Tuesday, July 16, 2024

ස’ කරුණාකර යන්න; අපේ නායකයා වීමට ඔබට සදාචාරාත්මක අයිතියක් නැත –  අරුන්දතී රෝයි

ඡායාරූපය: දිල්ලි නුවර ආදාහනය සඳහා පේලි ගස්වා ඇති කොවිඩි වින්දිතයින්ගේ සිරුරු.

අගමැති මෝදිගෙන් කරන ඉල්ලීමයි. කරුණාකර ඉවත්ව යන්න. 

අපට ආන්ඩුවක් අවශයය. නැතුවම බැරිය. අපට ආන්ඩුවක් නැත. අපේ හුස්ම සිදී යමින් තිබේ. අපි මිය යමින් සිටිමු.  ලද ආධාරවත් බෙදා දෙන්නේ ‌ කෙසේදැයි තීන්දු කරන්නට  ක්‍රම පද්දතියක් නැත.

මේ මොහොතේ මේ දැන් අපට කුමක් කල හැකිද?

අරැන්දතී රෝයි

2024 වෙනතුරු සිටින්නට දැන්නම් කිසිසේත්ම බැරිය. අපි විසින් අගමැති මෝදිගෙන් ආයාචනයක් කරනා දිනක් පැමිණෙනු ඇතැයි මා වැනි අය සිතුවේවත් නැත. පුද්ගලිකව මාගේ අදහස වුයේ එසේ ඉල්ලා සිටිනවාට වඩා හිරේට යෑම ගෞරවාන්විත බවයි. නමුත් අද ගෙවල්වල, මහමඟ, රෝහල්වල, කාර්පාක් වල ද මහනගර වලද කුඩා නගරවලද ගම්මානවලද කැලෑ තුලද වගාබිම් වලද අපි මියයමින් සිටින්නෙමු. ඒ නිසාම අනෙකුත් සිය දහස් ගණනක් වූ සාමන්‍ය පුරවැසින් සමග මා ද මගේ අභිමානය හකුලා ගනිමින් ඉල්ලා සිටින්නේ සර්, දැන්වත්  කරුණාකර අයින්වන්න කියාය. මා ඔබගෙන් උදක්ම ඉල්ලා සිටිමි. දැන් ඉවත්ව යන්න.

මේ අර්බුදය නිර්මාණය කළේ ඔබය. ඔබට ඊට විසදුමක් නැත.  ඔබ කළ හැක්කේ  අර්බුදය වඩාත් නරක් කිරීම පමණි. මේ  වෛරය බියෙහි  වෛරයෙහි සහ නොසලකා හැරීමෙහි  තත්ත්වය තුළ මරුවට වැඩෙයි.  බිය නැතව කතා කරන්නන් මැඩළන විට එය වැඩෙයි.

මේ අර්බුදය ගැන  කථාකළ කවුරකු වුවත් මැඩළන විට,  සත්‍ය තොරතුරු ජාත්‍යයන්තර මාධ්‍ය මගින් පමණක් දැනගැනීමට හැකි පරදි ඔබ මාධ්‍ය පාලනය කරන විට එය වැඩෙයි. රටක අගමැතිවරයා ඔහුගේ මුලු ධූර කාලය පුරාම වසර  ගණනාවක්ම පුරා මාධ්‍ය සාකච්ජාවක් පවත්වා නැති විට, මරණ සංඛ්‍යා බියජනක ලෙස ඉහළ යන මේ අතිශය බිහිසුණු මොහොතේ  පවා ප්‍රශ්ණවලට පිළිතුරු දිය නොහැකි  ඔබට මාධ්‍යට මුහුණ දිමට හැකියාවක් නැති විට වෛරසය වැඩෙයි.

