Thursday, April 25, 2024

ලංකාව බරපතළ මානව අයිතිවාසිකම් යළි කඩකිරීමේ මාර්ගයක; එක්සත් ජාතීන් අනතුරු හඟවයි!

ඡායාරූපය: මෑතදී  සමගි ජන බලවේගය පැවැත්වූ විරෝධතාවයක් මුර කරන හමුදා සෙබළෙක්.

ජිනීවා ( 2021 ජනවාරි 27) එක්සත් ජාතීන්ගේ නව වාර්තාවකින් ශ්‍රී ලංකාවේ අතීත මානව අයිතිවාසිකම් ආමන්ත්‍රණය කිරීමට අපොහොසත් විමෙන් මානව අයිතිවාසිකම් නැවත කඩ කිරීමේ අවදානම සැලකිය යුතු ආකාරයෙන් උත්සන්න වී ඇතැයි අනතුරු හඟවයි.

එය පසුගිය වසර තුළ පැවති, දඬුවම් නොලැබ සිටීමේ මුක්තිය වඩාත් පුළුල්වීමආණ්ඩුවේ කාර්යන් වැඩියෙන් හමුදාකරණය විම, වාර්ගිකජාතිකවාදී වාග් ප්‍රහාර, සහ සිවිල් සමාජය බිය වැදිදීම වැනි කනස්සල්ලට පත් කෙරෙන ප්‍රවනතා ඉස්මතු කරයි.

ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම අවසන් වී වසර දොළහකට ආසන්න වුවද සියලු පාර්ශ්වයන් විසින්ම කරන බරපතළ මානව අයිතිවාසිකම් කඩ කිරීම් සඳහා වූ දඬුවම් නොලැබ සිටීමේ මුක්තිය පෙර කවදාටත් වඩා ශක්තිමත්ව ඇත. විමර්ශන සහ නඩු විභාගවලට ප්‍රගාමි ලෙස බාධා කිරීමෙන් කලින් අත් කර ගත් සීමිත ප්‍රගතිය ආපසු හරවා ඇතැයි එක්සත් ජාතීන් විසින් අනුමත කළ යෝජනා අංක 40/1 වාර්තාව සඳහන් කරයි.

ශ්‍රී ලංකාවේ වත්මන් ගමන් මාර්ගය මානව අයිතිවාසිකම් නැවත බරපතළ ලෙස කඩ කිරීම් නැවත සිදු කිරීමේ ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ගයකට යොමු විය හැකියැ”යි අනතුරු හඟවන වාර්තාව අන්තර්ජාතික ප්‍රජාව විසින් බලවත් අධීක්ෂණ සහ ශක්තිමත් නිවාරණ පියවර ගත යුතුයැයි ඉල්ලා සිටී.

වාර්තාවෙන් ඉස්මතු කරන පූර්ව අනතුරු හඟවන සංඥා අතර, සිවිල් ආණ්ඩුවේ කාර්යන් වේගයෙන් හමුදාකරණය කිරීම, වැදගත් ආණ ්ඩුක්‍රම ව්‍යවස්ථා ආරක්ෂාවන් ආපසු හැරවීම, වගවීමට දේශපාලන වශයෙන් බාධා පැමිණවීම, බැහැර කිරීමේ වාග් ප්‍රහාර, සිවිල් සමාජය බිය වැද්දීම සහ ත්‍රස්ත විරෝධි නීති ක්‍රියාත්මක කිරීම වේ.

2020 සිට ජනාධිපති, ප්‍රධාන පරිපාලන තනතුරුවලට සේවයේ යෙදී සිටින හෝ හිටපු හමුදා සහ බුද්ධි නිලධාරීන් අඩුම වශයෙන් විසිඅටක් පත් කර ඇතැයි වාර්තාව සඳහන් කරයි. විශේෂයෙන්ම කනස්සල්ලට කාරණයක් වන්නේ ගැටුමේ අවසන් වසර කීපය තුළ යුද අපරාධ හෝ මානව වර්ගයාට එරෙහි අපරාධවලට සම්බන්ධට බවට එක්සත් ජාතින්ගේ වාර්තාවලින් හඳුන්වා ඇති ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් පත් කිරීම ය. මේවාට 2019 අගොස්තු මස හමුදා ප්‍රධානි ලෙස ෂවේන්ද්‍ර සිල්වා සහ 2019 නොවැම්බර් ආරක්ෂක ලේකම් ලෙස කමල් ගුණරත්න පත් කිරීම ද ඇතුළත් ය.

