Saturday, April 27, 2024

වැඩ වර්ජන තහනම් කැරෙන තවත් රාජපක්ෂ ගැසට්ටුවක්: තවත් සේවාවාන් ගණනාවක් අත්‍යවශය සේවා ලෙස නම් කරයි!

ආණ්ඩුවේ තවත් සේවාවාන් ගණනාවක් අත්‍යවශ්‍ය සේවා ලෙස නම් කරමින් ජනාධිපති රාජපක්ෂ අතිවිශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කර තිබේ.

එමගින් පහත සදහන් සේවාවන්හි අයිතීන් සඳහා කැරෙන ඕනෑම වෘත්තීය ක්‍රියාමාර්ගයක් නීති විරෝධි බවට පත්වෙයි.

මෙයට පෙර හෙද සේවාවන්හි වර්ජන තරජන හමුවෙහි ද මෙවැනිම ගැසට් නිවේදනයක් නිකුත් කරන ලදී.

උග්‍රවන ආර්ථික ප්‍රශ්ණ හමුවෙහි සේවක පිරිස් වැඩවර්ජන ක්‍රියාමාර්ගයන්ට යනු ඇතැයි බියක් ආණ්ඩුවට ඇතිවී තිබෙන බව මෙමගින් පෙන්නුම් කැරෙන බව විචාරකයෝ කියති.

ගැසට්ටුව පහත පළවේ.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති, ගෝඨාභය රාජපක්‍ෂ වන මම, 1979 අංක 61 දරන අත්‍යාවශ්‍ය මහජන සේවා පනතේ 2 වගන්තිය ප්‍රකාරව මා වෙත පැවරී ඇති බලතල අනුව මෙම නිවේදනය මගින් පහත උපලේඛනයෙහි සඳහන් වන සේවාවන් සැපයීමෙහි නිරත වන ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමුපකාර සමිතියකින් හෝ ඒවායෙහි ශාඛාවකින් සපයනු ලබන සේවාවන් සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සැලකිල්ලට ගනිමින් හා එම සේවාවන් සැපයීමට අවහිරයක් හෝ බාධාවන් ඇතිවීමට හැකියාවක් පැවතීම හේතුවෙන් සහ සෞඛ්‍ය හා
ආරක්ෂක සේවාවන් කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නිරෝධායන කටයුතු ඇතුළු අනෙකුත් ආශ්‍රිත සේවාවන් සැපයීමේ අඛණ්ඩ සේවාවක නිරතව සිටින බව ද, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් කොවිඩ්-19 රෝග නිවාරණ සම්බන්ධයෙන් නිකුත් කර ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශයන්හි සඳහන් වන කරුණු ද අවධානයට ලක්කරමින් ඕනෑම රාජ්‍ය සංස්ථාවකින් හෝ රජයේ දෙපාර්තමේන්තුවකින් හෝ පළාත් පාලන ආයතනයකින් හෝ සමුපකාර සමිතියකින් හෝ ඒවායෙහි ශාඛාවකින් සපයනු ලබන පහත උපලේඛනයේ සඳහන් සේවාවන් පූර්වෝක්ත වගන්තියෙහි කාර්යයන් සඳහා අත්‍යාවශ්‍ය සේවාවන් බවට මෙම ආඥාවෙන් ප්‍රකාශයට පත් කරමි.

1. 1979 අංක 51 දරන ශ්‍රී ලංකා වරාය අධිකාරිය පනතෙහි 3 වන වගන්තියෙන් ස්ථාපිත ශ්‍රී ලංකා වරාය අධිකාරිය විසින් ඊට අදාළව ඉටු කළ යුතු වන්නා වූ හෝ අවශ්‍ය වන්නාවූ කවරවුව ස්වභාවයේ සියලුම සේවාවන්, වැඩ හෝ ශ්‍රම දායකත්වය.
2. පෙට්‍රෝලියම් නිෂ්පාදන හා ද්‍රව වායු ඇතුළු සියලුම ඉන්ධන සැපයුම හා බෙදා හැරීම.
3. රේගු ආඥාපනතෙහි අරමුණු සඳහා වරායක් ලෙස නිර්වචනය කර ඇති ඕනෑම වරායක් තුළ නැවකින් තෙල්  හෝ ඉන්ධන බැහැර කිරීම, ප්‍රවාහනය කිරීම, ගොඩබෑම, ගබඩා කිරීම, බාරදීම හෝ ඉවත් කිරීමට අදාළව සිදුකළ යුතු හෝ අත්‍යාවශ්‍ය වන සියලුම සේවාවන්, වැඩ හෝ ඕනෑම ආකාරයක ශ්‍රමය යෙදවීම.
4. භාණ්ඩ ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හා මගී ප්‍රවාහනය සඳහා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය මගින් සිදුකරන සියලුම පොදු ප්‍රවාහන සේවාවන්
5. එකී පොදු සේවාවන් සේවා අවශ්‍යතාවයන් අනුව පවත්වා ගෙන යාමට අත්‍යාවශ්‍ය වන  නඩත්තු හා ආරක්ෂක හා මෙහෙයුම් පවත්වා ගැනීම.
6. සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාරීන්, සමෘද්ධි සංවර්ධන නිලධාරීන්, කෘෂි පර්යේෂණ සහකාර ඇතුළු සියලු දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි ක්ෂේත්‍ර මට්ටමේ නිලධාරීන් විසින් ඉටු කළ යුතු වන්නාවූ හෝ ඉටු කිරීමට අවශ්‍ය වන්නා වූ කවර වුව ස්වභාවයේ සියලුම සේවාවන්, වැඩ හෝ ශ්‍රම දායකත්වය.
7. ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළුව සියළුම‍ම රාජ්‍ය බැංකු හා රක්ෂන සේවා කටයුතු.
8. පළාත් පාලන ආයතන මගින්  සිදුකරන කසළ කළමනාකරණ සේවා කටයුතු.
9. සීමාසහිත ලංකා සතොස, සමුපකාර තොග වෙළඳ සංස්ථාව, ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව, සමුපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සහ සමුපකාර සමිති මගින් ඉටු කරනු ලබන සියලුම ආහාරපාන ද්‍රව්‍ය ඇතුළු ජනතාවට අවශ්‍ය අනෙකුත් සියලුම පාරිභෝගික ද්‍රව්‍ය සැපයීම, ගබඩා කිරීම, බෙදා හැරීම සහ නියාමන කටයුතු සම්බන්ධයෙන් අවශ්‍ය හෝ කළ යුතු යැයි නියමිත සියලුම සේවාවන්, වැඩ හෝ ඕනෑම ආකාරයක ශ්‍රමය යෙදවීම.
10. පළාත් සභා යටතේ වන සියලුම රජයේ කාර්යාල මගින් ඉටු කළ යුතු වන්නා වූ හෝ අවශ්‍ය වන්නාවූ කවරවුව ස්වභාවයේ සියලුම සේවාවන්, වැඩ හෝ ශ්‍රම දායකත්වය.

පීඩිඑෆ් ගොන්වකු ලෙස:අත්‍යවශය සේවා නියෝග ගැසට්ටුව 170621

Archive

Latest news

Related news