Friday, March 29, 2024

මැයි 09 ප්‍රහාරයට වගකිය යුතු පොලිස් නිලධාරීන්ට නඩු පැවරීමට ජනාධිපති කමිටුවක් පත්කරන්න – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

ඡායාරූපය‍: පහර දීම් සිදුවූයේ පොලිස් නිලධාරීන් ඉදිරිපටය.

2022 මැයි 9 දින  නීතිය ක්‍රියාත්මක කිරීමේ බලධාරීන් විසින් නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට සහ ජනතාවගේ මූලික අයිතිවාසිකම් සුරැකීමට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයා තිබුනේද යන්න විමර්ශනය කර වාර්තා කිරීමට මානව හිමිකම් කොමිසම විසින් විශේෂ වාර්තාකරුවන් කණ්ඩායමක් පත් කර කරන ලදී. දැන් එම විශේෂ වාර්තාකරුවන් ඉදිරිපත් කරන ලද නිර්දේශ කොමිසම විසින් එළි දක්වා තිබේ.

2022 මැයි 9 වැනි දින අරලියගහ මන්දිරය සහ ගාලුමුවදොර පිටිය ඉදිරිපිට විරෝධතාවයේ යෙදෙන සාමකාමී විරෝධතාකරුවන්ට සහ නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන් 2022 මැයි 9 වන දින නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමට අවශ්‍ය සියලු සාධාරණ පියවර ගත්තේද යන්න විමර්ශණය කිරීම එම පරීක්ෂණයේ අරමුණ විය.

මෙම විශේෂ වාර්තාකරුවන්ට එම ප්‍රහාරයට සම්බන්ධ දේශපාලනඡයින් ගැන සෙවීමට බලය පවරා තිබී නැත. ගෝ්ටා ගෝ ගමට සහ මයිනා ගෝ ගමට ප්‍රහාරය  එල්ල කිරීම සංවිධානය කරන ලද්දේ එවකට අගමැති වූ මහින්ද රාජපක්ෂගේ නිල නිවස වූ අරලය ගහ මන්දිරයේ සිටය.  හිටපු ඇමැතිවරයකු වන ජෙන්ස්ටන් ප්‍රනාන්දු එම ප්‍රහාරයට රාජපක්ෂ අනුගාමිකයින් උසි ගැන් වූ ප්‍රමුඛයෙකි. ගෝල් ෆේස් සුද්ද කිරීමට යන බවට මොර දෙන පිරිස් සමග නාමල් රාජපක්ෂ සෙල්ෆි ගැසුවේය.

නමුත් එම අපරාධකරුවන් ගැන මානව හිමිකම් කොමිෂව විමර්ශනයක් කල බව දැන ගන්නට නැත.

කරන ලද විමර්ශනයේදී පොලිස්පතිවරයා ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන් රැසක් කැඳවා තිබුණේ යුද හමුදාවේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් රැසක් කැඳවා තිබේ. එමෙන්ම ආඥාපති, රාජ්‍ය බුද්ධි අංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්, CCTV දර්ශන සහ සියලුම ලේඛනගත සාක්ෂි ද විමසා බලා තිබේ.

බුද්ධි වාර්තාව වටිනා නමුත් තොරතුරු මූලාශ්‍ර රාශියකින් එකක් පමණක් බව සදහන් කරන එම නිර්දේශ භූමියෙන් එන සජීවී සහ සෘජු තොරතුරු (විවිධ සහභාගිවන්නන්ගේ සහ තොරතුරු සපයන්නන්ගේ තොරතුරු ඇතුළත්), CCTV දර්ශන ආදියෙහි වැදගත්කම සදහන් කරන නිර්දේශ පොලිසියේ (lGP සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්) නායකත්වයට ලැබෙන සියලුම තොරතුරු නිරන්තරයෙන් විශ්ලේෂණය කරන පද්ධතියක් තිබිය යුතු බවත්‍ හැකි සෑම ප්‍රහාරයකටම නිලධාරීන් සූදානම් කිරීමට අදාළ සියලු තොරතුරු ලබා ගැනීමේ ක්‍රමවේදයක් පොලිසියට තිබිය යුතු බවත් සඳහන් කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු අනෙකුත් රාජ්‍ය සහ රාජ්‍ය නොවන නිලධාරීන් අරලියගහ මන්දිරය තුළ කළ කතා නිවැරදිව තහවුරු කර ගැනීමට පොලිසියට නොහැකි වී ඇති බව අනාවරණය විය. මෙම තීරණාත්මක තොරතුරු ලබා ගැනීමේ අපොහොසත්කමට හේතුව ආරක්ෂක ලේකම්වරයා යටතේ ඇති බුද්ධි අංශයට ඒනම්  රාජ්‍ය බුද්ධි අංශය නිර්දේශ විසින් පවරයි.