ආණ්ඩුව සිවිල් කාර්යන් ග්‍රහණයට ගන්නා සමාන්තර හමුදා කාර්ය සාධන බලකායන් සහ කොමිසන් සභා නිර්මාණය කර ඇතැයි ද ප්‍රජාතන්ත්‍රීය ජයග්‍රහණ, අධිකරණයේ සහ වෙනත් මූලික ආයතනවල ස්වාධිනත්වයට තර්ජනය කරමින් වැදගත් ආයතනික සංවරණ සහ තුලන ක්‍රම ආපසු හරවා ඇතැයි ද වාර්තාව සඳහන් කරයි.

සිවිල් සමාජ සංවිධාන, මානව අයිතිවාසිකම් ආරක්ෂකයන් සහ වින්දිතයන් වැඩියෙන් සෝදිසියට සහ හිරිහැර කිරීම්වලට ලක් කිරීමේ රටාවක් සහ නිදහස් මාධ්‍යයේ අවකාශය හැකිළෙමින් පවතින බවද වාර්තාව පෙන්වා දේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය, සහ රාජ්‍ය බුද්ධි නිලධාරීන් ඇතුළත් ආරක්ෂක සේවා ගණනාවකින් තමන්ට හිරිහැර පමුණුවන බව සිවිල් සමාජ සංවිධාන 40කට වැඩි සංඛ්‍යාවකින් වාර්තා කර ඇත.

රාජ්‍ය නිලධාරීන්ගේ බිය ගන්වන පැමිණීම් සහ මානව අයිතිවාසිකම් ආරක්ෂකයන්, නීතිඥයන්, ජනමාධ්‍යවේදින්, සමාජ ක්‍රියාකාරීන් සහ මානව අයිතිවාසිකම් කඩ කිරීමට ලක් වූ වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල්වලට එරෙහිව සිදු කරන හිරිහැර කිරීම් ඇතුළත් සියලු ආකාරයේ සෝදිසි කිරීම් වහාම නතර කිරීමටත් නිත්‍යානුකූල සිවිල් සමක්‍රියාකාරකම් තවදුරටත් සීමා කිරීම සඳහා නිතිමය පියවර ගැනීමෙන් වැළකී සිටීමටත් බලධාරීන්ගෙන් මහ කොමසාරිස් ඉල්ලා සිටින්නේයැයි’‘ වාර්තාව සඳහන් කරයි.

2030 න්‍යාය පත්‍රයට ආණ්ඩුවේ කැපවීම ප්‍රකාශ කර ඇති නමුත් ජාතික දැක්ම සහ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය පිළිබඳ ප්‍රකාශනවලින් දෙමළ සහ මුස්ලිම් සුළුතරයන් වැඩි වැඩියෙන් කොන් කොට බැහැර කර ඇතැයි එම වාර්තාව අනතුරු හඟවයි. රාජ්‍යයේ ඉහළම නිලධාරීන්ගේ භේද ඇති කරවන සහ වෙනස් කොට සැලකෙන වාග් ප්‍රහාර ධ්‍රැවිකරණය සහ ප්‍රචණ්ඩත්වය තවදුරටත් ඇති කිරීමේ අනතුරකි. ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රජාව කොවිඩ්– 19 සන්දර්භයේ සහ 2019 පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව වැඩියෙන්ම දඩමීමා කර ගනී.

ශ්‍රී ලංකාවේ සන්නද්ධ ගැටුම හට මතු වූයේ රටේ සුළුතර ජන කොටස්වලටවිශේෂයෙන්ම දෙමළ ප්‍රජාවට ක්‍රම ක්‍රමයෙන් වෙනස් කොට සැලකිම සහ කොන් කිරීම ගැඹුරුවීමේ පසුබිමක් තුළ බව ද වාර්තාවෙන් පෙන්නුම් කරයි. සියලුම ප්‍රජාවන්ට බලපාන නීතියෙන් පරිබාහිර ඝාතන, බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්, හිතුවක්කාර රඳවා ගැනීම්, වධ හිංසා සහ ලිංගික ප්‍රචණ්ඩත්වය ඇතුළත් සියලු පාර්ශ්වයන් විසින් සිදු කරන ලද බරපතළ මානව අයිතිවාසිකම් කඩ කිරීම් සහ අපහරණ එක්සත් ජාතින්ගේ පිළිවෙළින් නිකුත් වූ සෑම වාර්තාවකින්ම ලේඛන ගත කර ඇත.

