Tuesday, April 23, 2024

මල්වානේ මාලිගා නඩුව: බැසිල් වෙනුවෙන් තිලක් මාරපන; තිරු නඩේසන් වෙනුවෙන් සාලිය පිරිස්! මං පොලිසියට කිව්වේ බොරු – මුදිත ජයකොඩි!!

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය භාරයට ගෙන නඩු භාණ්ඩ ලෙස මහා අධිකරණයේ ඇති ලිපි ලේඛනවල අත්සන් මගේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් යැයි වත්මන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ තිරු කුමාරන් නඬේසන් යන විත්තිකරුවන් දෙදෙනාට විරුද්ධව ඇති නඩුව ගම්පහ මහාධිකරණය හමුවේ ඊයේ (14 වැනිදා) විභාගයට ගත් අවස්ථාවේ රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා ඇසූ හරස් ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් වරලත් ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩි නමැති සාක්ෂිකරු පවසා තිබේ.

තවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලබාදුන් ප‍්‍රකාශ අසත්‍ය බවත් ගෘහ නිර්මාණ ශිල්පී මුදිත උපාලි ජයකොඩි එදින අධිකරණයට පවසා තිබේ.

අත් අකුරු රස පරීක්ෂකයින් විසින් එම අත්සන් පිළිබඳ නිගමයක් දී ඇත්ද නැත්ද යන්න තවම වාර්තා නොවේ.

මුදිත ජයකොඩි මෙසේ කියා සිටියේ දොම්පේ මල්වාන මාපිටිගම ප‍්‍රදේශයෙන් අක්කර 16ක ඉඩමක් මිලට ගෙන එහි නිවසක් සහ නාන තටාකයක් ඉදිකර සත්ව ගොවිපළක් පවත්වාගෙන යමින් රජයේ මුදල් අවභාවිතා කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණ පනත යටතේ නීතිපතිවරයා විසින් හිටපු අමාත්‍ය වත්මන් මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සහ තිරු කුමාරන් නඬේසන් යන දෙදෙනාට විරුද්ධව ගම්පහ මහාධිකරණයේ අධි චෝදනා 03ක් යටතේ ගොනුකර ඇති නඩුව, එම නඩුව විභාග කිරීමට පත් කර සිටින මහාධිකරණ විනිසුරු නිමල් රණවීර මහතා ඉදිරියේ විභාගයට ගැනුණෙ අවස්ථාවේදීය.

රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න සහ රජයේ නීතිඥ ඔස්වල්ඞ් පෙරේරා යන මහත්වරු පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියහ. රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතා කළ හරස් ප‍්‍රශ්න හමුවේ පිළිතුරු දුන් මුදිත උපාලි ජයකොඩි නමැති සාක්ෂිකරු මෙසේ ද පැවසීය.

මම මීට ඉහත මෙම නඩුවේ සාක්ෂි ලබා දීලා තියෙනවා. 2016 වර්ෂයේ දී පූගොඩ මහෙස්ත‍්‍රාත් හමුවේ ප‍්‍රකාශයක් ලබා දුන් බව පිළිගන්නවා. 2015 වර්ෂයේ මැයි මස 22 දා මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් මගේ කාර්යාලයට කඩා වැදී එහි තිබූ ලිපිගොනු අරන් ගියා. ඔවුන් එන විට මා සිටියේ නැහැ. මා වෙනත් වැඩක යෙදී සිටියේ.

මා එතැනට පැමිණි පසු මාව කාමරයකට දැම්මා. මගේ කාර්යාලයත් නිවසක් පුංචි අම්මාගේ නිවසක් පවා එම නිලධාරීන් පරීක්ෂාවට ලක් කළා.

අත්සන හඳුනාගන්න මම අති දක්ෂයෙක් නෙවෙයි.

අල්මාරි ලාච්චු අවුස්සා ලිපි ගොනු හෙව්වා. මා සිටියේ හොඳ මානසිකත්වයෙන් නොවේ. ලිපි ලේඛන රැුසකට මගෙන් අත්සන් ගත්තා. මා විසින් අත්සන් නොකරපු ලේඛන ඔවුන් රුගෙන ගියා. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් රැගෙන ගොස් නඩු භාණ්ඩ ලෙස නම් කර ඇති ලේඛනවල තිබෙන අත්සන් මගේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. අත්සන හඳුනාගන්න මම අති දක්ෂයෙක් නෙවෙයි.

මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට කිව්වේ බොරු

රජයේ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් ශනිල් කුලරත්න මහතාගේ හරස් ප‍්‍රශ්න ඇසීම අවසන් කිරීමෙන් අනතුරුව මුදිත උපාලි ජයකොඩි යන සාක්ෂිකරුගෙන් හරස් ප‍්‍රශ්න ඇසීම ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා විසින් සිදු කළ අතර සාක්ෂිකරු මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ලබාදුන් ප‍්‍රකාශ අසත්‍ය බවට සාක්ෂිකරු මහාධිකරණය හමුවේ දී පිළිගත්තේය.

මෙම නඩුව රනිල් වික්‍රමසිංහ අගමැකතිකම දැරූ යහ පාලන ආණ්ඩුව සමයෙහි බවරන ලද්දකි. එමෙන්ම මෙම මල්වානේ මාලිගය අයත් වන්නේ බැසිල් රාජපක්ෂය බවට රනිල් වික්‍රමසිංහ ප්‍රචාරක පිරිස් රටට කියා සිටියහ.

දැන් එම නඩුවෙහි බැසිල් රාජපක්ෂ වෙනුවෙන්, රනිල් වික්‍රමසිංහ ගජ මිතුරකු සහ එම ආණ්ඩුවේ ඇමැතිවරයකු වූත් නීතිඥ තිලත් මාරපක පෙනී සිටි. ඔහු අවන්ගාඩ් හිමිකරු නිස්සංක සේනාධිපති සමඟ පැවැති ලැදියාවන් අතර ගැටුමක් ඇති කරන සම්බන්ධතාවක් නිසා ඇමැති ධුරයෙන් පහ කරන ලද නමුත් රනිල් වික්‍රමසිංහ ඔහු යළි ඇමැති මංඩළයට ඇතුල් කර ගත්තේය.

එම නඩුවේ අනෙක් සැකකරු වන පැන්ඩෝරා පත්‍රිකා මිගින් කලු සල්ලි ජවාරම්කරුවකු ලෙස දක්වන ලද තිරු කුමාර නඩේසන් වෙනුවෙන් යහපාලන ආණ්ඩුව විසින් අතුරුදහන්වුවන්ගේ කාර්යාලයේ සබාපති ලෙස පත් කරන ලද සහ නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට පොරොන්දු වී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති තනතුරට පත් නීතිඥ සාලිය පීරිස් ද පෙනී සිටී.

නීතිඥ තිස්ස ගුණවර්ධන ඇතුළු නීතිඥ කණ්ඩායමක් සමග ඞී. ඒ. පී. වීරත්න, නවීන් මාරපන සහ තිලක් මාරපන යන ජනාධිපති නීතිඥවරුන් තිදෙනා පළමු විත්තිකාර බැසිල් රාජපක්ෂ වෙනුවෙන් ද ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් දෙවැනි විත්තිකාර තිරු කුමාරන් නඬේසන් වෙනුවෙන් ද පෙනී සිටියහ. වැඩිදුර නඩු විභාගය නොවැම්බර් මස 01 වෙනිදාට කල් තැබුණි.

(නඩු දින වාර්තාව පිළිබද කරුණූ දිවයින පුවත් පතිනි)

Archive

Latest news

Related news