Thursday, April 25, 2024

ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුවෙන් මර්දනකාරී රනිල් රාජපක්ෂ පුනරුත්ථපන පනත ගස් යයි!

රනිල් රාජපක්ෂ ආණ්ඩු්ඩු විසින් නවතම මර්දනකාරී මෙවළමක් ලෙස ගෙන ඒ්මට සැළසුම් කරන ලද පුනරුත්ථාපන කාර්යංශය පනත දැන් කොට උඩ යාමට නියමිත බව පෙනෙන්නට තිබේ.

භයේ ඒනම් 20 දා ලබා දුන් එම තීන්දුවට අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත්, එය සම්මත කළ හැක්කේ පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් පමණකි. ඉන් අදහස් වන්නේ තුනෙන් දෙකක බහුතර ජන්දයකින් එය සම්මත කළ යුතු බවයි.

රනිල් රාජපක්ෂ ආණ්ඩුවට පාර්ගිමෙන්තුවෙහි 2/3ක බහුතර බලයක් නැත. රනිල් රාජපක්ෂ ජනාධිපති බවට පත් වූයේද පාර්ලිමෙන්තු ජන්ද 134කිනි. තුනෙන් දෙකක බලයක් යනු ජන්ද 150කි.

එපමණක් නොව පනත් කෙටුම්පත  තුළ අන්තර්ගත ‘සටන්කාමීන්’, ‘ප්‍රචණ්ඩකාරීන්’ යන වචන ඉන් ඉවත් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙහි සඳහන් වෙයි. මන්ද යක් එම යෙදුම් සම්බන්දයෙන් නිතිමය වශයෙන් පිළිගත් නිර්වචන නැති නිසාය.

පුනරුත්ථාපන කාර්යංශ පනත් කෙටුම්පත මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් පුනරුත්ථාපනය සඳහා පමණක් අදාළ කරගත යුතු බව ද ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවෙහි දැක්වෙයි.

මෙම කෙටුම්පත පාර්ලිමේන්තුවේ සරළ බහුතරයකින් සම්මත කිරීමට නම් කළ යුතු වෙනසකම් විශාල ප්‍රමාණයක් ශ්‍රේෂටාධිකරණ තීන්දුවෙහි දැක්වෙයි.

පුනරුත්ථාපන කාර්යාංශය පනත් කෙටුම්පත 2022 සැප්තැම්බර් 23 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ අමාත්‍ය මණ්ඩලය එය අනුමත කිරීමෙන් පසුවය. මෙවැනි ව්‍යවස්ථා විරෝධී පනතක් සම්මත කිරීම රනිල් රාජපක්ෂගේ මර්දනකාරී දේශපාලනය සංක්තවත් කරයි.

මෙම කෙටුම්පත හරහා ආණ්ඩුව අරගලයේ යෙදුණු පිරිස දිගු කාලයක් කඳවුරු තුළ රඳවා තබාගැනීමට සැරසෙන බවට විපක්ෂය හා සමාජ ක්‍රියාකාරීහු චෝදනා නැඟූ අතර අරගලය මෙහෙයවූ පිරිස අත්අඩංගුවට ගෙන, ‘රැල්ලට ඊට එක්වූ තරුණයින්’ සමාජගත කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කියා සිටියේය.

“අරගලයට සම්බන්ධ අහිසංක දරුවෝ ඉන්නවා, ඒ දරුවන්ව රිමාන්ඩ් කරලා, පොලිස් වාර්තා දීලා, රැකියාවක් ගන්න බැරි තැනට කටයුතු කිරීම වැරදියි. අපි කියන්නේ මේක මෙහෙයවපු අයට දඬුවම් දිය යුතු යි. හැබැයි රැල්ලට ආපු ළමයි නම් අත්අඩංගුවට අරන් නිකරුණේ බන්ධනාගාරගත කිරීමෙන් ප්‍රතිඵලයක් නැහැ. මේක මෙහෙයවපු අය එළියේ බලන් ඉන්නවා.රැල්ලට ගියපු, රැවටිලා ගියපු, එහෙම නැත්නම් නොමඟ ගියපු දරුවෝ ඉන්නවා නම් ඒගොල්ලෝට යම් කිසි වැඩ පිළිවෙලක් හරහා සමාජගත කරන්න,” නාමල් රාජපක්ෂ තව දුරටත් කියා සිටියේ ය.

අරගල ක්‍රියාකාරීන් සහ ක්‍රියාකාරිනයන් පුනරුත්ථපනය කර සමාව දිය යුතු බවට රනිල් රාජපක්ෂවාදී ඊනියා සිවිල් මානව හිමිකම් පිරිස්ද කියා සිටියහ. ඔවුන් කිසිවකු මෙම භයානක පනතට විරුද්ධව කට ඇර වචනයක්වත් කීවේ නැත.

දැන් රනිල් නාමල් රාජපක්ෂවරුන්ගේ සහ රනිල්වාදී සිවිල් කණ්ඩායම්හි එම බිය ජනක ලේ මුසු ආසාව අවසානය.

පුනරුත්ථාපන කාර්යංශය පනත් කෙටුම්පතට අනුව, එම කාර්යංශය පිහිටුවීමේ පරමාර්ථය වන්නේ ‘සමාජ-ආර්ථික ප්‍රමිතීන් සකස් කිරීම මාර්ගයෙන් සඵලදායි ප්‍රතිසංකලනය හා ප්‍රතිසංධානය සහතික කිරීම පිණිස, විවිධ ප්‍රතිකාර ක්‍රම යොදා ගැනීමෙන් ඖෂධවලට ඇබ්බැහිවූවන්, පෙර සටන්කරුවන්, ප්‍රචණ්ඩකාරී, අන්තගාමී කණ්ඩායම්වල සාමාජිකයින් සහ ප්‍රතිකාර සහ පුනරුත්ථාපනය අවශ්‍ය වෙනත් තැනැත්තන් කණ්ඩායමක් පුනරුත්ථාපනය කිරීම’ ය.

ඒ සඳහා ත්‍රිවිධ හමුදාව යොදාගැනීමට පනත් කෙටුම්පතෙන් යෝජනා කර තිබුණි.

රනිල් රාජපක්ෂ පනත ගැන කිසිවක් නොකී නමුත් එය ඉදිරිපත් කරන ලද්දේ ඔහුගේ  අධිකරණ බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජේදාස රාජපක්ෂ විසිනි.

මෙම පනත් කෙටුම්පත රනිල් රාජපක්ෂ ආණ්ඩුව ගෙන යන මර්දනකාරී දේශපාලනයේ භයානක දිගුවක් වීමට ඉඩ තිබුණි.

දැන් එම ආසාවත් අතහැර දැමීමට සිදුවන නමුත් රනිල් රාජපක්ෂ ආණ්ඩුව විසින් ඒ වෙනුවට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යොදා ගැනීමට ඉඩ තිබෙන බව දේශපාලන අංශ පෙන්වා දෙති.

( නාමල් රාජපක්ෂගේ කතා උපුටා ගත්තේ බීබීසී සිංහල සේවයේ ලිපියකිනි)

Archive

Latest news

Related news