Thursday, April 25, 2024

ජනපති රාජපක්ෂගේ අලුත් කොමිසම මානව හිමිකම් කවුන්සිලය නොමඟ යැවීමට කළ බොරුවක් – අන්තර් ජාතික නීති විශාරදයින්ගේ කොමිසම

අතීත මානව හිමිකම් සහ මානුෂීය නීති උල්ලංනයන් පිළිබඳ වාර්තා සමාලෝචනය කිරීම සඳහා යැයි ජනාධිපති රාජපක්ෂ විසින් අලුතින් පත් කරන ලද විමර්ශන කොමිෂන් සභාව මගින් ගැටුම් පැවැති යුගයේ හිංසාවන්ට ගොදුරු වූවන්ට සාධාරණය ඉටු කළ නොහැකි බව අන්තර් ජාතික නීති විශාරදයින්ගේ කොමිසම (International Commission of Juristsප්‍රකාශ කරයි.

2021 ජනවාරි 21 වන දින ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් පත් කරන ලද ත්‍රිපුද්ගල විමර්ශන කොමිෂන් සභාවෙහි සභාපති වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ඒ.එච්.එම්. නවාස් යග මානව හිමිකම් උල්ලංනය කිරීම්, ජාත්‍යන්තර මානුෂීය නීතිය බරපතල ලෙස උල්ලංනය කිරීම සහ වෙනත් එවැනි බරපතළ වැරදි සම්බන්ධයෙන් මෙයට පෙර ශ්‍රී ලංකාවෙහි පත් කරන ලද කම්ටු සහ කොමිෂන්හි සොයා ගැනීම් සහ නිර්දේශ තක්සේරු කිරීමට මෙම නව කොමිෂමට පවරා ඇත.

පවත්නා නීතියට අනුව මෙතෙක් නිර්දේශ ක්‍රියාත්මක කර ඇති ආකාරය සහ වර්තමාන රජයේ ප්‍රතිපත්තියට අනුකූලව එම නිර්දේශ තවදුරටත් ක්‍රියාත්මක කිරීමට ගත යුතු පියවර මොනවාද යන්න හඳුනා ගැනීමේ වගකීම කොමිසමට පැවරී ඇත. එයට මාස හයක කාලයක් ලබා දී තිබේ.

වගවීම සම්බන්ධයෙන් බලයක් නැති විමර්ශන යාන්ත්‍රණයන් පත් කිරීම පිළිබඳ බිහිසුණු වාර්තාවක් ශ්‍රී ලංකාවට තිබේ” ICJ යැයි නීති සහ ප්‍රතිපත්ති අධ්‍යක්ෂ ඉයන් සයිඩර්මන් පවසයි.එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ එළඹෙන සැසිවාරයට පෙර මෙවැනි ක්‍රියාදාමයන් ප්‍රසිද්ධ කරන්නේ කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගනු ලබන ශක්තිමත් ක්‍රියාමාර්ගයන් මග හැරීම අරමුණු කර ගෙන ඇති බවට සැකයක් මතු වනබව ද ICJ නිවේදනයේ සඳහන් වේ.

2021 පෙබරවාරි 24 වන දින එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරයේදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරිය විසින් ශ්‍රී ලංකාව විසින් කවුන්සලයේ 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීම සහ නොකිරීම පිළිබඳ වාර්තාව ඉදිරිපත් කරනු ඇත.

තම සංවිධානය විසින් ලේඛනගත කර ඇති පරිදි ශ්‍රී ලංකාවේ විවිධ රජයන් විසින් මීට පිහිටුවන ලද මෙවැනි යාන්ත්‍රණ බොහෝ දුරට දේශපාලන විරුද්ධවාදීන්ට ඩුවම් කිරීම හෝ වැරදිකරුවන් සහ ආයතන වගකීමෙන් ආරක්ෂා කිරීම සඳහා වන පක්ෂග්‍රාහී යාන්ත්‍රණ වී ඇතැයිද ICJ නිවේදනය සදහන් කරයි.

යුද්ධ කාලීන අපරාධ සම්බන්ධයෙන් දේශීය වශයෙන් වගවීම සහතික කිරීම සඳහා ශ්‍රී ලංකා රජයේ නිශ්චිත නොහැකියාව සහ අකමැත්ත පිළිගන්නා ලෙස ICJ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරියගෙන් සහ සාමාජික රටවලින් ඉල්ලා සිටින බවත් අතර මානව හිමිකම් උල්ලංනයන්ට ගොදුරු වූවන්ට සාධාරණය ඉටු කිරීම සඳහා ශක්‍ය ජාත්‍යන්තර විකල්ප ගවේෂණය කරන ලෙස කවුන්සිලයෙන් ඉල්ලා සිටිව බවත් එම නිවේදනය වැඩි දුරටත් සඳහන් කරයි.

Archive

Latest news

Related news