Wednesday, April 24, 2024

පලාත් පාලන මැතිවරණය: සෑම ආයතනයම මැතිවරණය සඳහා වියදම් කළ හැකි උපරිම මුදල ගැසට් කරයි

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සඳහා අපෙක්ෂකයකු සහ අදාල පක්ෂය එක්ව එක් එක් පලාත් පාලන කොට්ඨාශය  සඳහා කල හැකි උපරිම වැය දක්වා තිබේ. මෙම වියදම් වාර්තාව මැතිවරණ ප්‍රතිපල නිකුත් වී දින 21ක් ඇතුළත මැතිවරණ කොමිසම වෙත ඉදිරිපත් කළ යුතුය. අනතුරුව ඉන් දින 10ක් ඇතුළත එම වාර්තා මහජනයාට පරීක්ෂා කර  බැලිය හැකි ස්ථාන පුවත්පත් දැන්වීමක් මගින් මැතිවරණ කොමිසම මගින් ප්‍රසිද්ධ කරනු ඇත. එම වාර්තාව ව්‍යාජ බවට අධිකරණයක් හමුවේ සනාථ වුවහොත් එම සභික දූරය අහෝසි වනු ඇත.

ගැසට් නිවේදනය මෙසේ දක්වයි: ( ඒ ඒ කොට්ඨාශය සඳහා වැය කළ හැකි මුදල දැන ගැනීමට මෙම ලිපිය අවසානයේ ඇති ගැසට් පත්‍රයට පිවිසෙන්න)

පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් ආඥාපනතේ (262 අධිකාරය) විධිවිධාන ප්‍රකාරව ලිඛිත නීතියක් යටතේ පිහිටුවා ඇති සෑම මහ නගර සභාවකටම, නගර සභාවකටම සහ ප්‍රාදේශීය සභාවකටම සභිකයන් තෝරා පත් කර ගැනීම පිණිස පවත්වනු ලබන 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් සඳහා තරග කරනු ලබන සෑම පිළිගත් දේශපාලන පක්ෂයකටම, ස්වාධීන කණ්ඩායමකටම හා අපේක්ෂකයකුටම 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනතේ 03 වන වගන්තිය ප්‍රකාරව මෙකී පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේ දී තරග කරනු ලබන පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සමග සාකච්ඡා කර, විමසීමෙන් අනතුරුව එකී ඡන්ද විමසීමේ දී තරග කරනු ලබන එක් එක් කොට්ඨාසයේ මැතිවරණ වියදම් ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් පිළිගත් යම් දේශපාලන පක්ෂයක්, ස්වාධීන කණ්ඩායමක් හා අපේක්ෂකයකු විසින් වැය කළ යුතු වියදම් සීමා කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලදුව මෙහි උපලේඛනයේ සඳහන් කොට ඇත.