සෑම ආණ්ඩුවක් විසින්ම පත් කරන ලද කොමිසන් සභාවලට පිළිගත හැකි ආකාරයට සත්‍යය ස්ථාපිත කිරීමටත් අයිතිවාසිකම් කඩ කිරීම් පිළිබඳ වගවීම තහවුරු කිරීමටත් අපොහොසත්ව ඇතැයි ද වාර්තාවෙන් පෙන්නුම් කරයි. ආණ්ඩුව දැන් කලින් පත් කළ කොමිසන් සභාවල සොයා ගැනීම් පුනරීක්ෂණය කිරීමට නව පරීක්ෂණ කොමිසමක් පත් කර ඇති නමුත් එහි සාමාජිකත්වයේ විවිධත්වයක් සහ ස්වාධීනත්වයක් නැති අතර එහි කාර්ය නිර්දේශය අර්ථාන්විත ප්‍රතිපලයක් ලබා දෙනු ඇතැයි විශ්වාසයක් ඇති කරවන්නේ නැත.

රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක හමුදා, සහ වෙනත් අය “දේශපාලන පලි ගැනිම්”වලට ලක් ක ඇතැයි යන චෝදනා විමර්ශනය කිරීමට පත් කර ඇති ජනාධිපති පරික්ෂණ කොමිසම, පොලිස් විමර්ශන සහ මානව අයිතිවාසිකම් සහ දූෂණ පිලිබඳ මහත් ප්‍රසිද්ධියක් ඇති නඩු කීපයකට අදාල අධිකරණ ක්‍රියා පටිපාටි යටපත් කරවයි.

සංකේතාත්මක මානව අයිතිවාසිකම් නඩු කිපයක් ගැන විමර්ශන කටයුතු මෙහෙය වූ අපරාධ විමර්ශන කොට්ඨාශයේ හිටපු ප්‍රධානියෙකු අත් අඩංගුවට ගෙන ඇති අතර එම අංශයේම තවත් පරීක්ෂකයෙකු එම සංකේතාත්මක නඩුවල තම භූමිකාව නිසා පලිගැනිම්වලට ලක් වනු ඇතැයි බියෙන් ශ්‍රී ලංකාව හැර ගොසිනි. දැන් ඔහුට එරෙහිව අපරාධ චෝදනා ඉදිරිපත් කර ඇත.

ශ්‍රී ලංකාවේ අපරාධ යුක්ති පද්ධතිය දිගු කලක් තිස්සේම මැදහත්විම්වලට ලක්ව තිබු අතර වත්මන් ආණ්ඩුව, සිදුවෙමින් පවතින විමර්ශන සහ අතීත අපරාධ පිළිබඳ වගවීම වැළැක්වීමට අපරාධ නඩු විභාගවලට ප්‍රගාමීව බාධා කිරීමට හෝ නතර කිරීමට උත්සාහ කරයි.’‘ යනුවෙන්ද වාර්තාවේ සඳහන් වේ.

අතිතය පිලිබඳව කටයුතු කිරීමට අපොහොසත්වීමෙන් යුක්තිය, හානිපූරණය සහ තම ආදරණීයන් පිළිබඳ සත්‍යය නිරන්තරයෙන්ම ඉල්ලා සිටින දස දහස් ගණනක පවුල් සාමාජිකයන් කෙරේ අතිශය හානිකර බලපෑමක්ව ඇතැයි එක්සත් ජාතීන්ගේ මානව අයිතිවාසිකම් පිළිබඳ මහ කොමසාරිස් මිචෙල් බැචලේ අවධාරණය කරයි.

