Saturday, May 4, 2024

“පිට්ටු හා වඩේ කාපු උතුරට අපි පීසා කන්න හදල දුන්නා” – යාපනයේ පොලිස් එච්කියුඅයි ප්‍රසාද් ප්‍රනාන්දු

යාපනයේ පීසා හට් පින්තූරය ටැමිල් ගාර්ඩියන් වෙතිනි.

“මීට පෙර පිට්ටු, වඩෙයි සහ සෝරු [බත්] කාපු යාපනේ මිනිස්සුන්ට අප යුද්දය ඉවර කරලා පීසා කන්න පුලුවන් තත්වයක් හදල දුන්නා” යැයි යාපනයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් ප්‍රනාන්දු පසුගිය සතියේහි දී යාපනයේ මහේස්ත්‍රාත්වරයා හමුවේ පවසා තිබේ. ඔහු එළෙස පවසා ඇත්තේ මෙම මස 25-27 දිනයන්හි පැවැත්වීමට නියමිත යුද්ධ වින්දිතයින් අනුස්මරණය කිරීම් සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයකදීය. පොලිස් පරීක්ෂක වරයා එළෙස පැවසූවේ මෙකී සැමරුම් කොවිඩ් වසංගතය නිසා තහනම් කරන ලෙස ඉල්ලා සිටිමිනි.

මෙම ප්‍රකාශය දෙමළ භාෂා සමාජ ජාල මගින් තදින් හෙලා දැකින ලද අතර එදින අධිකරණය හමුවේ පෙනී සිටි දෙමළ ජාතික සංන්ධානයේ මංත්‍රී සුමන්දිරන්ගේ ප්‍රබල විරෝධයට ලක් විය.

ඔහු කියා සිටියේ පොලිස් පරීක්ෂකවරයාගේ ප්‍රකාශය සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබද ප්‍රඥාප්තිය කෙළෙසීමක් බවයි. තමා වසර 10ක් පුරා දෙමළ ජනයාගේ නියෝජිතයකු ලෙස කටයතු කරන බවත් මෙවැනි අපහාසාත්මක ප්‍රකාශයක් කිරීමට මෙම පොලිස් පරීක්ෂකවරයා කවරෙක්දැයි ඔහු ප්‍රශ්න කර තිබේ.

එකී ප්‍රකාශ ගැන මහේස්ත්‍රාත් අධිකරණය පොලිස් පරීක්ෂකවරයාට තරවටු කළ අතර ඒ් පිළිබඳ කතා නොකරන සේ දන්වන ලදී.

දෙමළ සැමරුම් තහනම් කරන සේ තර්ක කළ පොලිස් පරීක්ෂකවරයා කියා සිට ඇත්තේ මියගිය අය සැමරීම සඳහා වසර පුරා දින 365 ක් ඇති බැවින් නොවැම්බර් 21 සිට නොවැම්බර් 27 දක්වා පමණක් සමරන්නේ මන්ද කියාය. පොලිස් පරීක්ෂකවරයාට අනුව එම දින සමරනු ලබන්නේ එල්ටීටීඊය විසින් සිහිපත් කිරීමේ දිනයන් ලෙසය.

දෙමළ ජනයා යුද්ධයේදී මියගිය විරැවන් නොවැම්බර් මාසයේදි සමරන බවත් එනමුත් මියගිය අය සැමරීමේදී පවා දෙමළ ජනයා විශම සැළකීමට ල්කවන බවත් දකුනේදී රෝහණ විජේවීර සමරන අයිතිය දෙමළ ජනයාට නැති බවත් පා.ම. සුමන්දිරින් පාර්ලිමේන්තුවෙහිදී කියා සිට තිබේ.

උතුරු නැගෙනහිර පුරා අධිකරණ නියෝග මගින් විරු සැමරැම් තහනම් කර ඇතත් තමන් සිය ඥාතීන් සැමරීම පවත්වන බව විවිධ දෙමළ ජාතික සංවිධාන ප්‍රකාශ කරමින් සිටිති.

Archive

Latest news

Related news