01. එකී ඡන්ද විමසීම සඳහා තරග කරනු ලබන එක් අපේක්ෂකයකු විසින් තම කොට්ඨාසයේ වලංගු ඡන්ද හිමි නාමලේඛනයේ ලියාපදිංචි එක් ඡන්ද හිමියකු වෙනුවෙන් රුපියල් 20/- කට (රුපියල් විස්සකට) නොවැඩි මුදලක් බැගින් සිය මැතිවරණ වියදම් ලෙස එකී අපේක්ෂකයා තරග කරනු ලබන කොට්ඨාසය තුළ වැය කළ හැකිය. ඒ අනුව, එක් එක් කොට්ඨාස තුළ තරග කරන අපේක්ෂකයකුට වැය කළ හැකි උපරිම වියදම් සීමාව මතු දැක්වේ. (ඇමුණුම – 01 හි අදාළ මුදල දක්වා ඇත).
02. එකී ඡන්ද විමසීම සඳහා තරග කරන දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් විසින් වලංගු ඡන්ද හිමි නාමලේඛනයේ එක් ඡන්ද හිමියකු වෙනුවෙන් වැය කිරීමට නිශ්චය කරන ලද රුපියල් 20/- කට (රුපියල් විස්සකට) නොවැඩි මුදලින් අදාළ පළාත් පාලන ආයතනයේ, අදාළ ඡන්ද විමසීමට වලංගු ඡන්ද හිමි නාම ලේඛනයේ ලියාපදිංචි සමස්ත ඡන්ද හිමියන්ගේ සංඛ්‍යාව අනුව හිමිකම් ලබන මුදලෙන් 60%ක (සියයට හැටක) ප්‍රතිශතයක් ස්වකීය මැතිවරණ වියදම් ලෙස එකී පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම තරග කරනු ලබන පළාත් පාලන ආයතන සඳහා වැය කළ හැකිය. (ඇමුණුම – 02 හි අදාළ මුදල දක්වා ඇත),
03. අදාළ පළාත් පාලන ආයතනයේ එක් ඡන්ද හිමියකුට රුපියල් 20/- (රුපියල් විස්ස) බැගින් ගණනය කර එම පළාත් පාලන ආයතනයේ සමස්ත ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාවට අනුව ගණනය කරනු ලැබූ මුළු මුදලෙන් 40%ක (සියයට හතළිහක) ප්‍රතිශතයක් අදාළ පළාත් පාලන ආයතනයේ අතිරේඛ නාම යෝජනා පත්‍රය හෙවත් දෙවන නාම යෝජනා පත්‍රයේ අපේක්ෂක සංඛ්‍යාවෙන් බෙදා ලැබෙන මුදල එක් එක් අතිරේක අපෙක්ෂකයකුගේ වැය කළ හැකි මුදල වේ. (ඇමුණුම – 03 හි අදාළ මුදල දක්වා ඇත),
04. අදාළ විගණනය කරන ලද වියදම් වාර්තාව මැතිවරණ ප්‍රතිඵල ප්‍රකාශයට පත් කළ දින සිට දින 21ක් (විසි එකක්) ඇතුළත අදාළ පිළිගත් දේශපාලන පක්ෂය හෝ ස්වාධීන කණ්ඩායම හෝ අපේක්ෂකයා විසින් අත්සන් කර එකී අත්සන සාමදාන විනිශ්චයකාරවරයා විසින් සනාථ කර අදාළ පළාත් පාලන ආයතනයේ තේරීම් භාර නිලධාරියා වෙත භාර දෙනු ලැබිය යුතු ය.
අදාළ වාර්තාවේ දේශපාලන පක්ෂය, ස්වාධීන කණ්ඩායම හෝ අපේක්ෂකයා විසින් හෝ පිළිගත් දේශපාලන පක්ෂය,
ස්වාධීන කණ්ඩායම හෝ අපේක්ෂකයා වෙනුවෙන් පිළිගනු ලැබූ හෝ භාර ගනු ලැබූ පරිත්‍යාගයක් හෝ දායකත්වයක් සහ
එම පරිත්‍යාග හෝ දායකත්වයන් ද්‍රව්‍යමය වශයෙන් ලැබුණේ නම් ඒවායේ ඇස්තමේන්තු වටිනාකම, එකී දායකත්වය පරිත්‍යාග කරනු ලැබුවේ ත්‍යාග, ණය මුදල්, අත්තිකාරම් හෝ තැන්පතු වශයෙන් ද යන වග, ඒ පරිත්‍යාග, දායකත්ව සිදු කළ තැනැත්තාගේ හෝ සංස්ථාගත කළ හෝ නොකළ පුද්ගල මණ්ඩලවල නම, ලිපිනය හා ජාතික හැඳුනුම්පත් අංකය හෝ ලියාපදිංචි අංකය සඳහන් කළ යුතු ය.

