Friday, November 22, 2024

ඥණසාර හිමි අලුත්ගමදී හැදූ එක රටක එක නීතිය නොහොත් 2014 මුස්ලිම් විරෝධී ප්‍රහාරයේ අග මුල – සුනන්ද දේශප්‍රිය

2014 ජූනි 12දා පොසොන් පොහොය දිනයක් විය. එදින බෞද්ධ භික්ෂුවක් වන පූජ්‍ය  අයගම සමිත හිමි ත්‍රිරෝද රථයකින් අලුත්ගම ප්‍රදේශයේ වැඩි වශයෙන් මුස්ලිම් ජනතාව වෙසෙන ප්‍රදේශයක් හරහා පන්සලකට යමින් සිටියහ.

එම පාරෙහි මුස්ලිම් තරුණයෝ පිරිසක් තම යතුරුපැදි පාර අයිනේ නවතා කතාවක යෙදී සිටියහ. මුස්ලිම් තරුණයින් විසින් මාර්ගයේ නවතා තිබූ යතුරු පැදි දෙකක් නිසා භික්ෂූන් වහන්සේගේ වාහනයට මඟ ඇහිරුණි.

ගලබොඩඅත්තේ  ඥණසාර හිමි බීමත්ව මෙළෙසින්ම මුස්ලිම්වරුන්ගේ සල්ලිවලට වැඩ කරන බවට පොලිස් නිලධාරීන්ට  කුණු හරුපයෙන් බැණ වදින වීඩියෝවක් සමාජ ජාලයන්හි තවමත් සංසරණය වෙයි. අයගම සමිත හිමි කළේද එම චෝදනාවමය.

භික්ෂූන් වහන්සේගේ සිංහල රියදුරා එම මුස්ලිම් තරුණයන්ට පරුෂ භාෂාවෙන් බැන වදිමින් ජාතිවාදී ලෙස කතා කළේය. එහි ප්‍රතිඵලය වූයේ මුස්ලිම් තරුණයන් ද ඒ ආකාරයෙන්ම පිළිතුරු දීමයි. සමිත හාමුදුරුවෝද තරුණයන්ට බැණ වදින්නට පටන් ගත් විට උන්වහන්සේටත් තරුණ පිරිස පෙරළා  බැන වැදුණි. එක් තරුණයෙක් රියැදුරුගේ අත ඇද්දේය. හාමුදුරුවන් වාහනය තුළම පසෙකට තල්ලු කළහ.

මෙවැනි සිදුවීමක් සිංහල තරුණ පිරිසක් සමග ඇති වී නම් එය සාමාන්‍ය සිදුවීමක් ලෙස සලකා අතහැර දැමෙනු නිසැකය. එසේ නමුත් රටෙහි අවුළුවා තිබූ මුස්ලිම් විරෝධය මධ්‍යයෙහි මෙම සිදුවීමට වහාම වාර්ගික ස්වරූපයක් ලබා දෙන ලදී.

එම තත්වය යටතේ මෙම සිදුවීම විකෘති කර බෞද්ධ භික්ෂුවකට මුස්ලිම් ජාතිකයන් විසින් පහර දුන් බවට අසත්‍ය චෝදනාවක්  නගරය පුරා සංවිධානාත්මකව පතුරුවා හරින ලදී.

මේ අතර මුස්ලිම් තරුණයන් සමඟ ඇති වූ බහින්බස් වීම හේතුවෙන් කෝපයට පත් අයගම සමිත හිමියෝ පැමිණිල්ලක් කිරීමට අලුත්ගම පොලිස් ස්ථානයට පැමිණියේය. රාජකාරියේ යෙදී සිටි නිලධාරිහු මෙම කාරණය සැහැල්ලුවට ගෙන එය සුළු සිද්ධියක් බැවින් නොසලකා හරින ලෙස භික්ෂූන් වහන්සේට  කියා සිටියහ. සමිත හිමිට තුවාල කිසිවක් සිදුව  නැති බවද පොලිසිය පෙන්වා දුන්නේය.

එය සුලු සිදුවීමක් බැවින් අමතක කරන ලෙස පොලිස් නිලධාරීන් දුන් උපදෙස් නිසා අයගම සමිත හිමි දැඩි කෝපයට පත් වූහ. “පොලිස්කාරයෝ මුස්ලිම් අයගේ පඩියට වැඩ කරනවා” යැයි  චෝදනා කරමින් ඔහු කේන්තියෙන් පිටව ගියේය.

