Tuesday, July 16, 2024

කිලෝ මීටර 300ක් ගෙවා නින්දකට වැටුනු චින අලි රංචුව යළි ගමන් අරඹයි.

ඡායාරූපය‍: වැතිරී නිදා ගන්න අලි – 2021 ජුනි 7 වන දින ඩ්‍රෝන යානයකින් ගත් ඡායාරූපය. REUTERS හරහා චයිනා ඩේලි මගිනි.

නිරිතදිග චීනයේ කුන්මින් නගරයට නුදුරින් පිහිටි වනාන්තරයක දිනක් විවේක ගැනීමෙන් පසු වන අලි 15 දෙනෙකුගෙන් යුත් සංචාරක රංචුව අද එනම් 09දා  යළිත් ගමන්  ආරම්භ කළ බව රොයිටර් පුවත් සේව වාර්තා කරයි. , පසුගිය වසර පුරා මෙම අලි රංචුව කිලෝමීටර් 500 ක දුරක් ගමන් කිරීම චීනයේද ලොව පුරාද ජනයාගේ අමන්දාන්නදයට හේතු වී තිබේ.

වීන ප්‍රාන්ත  ලැව් ගිනි නිවීමේ ඒකකය විසින් 08 වන සඳුදා ගන්නා ලද ඩ්‍රෝන් ඡායාරූපයන්හි ජින්නිං දිස්ත්‍රික්කයේ වනාන්තරයක් මැද පිහිටි විල්ලුවක නිදා සිටින අලි රංචුව දක්නට ලැබේ. අලි බිම වැතිරී නිදා ගන්නා පින්තූර එතරම් සුලභ නැත.  මෙම පලාත ගිගුරුම් සහිත අධික වර්ශාවන්ට මේ දිනවල මුහුණ දෙයි. ශ්‍රී ලංකාවේ නම් එවැනි පින්තූරයක් දක්නට නැති තරම්ය.

අලි රංචුවට පැටි දෙනෙකු අයත් අතර උන නිදා ගන්නේ රංචුව තුරුල්ලේය. REUTERS

අලි ඇතුන් අඟහරුවාදා උදෑසන යළිත් ගමන් කිරීමට පටන් ගත් විට චීන රාජ්‍ය බලධාරීහු යළිත් ඔම රංචුව නිරීක්ෂනය කරමින් ආක්ෂක පියවර ගන්නට පටන් ගත්හ.

මෙම අලි ඇතුන්ගේ කණඩායම මිනිස් ජනාවාස ආක්‍රමණය කළ හැකිය යන බිය නිසා ලුහුබැඳීම් කණ්ඩායම් මේ වන විට රංචුවෙහි සංචාරය නිරීක්ෂණය කිරීම සඳහා පැය 24 පුරාම කටයුතු කරමින් සිටිති. මේ සඳහා ක්ෂනික ප්‍රතිචාර දැක්වීම සඳහා පුහුණු කරන ලද  400 කට අධික සංඛ්‍යාවක් ද යොදවා ඇත.

මෙම රංචුව සිය වනාන්තර වාසස්ථාන වූ ෂිෂුවාංබන්නා ජාතික ස්වභාව රක්ෂිතයෙන් පිටතට පැමිණ මේ වන විට කිලෝමීටර් සිය ගණනක් ගමන් කර තිබේ.

2021 මැයි 27 වන දින චීනයේ යුනාන් හි චීනයේ ඊෂාන් හි අලි රංචුවක් පාරක් දිගේ ඇවිදගෙන යමින් සිටියි. ඊෂාන් කවුන්ටි ෆැන් යුවාන් කාර් ආරක්ෂණ මධ්‍යස්ථානය / REUTERS 

රාජ්‍ය වන විද්‍යා හා තණබිම් පරිපාලනයේ ආසියානු අලි පර්යේෂණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ චෙන් ෆේ පැවසා ඇත්තේ අලි රංචුව නැවත උතුරු දෙසට ගමන් කරන්නේද යන්න පිළිබඳව ඔවුන් විමසිල්ලෙන් පසුවන බවත් අවශ්‍ය නම් ගම්මානයන්හි වැසියන් ඉවත් කරන බවත්ය.

