Tuesday, July 16, 2024

ශ්‍රී ලංකාවට සහය දීම, සැප්තැම්බරයේ ඉදිරිපත්වන යුද අපරාධ පිළිබද එක්සත් ජාතීන්ගේ වාර්තාව සමඟ ඇමෙරිකාව සම්බන්ධ කරයි

ඡායරූපය‍: යුද සමයෙහි බලහත්කාරයෙන් අතුරුදහන් කරවන ලද දහස් ගණනාවක් සම්බන්ධයෙන් ලංකාණ්ඩුව යුක්තිය ඉටු කර නැත. ( ඡායාරූපය අතුරුදහන්වූවන් වෙනුවෙන් පවැති ආදරයේ දවස වැඩ සටහනෙනි.)

පසුගිය 10දා ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්තනි බිලින්කන්, ජපාන විදේශ අමාත්‍ය හයාෂි යොෂිමාසා, ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය ඩී.එස්. ජයසංකර්, සහ ඕස්ට්‍රේලියානු විදේශ අමාත්‍ය පෙකී වොන්ග් වෙත ලිපියක් යවමින් ඇමෙරිකානු සෙනෙට් සභාවේ විදේශ සබඳතා පිළිබඳ කමිටුවේ සභාපති බොබ් මෙන්ඩාස් පසුගියා දා අවසන් වූ ක්වඩ් Quad ප්‍රධානීන්ගේ සාර්ථක සමුළුවට සුභ පැතුවේය.

පසුගිය මැයි මාසයෙහි ටෝකියෝ හි එම රැස්වීමට  ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ඇන්තනි අල්බානීස්, ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි, ජපානයේ අගමැති පුමියෝ ක්ෂීඩා සහ එක්සත් ජනපදයේ ජනාධිපති ජෝ බයිඩන් ද  සහභාගි විය.

ක්වඩ් Quad යනු 2004 ආසියානු සුනාමි ව්‍යසනයට ප්‍රතිචාර වශයෙන් ඇමෙරිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ ජපානය එකතුව පිහියුවාගත්  හවුලකි. අද එහි අප්‍රකාශිත අරමුණ වන්නේ වර්ධනය වන චීන යුද සහ ආර්ථික බලයට ප්‍රතිචාර දැක්වීමයි.

උක්ත ලිපියෙහි අරමුණ වූයේ ශ්‍රී ලංකාවේ පවත්නා දේශපාලන සහ ආර්ථික අර්බූදය පිළිබඳව ඇමෙරිකානු රජයේ අදහස් සාකච්ජාවට ගැනීම බව පෙනේ.

එම ලිපිය මගින් ඔහු සමුද්‍රීය වසම් දැනුවත් කිරීම සඳහා වූ ඉන්දු-පැසිෆික් හවුල්කාරිත්වය Indo-Pacific Partnership for Maritime Domain Awareness (IPMDA) (IPMDA) සහ රටවල් 13කින් යුත් ඉන්දු-පැසිෆික් ආර්ථික රාමුව the 13-nation Indo-Pacific Economic Framework (IPEF) (IPEF) ආර්ථික ඒකාග්‍රතාවය සහ තොරතුරු හුවමාරු කර ගැනීම සඳහා වැදගත් පියවරක් ලෙස දියත් කිරීම සම්බන්ධයෙන් ක්වඩ් Quad ප්‍රධානීන්නට සුභ පැතීය.

බොබ් මෙන්ඩාස්

ඒ අතරම එම ලිපිය මගින් බොබ් මෙන්ඩාස් ක්වාඩ් Quad වෙත ශ්‍රී ලංකාවේ දේශපාලන හා ආර්ථික අර්බුදය ආමන්ත්‍රණය කිරීමේ ක්‍රියාකාරී භූමිකාවට මෙරට සිදුවූ බවට කියැවෙන යුද අපරාධයන්ට යුක්තිය ලබාදීම සම්බන්ධ කිරීමට උනන්දු කළේය.

ඔහු එම ලිපියෙහි මෙසේ සඳහන් කරයි:

“රාජපක්ෂවරුන් විසින් ශ්‍රී ලංකාව මූල්‍ය විනාශයේ සහ මානුෂීය ව්‍යසනයක අද්දරට ගෙන ගොස් තිබේ. මහින්ද රාජපක්‍ෂ තම රට කෙළින්ම චීන ණය උගුලකට ගෙන ගියේය. ඉන්පසුව ඔහුගේ සොහොයුරු ගෝඨාභය රාජපක්‍ෂ එරට ස්වෛරී ණය ගෙවීම පැහැර හැරීම වළක්වා ගැනීමට අවශ්‍ය දූරදර්ශී ආර්ථික පියවර ගැනීමට අපොහොසත් විය.

වෙනසකට කාලය පැමිණ ඇති බව පසක් කිරීමට අද සෑම තරාතිරමකම ශ්‍රී ලාංකිකයෝ නැගී සිටිති.

වොෂින්ටනය ශ්‍රී ලංකාවට දිගුකාලීන ආර්ථික ආධාරයක් සූදානම් කරමින් සිටී. ඒ අතරවාරයේ එරට ආර්ථිකය දියවී යාම වළක්වා ගැනීම සඳහා ශ්‍රී ලංකා රජයට ණය සහ මානුෂීය ආධාර සැපයීම සඳහා නව දිල්ලිය දැනටමත් ක්‍රියාකාරී භූමිකාවක් ආරම්භ කර ඇත.