ගලබොඩඅත්තේ  ඥණසාර හිමි බීමත්ව මෙළෙසින්ම මුස්ලිම්වරුන්ගේ සල්ලිවලට වැඩ කරන බවට පොලිස් නිලධාරීන්ට  කුණු හරුපයෙන් බැණ වදින වීඩියෝවක් සමාජ ජාලයන්හි තවමත් සංසරණය වෙයි. අයගම සමිත හිමි කළේද එම චෝදනාවමය.

ඉන් පසුව කටකතා පියාපත් ලැබූහ.  අසාධ්‍ය තත්ත්වයෙන් සිටි බෞද්ධ භික්ෂුවකට මුස්ලිම් ජාතිකයන් විසින් පහර දුන් බවට කතා පැතිරෙන්නට විය. අලුත්ගම නගරයට විශාල සිංහල ජනකායක් එකතු වෙන්න පටන් ගත්තේය. භික්ෂූන් වහන්සේට පහර දුන් බව කියන මුස්ලිම් ජාතිකයන් අත්අඩංගුවට ගත යුතු බව පවසමින් පිරිසක් පොලිස් ස්ථානය ඉදිරිපිට රැස් වූහ. පොලිස් ස්ථානයට ගල් මුල් ප්‍රහාරයක් ද  එල්ල විය.

පසුව මැර පිරිස ඒ අවට දාමරික ලෙස ගැවසෙන්නට පටන් ගත්හ. එදින එනම් 12දා අඩුම තරමින් මුස්ලිම් ජනතාවට අයත් ව්‍යාපාර හයකටවත් ප්‍රහාර එල්ල විය. පොලිසිය එම ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් කිසිවකු අත්අඩංගුවට ගත්තේ නැත.

එවකට ප්‍රවාහන අමාත්‍යවරයාව සිටි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම පැමිණ මෙම තත්ත්වය සමනය කිරීමට උත්සාහ කළේය. කලහකාරී මැර පිරිස විසින් හූ කියමින් ඔහුගේ වාහනයට ද ප්‍රහාරයක් එල්ල කරන ලදී.

අවසානයේ තත්ත්වය පාලනය කෙරුණේ අලුත්ගමට පොලිස් කැරලි මර්දන ඒකක පිරිස් විශාල වශයෙන් යෙදවීමෙනි. මැර පිරිස විසුරුවා හැරීමට කඳුළු ගෑස් ප්‍රහාරයක්  එල්ල  කිරීමට පොලිසියට සිදු විය.

පසු දින බෞද්ධ භික්ෂූන් වහන්සේ සමඟ බහින්බස් වීමක් ඇති කරගත් මුස්ලිම් තරුණයන් දෙදෙනා, පොලිසියට භාර වන ලෙස මුස්ලිම් වැඩිහිටියෝ පොළඹවා ගත්හ. මුස්ලිම් තරුණයන් දෙදෙනා ස්වේච්ඡාවෙන් පොලිසියට ඉදිරිපත් විය. එම සිද්ධියට සම්බන්ධ නැති මවුලවිවරයෙක්ද ඔවුන් දෙදෙනා සමඟ පොලිසියට පැමිණියේය.

සාමාන්‍යයෙන් මෙවැනි සිදුවීම් අධිකරණයට ඉදිරිපත් කැරෙන්නේ නැත. හුදෙක් වචන හුවමාරුවක් පමණක් වන මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පොලිස් ඇප දී නිදහස් කරනු ලැබේ. නමුත් අධිකරණයද මෙම සිදුවීමට කිසිදු සම්බන්ධයක් නොතිබූ මවුලවිවරයා පවා සිරගත කළේය.

කෙසේ වෙතත් පොලිසිය ඔවුන් තිදෙනාම අත්අඩංගුවට ගෙන  කළුතර අධිකරණයට ඉදිරිපත් කළේය. අධිකරණය විසින් ඔවුන් රිමාන්ඩ් භාරයට පත් කරන ලදී.

සාමාන්‍යයෙන් මෙවැනි සිදුවීම් අධිකරණයට ඉදිරිපත් කැරෙන්නේ නැත. හුදෙක් වචන හුවමාරුවක් පමණක් වන මෙවැනි සිදුවීම් සම්බන්ධයෙන් පොලිස් ඇප දී නිදහස් කරනු ලැබේ. නමුත් අධිකරණයද මෙම සිදුවීමට කිසිදු සම්බන්ධයක් නොතිබූ මවුලවිවරයා පවා සිරගත කළේය.

ගිනි බෝමබ ගෙනාවේ කව්ද?

