Wednesday, April 24, 2024

පූජිත සහ හේමසිරි නිදහස් වූයේ නිලන්ත ජයවර්ධනගේ සාක්ෂියෙන්; තීන්දුවෙන් නීතිපතිට දෙවරක් සිතීමට අවවාද! (තීන්දු සම්පූර්ණයෙන්)

පසුගිය 18වන දින කොළඹ  ත්‍රිපුද්ගල මහාධිකරණය විසින්  හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත ජයවර්ධන පාස්කු ප්‍රහාර පිළිබඳ චෝදනා කොට නීතිපති විසින් පවරණ ලද චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කිරීමට තිරණය කරන ලදී.

එම තීරණයට එළඹෙන ලද්දේ වශයෙන්ම හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධධනගේ සාක්ෂිය මත බව එම නඩු තීන්දු මගින් පෙන්වයි.  රාජ්‍ය බුද්ධි සේවය මෙරට ඉහළම පෙලේ බුද්ධි සේවාවය.

නීතිපතිවරයා නඩුව ඔප්පු කිරීමට අසමත් විය.

නිලන්ත ජයවර්ධන දැන් මධ්‍යම පලාත බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස සේවය කරන අතර මෙම නඩු විභාග දෙකම සඳහා රජයේ සාක්ෂිකරුවකු ලෙස ඉදිරිපත්  කරන ලදී.

නිලන්ත ජයවර්ධනට මෙම චෝදනා මත නඩු නොපැවරීම ගැන කතෝලික සභාව නීතිපතිවරයා‌ට සහ රජයේ දේශපාලන අධිකාරීන්ට නොනැවත වෝදනා නගයි.

මෙම ප්‍රහාරයන් වැළැක්වීමට පියවර නෙැගැනිම සම්බන්ධයෙන් නිලන්ත ජයවර්ධනට චෝදනා එල්ල වී ඇතත් නීතිපති දෙපාර්ථමේනතුව ඔහුට නඩු නොපවරා සිය සාක්ෂිකරුවකු බවට පත් කර ගත්තේය. ඔහුට ලැබී ඇත්තේ උසස් වීමකි.

පූජිත සහ හේමසිරිට නිතිපතිවරයා විසින් ඉදිරිපත් කරන ලද චෝදනා 850ක් පමණ විය. ඒ එසේ වී ඇත්තේ පාස්කු ප්‍රහාරයන්ගෙන් මිය ගිය සියළුම දෙනා වෙනුවෙන් ඉදිරිපත් කරන ලද සෑම චෝදනාවක්ම වෙන වෙනම ඉදිරිපත් කිරීම නිසා බව පෙනේ.

එළෙස ඝාතනය වූ සියලුම දෙනාගේ නම් චෝදනා පත්‍රයෙහි සඳහන් කර තිබේ.

නඩු තීන්දුවේ අංක පහ සටහනින් දැක්වෙන්නේ තොරතුරු තිබියදී සහරාන් ඇතුලු ස්වයං ඝාතක කණ්ඩායමට පාස්කු ඉරුදින කරන ලද ප්‍රහාර මගින් සිය ගණනාවක් ඝාතනය කිරීමට පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු විසින්  අවස්ථාව සළසා දීම එනම් අනුබල දීම අපරාධමය වරදක් බවයි. එම වරදට දස වසරක් සිරගත කළ හැකිය.

අනෙක් සියළුම චෝදනා ඒනම් 6-17 දක්වා චෝදනා පදනම් වන්නේ ඒම හයවැනි සටහන යටතේ ඇති පළමු චෝදනාව පාදක කර ගෙනය.

එම චෝදනාව සනාථ කිරීම සඳහා නීතිපතිවරයා විසින් එනම් පැමිණිල්ල විසින් කැඳවන ලද ප්‍රධාන සාකෂිකරු වූයේ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධනය.

මෙම ප්‍රහාරයන් පිළිබඳ සියළුම තොරතුරු ලද පුද්ගලයා මෙම නිලන්ත ජයවර්ධනයි. ඔහු මෙම තොරතුරු රටෙහි ඉහළම ආරක්ෂක කවුන්සිලය වන ජාතික ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් නොකර මග හැරියේය.

මෙම සාක්ෂි විභාගයේදී සනාථ වන අනෙක් කරුණ නම් ජනාධිපතිවරයාට දෛනිකව  තොරතුරු සැපයීම බාරව සිටියේ ද නිලන්ත ජයවර්ධන බවයි. එනමුත් ඔහු කියන අන්දමට ඔහු ඉන්දීය බුද්ධි තොරතුර ජනාධිපතිවරයාට ලබා දුන්නේ ද නැත.

ඊටත් වඩා මෙම නඩු තීන්දුව පදනම් වන්නේ අප්‍රේල් 04 දා සිට නැවත  ඉන්දීය බුද්ධි මූලාශ්‍රයකින් ලද මෙම ප්‍රහාරය පිළිබඳ තොරතුරු බුද්ධි තොරතුරු ලෙස වර්ග කළ නොහැකි බවට නිලන්ත ජයවර්ධන ගෙන ආ තර්කයයි.(එම තර්කය ජනාධිපති   කොමිසම පිළිගත්තේ නැත)

කෙසේ වුවත් මෙම නඩු විභාගයේ තීරණය දිය යුතු වූයේ පැමිණිල්ල විසින් ගෙන ඉදිරිපත් කරන ලද සාක්ෂි මතය.

