Tuesday, April 23, 2024

පහර දීමට ආ පොලුකාර යුද හමුදා කණ්ඩායම යුද හමුදාව දන්නේ නැතිලු!

ඡයාරූපය: එම හමුදා කණ්ඩායම රැගෙන ආ ලී  පොලු අගට යකඩ වලුලු සවිකර තිබූ අන්දම

කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී පසුගිය 07දා ශිෂ්‍ය විරෝධතාව මර්දනය සඳහා පැමිණි බවට ඡායාරූපවල සඳහන් පොලු රැගත් පිරිස යුද හමුදාවේ පිරිසක් ද යන්න පිළිබඳව හඳුනාගැනීමට විමර්ශනයක් සිදුකරන බව යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ බ්‍රිගේඩියර් රවී හේරත් thetime.lk වෙත පවසා තිබේ.

මෙය බැලූ බැල්මටම පොලුකාර හමුදාව වසං කිරීමේ උත්සාහයක් බව පැහැදිලිය.

යුද හමුදා නිල ඇඳුම් ඇඳගත් පිරිසක් මෙසේ පොලු රැගෙන විරෝධතා මර්දනය සඳහා යෙදවීම මෙන්ම පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බලකාය සිටියදී හමුදාව ඉදිරියට යැවීමේ නියෝගය පැමිණියේ කාගෙන්ද යන්න පිළිබඳව කළ විමසීමකදී ඔහු මේ බව සඳහන් කළ බව එම වෙබ් අඩවිය වාර්තා කරයි.

පිටුපසින් ගත් ඡායාරූප විතරද?

එම ඡායාරූප පිටුපසින් ගත් ඒවා නිසා අදාළ පුද්ගලයන් හඳුනාගැනීමට නොහැකිව සිටින බව සඳහන් කළ යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා, එම නිල ඇඳුම යුද හමුදා නිල ඇඳුම බව පෙනීයන්නේ යැයි ද පවස‌ෙ ඇතත් සමහර ඡායාරෑප හඳුණා ගත හැකි මට්ටමේ පවතී.

ඡායාරූප ශිල්පීන් ගණනාවක් විසින්ම මෙම ඡායාරූප ගෙන ඇති බව සමාජ මාධ්‍ය මගින් පෙනී යයි.

බැටන් පොල්ල හොයන්නත් බෑරිලු!

අත්‍යවශ්‍ය අවස්ථාවකදී පමණක් භාවිත කිරීම සඳහා පොලිසිය භාවිත කරන ආකාරයේ බැටන් පොල්ලක් හමුදා සෙබළුන්ට ද ලබාදී ඇතැයි ඔහු කියා ඇතත් මෙම පොල්ල අගට යකඩ වළල්ලක් සහිත බව ඡායාරූප වලින් පෙනේ.

අදාළ ඡායාරූපවල ඇත්තේ නියමිත බැටන් පොල්ල බව තහවුරු කළ හැකි දැයි එම බ්‍රිගේඩියර්වරයා වමසන ලදුව ඔහු කියා ඇත්තේ පිටුපසින් ගත් ඡායාරූප නිසා එය ද නිශ්චිත ව තහවුරු කළ නොහැකි බවයි.

එයඑය අමූලික බොරුවකි. මෙම පොලු ‌කිසිම ප්‍රමිතියකට අයත් නැති බව ද  ඡායාරූප පෙන්වයි.

සාමකාමී විරෝධතා පාලනය සඳහා පොලිසිය සහ කැරලි මර්දන අංශ තිබියදී මෙසේ යුද හමුදා භට කණ්ඩායමක් ඉදිරියට පැමිණීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් බ්‍රිගේඩියර්වරයා සඳහන් කර ඇත්තේ එය ද විමර්ශනයට අදාළ බවයි. පොලිසිය, කැරලි මර්දන අංශ සහ පොලිස් විශේෂ කාර්ය බලකාය මෙවැනි අවස්ථාවල ඉදිරියෙන් සිටින බවත්, යුද හමුදාව මේ අවස්ථාව වන විට ඉදිරි රාජකාරි සඳහා යොදවා නොසිටි බවත් අප කළ විමසීමේදී එම වෙබ් අඩවියට පවසා ඇත.

කලු කණ්නාඩි සහ මුඛ ආවරණ පැළද සිටින්නේ මුහුණ වසං කිරීමටය. අංක 25 කුවක්කුව කාගේද සොයන්න!