නැගී එමින් තිබූ  වාර්ගික නොසන්සුන්තාවයන් ගිනියම්  කිරීමට මෙන් බොදු බල සේනා මහ ලේකම් ඥාණසාර අලුත්ගමට ගොස් එදිනම එනම් 12වනදාම අලුත්ගම සිද්ධිය සම්බන්ධයෙන් මුස්ලිම් ජනතාව විවේචනය කරමින් ප්‍රකාශයක් නිකුත් කළේය.

හරියටම දිගම මුස්ලිම් විරෝධී ප්‍රහාරයන්ට පෙර මෙම චීවරධාරියාම තමන්ට කිසිදු සම්බන්ධයක නැති එම පෙදෙසෙට ගොස් පැය ගණනාවක් ගත කළ පරිදිය.

“පල්ලි ඇතුලේ ජීවත් වෙන” බවට චීවරධාරී ඥණසාර  පොලිසියට චෝදනා කළේය. එයින් අදහස් කළේ පොලිසිය මුස්ලිම්වරුන්ට පක්ෂග්‍රාහී බවයි.

බොදුබල සේනා මහ ලේකම් සහ ඔහු සමඟ පැමිණි අනෙකුත් බොදු බල සේනා ක්‍රියාකාරීහු ප්‍රදේශයේ ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ නියෝජිතයන් සමඟ වහාම සාකච්ඡාවක් පැවැත් වූහ. තවත් අන්තවාදී සංවිධානයක් වන  සිහල රාවය සංවිධානයද පැමිණ  එම සාකච්ඡාවලට සම්බන්ධ විය.

ඉතා සුලු සිදුවීමක් වූ එකී මුස්ලිම් තරුණයින්ගේ  හැසිරීම හෙළා දකිමින් ජුනි මස 15 වැනි ඉරිදා දින ශාසන ආරක්ෂක බලමණ්ඩලයේ අනුග්‍රහයෙන් මහා ජන රැලියක් පැවැත්වීමට එම රැස්වීමේ දී තීරණය විය.

මෙවැනි රැස්වීමක් පැවැත්වුව හොත් භයානක තත්වයක් ඇති විය හැකි බව තේරුම් ගැනීම දේශපාලන අවබෝධයක් ඇති ඕනෑම අයෙකුට දුෂ්කර නොවීය.

අලුත්ගම බොදු බල සේනා රැස්වීමට පෙර ෆේස්බුක්, ට්විටර් වැනි සමාජ මාධ්‍යවල “පෙට්‍රල් ටින් එකක් ගේමුද?” වැනි ප්‍රකාශ ඇතුළු  ප්‍රචණ්ඩ තර්ජන එල්ල කරන ලද  බිය ජනක මුස්ලිම් විරෝධී වෛරයක් පැතිරෙමින් තිබුණි.

බොදු බල සේනා සංවිධානය 15වන ඉරිදා අලුත්ගමදී රැලියක් පැවැත්වීමට සූදානම් වන බව දැනගත් මුස්ලිම් සංවිධාන කිහිපයක් පොලිස්පතිවරයාට සහ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ට යෝජිත රැස්වීමට ඉඩ නොදෙන ලෙස කරුණු ඉදිරිපත් කළහ.

කෙසේ වෙතත්, මුස්ලිම් ප්‍රජාව දැක් වූ විරුද්ධත්වය සහ බිය නොසළකා රාජපක්ෂ ආණ්ඩුව බොදු බල සේනා විරෝධතා රැස්වීමට ඉඩ ලබා දුන්නේය.මේ අද සමගි ජන බලවේගයේ මහජන රැළිය පැවැත්වීම වැළැක්වීමට අධිකරණයෙන් අධිකරණයට දුවන පොලිසිය එදා ක්‍රිය කළ හැටිය. කොවිඩ් වසංගතයට මුවා වී සිවිල් ක්‍රියාධර පිරිස් සිරගත කළ පොලීසිය එදා හැසිරුණු හැටිය.

එවකට රාජපක්ෂ හවුල්කරුවන් වූ රවුෆ් හකීම්ගේ සිට ෆයිසර් මුස්තාපා දක්වා මුස්ලිම්  අමාත්‍යවරුන් කිහිප දෙනෙකු ද බොදු බල සේනා සංවිධානයේ රැස්වීමට ඉඩ නොදෙන ලෙස ඉල්ලා සිටියහ.

කෙසේ වෙතත්, මුස්ලිම් ප්‍රජාව දැක් වූ විරුද්ධත්වය සහ බිය නොසළකා රාජපක්ෂ ආණ්ඩුව බොදු බල සේනා විරෝධතා රැස්වීමට ඉඩ ලබා දුන්නේය.මේ අද සමගි ජන බලවේගයේ මහජන රැළිය පැවැත්වීම වැළැක්වීමට අධිකරණයෙන් අධිකරණයට දුවන පොලිසිය එදා ක්‍රිය කළ හැටිය. කොවිඩ් වසංගතයට මුවා වී සිවිල් ක්‍රියාධර පිරිස් සිරගත කළ පොලීසිය එදා හැසිරුණු හැටිය.

