Friday, March 29, 2024

රාජ්‍ය නොවන අංශයේ (NGO) ස්වාධීනත්වයට මරු කැඳවන පනත් කෙටුම්පත ලැහැස්තියි! – සුනන්ද දේශප්‍රිය

ගෝඨාභය රාජපක්ෂ පාලනය යටතේ සකස් කරන ලද පනත් කෙටුම්පත යටතේ ඉතා බලවත් රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයක් පිහිටුවීමට රනිල් රාජපක්ෂ රජය කටයුතු කරමින් සිටින බව තතු දත් ආරංචි මාර්ග පවසයි.

පනතට අනුව මුදල් ආධාර ලබන සෑම රාජ්‍ය නොවන සංවිධානයක්ම සිය ව්‍යාපෘති සකස් කළ යුත්තේ රජයේ අදාල අංශයේ වැඩ සටහන්වලට දායක වන පරිදිය.

තෝරාගත් රාජ්‍ය නොවන සංවිධාන නායකයින් සමඟ මෑත පැවති සාකච්ඡාවක දී රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයේ අලුතින් පත් වූ අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දී ඇත්තේ පනත් කෙටුම්පත ඉදිරියට ගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ රජයට අවශ්‍ය  බවයි.  රාජ්‍ය නොවන සංවිධාන විරෝධී ආචාර්ය සුසන්ත ගුණතිලක ප්‍රමුඛ කමිටුවක් මගින් මෙම පනත් කෙටුම්පත සකස් කරන ලද්දේ ගෝඨාභය සමයේය.

පනත් කෙටුම්පත රාජ්‍ය නොවන සංවිධාන අංශය ජාතික ආරක්ෂාවට යට කිරීමේ උත්සාහයකි. මෙම පනත එලෙසින්ම ක්‍රියාවට නැගුව හොත්  මුදල් ආධාර ලබන රාජ්‍ය නොවන අංශය සහමුලින්ම වාගේ රජයේ උපාංගයක් බවට පත් වනු ඇත. පනතට අනුව මුදල් ආධාර ලබන සෑම රාජ්‍ය නොවන සංවිධානයක්ම සිය ව්‍යාපෘති සකස් කළ යුත්තේ රජයේ අදාල අංශයේ වැඩ සටහන්වලට දායක වන පරිදිය.

සිරිසේන-වික්‍රමසිංහ ඊනියා “යහපාලන” පාලනය යටතේ පවා රාජ්‍ය නොවන සංවිධාන පාලනය කිරීමට පනතක් කෙටුම්පත් කළ නමුත් සිවිල් සමාජයෙන් එල්ල වූ දැඩි විරෝධය නිසා එය ඉවත් කර ගැනීමට සිදු විය.

කෙටුම්පත් පනත හෝ ශ්‍රී ලංකා නීතිය ත්‍රස්තවාදය යන පදය නිර්වචනය නොකළද, පනතෙහි බොහෝ වගන්තිවල එම යෙදුම භාවිතා කරයි. සාමකාමී විරෝධතා පවා ජනාධිපතිවරයා විසින් ත්‍රස්තවාදයක් ලෙස හංවඩු ගසා ඇති තත්වය යටතේ එකී වගන්ති සංවිධාන තහනම් කිරීමට ලෙහෙසියෙන්ම යොදා ගත හැකි වනු ඇත

“යහපාලන” සමයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා රාජ්‍ය නොවන සංවිධාන ක්‍ෂේත්‍රය පිළිබඳ වාර්තාවක් සැකසීමට දෙදෙනකුගේ කණ්ඩායමක් පත් කළේය. එම දෙදෙනා නම් සුදර්ශන ගුණවර්ධන සහ නිමල්කා ප්‍රනාන්දුය. මෙම දෙනොම ප්‍රබල වික්‍රමසිංහ පාක්ෂිකයින්ය. එම වාර්තාව කිසිදා ප්‍රසිද්ධියට පත් කර නැත. 2018  රාජ්‍ය නොව සංවිධාන පාලන පනත කෙටුම්පත් කළේ ඔවුන්ගේ වාර්තාව මතද  යන්න එබැවින් නිගමනය කිරීම දුෂ්කරය.

කෙටුම්පත් පනතෙහි රාජ්‍ය නොව අංශයේ ස්වාධීනත්වය කෙලෙසන භයානක වගන්ති  ගණනාවක් ම  තිබේ..

