Tuesday, July 16, 2024

රෝයල් පාක් ඝාතකයා බේරගන්න ෂානිට දෙන්න ආ කෝටි 50 සහ සිරිසේන-රතන අල්ලස

රෝයල් පාක් මිනීමරුම යළි කරළියට ඇදී ආවේ එම ඝාතකයා නිදහස් කිරීම පිනිස අතුරුලියේ රතන නම් චීවර ධාරියා අල්ලසක් ගන්නට ඇතැයි හිටපු ජනාධිපති සිරිසේන කල කතාව නිසාය.

ජූඩ් සම්න්ත ගේ පවුලට අල්ලස් දීමේ ඉතිහාසයක් ඇත.

සිරිසේන කියා සිටියේ තමා ජූඩ් සම්න්තට ජනාධිපති සමාව දුන්නේ අල්ලසක් නිසා යැයි පැතිරුණු කතාව සෙවීමට තමන් සීඅයිඩීයේ මහත්වරුන්ට කී බවයි. එම පරීක්ෂණයෙන් පසු එවැනි අල්ලසක් දී ඇති බවට තමාට වාර්තා කරන ලදැයි සිරිසේන කීවේය.

දැන් සිරිසේනගේ මෙම ප්‍රකාශය පිළිබඳව පරීක්ෂණයක් කරන සේ අතුරලියේ රතන පොලීසියට පැමිණිල්ලක් කර තිබේ.

මෙැවැනි පරීක්ෂණයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර නොදුන් බවක් ෂානි අබේසේකර  හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ එවකට ප්‍රධානියා වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනවිරත්න හෝ නොදන්නා බව ශ්‍රී ලංකා බ්‍රීෆ් ආරංචි මාර්ග ස්ථිර කරයි.

දැන ගන්නට ඇති අන්දමට එම පරීක්ෂණය බාර දී ඇත්තේ සිරිසේන ගේ ගජ මිතුරකු වූ රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනටය. ඒ වන විට පාස්කු ප්‍රහාරයෙන් පසු සිරිසේන සහ නිලන්ත ජයවර්ධන රයිගමයා සහ ගම්පලයා සේ සමීප වී සිටියේය. මන්ද යත් දැන දැනම පාස්තු ප්‍රහාරය සිදුවන්නට ඉඩ හැරියේ එම දෙදෙනා  නිසාය.

අපරාධ නඩුවක් පැවරීමට නම් පරීක්ෂණයක් කළ යුත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසිනි. රාජ්‍ය බුද්ධි සේවය කරන්නේ බුද්ධි තොරතුරු සැපයීම පමණි. එම නිලධාරීන් සිරිසේනට ලිඛිත වාර්තාවක් දෙන්නට ඇතැයි ද ආරංචි මාර්ග සදහන් කරයි. එම වාර්තාව අල්ලස් දුන් බව සනාථ කර තිබූ බව සිරිසේන කියයි. නමුත් එවැනි වාර්තාවකින් අපරාධ නඩුවක් පැවරිය නොහැක.

රෝයල් පාක් ඝාතකයා වූ ජූඩ් සමන්ත නිදහස් කර ගැනීමට අල්ලස් දීමට තැත් කළ ප්‍රථම අවස්ථාව මෙය නොවේ.

එම නඩුව විභාග වන අවස්ථාවෙහිදී හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයකු වන ටෝනි ඕපාත එම පරීක්ෂණය බාරව සිටි එවකට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක වූ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ෂානි අබේසේකරට කෝටි 50ක අල්ලසක් දීමට උත්සාහ කළේය.

ජූඩි සමන්තගේ මව ඒ විට දීග කෑවේ ටෝනි ඕපාත සමඟය. ටෝනි ඕපාත ජීවත් වූයේ නෙදර්ලන්තයේ වූ නමුත් මෙම අල්ලස යෝජනා කිරීමට ලංකාවට පැමිණියේය. නඩුවෙහි පරිවේණීය සාක්ෂි වෙනස් කරන්නේ නම් රුපියල් කෝටි 50ක් ෂානි අබේසේකරට දීමට ටෝනි ඕපාත පොරොන්දු විය. එම මුදල රැගෙන විදෙස් රටකට ගොස් යහතින් ජීවත්විය  හැකි බව ටෝනි ඕපාත ෂානි අබේසේකරට කීවේය.

ෂානි අබේසේකර මෙම අල්ලස් යෝජනාව අධිකරණයට වාර්තා කරන ලදී. අල්ලස් දීමට උත්සාහ කිරීමේ චෝදනාවට ටෝනි ඕපාතට අත්හිටවූ සිර දඩුවමක්ද නියම කරන ලදී.

එදා කෝටි 50ක් දීමට උත්සාහ කළ ජුඩ් සම්න්තගේ පවුල ඔහුට ජනාධිපති සමාව ලබා ගැනීම සදහා ඊට වැඩි මුදලක් වුව වියදම් කරන්නට ඇති බවට සැකයක් නැත.

ප්‍රශ්ණය ඒම මුදල ගියේ කා අතටද යන්නයි. දුරකතන සංවාද සහ බැංකු ගිණුම් පරීක්ෂා කරමින් කරනු ලබන නිසි පරීක්ෂණයකින් මෙම අල්ලස දුන් සහ ගත පුද්ගලයින් සොයා ගැනීම දුෂ්කර නොවේ යැයි අපරාධ පරීක්ෂණ ආරංචි මාර්ග සඳහන් කරයි.

එකී අල්ලස් මුදල අතුරලියේ රතනට පමණක් නොව සිරිසේනගේ පුතාටද ලැබුණ බවට කටකතා එකළ පැතිරුණි.

සිරිසේන පවුලේ අදායම් සහ දේපල පිළිබඳ නිසි පරීක්ෂණයක් කිරීම මගින් මෙහි සත්‍ය අසත්‍ය සොයා ගැනීමට හැකි වනු ඇතැයි තතු දත් ආරංචි මාර්ග පවසති.

( ශ්‍රී ලංකා බ්‍රීෆ්)

Archive

Latest news

Related news