අදෘශ්‍යමාන මහ මොළකරු

එවකට ආරක්ෂක ලේකම් වූ සහ ආණ්ඩුවේ දෙවැනි බලවතා වූ ගෝඨාභය රාජපක්ෂ බොදු බල සේනාවේ සහ චීවරධාරී ඤණසාරගේ ප්‍රබල සහායකයකු වූ අතර අද ද එසේය. අද පවා මුස්ලිම් විරෝධය ඇවිලවීමට මෙම චීවරධාරීයා යොදා ගන්නා අන්දම ඉතා පැහැදිලිය.

අලුත්ගම දී ද ඔහුගේ සහායට අදෘශ්‍යමාන මහ මොළකරු සිටියේය.

“වෘත්තීය සමිතියක හෝ ශිෂ්‍ය විරෝධතාකරුවන්ගේ විරෝධතා පා ගමන්  වළක්වන නමුත් බොදු බල සේනාවට මෙවැනි රැස්වීමක් පැවැත්වීමට ඉඩ දෙන රජයක් ගැන මට තේරුම් ගත නොහැක” යයි රාජපක්ෂ ආණ්ඩුවේ අධිකරණ අමාත්‍යවරයාව සිටි මුස්ලිම් කොංග්‍රස් නායක රවුෆ් හකීම් රොයිටර් පුවත් සේවයට පවසා තිබුණි.

රවුෆ් හකීම් එළෙස කට ඇරියේ අලුත්ගම අවට බොදු බල සේනාව විසින් අවුලවන ලද දරුණූ  මුස්ලිම් විරෝධී වාර්ගික  ප්‍රචන්ඩත්වයන්ගෙන් පසුය.

මුස්ලිම් නායකයන් බෙහෙවින් බියට පත්ව සිටි භයංකාරත්වය 15වන දින බොදු බල සේනා රැස්වීමෙන් පසු  ක්ෂණයකින්ම ඇති විය.

“මේ රටේ තාම ඉන්නේ සිංහල පොලිසියක්, මේ රටේ තාම ඉන්නේ සිංහල හමුදාවක්. අඩුම තරමින් කවුරු හරි සිංහලයෙක්ට ඇඟිල්ලක්වත් ඉස්සුවොත් ඒක තමයි හැමදේකම අවසානය.” යැයි ඔහු ප්‍රසිද්ධියේ යකඩ කටින් තර්ජනය කළේය.

අලුත්ගම රැලිය සංවිධානය කළේ ශාසන ආරක්ෂක බලමණ්ඩලය යැයි පැවසුවද එය පිටුපස සිටියේ දැන් එම ගෝඨාභය රාජපක්ෂ විසින්ම එක් නීතියක් සකස් කිරීම බාර දී ඇති බොදු බල සේනා නායක චිවරධාරී ඥණසාරය. බොදු බල සේනා සංවිධානයේ සහාය ඇතිව පැවති මෙම රැලියට 7,000කට අධික පිරිසක් සහභාගී වූහ. පැමිණ සිටි බොහෝ දෙනා රැස්වීම සඳහා ප්‍රවාහනය කරන ලද පිටස්තර පුද්ගලයින් වු අතර ඔවුන් අලුත්ගම ප්‍රදේශයේ අය නොවූහ.

පොලිසිය සහ හමුදාව සිංහල බවත් මුස්ලිම් හෝ දෙමළ හෝ වෙනත් කිසිවකුට සිංහලයකුට හානි කර එයින් ගැලවිය නොහැකි බවටත්  ජාතිවාදී විෂ පිරුණු ප්‍රකෝපකාරී කතාවක්  බොදු බල සංවිධානයේ සෙන්පති ඥණසාර හිමි කළේය.

“මේ රටේ තාම ඉන්නේ සිංහල පොලිසියක්, මේ රටේ තාම ඉන්නේ සිංහල හමුදාවක්. අඩුම තරමින් කවුරු හරි සිංහලයෙක්ට ඇඟිල්ලක්වත් ඉස්සුවොත් ඒක තමයි හැමදේකම අවසානය.” යැයි ඔහු ප්‍රසිද්ධියේ යකඩ කටින් තර්ජනය කළේය.