කෙසේ වෙතත් මෙම ඡායාරූප සම්බන්ධයෙන් විමර්ශනයක් පවත්වන බවත්, මෙම ඡායාරූප අදාළ සිදුවීම අවස්ථාවේදී ගත් ඒවා ද, එසේත් නැත්නම් වෙනත් ස්ථානයක ගත් ඒවා ද යන්න සහ සංස්කරණය කළ ඒවා ද වැනි සියලු කරුණු විමර්ශනයට ඇතුළත් බවත් මාධ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කර තිබේ.

එසේ නම් ඔහු කළ යුත්තේ එම ඡායාරූප ශිල්පීන් කැඳවා පරීක්ෂනයක් කිරීමය.

හමුදා මාධ්‍ය ප්‍රකාශකට සහයක් ලෙස හඳුණා ගත හැති ඡායාරූප කිිහිපයක් මෙම ලිපිය අවසානයේ දක්වා තිබේ.

වෙබ් අඩවිය එම ජායාරූප කොළඹ සරසවිය අසළ දී ගත් බව සනාථ කරයි. ඒ මෙසේය:

“යුද හමුදා නිල ඇඳුම් ඇඳගත් පිරිසක් මෙසේ පොලු රැගෙන අදාළ විරෝධතාව මර්දනය කරන අවස්ථාවේ ඉදිරියෙන්ම සිටියහ. එම ඡායාරූප සමාජ මාධ්‍යයේ සීග්‍රයෙන් සංසරණය විය. එම පිරිස ස්ථානගත කර තිබුණේ කොළඹ විශ්වවිද්‍යාලයේ නීති පිඨයත් – කලා පීඨයත් අතර ය.”

එම වාර්තාව තව දුරටත් මෙසේ දක්වයි.

පොලු සඟවාගැනීමේ උත්සාහයක්

මුලදී ඉදිරියෙන් සහ පසුව පිටුපසින් සිටි මෙම පිරිස කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර අතරතුරදී පොලු සඟවාගැනීමේ උත්සාහයක යෙදෙනු ද නිරීක්ෂණය කළ හැකි විය.

මෙම පිරිස යුද හමුදා භට කණ්ඩායමක් ද, වෙනත් කණ්ඩායමක් ද යන්න සම්බන්ධයෙන් සංවාදයක් මතු වී තිබේ.

වෙනත් කණ්ඩායමක්ද ?

2022 මාර්තු 31දා සිට මෙවැනි සාමකාමී විරෝධතා පැවැත්වූ අවස්ථාවලට වෙනත් කණ්ඩායම් පැමිණ පහර දුන් අවස්ථා ද තිබිණි.

බරපතළ කරුණක්

කෙසේ වෙතත් යුද හමුදා මාධ්‍ය අධ්‍යක්ෂවරයා විසින් මෙම කණ්ඩායම හමුදා සෙබළුන් ද යන්න සම්බන්ධයෙන් විමර්ශනය කරන බව පැවසීම බරපතළ කරුණකි. මෙවැනි පොලු ගත් හමුදා කණ්ඩායම් විවිධ විරෝධතා මර්දනය සඳහා යොදාගත් අවස්ථා පිළිබඳ ඡායාරූප තිබේ.

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය මගින් පෙරේදා (07) පැවැත්වූ මෙම විරෝධතා පාගමන ලිප්ටන් වට රවුම ආසන්නයෙන් ආරම්භ කෙරිණි. කොළඹ විශ්වවිද්‍යාලය අසල දී එය දරුණු ලෙස මර්දනය කෙරුණු අතර, එහිදී ආරක්ෂක අංශ විශ්වවිද්‍යාලය තුළට ඇතුළු වී එහි අධ්‍යයන කටයුතුවල නිරත ව සිටි ශිෂ්‍යයන්ට ද පහර දී තිබිණි. එසේ ම විශ්වවිද්‍යාලය තුළට පොලිසියෙන් කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කිරීමට ද කටයුතු කර තිබිණි.

බ්‍රිගේඩියර්වරයා එසේ කියා ඇතත් එවැනි පරීක්ෂණයක් සිදු නොවනු ඇති බවට තතුදත් පිරිස් කියා සිටිති. ‌

මහ දවාලේ කොළඹ මහ විදියක යුද හමුදාව නොදන්නා බව කියන හමුදා  ඇදුමින් සැරසුණූ කණ්ඩායමක්  සාමකාමී උද්ඝෝෂණයකට විරුද්ධව යෙදවීම සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැනුවත්ව සිටිය යුුතු නැත්ද?

මුල් වාර්තාව ‌‌මෙහි කියවන්න

 

Archive

Latest news

Related news