කෙටුම්පත් පනත හෝ ශ්‍රී ලංකා නීතිය ත්‍රස්තවාදය යන පදය නිර්වචනය නොකළද, පනතෙහි බොහෝ වගන්තිවල එම යෙදුම භාවිතා කරයි. සාමකාමී විරෝධතා පවා ජනාධිපතිවරයා විසින් ත්‍රස්තවාදයක් ලෙස හංවඩු ගසා ඇති තත්වය යටතේ එකී වගන්ති සංවිධාන තහනම් කිරීමට ලෙහෙසියෙන්ම යොදා ගත හැකි වනු ඇත.

තවත් වගන්තියකින් දැක්වෙන්නේ “ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මානව හිමිකම් සුරැකීමේ නාමයෙන් ශ්‍රී ලංකා රජයට එරෙහි අන්තවාදී සහ රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්” සම්බන්ධයෙන් පියවර ගත යුතු බවයි. ජනාධිපති රනිල් රාජපක්ෂ අයවැය විවාදයේදීද මෙම අදහස් ප්‍රකාශ කිරීමෙන් පෙනි යන්නේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව හිමිකම් ගැන ක්‍රියා කරන සංවිධාන නිරන්තර අධීක්ෂණයක් යටතේ තබා ගැනීමටත් මැඩලීමටත් සැරසෙන බවයි.

ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා මුදල් සැපයීම, දේශීය හා විදේශීය අරමුදල් අනවශ්‍ය ලෙස සුරක්ෂිත කිරීම සහ අයථා පරිහරණය, ​​ජීව විද්‍යාත්මක සොරකම්, මුදල් විශුද්ධිකරණය, ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් සඳහා මුදල් සැපයීම සහ වෙනත් එවැනි වැරදි සම්බන්ධයෙන් මෙම පනතේ 1 වන උපලේඛනයේ සඳහන් බලධාරීන් වෙත පැමිණිලි කිරීම සහ ඒවා විමර්ශනය කිරීමටත් අවශ්‍ය පියවර ගැනීමටත් කෙටුම්පත කාර්යාංශයට බලය පවරයි.

තවත් වගන්තියකින් දැක්වෙන්නේ “ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මානව හිමිකම් සුරැකීමේ නාමයෙන් ශ්‍රී ලංකා රජයට එරෙහි අන්තවාදී සහ රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම්” සම්බන්ධයෙන් පියවර ගත යුතු බවයි. ජනාධිපති රනිල් රාජපක්ෂ අයවැය විවාදයේදීද මෙම අදහස් ප්‍රකාශ කිරීමෙන් පෙනි යන්නේ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදී සහ මානව හිමිකම් ගැන ක්‍රියා කරන සංවිධාන නිරන්තර අධීක්ෂණයක් යටතේ තබා ගැනීමටත් මැඩලීමටත් සැරසෙන බවයි. ප්‍රජාතන්ත්‍රවාදය සහ මානව හිමිකම් යන වචන අනිල් රාජපක්ෂට නයාට අඳු කොළ බවට පත්ව තිබේ.

“විවිධ විදේශීය ආයතනවල සෘජු හෝ වක්‍ර නියෝජිතයන් ලෙස ක්‍රියා කරන දේශීය හා විදේශීය රාජ්‍ය නොවන සංවිධාන සහ එම ආයතන මගින් සපයන අරමුදල් මත ප්‍රජාතන්ත්‍රවාදයේ සහ මානව හිමිකම් සුරැකීමේ නාමයෙන් ශ්‍රී ලංකා රජයට එරෙහි අන්තවාදී සහ රාජ්‍ය විරෝධී ක්‍රියාකාරකම් විමර්ශනය කිරීම සහ විමර්ශනය කිරීම” ද මෙම පනත් කෙටුම්පතෙහි තවත් අරමුණකි.

“ප්‍රජාවන් අතර අසමගිය ඇති කිරීම” යන යෙදුම මෑත අතීතයේ විසම්මුතිය සහ නිර්මාණාත්මක ලිවීම් යටපත් කිරීමට බොහෝ විට භාවිතා වී තිබෙන වටපිටාව තුළ පහත සඳහන් වගන්තිය තවත් භයංකර ලකුනකි.

“රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරකම් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවන බවටත් එවැනි සංවිධාන ඔවුන්ගේ ප්‍රකාශිත අරමුණු ඉක්මවා ක්‍රියා නොකරන බවටත් සහතික කිරීම”  සහ  ” සාවද්‍ය තොරතුරු පතුරවා හැරීම ඇතුළු විවිධ ක්‍රියාමාර්ග හරහා අන්තවාදීන් ප්‍රජාවන් අතර අසමගිය ඇති කිරීමෙන් සහ රාජ්‍යයට එරෙහිව ක්‍රියා කිරීමෙන් වැළක්වීමට පියවර ගැනීමට”ද කෙටුම්පත පනත කාර්යාංශයට බලය පවරයි.