අලුත්ගම මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් වෛරය ඇති වන පරිදි කතා කළ ඥණසාර සිංහලයින්ට නොසළකන්නේ යැයි ආණ්ඩුවද විවේචනය කළේය.

චීවරධාරී ඥාණසාර,  බහුතර ප්‍රජාවගේ වියදමින් සුළු ජාතීන් සවිබල ගන්වමින් සිටීම ගැන “මහින්ද මහත්තයා” දැනුවත් විය යුතු බව පවසමින් ජනාධිපති මහින්ද රාජපක්ෂටද ප්‍රහාරයක් එල්ල කළේය.

නමුත් ආරක්ෂක ලේකම් වූ  ඔහු ගෝඨාභය රාජපක්ෂට විරුද්ධව කිසිවක් කීවේ නැත.

සිංහලයන් වෙනුවෙන් හඬක් නැඟීම නිසා තමා ජාතිවාදියෙකු ලෙස හැඳින්වන්නේ නම් එම නම්බුනාමය පිළිගැනීමට තමන් සූදානම් බවද ඥණසාර පැවසීය.

දේශපාලන භේදයකින් තොරව එක්වන ලෙස සියලු සිංහල ජනතාවගෙන් ඉල්ලා සිටි  ඥානසාර  ප්‍රකෝපකාරී ප්‍රකාශයන් ගණනාවක් ද  නිකුත් කළේය.

ඉන් එක් නියෝගයක් වූයේ බේරුවල දර්ගා නගර් හෝ දර්ගා නගරය නම් වූ මුස්ලිම් ආධිපත්‍යය සහිත ප්‍රදේශය නැවත නම් කිරීමට ය.

එදින මුස්ලිම් විරෝධී ප්‍රහාරයක් ඇතිවීමේ ඉඩ කඩ බුද්ධි අංශ දැන නොසිටියේයැයි සිතීම දුෂ්කරය. මන්ද යත් ඊට දින තුනකට පෙරත් මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයන්ට පහර දී තිබූ නිසාය. නමුත් බුද්ධි අංශ හෝ පොලිසිය හෝ එම ප්‍රහාරයන් වැළැක්වීමට පියවර ගෙන නොතිබුණි.

පාස්කු ප්‍රහාරයන්ගෙන් පසු මුස්ලිම් විරෝධී ප්‍රහාරයන්ට සම්බන්ධ වු බවට චෝදනා ලත් ගායන ශිල්පී මධු මාධව අරවින්ද ද හැගීම් දනවන ජාතිකවාදී ගීත ගායනා කළේය.

චීවරධාරී ඥනසාරගේ කතාව අවසන් වන විටම වාගේ වෙිදිකාවට පැමිණි සිවිල් ඇදුමින් සැරසුණූ අයෙක් ඔහුගේ කණට කර යමක් කියනු බොහෝ අය දැක තිබේ. සමහර ආරංචි මාර්ග කියන්නේ එලෙස වේදිකාවට ගොඩ වූයේ එදා බලවත් තනතුරක් දැරූ ආරක්ෂක අංශ නිලධාරියකු බවයි.

එදින මුස්ලිම් විරෝධී ප්‍රහාරයක් ඇතිවීමේ ඉඩ කඩ බුද්ධි අංශ දැන නොසිටියේයැයි සිතීම දුෂ්කරය. මන්ද යත් ඊට දින තුනකට පෙරත් මුස්ලිම් ව්‍යාපාරික ස්ථානයන්ට පහර දී තිබූ නිසාය. නමුත් බුද්ධි අංශ හෝ පොලිසිය හෝ එම ප්‍රහාරයන් වැළැක්වීමට පියවර ගෙන නොතිබුණි.

හරියටම පාස්කු ඉරුදින ප්‍රහාරයන් වැළැක්වීමට පියවර නොගත් පරිදිය.

බොදු බල සේනා සංවිධානයේ පිටුබලය ලත් රැලිය පැවැත්වෙන  විට අවම වශයෙන් පොලිස් භටයන් 900ක් පමණ ඒ අවට රාජකාරියේ යෙදී සිටියහ. බොදු බල සේනා රැස්වීම සවස 5 ට අවසන් කර එහි සංවිධායකයින් විසින් බෞද්ධ ගිහි පැවිදි පිරිසගෙන් සමන්විත පෙරහැරක් ආරම්භ කරන ලදී.

එම පෙරහැරට පොලිස් අවසර ලබා ගෙන තිබුණේ නැත.

පෙරහැරට සහභාගි වූවන් පසුපසින් වාහන පෙළක් ද ගමන් ගත් අතර ඊට සිහල රාවයේ සාමාජිකයින් ද එක් විය. මෙම වාහන සමහරක් අංක සොයා ගැනීමට බැරි වන පරිදි වසා තිබුණි.

