Friday, March 29, 2024

අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විකාරයක්. එකෙන් වැඩක් නැහැ! – ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න

ඡායාරූපය: 2019 වසරෙහි අතුරුදහන්වූවන්ගේ දිනය නිමිති කොට අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සංවිධානය කරන ලද අනුස්මරණ උත්සවයකදී, ජනාධිපතිනි කුමාරතුංග විසින් පත්කරන ලද අතුරුදහන්වූවන් පිළිබඳ කොමිෂන් සභාවන්හි සභාපතිනිය වූ මනෝරී මුත්තෙට්ටුවේගම සිය අදහස් දක්වයි.

රාජ්‍ය පාලිත ඩේලි නිව්ස් පුවත්පත සමඟ සාකච්ජාවකට එක් වෙමින් ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය වැඩකට නැති විකාරයක් යැයි පවසා තිබේ. ඔහු කියන්නේ එය සමඟ වැඩ කිරීමට ආණ්ඩුවට නොහැකි බවය.

පෙනෙන විදිහට ජෙනරල් ගුණරත්නට කේන්ති ගොස් ඇත්තේ පසුගිය මාසයේදී අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් ප්‍රසිද්ධ කරන ලද එයට ලැබුණු පැමිණිළි ලැයිස්තුව නිසා බවත්, ජෙනරල් ගුණරත්නගේ කතාව අනුව තවදරටත් අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සමඟ කටයුතු කිරීමට ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුව සුදානම් නැත බව පෙනන බවත් තව මාස කිහිපයකින් එහි කොමසාරිස්වරුන්ගේ සහ කොමසාරිස්වරියන්ගේ ධූර කාලය අවසන් වූ පසු එය වළපල්ලට යැවීමට ඉඩ තිබේ යැයි අතුරුදහන් වූ පුද්ගලයින්ගේ ඥාතීන් සමග යුක්තිය ලබා ගැනීම සඳහා කටයුතු කරන නීතිඥවරියක් ශ්‍රී ලංකා බ්‍රීෆ් වෙත පැවසීය.

මෑතදී එහි සභාපති වශයෙන් ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද්දේ පළිගැනීම් විමර්ශන කොමිසමේ සභාපති වශයෙන් අතිශය අගතිගාමී වාර්තාවක් ඉදිරිපත් කළ විශ්‍රාමික විනිසුරු උපාලි අබේරත්නය.

ඩේලි නිව්ස් පුවත්පත ඇසූ ප්‍රශ්ණ සහ ජෙනරල් ගුණරත්න විසින් දෙන ලද පිළිතුරු වල සිංහල අනුවාදයක් පහත දැක්වේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ නිර්දේශයන්ට අනුව පසුගිය පාලන සමයේදී අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය (OMP) පිහිටුවන ලදී. මෙය කෙතරම් ලදායී යැයි ඔබ සිතනවාද?

පිළිතුර: මේක විකාරයක්. ඕනෑම කෙනෙකුට එතැනට පැමිණ තම පුතා හෝ පවුලේ සාමාජිකයා අතුරුදහන් වී ඇති බවට පැමිණිලි කරන්න පුලුවන්. නමුත් මෙම කතාවල වල නිරවද්‍යතාවය සොයා බලන්න ඕන. අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පැමිණිලි භාරගන්වා. නමුත් සාක්ෂි දෙන අය රහසිගතව තබා ගන්නවා. අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය අවශ්‍ය ආරක්ෂක අංශවල සාමාජිකයින්ට එරෙහිව නඩු පැවරන්න. මෙය එහෙමපිටින්ම වැරදි ක්‍රියා පටිපාටියක්. ඒකපේ නීති පද්ධතියට ගැලපෙන්නේ නැහැ.

 අතුරුදහන් වූවන්ගේ පවුල් වල ඉල්ලීම් සඳහා යම් ආකාරයක අවසානයක් නොතිබිය යුතුද?

පිළිතුර: අතුරුදහන් වූවන්ට සිදුවී ඇත්තේ කුමක්දැයි කිසිවෙකු නොදන්නා විට අපි මරණ සහතික නිකුත් කරන්නේ කොහොමද? අපි මරණ සහතික නිකුත් කළහොත්, පසුව එම පුද්ගලයා හමු වුවහොත්, මෙම සම්පූර්ණ ක්‍රියාවලියම විහිළුවක් බවට පත්වේවි.

අප නව යාන්ත්‍රණයක් ආරම්භ කර බොහෝ තොරතුරු සොයා බලන්න ඕන. අප මරණ සහතික හෝ වන්දි නිකුත් කරනවා නම් අදාළ පුද්ගලයා සැබවින්ම මියගොස් ඇති බවට සැකයකින් තොරව තහවුරු කර ගන්න ඕන. මේක අතුරුදහන් වූවන්ගේ කාර්යාලයට කරන්න බැහැ. ඒ නිසා ඒකෙන් ඇති වැඩකුත් නැහැ.

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය නම් සංවිධානයේ චේතනාව සැක සහිතයි. මොකද ඔවුන් මිනිසුන්ගේ නිවෙස්වලට ගොස් ඉදිරියට ගිහින් ඔවුන්ගේ ආදරණීයයන් අතුරුදහන් වී ඇති බව කියන්න කියළ කියන නිසා. තකොට අපි අතුරුදහන් වූවන්ගේ කාර්යාලය විශ්වාස කරන්නේ කොහොමද? එය සමග සහයෝගයෙන් කටයුතු කරන්නේ කොහොමද?

නමුත් මෙම පුද්ගලයින්ගේ දුක් වේදනා අවසන් කිරීමේ ක්‍රමවේදයක් තිබිය යුතු බව මා එකඟයි. ඒ නිසා අපි අතුරුදහන්වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය විසින් සකස් කර ඇති ලැයිස්තුව සෝදිසි කර විසඳුම් සෙවීමට උත්සාහ කරන්න ඕන.

Archive

Latest news

Related news