පසුගිය කාලය පුරා ව්‍යාජ  හේතු මවා  ඉහත දක්වන ලද පදනම මත විවිධ පුද්ගලයින්ට සහ සංවිධානයන්ට කරන ලද හිරි හැර සාධාරණ කිරීමට මෙම වගන්ති යොදා ගත හැකිවනු ඇත.

රාජ්‍ය නොවන සංවිධානවල විධායක කමිටු රැස්වීම්වලට සහභාගී වීමට රාජ්‍ය නොවන සංවිධාන ලේකම් කාර්යාලයට පනත මගින් අවසර ලබා දී තිබේ.

“රාජ්‍ය නොවන සංවිධානයක විධායක කමිටු සාමාජිකයින්ගේ සියලුම සාමාජිකයින්ගේ හෝ බහුතර සාමාජිකයින්ගේ නිදහස් ඉල්ලීම මත සංවිධානයේ විධායක කමිටු රැස්වීමකට හෝ සංවිධානයේ සාමාජිකයින්ගේ මහා සභා රැස්වීමකට සහභාගී වීමට අධ්‍යක්ෂ ජනරාල්වරයාට හෝ ඔහු වෙනුවෙන් වෙනත් නිලධාරියකුට” බලය තිබේ.

රාජ්‍ය නොවන සංවිධානවල සියලු ම සාමාජිකයින් නිරීක්ෂණය කිරීමට පමණක් නොව ඔවුන් සතු දේපල පිළිබඳ තොරතුරු රැස් කිරීමට කෙටුම්පත යෝජනා කරයි. මේ වනාහි කිසිම ලෙසකින් සාධාරණ කළ නොහැකි රාජ්‍ය නොවන ක්ෂේත්‍රය සහමුලින්ම බිය ගැන්විය හැකි භයානක වගන්තියකි. ඒ මෙසේය: “රාජ්‍ය නොවන සංවිධානවල සාමාජිකයින්ගේ ආගමන, භාණ්ඩ ආනයනය, සන්නිවේදන උපකරණ, චංචල සහ නිශ්චල දේපල සම්බන්ධ දත්ත හෝ වෙනත් තොරතුරු සැපයන ලෙස අදාළ රාජ්‍ය ආයතන වෙත දන්වා යැවීමට” බලය තිබේ.

රාජ්‍ය නොවන සංවිධාන සතු දේපල නිසි අධිකරණමය ක්‍රියා පටිපාටියකින් තොරව තහනම් කිරීමට පවා කාර්යාංශයට බලය පවරා තිබේ.

“අධ්‍යක්ෂ ජනරාල්වරයා, තොරතුරු ලැබීමෙන් පසු සාධාරණ සාක්ෂි ඇසීමෙන් පසු, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජාතික ආරක්ෂාවට, වාර්ගික හෝ ආගමික සහජීවනයට, ජෛව විවිධත්වයට සහ භෞමික අඛණ්ඩතාවයට හානිදායක ලෙස ක්‍රියා කරන බවට සෑහීමකට පත් වේ නම් එම සංවිධානය තහනම් කරන ලෙසත්, එම සංවිධානය සතු චංචල සහ නිශ්චල දේපළ තහනම් කරන ලෙසත් අදාළ අමාත්‍යාංශයේ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටීමට” බලය ඇත.

ශ්‍රී ලංකා යන වචනය  පවා   භාවිතා කළ නොහැක!

කිසිදු රාජ්‍ය නොවන සංවිධානයක් එහි නමෙහි පහත වචන හෝ වාක්‍ය ඛණ්ඩ භාවිතා නොකළ යුතුය.
“ශ්‍රී ලංකාව” “රාජ්‍යය හෝ රාජ්‍යයේ”, “රජයේ හෝ රජයේ”, “ජාතික”, “ජනාධිපති”, “ජනාධිපතිගේ”, “එක්සත් ජාතීන්ගේ”, සහ “එක්සත් ජාතීන්ගේ”, “නගර සභාව” “, “නගර සභාවේ”, “ප්‍රාදේශීය සභාව”, “ප්‍රාදේශීය සභාවේ”

රාජ්‍ය නොවන සංවිධානයක නාමයකින් විදේශීය භාෂාවක් භාවිතා කළ නොහැක. මෙගින් ජපන් යනාදී භාෂාවන්ගෙන් සිය නම සඳහන් කර ඇති සංවිධාන තහනමට වුව ලක් කළ හැකිය.

සෑම රාජ්‍ය නොවන සංවිධානයක්ම තම සංවිධානයේ නම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් හෝ ත්‍රෛභාෂාවෙන් පමණක් ලිවිය යුතුය.

