Tuesday, April 16, 2024

කොවිඩ් මරණ බලහත්කාරයෙන් අදාහනය කිරීම නතර කරන සේ එක්සත් ජාතීන්ගේ විශේෂඥයෝ ලංකාණ්ඩුවට කියති.

කොවිඩ් 19 අසාදිව මියයන පුද්ගලයින් බලහත්කාරයෙන් ආදාහනය කිරීමේ ප්‍රතිපත්තිය අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් විශේෂඥයින් * ඊයේ ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේය. ඊට හේතුව වශයෙන් ඔවුන් පවසන්නේ එම පිළිවෙත සුලුතර ආගමික විශ්වාසයන්ට එරෙහිව යන බවයි. තවද එමගින් පවත්නා අගතිය, නොඉවසීම සහ ප්‍රචණ්ඩත්වය තවත් පැසවිය හැකි යැයිද ඔව්හු කියා සිටිති.

කොව්ඩ් 19 අසාදිත බවට තහවුරු කරන ලද හෝ සැක කරන ලද සිරුරු ආදාහනය කිරීම එකම විකල්පය ලෙස නියෝග කිරීම මානව හිමිකම් උල්ලනය කිරීමකි. මළ සිරුරු භූමදාන කිරීම මගින් කොවිඩ් 19 වැනි බෝවන රෝග පැතිරීමේ අවදානම වැඩි කිරීමට හේතු වන බවට ශ්‍රී ලංකාවේ හෝ වෙනත් රටවල වෛද්‍ය හෝ විද්‍යාත්මක සාක්ෂි තහවුරු වී නොමැත,” යනුවෙන් එම විශේෂඥයෝ පවසති.

2021 ජනවාරි 21 වන විට ශ්‍රී ලංකාවේ කොවිඩ් 19ආශ්‍රිත මරණ 274 ක් වාර්තා වී ඇති අතර ඉන් සැලකිය යුතු සංඛ්‍යාවක් මුස්ලිම් සුළුතර ප්‍රජාවට අයත්ය. 2020 මාර්තු 31 දින නිකුත් කරන ලද කොවිඩ් 19 අසාදියැයි සැක සහිත හෝ තහවුරු කරන ලද රෝගීන් පිළිබඳ ආණ්ඩුවේ මාර්ගෝපදේශවලට අනුව සියලුම සිරුරු ආදාහනය කර තිබේ.

ආදාහනය අනිවාර්ය කිරීමට තීරණය කරන ලද්දේ භූමිදානය මගින් භූමියේ පානීය ජලය අපවිත්‍ර විය හැකි යැයි ප්‍රධාන වසංගත රෝග විද්‍යා ඇතුළු තවත් විශේෂ උපදෙස් අනුවය. කෙසේ වෙතත්, ආදාහනය කිරීමෙන් රෝගය පැතිරීම වළක්වන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව ලෝක සෞඛ්‍ය සංවිධානය යළිත් වරක් ප්‍රකාශ කර තිබේ. එමෙන්ම ශ්‍රී ලංකාවේ ප්‍රජා වෛද්‍යවරුන්ගේ සංගමය සහ ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය මෑතකදී ප්‍රකාශ නිකුත් කරමින් කොව්ඩ් 19 මළසිරුරු භූමිදානය මගින් මහජන සෞඛ්‍යට හානියක් වන බවට කිසිදු සාක්ෂියක් නොමැති බව පැහැදිලි කර තිබේ.

වසංගතය නිසා ඇති වන බරපතල මහජන සෞඛ්‍ය අභියෝග පිළිබඳව අප සෝදිසියෙන් සිටිය යුතු අතර, කොවිඩ් 19 සම්බන්ධ ක්‍රියාමාර්ග මගින් මළවුන්ගේ ගෞරවය, ඔවුන්ගේ සංස්කෘතික හා ආගමික සම්ප්‍රදායන් හෝ විශ්වාසයන් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ගරුත්වය ආරක්ෂා කළ යුතුය.”

රටේ මුස්ලිම්වරුන්ට සහ අනෙකුත් සුළුතර ජාතීන්ට හිංසා පීඩා කිරීමක් හා සමාන, වෙනස්කම් කිරීම, ආක්‍රමණශීලී ජාතිකවාදය සහ වාර්ගික කේන්ද්‍රීයවාදය මත පදනම් වූ මෙවැනි මහජන සෞඛ්‍ය තීරණ ක්‍රියාත්මක කිරීම ගැන අපි කණගාටුවට පත්වෙමු.” යැයි විශේෂඥයෝ පවසති.සුළු ජාතීන්ට එරෙහි කැරෙන මෙවැනි සතුරුකම් විසින් භීතිය හා අවිශ්වාසය වපුරමින් පවත්නා අගතීන්, අන්තර්වාර්ගික ආතතීන් සහ ආගමික නොඉවසීම උග්‍ර කරඅතර වෛරය හා ප්‍රචණ්ඩත්වය උසිගන්වයි.”