අණ දෙන නිලධාරියා සහ එම නිලධාරියා සහ භූමියේ සිටින අණ දෙන නිලධාරීන් අතර ඇති සම්බන්ධය හඳුනා ගැනීමට කමිටුවට හැකි විය යුතුය. සහ නිලධාරියා ද යන්න ප්‍රහාරය වැළැක්වීමට අණ දෙන භූමියේදී තීරණය කළ හැකිය.

නීතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් වගකිව යුතු අපරාධකරුවන් කවුරුන්ද යන්න හඳුනා ගැනීම සඳහා ජනාධිපතිවරයා විසින් කමිටුවක් පත් කළ යුතු බව මානව හිමිකම් කොමිසම නිර්දේශ කර තිබේ.

භූමියේ සිටි නිලධාරියා කිසිදු තීරණයක් නොගැනීම ගැටුමට මූලික හේතුවයි. ඊට හේතුව කුමක්ද? එය
වැළැක්වූයේ කවුද? යන්න එය විමර්ශනය කිරීම වැදගත්ය. ගාලු පාර දිගේ ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසීම වැළැක්වීමට ගාලු පාර හරහා වානේ බාධක නොතැවීමට හේතුව කුමක්ද? අවාසනාවකට මෙන්, නොවැළැක්විය හැකි ලෙස ගැටුමක් ඇති කළ කඩා වැදීම වැළැක්වීම සඳහා මෙම මූලික ක්‍රමවේද  ක්‍රියාත්මක කිරීමට  නිසි පියවර ගෙන නොතිබුණි. කෙසේවෙතත් ඔවුන් දින කිහිපයක් රැස්වී තිබුණේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි.

පොලිස්පතිවරයාගේ සිට ඔහුගේ යටත් නිලධාරීන් සහ යටත් නිලධාරීන්ගේ සිට පොලිස්පතිවරයා දක්වා වූ දුරකථන සංවාද සහ දුරකථන සංවාදය පරීක්ෂා කිරන ලෙස ජනාධිපති විසින් පත් කරනු ලබන කමිටුවට කොමිසම උපදෙස් දෙයි.
පොලිස්පතිවරයා සහ ආරක්‍ෂක ලේකම්වරයා අතර මැයි 9 වැනිදා පස්වරු 11.50 සිට 1.00 දක්වා සිදු වූ සම්පූර්ණ දුරකථන පණිවිඩ TRC වෙතින් ලබා ගත යුතුය.

නීතිය ක්‍රියාත්මක කිරීමේ නිලධාරීන්ගේ මෙම රාජකාරි කඩකිරීම හේතුවෙන් තුවාල ලැබූවන්ට නීතියෙන් සහ ප්‍රමාණවත් ලෙස වන්දි ගෙවීමට, නීතිය ක්‍රියාත්මක කිරීමේ සමස්ත පද්ධතියම විමර්ශනය කර වගකීම හඳුනාගෙන අවශ්‍ය පියවර ගැනීමටත් එවැනි නිලධාරීන්ට දඩුවම් පැමිණවිමටත් ජනාධිපතිවරයා විසින් එම කමිටුවට නියම කළ හැකි බව කොමිසම වැඩිදුරටත් නිර්දේශ කරයි.

Archive

Latest news

Related news