පෙළපාලිය මුස්ලිම් විරෝධී සටන් පාඨ කියමින් මුස්ලිම් ප්‍රදේශ කරා ගමන් ගත්තේය. චීවරධාරී ඥානසාර  හෝ බොදු බල සේනාවේ ප්‍රකට ක්‍රියාකාරිකයින් සහභාගි වී සිටිනු දක්නට නොලැබුණි.

සමහර අවස්ථාවල ගිනි තැබීමට පවා උත්සාහ දැරුණි. ගිනි බෝම්බ සහ පෙට්රල් බෝම්බ නිවෙස් සහ වෙළද සැල් වෙත දමා ගමන ලදී. මෙම පිරිස් කල් තබා ගිනි බෝම්බ සකස් කර ගෙනැවිත් නොතිබුණේ නම් එවැනි ප්‍රහාරයන් දියත් කළ නොහැකිය.

එම අවස්ථාවෙහි ඔවුන් කොහි සිටියේදැයි දැන ගන්නටද නැත.

කහ ලෝගු හැඳගත් තරුණයන් 150ක් 200ක් පමණ එම පෙරහැරේ ඉදිරියෙන්ම  ගමන් ගත්හ. අලුත්ගම මුස්ලිම් පල්ලිය අසලින් පෙරහැර ගමන් කරන විට පල්ලියේ ඇතුලෙන් ගල් හා ලී කැබලි කිහිපයක් ඔවුන් දෙසට විසි විය. මෙය සුලු සිදුවීමක් පමණක් වූ අතර පෙරහැරට බලපෑමක් නොවීය. කෙසේ වෙතත්, මෙය ප්‍රකෝපකාරී ක්‍රියා සඳහා කාරණයක් බවට පත් විය.

පෙරහැර මුස්ලිම් ගෙවල්, කඩ සාප්පු පෙනෙන ප්‍රදේශ කරා ළඟා වෙත්ම එහි  ඉදිරියේ පිරිස් මුස්ලිම් නිවාසයන්ට පහර දීමට පටන් ගත්තේය. ගල් ප්‍රහාර එල්ල කර ජනෙල් දොරවල් කුඩුපට්ටම් කරන ලදී. සමහර අවස්ථාවල ගිනි තැබීමට පවා උත්සාහ දැරුණි. ගිනි බෝම්බ සහ පෙට්රල් බෝම්බ නිවෙස් සහ වෙළද සැල් වෙත දමා ගමන ලදී.

මෙම පිරිස් කල් තබා ගිනි බෝම්බ සකස් කර ගෙනැවිත් නොතිබුණේ නම් එවැනි ප්‍රහාරයන් දියත් කළ නොහැකිය.

කහ වරණ ලෝගු ඇඳගත් පිරිස් ද පැමිණ සිටියේ සංවිධානාත්මකවය.

බියට පත් මුස්ලිම් පවුල් නිවෙස්වලින් පලා යන්නට පටන් ගත්හ.

මෙම තත්වය යටතේ සමහර මුස්ලිම් තරුණයෝ එකට රැස්වී පෙළපාළිය ගමන් කිරීම වැළැක්වීමට උත්සාහ කළහ. දෙපිරිස අතර මුහුණට මුහුණ ගැටුම් ඇති විය. පසුව පොලිසිය මැදිහත් වී මුස්ලිම් තරුණයන් විසුරුවා හැරීමට උත්සාහ කළේය. මේ අවස්ථාවෙහි ද  පොලිසිය කඳුළු ගෑස් ප්‍රහාර ද එල්ල කරන ලදී.

ඉන් පසු තවත් පිටස්තර අය වාහනවල එන්න පටන් ගත්හ. මෙම වාහන ලබා දෙන ලද්දේ කවරකු විසින්ද යන්න අද වන තුරු හෙළිදරව් වී නැත. එළෙස ආ පිරිස්  වාහනවලින් බැස මුස්ලිම් ආයතන සහ නිවාස ඉලක්ක කර ගනිමින් ප්‍රහාර ආරම්භ කළහ. ඔවුන් අත ඉන්ධන ටින්, පොලු,  වැනි ආයුධ තිබුණි.  දැන් ඔවුන්ද පෙරහැරට එක්විය.

මුල්  පෙළපාළියේ එක් කොටසක් ඔවුන්ගේ ඉලක්ක ගමනාන්තය වන දර්ගා නගර් දෙසට ගමන් කිරීමට උත්සාහ කළ අතර අනෙක් අය විවිධ පැතිවලට විසිරී යාමට පටන් ගත්හ.