එවැනි ප්‍රතිපත්තියක් මගින් දුප්පතුන් සහ වඩාත් අවදානමට ලක්විය හැකි අය, තමන්ට වෙනස් කොට ණු ඇතැයි බියෙන් මහජන සෞඛ්‍ය සේවාවට පිවිසීමෙන් වළක්වාලනු ඇතැයි අපි සැලකිලිමත් වෙමු,” යැයි ප්‍රකාශ කරන විශේෂඥයෝ “මෙය වසංගතය පාලනය කිරීම සඳහා වන මහජන සෞඛ්‍ය

ක්‍රියාමාර්ගයන්ට තවදුරටත් අහිතකර ලෙස බලපානු ඇතැයි” ද පවසති.

විශේෂයින්ට ලැබුණු තොරතුරුවලින් පෙනී යන්නේ පවුලේ සාමාජිකයින්ට සාධාරණ කාලයක් හෝ තවත් පරීක්‍ෂණයක් කිරීමට හෝ අවසාන පරීක්ෂණ ප්‍රතිල ලබා ගැනීමට අවස්ථාව ලබා නොදී ප්‍රථම පරීක්ෂණ ප්‍රතිල දැනුම් දුන් වහාම ආදාහනයන් සිදු කරන බවයි. කොවිඩ් 19 පරීක්ෂණ ප්‍රති පිළිබඳ වැරදි තොරතුරු මත ආදාහනය කිරීම් කිහිපයක් සිදුවී ඇති බව විශේෂයෝ පවසති.

විශේෂඥයින්ට අනුව ශ්‍රී ලංකාවේ භූමදානය සඳහා විකල්ප ගවේෂණය කරන ලෙස ජනාධිපතිවරයා සහ අගමැතිවරයා සෞඛ්‍ය බලධාරීන්ට උපදෙස් දී තිබේ. කෙසේ වෙතත්, “කොවිඩ්19 නිසා විපතට පත්වූවන්ගේ මළ සිරුරු බැහැර කිරීම සඳහා ආදාහනය සහ භූමදානය යන විකල්පයන් දෙකම ඇතුළත් කරමින්, ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත හා කොවිඩ්19වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍යවරිය විසින් පත් කරන ලද විශේෂ විශේෂඥ මණ්ඩලයක් විසින් කරන නිර්දේශය ආණඩුව විසින් නොසකා හැර තිබීම” සිය කණස්සල්ලට හේතුවී ඇති බව ද විශේෂඥයෝ පවසති.

සෞඛ්‍ය අමාත්‍යවරයා විසින් යොමු කරන ලද ප්‍රධාන කමිටුව විසින් දේශීය විකල්ප භූමිදානයන් පිළිබද පිළිබඳ වාර්තාව ඉතා ඉක්මණින් බා දෙනු ඇතැයි විදේශ රටක භූමිදානය කිරීමේ විසඳුමක් ලබා ගැනීමේ ප්‍රයත්නය බලධාරීන් විසින් නවත්වනු ඇතැයි ද සිය බලාපොරොත්තුව විශේෂඥයෝ පළ කරති.

කොවිඩ් 19 අසාදිතයින්ගේ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කිරීම නවත්වන ලෙසත්, වසංගතය පතුරුවන්නන් ලෙස මුස්ලිම්වරුන් සහ අනෙකුත් සුළුතර ප්‍රජාවන් පිළිබඳ වැරදි තොරතුරු, වෛරී කතා සහ අපහාසයන් මැඩ පැවැත්වීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙසත් වැරදීමකින් සිදු කරන ලද ආදාහනය සඳහා පිළියම් සැපයීම සහ වගවීම සහතික රන ලෙසත් අපි ශ්‍රී ලංකා රජයෙන් තරයේ ඉල්ලා සිටිමු.යැයි එම ලිපිය අවසන් වශයෙන් සදහන් කරයි.

* එම ලිපියට පහත සඳහන් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයින් අත්සන් කර තිබේ: ආගමික හෝ ඇදහිල්ලේ නිදහස පිළිබඳ විශේෂ වාර්තාකරු අහමඩ් ෂහීඩ් මහතා; සුළුතර ගැටළු පිළිබඳ විශේෂ වාර්තාකරු ෆර්නැන්ඩ් ද වරෙනස් මහතා; සාමකාමී එක්රැස්වීමේ සහ සමාගමයේ අයිතිවාසිකම් පිළිබඳ විශේෂ වාර්තාකරු ක්ලෙමන්ට් නයිලෙට්සෝසි වුල් මහතා; සහ ශාරීරික හා මානසික සෞඛ්‍යය පිළිබඳ ඉහළම ප්‍රමිතිය භුක්ති විඳීමට සෑම කෙනෙකුටම ඇති අයිතිය පිළිබඳ විශේෂ වාර්තාකරු ටලෙං මොෆෝකෙන්ග් මහත්මිය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඉංග්‍රිසි බසින් නිකුත් කරන ලද නිවේදනයක දළ සිංහලානුවාදය ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙතිනි.

Archive

Latest news

Related news