නිලන්ත ජයවර්ධන අධිකරණය හමුවේ පැවසූවේ අප්‍රේල් 20 දා සවස 4.10ට එම මූලාශ්‍රයෙන්  තවත් තොරතුරක් ලැබීමෙන් පසු පමණක් තමා එම තොරතුරු නිශ්චිත බුද්ධි තොරතුරක් ලෙස නිගමනය කළ බවයි. ඊට හේතුව වශයෙන් ඔහු දැක්වූයේ එම තොරතුර මගින් හෝටල් සහ දේවස්ථාන 08කට 21 දින හෝ ඊට පෙර ප්‍රහාරයන් එල්ල වනු ඇති බවයි.

මෙම සියළු තීරණය ගෙන ඇත්තේ ඔහු  පුද්ගලිකවය. ඉන්දියානු බුද්ධි මූලාශයකින් අප්‍රේල් 04 වනදා ලද ප්‍රථම තොරතුරෙහි සිට 20දා ලද නිශ්චිත තොරතුර දක්වා විශ්ලේෂණය කිරීමට ඔහු විසින් කැඳවන ලද කිසිදු සාකච්ජාවක් ගැන මේ තාක් වාර්තා වී නැත.

නීතිපති චෝදනා කළේ පූජිත් ජයසුන්දර සහ හේමසිරි ප්‍රනාන්දු අපරාධමය වරදක් දැන දැනම කර ඇති බවයි.

අපරාධමය වරදක් ඔප්පු කිරීමට නම් එය සාපරාධී ‌චේතනාවකින් සිදු කළ බව සනාථ කළ යුතු බව මහාධිකරණය” බිදුණු වැව සමූහ ඝාතන නඩු තීන්දුව” උපුටා දක්වමින් තර්ක කරයි.

අධිකරණ තීන්දුවේ මෙසේ සඳහන් වෙයි:

මෙම සාක්ෂිය මත අධිකරණය විමසා බලන ලද්දේ 20වනදා 4.10ට ලද බුද්ධි තොරතුර අනුව පියවර ගෙන පාස්කු ඉරුදින ප්‍රහාරයන් වැළැක්වීමට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දරට අවස්ථාවක් තිබුණේ ද යන්නයි. ලද  තොරතුරු නිශ්චිත බුද්ධි තොරතුරු බවට පත් කර ගැනීමට නිලන්ත ජයවර්ධන අපොහොසත්වු බවද නඩු තීන්දුව ප්‍රකාශ කරයි.

මේ  අනුව අධිකරණය තීරණය කළේ පැය කිහිපයක් ඇතුළත පියවර ගෙන ප්‍රහාර වැළැක්වීමට පූජිත් ජයසුන්දරට හෝ හේමසිරි ප්‍රනාන්දුට අවස්ථාවක් නොතිබූ බවයි.

ඊට පෙර නිලන්ත ජයවර්ධන විසින් මේ සම්බන්ධයෙන්  කරන ලද  සියලූ දැනුම් දීම් පූජිත් ජයසුන්දර විසින් නිසි පරිදි බෙදා හැර තිබූ බැවින් එකී  තර්කය තීන්දුව සඳහා වැදගත්ම සාධකය බවට පත්ව තිබේ.

අධිකරණය ප්‍රකාශ කරන්නේ මෙවැනි ප්‍රමාණවත් සාක්ෂි නැති නඩුවක් පැවරීමට පෙර නීතිපතිවරයා ඒ ගැන දෙවරක් සිතා බැලිය යුතු බවය:

පැමිණිල්ල එනම් නීතිපතිවරයා චූදිත ජයසුන්දර කළ යුතුව තිබී ඉටු නොකළ වගකීම කුමක්දැයි පෙන්වීමටද අසමත් වූ බව නඩු තීන්දුව ප්‍රකාශ කරයි.

එම නිගමනය මත එම වෙනම වෙනම නඩු දෙකකින් දෙදෙනා නිදොස් කොට නිදහස් කරන ලදී.

මෙම නඩු විභාග කරන ලද්දේ මහාධිකරණ විනිසූරුවනරුන් වන ආචාර්ය නාමල් බණ්ඩාර, ඒ.කේ.ඒම්.පටබැඳිගේ සහ ඒම්.වයි.ඒම්.ඉර්ඩීෂන් යන විනිසූරු මඩුලල විසිනි.

සම්පූර්ණ නඩු තීන්දු දෙක පීඩීඑෆ් ගොු ලෙස පහත අමුනා ඇත.

පූජිත් ජයසුන්දර පිළිබඳ තීන්දුව:HC-TAB-2900-21

හේමසිරී ප්‍රනාන්දු පිළිබඳ තීන්දුව:HC-TAB-2900-21

Archive

Latest news

Related news