ඔබ නොගියහොත්  මිය නොයා යුතු සිය දහස් ගණණක් මිය යනු ඇත. දැන් ඉතිං යන්න.  Jhola utha ke. ඔබගේ ගෞරවයට හානි නොකර ගෙන යන්න.  ඔබට නියමට  හුදකලා භාවනායෝගී ජීවිතයක් ගත කළ හැකිය. ඔබට ඕනැ යැයි ඔබ කිවේත් එයමනේ.  නමුත් ඔබ මේ විසල් මියයෑම් වලට ඉඩ හැරියහොත්  ඊට ඉඩ ලැබෙන්නේ නැත.

ඔබගේ තැන ගත හැකි බොහෝ දෙනෙක් ඔබගේ පක්ෂය තූළ සිටී. මේ වැනි අර්බුදකාරී මොහොතක දේශපාලනිකව විරුද්ධ මත දරණ අය සමග පවා වැඩකල යුතු බව දන්නා අය. එම පුද්ගලයා ඔබගේ පක්ෂයේ  කවුරුන් වුවත් රාෂ්ඨ සේවක සංගමයේද  අනුමැතිය ඇතිව රජයට සහ අර්බුධ කළමණාකරණ කමිටුවටද නායකත්වය දිය හැකිය.

ප්‍රාන්ත මහ ඇමතිවරුන්ගේ නියෝජිතයන් එම කමිටුවට පත්කල හැකි අතර එවිට සියලු පක්ෂ නියෝජනය වූ ආකාරයක් හැගේ. ඒවගේම ජාතික පක්ෂයක් ලෙස කොංග්‍රස් පක්ෂයටද එම කමිටුවට ඇතුලත් විය හැක. එසේම විද්‍යාඥයින් මහජන සෞඛ්‍ය විශේෂඥයන් වෛද්‍යවරුන් සහ අත්දැකීම් සහිත රාජ්‍ය සේවකයන් එම කමිටුවට ඇතුලත් කළ හැකිය. ඔබට මෙය තේරුම් ගැනීමට නොහැකිවනවා ඇත. නමුත් මේ තමයි ප්‍රජාතන්ත්‍රවාදය.

විරුද්ධවාදීන් නොමැති ප්‍රජාතන්ත්‍රවාදයක් නැත. එවිට එය හැදින්වෙන්නේ පීඩක තත්ත්වයක් ලෙසය. මේ වෛරසය එවැනි ආඥාදායකතවයන්ට  ඇලුම් කරයි.

ඔබ දැන් නොගියහොත් මේ වෛරසය දැඩිව පැතිරීම ජාත්‍යයන්තරය විසින් දකිනු ඇත්තේ ලෝකයට එල්ල වන තර්ජනයක් ආකාරයේ ජාත්‍යයන්තර ප්‍රශ්ණයක් ලෙසය. ඔබගේ නූගත්කමින්  හෝ නොදැනුවත්කමින් ඔබ කරමින් සිටින්නේ අනෙක් රාජ්‍යයන්ට අපගේ අභ්‍යයන්තර කටයුතුවලට අතපෙවීමට උත්සාහ කිරීමටත් අතපෙවීමටත් හොද හේතුවක් නිර්මාණය කර දීමය. සමහර විට ඔවුන්ට පාලනය අල්ලා ගැනීමටත් හැකි විය හැක. සෛ්වරීත්වය වෙනුවෙන් අප කළ දැඩි සටන ඒ ඔස්සේ  සම්මුතින්ට යටත් වෙනවා ඇත. එපමනක් නොව අප නැවත ඔවුන්ගේ යටත් විජිතයක් බවට වීමටත් ඉඩ තිබේ. මෙය නොසලකා හැරිය නොහැකි බරපතල තත්ත්වයකි.

කරුණාකර යන්න.  ඔබට කලහැකි වඩාත් වගකීම  සහිත ක්‍රියාව නම් ඔබ දැන් ඉවත්වී යාමයි. අපගේ අගමැතිවරයා වීමට  කිසිදු සදාචාරාත්මක අයිතියක් ඔබට නැත.

මුල් ඉංග්‍රිසි බසින් පල කරන ලද ලිපිය   scroll.in

Archive

Latest news

Related news