රාජ්‍ය නොවන සංවිධාන නම් තහනම් කිරීමට අර්ථ විවිරණයක් නොකළ හේතු යොදා ගැනීමටද කෙටුම්පත බලය පවරයි.

කිසිදු රාජ්‍ය නොවන සංවිධානයක් ජාතික සමගිය, ස්වාධීනත්වය, එකමුතුකම, භෞමික අඛණ්ඩතාව හෝ ජාතීන් අතර සහජීවනයට තර්ජනයක්, බලපෑමක් හෝ වෙනත් ආකාරයකින් බෙදීමට හේතු වන ආකාරයෙන් හෝ එවැනි වචන මගින් තම සංවිධානයේ නාමය භාවිතා කරන පද හෝ වචන භාවිතා නොකළ යුතුය.  පුද්ගලයෙකු, පුද්ගල කණ්ඩායමක් හෝ මහජනතාව නොමග යැවීම, රැවටීම හෝ වෙනත් ද්වේෂ සහගත අරමුණු සඳහා භාවිතා කිරීම නොකළ යුතුය.

රුපියල් මිලියනයකට (USD 3000) වඩා මුදල් ලබා ගැනීමට කාර්යාංශයේ අවසරය ලබා ගත යුතුය. වර්ථමාන තත්වය යටතේ රුපියල් මිලියනයක් යනු සංවිධානයක් පවත්වා ගෙන යෑමට අවශ්‍ය අවම මුදලවත් නොවේ.

“මෙම පනත යටතේ ලියාපදිංචි වී ඇති සෑම රාජ්‍ය නොවන සංවිධානයක්ම ජනතාවගෙන් සෘජු හෝ වක්‍ර අරමුදල් රැස් කිරීමේ ක්‍රම මගින් එක් මූල්‍ය වර්ෂයකදී රුපියල් මිලියනයක වැඩ සඳහා අරමුදල් රැස් කිරීමට අදහස් කරන විට අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ පූර්ව අනුමැතිය ලබා ගත යුතුය.”

මාධ්‍ය හරහා අරමුදල් රැස් කිරීමට අවසර අවශ්‍ය බවටද කෙටුම්පත නියම කරයි.

“මාධ්‍ය, අන්තර්ජාලය සහ විද්‍යුත් මාධ්‍ය හරහා ජනතාවගෙන් පරිත්‍යාග සහ අරමුදල් එකතු කිරීමට අදහස් කරන සෑම ලියාපදිංචි රාජ්‍ය නොවන සංවිධානයක්ම අනුමැතිය සඳහා අධ්‍යක්ෂ ජනරාල් වෙත අයදුම් කළ යුතුය.”

කාර්යාංශයේ උපදේශක සභාව ආරක්ෂක අංශ සහ පොලිස්පතිගෙන් සමන්විත වේ.

ජාතික ලේකම් කාර්යාලයේ කාර්යයන් සහ රාජකාරි ඉටු කිරීම සඳහා මෙම පනත යටතේ උපදේශක සභාවක් ස්ථාපිත කළ හැකිය. එකී උපදේශක සභාව පහත නිල ආකාරයෙන් තෝරා ගන්නා ලද නිලතල දරන සාමාජිකයන්ගෙන් සමන්විත විය යුතුය.
අ. ලේකම්, ආරක්ෂක අමාත්‍යාංශය හෝ ඔහුගේ නියෝජිතයා.
ආ. ශ්‍රී ලංකා පොලිසියේ පොලිස්පතිවරයා හෝ ඔහුගේ නියෝජිතයා.
ඇ. මහ බැංකුව යටතේ ස්ථාපිත මූල්‍ය බුද්ධි අංශයේ ප්‍රධානියා හෝ ඔහුගේ නියෝජිතයා.
ඈ සමාජ සේවා අධ්‍යක්ෂ හෝ ඔහුගේ නියෝජිතයා.
ඉ. ලේකම්, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හෝ ඔහුගේ නියෝජිතයා
උ. ලේකම්, විදේශ කටයුතු අමාත්‍යාංශය හෝ ඔහුගේ නියෝජිතයා.
ඌ. ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලකවරයා හෝ ඔහුගේ නියෝජිතයා.
එ. දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් හෝ ඔහුගේ නියෝජිතයා.
ඒ. සිවිල් සමාජ සංවිධාන හෝ රාජ්‍ය නොවන සංවිධාන නියෝජනය කරන එක් සාමාජිකයෙක්.

පනත් කෙටුම්පත සම්පුර්ණයෙන් කියවන්න:1980 අංක 31 දරන ස්වේච්ඡා සමාජ සේවා සංවිධාන

Archive

Latest news

Related news