මිශ්‍ර අසල්වැසි ප්‍රදේශවල සිංහල ජනතාවද සිටියේය. නමුත් ප්‍රහාරයන්ට ලක් වුයේ  මුස්ලිම් ජනතාව ජීවත් වූ නිවාස පමණකි.

මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය සැලකිය යුතු මුස්ලිම් ජනගහනයක් සිටින බේරුවල ප්‍රදේශය කරා පැතිරෙන්නට විය. අරාබි නාවිකයින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට වෙරළට පැමිණි ස්ථානය ලෙස බේරුවල ඓතිහාසික වශයෙන් ඉතා වැදගත් වේ. ඔවුන්ගේ නිවාස ප්‍රහාරයට ලක්වීමත් සමඟ මුස්ලිම් පවුල් කිහිපයක් තම නිවෙස් අතහැර මුස්ලිම් පල්ලිවල සහ පාසල්වල රැකවරණය පතා ගියහ.

මේ වන විටත් දහස් ගණනක් දර්ගා නගර් සහ වලිපිටිය මුස්ලිම් පල්ලියට රැස්ව සිටියහ. බේරුවල නගරයේ සහ අඹේපිටියේ දහස් ගණන් මුස්ලිම් ජනතාව බේරුවල ජමියා නලීමියා අරාබි විද්‍යාලයටද ආරක්ෂාව පතා පැමිණ සිටියහ.

ප්‍රහාරකයින් ගිනි තබමින් සහ වෙඩි තබමින් පැමිණෙන බව කටින්කට පැතිර ගොස් තිබුණි.

මෙම ගිනි අවි ඔවුනට ලැබුනේ කෙසේද යන්න හෝ මෙම ආයුධ සන්නද්ධ පුද්ගලයින් කව්රුන්ද යන්න හෝ අද දක්වාම හෙළිදරව් වී නැත. මෙම පිරිස පැමිණ තිබුණේ පසුව පැමිණි වාහන වලිනි.

ආණ්ඩුව කර බා ගෙන සිදු වන දෙය නිරීක්ෂණය කරමින් සිටියා මිය තත්වය පාලනය කිරීමට හදිසි පියවර ගත්තේ නැත.

බොද්මු බල සේනා පෙරහුර විසින් දියත් කළ මුස්ලිම් විරෝධී ප්‍රචණ්ඩත්වය දිගටම පැතිරෙන්නට විය. අලුත්ගම සහ බේරුවල ප්‍රදේශවල දර්ගා නගරය, චීනවත්ත, නව නගරය, අඹේපිටිය, මහගොඩ, කොටපිටිය, අධිකාරිගොඩ සහ මීරිපැන්න යන ප්‍රදේශවලට ප්‍රචණ්ඩකාරී ප්‍රහාරයන් එල්ල විය. සපුල කන්ද පාර, මස්ජිඩ් පාර, රෝහල් පාර, ලෝටස් පාර, මිල්ටන් පාර සහ සයිමන් සිල්වා පාර යන ප්‍රදේශවල ගොඩනැගිලි සහ නිවාස කිහිපයකට ප්‍රහාරවලින් හානි සිදු විය. අධිකාරිගොඩ මුස්ලිම් පල්ලි දෙකකට ගිනි තබන ලදී. තවත් මුස්ලිම් පල්ලි තුනකට ප්‍රහාර එල්ල විය.

සිද්ධිය ආවරණය කිරීමට උත්සාහ කළ මාධ්‍යවේදීන් කිහිප දෙනෙකුටද මැර පිරිස විසින් පහර දෙන ලදී.

වලිපිටිය මස්ජිදයේ සහ නලීමියා අරාබි විද්‍යාලයේ සරණාගතභාවය පතා පැමිණ සිටි නිරායුධ දහස් සංඛ්‍යාත මුස්ලිම්වරුන් විශාල අනතුරකට ලක් කරමින්, සිය ගණනක් වූ මැර  පිරිසක් එම පරිශ්‍රය ප්‍රහාරයකට මෙන් වට කර ගත්හ. මැර කල්ලියේ කිහිප දෙනෙක් හොඳින් සන්නද්ධව සිටි අතර ඔවුහු ගිනි අවි පවා පාවිච්චි කරන ලදී.

මෙම ගිනි අවි ඔවුනට ලැබුනේ කෙසේද යන්න හෝ මෙම ආයුධ සන්නද්ධ පුද්ගලයින් කව්රුන්ද යන්න හෝ අද දක්වාම හෙළිදරව් වී නැත. මෙම පිරිස පැමිණ තිබුණේ පසුව පැමිණි වාහන වලිනි.

