවැසියන්ට එරෙහිව ත්‍රස්ත විරෝධී පනත භාවිතා කිරීම දණ්ඩනයක් ලෙස භාවිතා වේ.

Ermiza Tegal LLB (London), LLM (Law, Governance and Development)(London)

Attorney at Law

[1] ප්‍රකාශන කිහිපයක්, 2018 ප්‍රති ත්‍රස්ත පනත් කෙටුම්පතට එරෙහිව දීප ව්‍යාප්ත ව්‍යාපාර සහ පසුව

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ඉවත් කිරීම සඳහා කැදවීම, බොහෝ මාධ්‍ය ලිපි සහ පොදු වැඩසටහන්

[2]  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට කරන ලද කැපවීමක ස්වරූපයෙන්, එක්සත් ජාතීන්ගේ විශේෂ කාර්ය පටිපාටි බලතල දරන්නන් හතක් විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත තාවකාලිකව අත්හිටුවන ලෙස ඉල්ලා සිටී,

, දේශීය වාර්තා සහ වධහිංසා පිළිබඳ එක්සත් ජාතීන්ගේ විශේෂ වාර්තාකරුවන්ගේ ලිපි,

ත්‍රස්තවාදයට එරෙහිව මානව හිමිකම්, ජාත්‍යන්තර මානව හිමිකම් ආයතන, යුරෝපා පාර්ලිමේන්තුව විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සම්මත කරන ලද මානව හිමිකම් ප්‍රතිසංස්කරණවල කොටසක් එනම්

එය යුරෝපා සංගමය සමඟ වරණීය වෙළඳ ගිවිසුම් සහ යෝජනාවක් සඳහා කොන්දේසිවල කොටසක් විය.

.

Archive

Latest news

Related news