මෙම වාර්තාවේ,

(අ) කුමන මාධ්‍යයක හෝ වෙනත් ආකාරයක කටයුතු පිළිබඳ වියදම් (ප්‍රචාරණ දැන්වීම්, අත් පත්‍රිකා, ධජ, සිතුවම්, ඡායාරූප, දැන්වීම් පත්‍ර පෝස්ටර් ආදී)
(ආ) ගුවන්විදුලි හෝ රූපවාහිනී ප්‍රචාර;
(ඇ) පුවත්පත්, වාර සඟරා, සමාජ මාධ්‍ය, ඩිජිටල් පුවරු හෝ ඕනෑම ඩිජිටල් මාධ්‍යයක හෝ වෙනත් ප්‍රකාශනවලට ත
(ඈ) රැස්වීම් පැවැත්වීම සඳහා යම් පරිශ්‍රයක්, උපකරණ කුළියට ගැනීම;
(ඉ) ඒ වාහන ධාවයනයට ඉන්ධන සැපයීම ගෙවීම් සිදු කළේද නැද්ද තහවුරු කරන බිල්පත් කුවිතාන්සි ගෙවීම් රහිතව ලබා ගන්නේ නම් එම සේවාව ලබාගත් තැනැත්තාගේ නම, ලිපිනය ඇතුළත් කළ යුතු ය.

මෙහි දී,
(අ) ඡන්ද විමසීම පැවැත්වෙන ප්‍රදේශය තුළ අපේක්ෂකයන්ගේ ප්‍රවාහන කටයුතු සඳහා සහ, විසීමෙන් අනතුරුව එකී ඡන්ද විමසීමේ දී තරග කරනු ලබන එක් එක් කොට්ඨාසයේ මැතිවරණ වියදම් ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් පිළිගත් යම් දේශපාලන පක්ෂයක්, ස්වාධීන කණ්ඩායමක් හා අපේක්ෂකයකු විසින් වැය කළ යුතු වියදම් සීමා කොමිෂන් සභාව විසින් තීරණය කරනු ලදුව මෙහි උපලේඛනයේ සඳහන් කොට ඇත.

(ආ) ලිපිද්‍රව්‍ය, දුරකථන හෝ වෙනත් ආකාරයක සන්නිවේදන කටයුතු සඳහා කරනු ලැබූ වියදම් ඉහත වාර්තාවට ඇතුළත්
නොකළ යුතු ය.