සමහර මුස්ලිම් තරුණයෝ කඩු හා පිහිවලින් සන්නද්ධව වලිපිටිය පල්ලිය ඉලක්ක කර ගත් මැර පිරිසට මුහුණ දුන්හ. දෙපාර්ශවයම ගල් ප්‍රහාර එල් කර ගත්හ. පැය දෙකකට වැඩි කාලයක් මෙම සෘජු ගැටුම පැවැතියේය. මෙම පල්ලියට පහර දීමට පැමිණි එම ප්‍රචන්ඩකාරී පිරිස ද සමන්විත වූයේ ප්‍රදේශයේ නොවන නාඳුනන පුද්ගලයන්ගෙනි.

මෙම ගැටුම පවතිද්දීම වෙනත් දිශාවකින් වාහනයකින් පැමිණි තවත් පිරිසක් සිය පල්ලිය සහ පවුල් ආරක්ෂා කරමින් සිටි මුස්ලිම් තරුණයින්ට වෙඩි තබන්නට පටන් ගත්හ. පවතින එම තත්ත්වය හේතුවෙන් තුවාලකරුවන් රෝහලට රැගෙන යාමට පවා නොහැකි තත්වයක් ඇති විය. එබැවින් ඔවුන්ට ප්‍රථමාධාර ප්‍රතිකාර ලබා දෙන ලද්දේ  අසළ පිහිටි මද්‍රාසා  පාසලක් වෙත රැගෙන ගොස්ය.

මෙම සිද්ධියෙන් පුද්ගලයන් තිදෙනෙක් මිය ගියහ. ඝාතනයට ලක්වූයේ කම්කරුවෙක් වූ මොහොමඩ් ෂිරාස් (30), සාප්පු හිමි මොහොමඩ් සහුරාන් (40) සහ ටයිල් ව්‍යාපාරික මොහොමඩ් ඉම්රාන් (41) යන අයයි. වෙඩි තැබීමේ සිද්ධියෙන් තවත් මුස්ලිම් ජාතිකයන් හත් දෙනෙකු තුවාල ලැබූහ.

තත්වය සමනය වුයේ පොලිස් විශේෂ කාර්ය බළකාය (STF) යෙදවීමෙන් පසුය. පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් වලිපිටිය මුස්ලිම් පල්ලිය සහ නලීමියා විද්‍යාලය වටලමින් සිටි ප්‍රචන්ඩ  පිරිස් විසුරුවා හරින ලදී. විශේෂ කාර්ය බළකාය රබර් උණ්ඩ සහ කඳුළු ගෑස් උණ්ඩවලින් වෙඩි තැබූ බව පෙනෙන්ට තිබුණි. එස්ටීඑෆ් භටයන් 400 ක් කලබලකාරී ප්‍රදේශවල ස්ථාන ගත කරන ලදී.

ඔවුන් නොපැමිණියේ නම් ශ්‍රී ලංකාවෙහි තවත් මහා සමූළ ඝාතනයක් වන්නට හොදටම ඉඩ තිබුණි.

එසේ නමුත් ඒ වන විටත් චීවරධාරී ඥණසාර විසින් මුදා හරින ලද වාචික ප්‍රචන්ඩත්වය මාරවේශ වී දැවැන්ත විනාශයක් සිදු කර තිබුණි.

මෙතරම් විනාශයකට මඟපෑදු චීවරධාරී ඥණසාර,  රාජපක්ෂ විසින් එක් රටක් එක් නීතියක් සෑදිමට පත් කරනු ලැබීමෙන් පසු තම අරමුණු ඉටු කර ගැනීමට ස්වර්ණමය අවස්ථාවක ලැබී ඇතැයි උදම් අනන්නට ඇත්තේ එම ප්‍රචණ්ඩත්ව සිහිනයේ කිමිදෙමින් විය යුතුය.

( ප්‍රසිදිධියට පත් ලිපි ලේඛන, විශේෂයෙන්ම ඩී.බී.එස්. ජෙයරාජ් විසින්  පලකරන  ලද ලිපි සහ ඇසින් දුටු සාක්ෂි ඇසුරිණි. සිදු වූ විනාශය පිළිබඳව සහ මෙම ප්‍රඡණ්ඩත්වය පිළිබඳව රහස් පොලිසිය විසින් කරන ලද පරීක්ෂනයේ වාර්තාව ගැන ඉදිරි ලිපියක  බලාපොරොත්තු වන්න.)

 

Archive

Latest news

Related news