Saturday, April 20, 2024

කොව්ඩ් හැදුනම්පත අනීවාර්ය කිරීම: ඒ්කාධිපති රටක මෙන් ලංකාවේත් මාධ්‍ය නිවේදනයකින් නීති පැනවීමක්!

රටක පුරවැසියන්ගේ අයිතීන් සීමා කළ හැකි නීත්‍යනුකූල ක්‍රම සහ විදි තිබියදී හුදෙක් යුද හමුදාපතිගේ ප්‍රකාශකින් සහ මාධ්‍ය අධ්‍යක්ෂකගේ නිවේදනයකින් කොවිඩ් හැදුනුම්පත අනීවාර්ය කිරීම කුමන නීතියක් යටතේ කරන ලද්දක් දැයි නීති අංශ ප්‍රශ්න කරති.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්ථමේන්තුව විසින් නිකුත් කරන ලද පහත සඳහන් නිවේදනයෙන් කියැවෙන්නේ යුද හමුදාපති විසින් කරන ලද දැනුම්දීමකට අනුව මෙම මස 15 වන දින සිට කොවවඩ් එන්නත් දෙකම ලබා ගත් බව දැක්වෙන සහතිකයක් නොමැතිව පොදු ස්ථානවලට ඇතුල්වීමට අවසර නොදෙන බවයි.

මෙම පොදු ස්ථාන යනු මොනවාදැයි නියමානූකූල ලෙස ගැසට් නිවේදනයකින් දැක්විය යුතු නමුත් මෙය හුදු කට වචනය නීතියක් බවට පෙරළිමක් බව නීතිවේදිනියක ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත පැවසීය.

මෙම පොදු ගණයට ආගමික ස්ථාන ඇතුලත් වන්නේද, සිපිරි වෙළද සැල් ඇතුළත් වන්නේ ද යන්න දන්නා කෙනෙක් නැත.

රටෙහි ජනයාට එන්නත් ලබා දීමට නිසි ක්‍රමවේදයක් සකස් නොකළ රාජපක්ෂ ආණ්ඩුව සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් වෙනුවට යුදහමුදා ක්‍රම අනුගමනය කළ අතර බෙහෝ දෙනෙකුට තවම එන්නත් මාත්‍රා ලබා ගැනීමට හැකියාවක් ලැබී නැත.

මේ අතර මෙම එන්නත් සහතිකය කවර බලධාරියකු විසින් තවර ආකාරයකින් නිකුත් කළ යුතුද යන්නද එහි සඳහන් නොවේ.

Munza Mushtaq සිය කොව්ඩ් සහතිකය ට්වීට ගිනුමෙහි ප්‍රකාශයට පත් කර තිබේ. ඒ අනුව මෙවැනි සහතිකයක් සාමාන්‍ය ජායාපිටපත් යන්ත්‍රයකින් වුව සකස් කර ගත හැකිය. මෙම සහතික සැබෑ දැයි දැන ගැනීමට ක්‍රමයක් නැත.

ප්‍රංශයෙහි මෙවැනි නීතියක් ගෙ එන ලද්දේ සියළු ව්‍යවස්ථාමය ක්‍රම අනුගමනය කිරීම මගිනි. එය ප්‍රංශයේ ඉහළම අධිකරණයෙන්ද අනුමත කරන ලදී.

අනෙක් කිසිදු බටහිර යුරෝපා රටක් එවැනි නීතියක් සම්මත කර නැති නමුත් එන්නත දෙකම ලබා ගත් අය වෙත ඊමෙල් මගින් බා ගත කර ගත හැකි කිව්ආර් කොර්ඩ් සහතිකයක් ලබා දෙයි.

එය කියවිය හැක්කේ මෘදුකාංශයක් මගින් පමණක් වන අතර එහි අදාළ සියලු විස්තර සඳහන්ය. දුම්රිය අවසර පත් පරීක්ෂකයකුට පවා එය සැබෑ එකක් දැයි දැන ගත හැක. එය අවශ්‍ය වන්නේ දේශසීමා තරණය කිරීමේදී සහ ගුවන් ගමන් වලදී පමණි.

එය ජංගම දුරකථනයේ තබා ගත හැකි මෙවැනි එකකි. අවශය නම් කඩදාසියක එය මුද්‍රණය කර ගැනීමට ද පුලුවන.

ක්‍රමවත් ලෙස එන්නත් කරණය කරනු ලැබුවේ නම් ලංකාවේද මෙවැනි ක්‍රමයත් ඇති කළ හැකිව තිබුණි.

වසංගතය පාලනය කිරීම සඳහා අවශ්‍ය නීතිමය රාමුවක් සකස් කිරීමට රාජපක්ෂ ආණ්ඩුව දෙවසරක් පුරා කිසිදු උත්සාහයක් ගෙන නැත.

මේ දක්වා ගෙන ඇති සෑම සීමා කිරීමක්ම කර ඇතේ හුදෙක් රාජ්‍ය බලය පාව්ච්චි කිරීමෙන් පමණකි. එමගින් සිදුවන්නේ රටෙහි නීතියේ ආධිපත්‍ය කඩා වැටීමයි.

හුදෙක් මාධ්‍ය නිවේදනයක් රෙගුලාසියක් වන්නේ කෙසේදැයි ප්‍රශ්න කරමින් නීතිඥ නිමල්කා ප්‍රනාන්දු සිය  මුහුණු පොතෙහි මෙවැනි සටහනක් තබා තිබේ.

මේ අතර කොව්ඩ් වසංගතය පාලනය කිරීම සඳහා ජේෂ්ඨ නීතිවේදියකු වන පාර්ලිමේන්තු මංත්‍රී සුමන්දිරන් විසින් මාස ගණනාවකට පෙර ඉදිරිපත් කරන ලද නීතිමය පනත් කෙටුම්පත පාර්ලිමේන්තු හමස් පෙට්ටියට දමා තිබේ.

සිය කට වචනය නීතියක් ලෙස ගත යුතු බව ජනාධිපති රාජපක්ෂ කී පරිදිම දැන් නීතියේ ආධිපත්‍ය යුද හමුදාපතිගේ කට වචනය බවට පත්ව තිබේ.

 

Archive

Latest news

Related news