05. දින 10ක් (දහයක්) ඇතුළත එම වාර්තා ලැබීමෙන් පසුව එම ප්‍රකාශන ලැබී ඇති බවට සහ ඒ වාර්තා ප්‍රකාශන යම්
තැනැත්තකුට පරීක්ෂා කළ බැලිය හැකි ස්ථානය හා වේලාවන් දක්වමින් තේරීම් භාර නිලධාරියා හෝ මැතිවරණ කොමිෂන් සභාව විසින් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂාවලින් එක් ජාතික පුවත්පතක හෝ දැන්වීමක් පළ කරනු ලබනු ඇත.
06. ඕනෑම තැනැත්තෙකුට යම් ගාස්තුවක් ගෙවීමකින් පසුව එම වාර්තා ප්‍රකාශවල පිටපත් ලබා ගැනීමට හැකි අතර, අදාළ ගාස්තු ප්‍රමාණය එකී තේරීම්භාර නිලධාරීන් වෙතින් දැනගත හැකිය.
07. යම් දේශපාලන පක්ෂයක්, ස්වාධීන කණ්ඩායමක් හෝ අපේක්ෂකයකු විසින් නියමිත දිනට අදාළ වාර්තා භාර නොදීම හෝ එකී වාර්තාවල දෝෂ සහිත වීම නීති විරෝධී ක්‍රියාවක් වන වරදක් සිදු කරන අතර, නීති විරෝධී ක්‍රියාවක් සම්බන්ධයෙන් 2017 අංක 16 පනත මගින් සංශෝධිත පළාත් පාලන ඡන්ද විමසීම් ආඥාපනතේ (262 අධිකාරය) සඳහන් දණ්ඩනයට යටත් කරනු ලබනු ඇත.
08. (1) 2023 පළාත් පාලන ඡන්ද විමසීමේ දී තරඟ කරනු ලබන යම් පිළිගත් දේශපාලන පක්ෂයක්, ස්වාධීන කණ්ඩායමක් සහ අපේක්ෂකයකු විසින්,
(අ) යම් රජයේ දෙපාර්තමේන්තුවකින්, රාජ්‍ය සංස්ථාවකින් හෝ යම් කොටස් ප්‍රමාණයක් රජය විසින් හෝ රාජ්‍ය සංස්ථාවක් විසින් හිමිකාරිත්වය දරන 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ හෝ සමාගම්වලට අදාළ පූර්වකාලීන යම් ලිඛිත නීතියක් යටතේ සංස්ථාගත කරන ලද සමාගමක් වෙතින්;
(ආ) විදේශීය රාජ්‍යයකින්, ජාත්‍යන්තර සංවිධානයකින් හෝ ශ්‍රී ලංකාවෙන් බැහැර සංස්ථාගත කරනු ලැබූ හෝ ලියාපදිංචි
කරනු ලැබු පුද්ගල මණ්ඩලයකින්;
(ඇ) සෘජුව හෝ වක්‍රව විදේශීය කොටස් හිමිකාරිත්වය සියයට පනහක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් දරනු ලබන 2007 අංක දරන සමාගම් පනත යටතේ හෝ සමාගම්වලට අදාළ පූර්වකාලීන යම් ලිඛිත නීතියක් යටතේ ශ්‍රී ලංකාවේ සංස්ථාගත
කරන ලද යම් සමාගමකින්; හෝ
(ඈ) අනන්‍යතාව හෙළි නොකරන ලද යම් තැනැත්තකුගෙන්,

ඒ පිළිගත් දේශපාලන පක්ෂයේ, ස්වාධීන කණ්ඩායමේ හෝ අපේක්ෂකයාගේ මැතිවරණය ප්‍රවර්ධනය කිරීමේ හෝ ඊට
ඉඩ සැලසීමේ කාර්යය සඳහා පිළිගත් දේශපාලන පක්ෂය ස්වධීන කණ්ඩායම විසින් හෝ ඒ වෙනුවෙන් මුදලින් හෝ
ද්‍රව්‍යමය ආකාරයකින් සෘජුව හෝ වක්‍රව ඒ පරිත්‍යාග හෝ දායකත්වයන් ලැබුණ ද ඒ පරිත්‍යාග හෝ දායකත්වයන්
පිළිගැනීම හෝ භාර ගැනීම නොකළ යුතු ය.

(2) (1) වන උපවගන්තියේ විධිවිධාන උල්ලංඝනය කරනු ලබන යම් අපේක්ෂකයකු ඒ මැතිවරණය පවත්වන ලද පළාත්
පාලන ඡන්ද විමසීම් ආඥා පනතේ අර්ථානුකූලව නීති විරෝධී ක්‍රියාවක් වන වරදක් සිදුකරනු ලබන අතර, නීති විරෝධී
ක්‍රියාවක් වන වරදක් සම්බන්ධයෙන් 2017 අංක 16 පනත මගින් සංශෝධිත පළාත් පාලන ඡන්ද විමසීම් ආඥා පනතේ
(262 අධිකාරිය) යටතේ පනවනු ලැබ ඇති දණ්ඩනයකට ඔහු යටත් විය යුතු ය.

මෙම ගැසට් පත්‍රයේ දක්වා ඇති පරිදි ඉබ්බාගමුව ප්‍රාදේශීය සභාව සඳහා කළ හැකි වියදම මෙසේය. මීට අමතරව පක්ෂයට සහ ලැයිස්තු මංත්‍රීන්ට කළ හැති විියදම වෙනම චක්වා තිබේ.

Extra-Ordinary-Gazzette-No-2316-27Sinhala25-January-2023

Archive

Latest news

Related news