මෙම රංචුව මීට වසරකට පමණ පෙර උතුරු දෙසට ගමන් ආරම්භ කළේ චීනයේ මියන්මාරය සමඟ මායිම අසල ෂිෂුවාංබන්නා හි නම් කරන ලද අලි ආරක්ෂණ කලාපයකිනි.

චීනයේ ඉතිරිව ඇති දේශීය අලි ප්‍රජාව සඳහා ඇති ඉඩ ප්‍රමාණය ක්‍රමයෙන් හැකිලී ගොස් ඇති අතර, ෂිෂුවාංබන්නාහි නිවර්තන වනාන්තර විනාශ කරමින් කෙසෙල්, තේ හෝ රබර් වගාවන් හෝ සාම්ප්‍රදායික චීන වෛද්‍ය විද්‍යාව සඳහා ලාභදායී අමුද්‍රව්‍ය සිටුවීමට යොදා ගෙන තිබේ.

අලි රංචුව උතුරට යාමට පෙලඹුණේ කුමක් ද යන්න පැහැදිලි නැත. එනමුත් පසුගිය දශකය තුළ යුනාන් හි සංරක්ෂණ කටයුතු මගින් අලි සංඛ්‍යාව දෙගුණයක් වී ඇති අතර ඉඩම් හා සම්පත් වැඩි වැඩියෙන් විනාශ වී තිබේ.

කොලරාඩෝ ප්‍රාන්ත විශ්ව විද්‍යාලයේ අලි විශේෂයෙක් සහ Save The Elephants විද්‍යාත්මක මණ්ඩලයේ සභාපති ජෝර්ජ් විට්මියර් මෙසේ  පවසා තිබේ.

“අලි ඇත්තු ඉරපතල අවදානම් වළක්වා ගැනීමට හෝ භයානක තත්වයන් වළක්වා ගැනීමට ඉවතට යති. ඔවුන් ආහාර සම්පත්, පෝෂණය හා ජලය සොයා ගැනීමට දුර ගමන් කරති. තවද ඔවුන් සමාජ හේතූන් හා ප්‍රජනන අවස්ථා සඳහා ද ගමන් කරති”.

නව වාසස්ථානයක් සොයා ගමන් කරන බව පෙනෙන මෙම අලි රංචුව මේ වන විට ඩොලර් මිලියනයක තරම් ආර්ථික අලාභයක් කර ඇතත් මේ තාක් කිසිදු මිනිසකුට හෝ අලියකුට කරදරයක් වී නැත.

වරක් ඇලකට වැටුනු පැටව් දෙදෙනෙකු රංචුවම එක්ව ගොඩ ගත් සැටිත් තවත් වරක් ගෝඩා හැළියක් බිව් අලි පැටවකු මත් වු සැටිත් චීන සමාජ ජාලයන්හි  මුල් තැන දිනා ගත්තේය.

නගරවලට ඇතුලු වීම වැළැක්වීමට පළතුරු තබා අලි රංවුව වෙනතක යොමු කරන අතර විශාල යන්ත්‍රසූත්‍ර මගින් ද පාරවල් අවහිර කර තිබේ.

මෙම අලි රංචුව ගමන් ගන්නා චීනයේ උතුරා දෙස උනට ජීවත්විය හැකි වනාන්නතර නැති බැවින් අවසානයේදී නිර්වින්දනය කර වාහන මගින් යළි ඔවුන් ජීවත් වූ රක්ෂිතයටම ගෙන යවන්නට සිදුවනු ඇතැයි චීන මාධ්‍ය වාර්තා කර තිබේ.

 

 

 

 

Archive

Latest news

Related news