යුක්තිය සඳහා වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල් අධිෂ්ඨානශිලීව, ධෛර්යවන්තව, නොනවත්වාම කරන ඉල්ලිම්වලට සවන් දෙන ලෙසත් ඇති විය හැකි ප්‍රචණ්ඩත්වයේ පූර්ව අනතුරු හැඟවීම් සැලකිල්ලට ගන්නා ලෙසත් ඉල්ලා සිටින” බැචලේ එක්සත් ජාතීන්ගේ සාමාජික රාජ්‍යයන්ගෙන් දැඩි පියවර ගන්නා ලෙසත් ඉල්ලා සිටී.

ජාතික මට්ටමේ වගවීම පෙරට ගෙන යෑමට ආණ්ඩුවේ නොහැකියාව සහ අකමැත්ත ප්‍රද්ර්ශනය කෙරෙන තත්වයක් යටතේ අන්තර්ජාතික අපරාධ සඳහා, යුක්තිය සහතික කිරීමේ අන්තර්ජාතික පියවර ගැනීමට කාලයයි. රාජ්‍යයන් තම ජාතික උසාවි යටතේ ශ්‍රී ලංකාවේ සියලු පාර්ශ්වයන් සිදු කළ අන්තර්ජාතික අපරාධ සම්බන්ධයෙන් පරිබාහිර හෝ විශ්ව අධිකරණ බලය යටතේ විමර්ශනය කිරීම සහ අභිචො ්දනා ඉදිරිපත් කළ යුතුයැ”යි බැචලේ කිවාය.

රාජ්‍යයන්, බරපතළ මානව අයිතිවාසිකම් සහ අපහරණ සිදු කෙළේයැයි විශ්වාස කළ හැකි පුද්ගලයන් ගේ වත්කම් තහනම් කිරීම සහ සංචාර තහනම් කිරීම වැනි ඉලක්ක කර ගත් සම්බාධක පැනවීම සැලකිල්ලට ගත යුතුය. එක්සත් ජාතින්ගේ සාම සාධක මෙහෙයුම්වලට කෙරෙන ශ්‍රී ලංකාවේ දායකත්වය පුනරීක්ෂණය කළ යුතුයැයි ද මහ කොමසාරිස්වරිය කීවාය. අනාගත වගවීමේ ක්‍රියාවලීන් සඳහා සාක්ෂි රැස් කිරීම සහ සංරක්ෂණය කිරීමට වෙන් වූ ධාරිතාවයකට සහයෝගය ලබා දෙන ලෙස ද බැචලේ ඉල්ලා සිටියාය.

ශ්‍රී ලංකාවට තිරසර සංවර්ධනය සහ සාමය සාක්ෂාත් කර ගත හැකි වන්නේ පද්ධතිගත මුක්තිය ආමන්ත්‍රණය කිරීමෙන් සහ මහජන අවකාශය සහතික කිරීමෙන් පමණක් බව ද මහ කොමසාරිස්වරිය අවධාරණය කළාය.

එසේ කිරීමට අපොහොසත්වීමෙන් අනාගතයේ මානව අයිතිවාසිකම් කඩ කිරීම් නැවතත් ඇතිවීමේ රටාවන් ගේ බීජයන් සහ අනාගත ගැටුම් ඇතිවීමේ හැකියාවන් පවතින බවද ඇය කීවාය.

මෙම වාර්තාව සකස් කිරීමේ දී එක්සත් ජාතින්ගේ මානව අයිතිවාසිකම් කාර්යාලය ආණ්ඩුවට සවිස්තරාත්මක ප්‍රශ්න යැවු අතර ඊට ලිඛිත ප්‍රතිචාර ලැබිණි. ඉන් පසුව 2021 ජනවාරි 7 වැනි දා ආණ්ඩුවේ නියෝජිතයන් සමග අන්තර් ජාලය ඔස්සේ වාස්තවික රැස්වීමක් ද පවත්වන ලදී. මෙම වාර්තාව පිළිබඳව ආණ්ඩුව ද සිය අදහස් ඉදිරිපත් කර ඇත.

මෙම වාර්තාව පෙබරවාරි 24 දින මානව අයිතිවාසිකම් මණ්ඩලයට විධිමත්ව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අන්‍යොන්‍ය සාකච්ඡාවක් පවත්වනු ඇත.

www.ohchr.org නිවේදනයකි.

Archive

Latest news

Related news