ටෝකියෝව ශ්‍රී ලාංකික ජනතාවට ආහාර ආධාර සපයයි. මේ සියල්ල ධනාත්මක පියවර වේ.

එනමුත් අමතර මානුෂීය ආධාර බලමුලු ගැන්වීම, ඉතාමත් ලෙස අවශ්‍ය ඉන්ධන සැපයීම සහ මූල්‍ය ගිණුම්කරණය, සෞඛ්‍යය, ආහාර සුරක්ෂිතතාව සහ සාර්ව ආර්ථික ප්‍රතිපත්ති යන ක්ෂේත්‍රවල තාක්ෂණික සහාය සහ උපදෙස් ලබා දීම ඇතුළුව ක්වඩ් එනම් ඇමෙරිකාව, ඉන්දියාව, ඕස්ට්‍රේලියාව සහ ජපානය එකතුව පිහිටුවා ගෙන ඇති ක්වඩ් Quad එකමුතුව හරහා කළ හැකි බොහෝ දේ ඇත.

නව  ක්වඩ් මානුශීය (Quad Humanitarian) සහ  ආපදා සහන යාන්ත්‍රණය (Disaster Relief Mechanism (HADR)) හරහා ටෝකියෝ සහ කැන්බරා මගින් විශාල කාර්යභාරයක් ඉටු කළ හැකිය. එමගින් ඉන්දු-පැසිෆික් කලාපය පුරා ඇති අභියෝගවලට මුහුණ දීමට ක්වඩ් Quad සමත් බව පෙන්නුම් කළ හැක.

රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් ගත් කල, ශ්‍රී ලංකාවේ සිවිල් යුද්ධයේදී සිදු වූ යුද අපරාධ පිළිබඳ මහ කොමසාරිස්වරියගේ වාර්තාව ලැබෙන විට, මෙම වසරේ (සැප්තැම්බරයේදී) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ක්වඩ් Quad ජාතීන් හතරම එකට නැගී සිටිය යුතුය. එවැනි රාජ්‍ය තාන්ත්‍රික එකමුතුවක් වගවීම සහ ජාත්‍යන්තර මානුෂීය නීතිවලට ගරු කිරීම සඳහා ක්වඩ්  හි කැපවීම ප්‍රදර්ශනය කිරීමට උපකාරී වනු ඇත.

ඉහත ආකාරයේ ප්‍රයත්නයන් මගින් සමස්ත කලාපයටම පෙන්නුම් කරනුයේ ක්වඩ් Quad යනු කලාපයේ වෙනස්වන තත්වයන් සහ අභියෝගවලට මුහුණ දීම සඳහා අත්‍යවශ්‍ය වන නැගී එන ඉන්දු-පැසිෆික් භූ දේශපාලන සැකැස්මෙහි ශක්තිමත්, කඩිසර සහ තීරණාත්මක අංගයක් වන බවයි”

මේ ලිපියෙහි යටිපෙල අදහස් කරන්නේ ශ්‍රී ලංකාවෙහි රාජපක්ෂවරුන්ගෙන් තොර දේශපාලන වෙනසක් අවහ්‍ය බවත් ලංකාවට ලබා දෙන ආර්ථික ආධාර යුද අපරාධයන්ට වගවීම සහ දේශපාලන ප්‍රතිසංස්කරණයන් හා සම්බන්ධ විය යුතු බවයි.

මෙම ලිපියෙහි සඳහන් වන ශ්‍රී ලංකාවේ යුද අපරාධ පිළිබඳ වාර්තාව ඉදිරිපත් වන්නේ මෙයට දෙවසරකට පෙර ජිනීවාහී එක්සත් ජනපද මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත වූ ශ්‍රී ලංකාව පිළිබද යෝජනාව මගින් මහ කොමසාරිස්වරියගේ කාර්යාලය වෙත පවරන ලද අධිකාරය අනුවය. එම යෝජනාව මගින් ශ්‍රී ලංකාවේ සිදු වූ බවට කියැවෙන යුද අපරාධ පිළිබඳ සාක්ෂි යුද අපරාධ නඩුවලදී පාවිච්චි කළ හැකි ලෙස ගොනු කිරීමට විශේෂ කාර්යාලයක් පිහිටුවන ලදී. මෙම කාර්යාලය යුද සමයේදී පමණක් නොව ඉන් පසුව සිදුවූ බරපතල මානව හිමිකම් කඩවීම් ගැන ද සාක්ෂි එක් රැස් කළේය.

ලබන සැප්තැම්බරයේ පැවැත්වෙන කවුන්සිල සැසිවාරයේදී මෙම වාර්තාව සාකච්ජාවට ගනු ඇති අතර, එම වාර්තාවේ ඉදිරිපත් කිරීම් මත ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් තවත් යෝජනාවක් ඉදිරිපත් විමට බොහෝ දුරටම ඉඩ තිබේ.

පසුගිය මාර්තු මාසයේ පැවැති මානව හිමිකම් කවුන්සිලෙයේ සැසිවාරයට මහ කොමසාරිස්වරිය වන මිෂෙල් බෂලේ විසින් ඉදිරිපත් කරන ලද වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ යටතේ ශ්‍රී ලංකාවේ සිදුව ඇති මානව හිමිකම් කෙළෙසීම් ද දක්වන ලදී. එම වාර්තාවේ සිංහල පරිවර්ථනය මීළග ලිපියෙන් බලාපොරොත්තු වන්න.

එස්.ඩී. විසිනි.

Archive

Latest news

Related news