Friday, May 17, 2024

කොව්ඩ් 19 පුපුරා යාමේ බ්‍රැන්ඩික්ස් – ඉන්දියනු සම්බන්ධය වසං කිරීමේ මෙහෙයුම කාගේද?

බ්‍රැන්ඩික්ස් ආයතනය විසින් ඉන්දියාවේ සිට ගුවන් මගින් මෙරටට ගෙන්වා ගත් බව කියන කිසිවකු බව තමන්ගේ අධික්ෂණයට ලක් නොවූ බව ශ්‍රී ලංකාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය ප්‍රකාශයක් නිතුක් කරම්න් කියා සිටී.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ (පීඑච්අයියූ) ලේකම් එම්. බාලසූරිය සදහන් කරන්නේ ඉන්දියාවේ විශාකාපට්ටම් හි සිට මෙරටට ගෙන එන ලද එම සේවකසේවිකා පිරිස ලංකා රජය විසින් දින 14ක් නිරෝධායනය කරන ලද කරන ලද නමුත් ඉන්පසුවද දින 14 ස්වයං නිරෝධායන කාලයක් ගත කළ යුතුව තිබු බවයි. එම දෙවැනි ස්වයං නිරෝධායන දින 14 අධික්ෂණය කරනු ලබන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසිනි.

එසේ නමුත් මෙළෙස බ්‍රැන්ඩික්ස් විසින් ගෙන්වා ගත් කිසිවකුගේ දෙවැනි දින 14 අධීක්ෂණය කිරීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් වෙත බාර දී නැත.

එම පිරිස එසේ දෙවැනි දින 14 ස්වයං නිරෝධායනයට ලක් කරන ලද්දේ නම් එය කරන ලද්දේ කොහිදීද යන්නත් කවර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යටතේද යන්නත්මනන්ට ලබා දෙන ලෙස එම සංගමය ඉල්ලා සිටී.

මේ අතර, සැප්තැම්බර් 22 වන දින පැය 14.05 ට මත්තල ගුවන්තොටුපළට ගොඩ බැස්සවූ යූඑල් 1159 හි මගීන්ගේ පැමිණීමේ තොරතුරු ලබා ගැනීම සඳහා මත්තල ගුවන් තොටුපළේ හා සම්බන්ධ වු විට ඒ සඳහා අධිකරණ  නියෝගයක් රැගෙන එන ලෙස මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයට එහි බලධාරීන් දන්වා තිබෙන බව ඩේලි මිරර් පුවත්පත වාර්තා කරයි.

ඉන්දියාවෙහි සිට ගෙන ආ අමුදව්‍ය මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හළෙහි පාවිච්චි කළේ ද යන ප්‍රශ්ණයටද එම කම්හලේ අධිකාරීන් එම පුවත්පතට පැහැදිළි පිළිතුරක් දී නැත. (දින දෙක තුනකින් පසු වෛරයස සත්ව සිරුරකින් පිටතදී ස්ථානයක දී මැරී යන බැවින් අමු දුව්‍ය මගින් වෛරදය බොවීමේ හැකියාව ඉතා අවමය)

තවද බ්‍රැන්ඩික්ස් සමාගම මේ තෙක් කතා කර ඇත්තේ එක් ගුවන් යානයක් ගැන පමණක් වන නමුත් ගුවන් යානා තුනකින් ම ඉන්දියාවෙහි සිට සේවකියන් ගෙනැවිත් තිබේ. නිල නොවන වාර්තා අනුව ඒ අතර ඉන්දියානු ජාතිකයින් ගණනාවක්ද සිට තිබේ.

දැනට නිරෝධායනයට ලක්ව සිටින බ්‍රැන්ඩික්ස් සමාගමේ නිලධාරියකු උපුටා දක්වමින් ඩේලි මිරර් පුවත්පත කියන්නේ ඉන්දියානු ජාතිකයින් ද එම කම්හලේ සේවය කළ බවයි. එසේ නොවන්නේ නම් වැටුප් ලැයිස්තු ප්‍රසිද්ධ කරන ලෙස ඔහු බ්‍රැන්ඩික්ස් සමාගමට අභියෝග කර තිබේ.

බ්‍රැන්ඩික්ස් සමාගමෙහි හිමිකරුවන් ගෝඨාභය රාජපක්ෂ මහතාට ජනාධිපතිවරණයේදී මුදලින් ආධාර කළ බවටත් එම නිසා සමාගමට නිසි නිරෝධායනයකින් තොරව ඉන්දියාවේ සිට ගෙන්වන ලද සේවක සේවිකාවන් වැඩට යෙදවීමට අවස්ථාව ලබාදුන් බවටත් කැරෙන චෝදනාවට ආණ්ඩුව වහාම පිළිතුරක් දිය යුතු යැයි කොවිඩ් 19යට ගොදුරුව සිටින කිහිප දෙනෙකුම අප වෙත පැවසීය.

කෙසේ වෙතත් මෙම බ්‍රැන්ඩික්ස් කොව්ඩි පොකුර සම්බන්ධයෙන් දැවැන්ත වසං කිරීමේ මෙහෙයුමක් දියත්ව ඇති බව පෙනෙන්නට තිබෙන බව අදාළ ආරංචි මාර්ග සඳහන් කරයි.

Archive

Latest news

Related news