Friday, May 17, 2024

ලෝක ජනගහණයෙන් 10%කට කොවිඩ් 19 අසාදනය වී තිබෙන්න පුලුවන් – ලෝක සෙෘඛ්‍ය සංවිධානය

ජායාරූපය: සියයට දහයක් ජනයාට කොවිඩ් අසාදනය වී තිබෙන්න පුලුවන් යැයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ මයික් රයන් පවසයි

ලොව පුරා පුද්ගලයින් 10 දෙනෙකුගෙන් එක් අයෙකුට කොවිඩ් -19 ආසාදනය වී තිබිය හැකි යැයි ලෝක සෞඛ්‍ය සංවිධානය ලෝක සෞඛ්‍ය සංවිධානයේ ිධායක කමිටු විශේෂ රැස්වීමකදී ප්‍රකාශ වී තිබේ. එම රැස්වීම මේ දිනවල ජිනීවාහිදී පැවැත්වෙයි.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඉහළ නිලධාරියකු බීබීසීය වෙත පවසා ඇත්තේ “ලෝකයේ අතිමහත් බහුතරයක් අවදානමට ලක්ව ඇති” බව ඉන් අදහස් වන බවයි.

ිලියන 35 කට වඩා වැඩි පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි සංඛ්‍යා ලේඛන දැක්වූවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඇස්තමේන්තුව මගින් පැවසෙන පරිද එම සඛ්‍යාව මිලියන 800 ට ආසන්න වේ.

විශේෂඥයින් දිගු කලක් තිස්සේම ඇත්ත කොවිඩ් 19 අසාදිත ප්‍රමාණය  වාර්තා මගින් තහවුරු කළ සංඛ්‍යාව ඉක්මවා යන බව පවසමින් සිටිති.

ගෝලීය වසංගතයට දැක්විය යුතු ගෝලීය ප්‍රතිචාරය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම රැස්වීම ස්විට්සර්ලන්තයේ ජිනීවාහි පිහිටි සිය මූලස්ථානයේ පැවැත්වේ.

වසංගතය ඇරඹී මාස දහයක් ගතවී ඇතත්, අර්බුදය අවසන් වීමේ සලකුනු තවමත් පෙනෙන්නට නැත. සෙෘඛ්‍යමය සීමා ලිහිල් කිරීමෙන් පසු රටවල් කිහිපයක් දෙවන වසංගත රැළි අත්දකිමින් සිටින අතර සමහර ස්ථානයන්හිාර්තා ගත අසාදිතයින් සංඛ්‍යාව මුල් රවුමට වඩා වැඩිය.

ලෝක ජනගහනයෙන් 10% ක් වෛරසය වැළඳී ඇති බවට ඇස්තමේන්තු කර ඇත්තේ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ මයික් රයන් විසිනි.

මෙය රටින් රටට වෙනස් වේ. එය නාගරික සිට ගම දක්වා වෙනස් වේ. එය විවිධ කණ්ඩායම් අනුව වෙනස් වේ.”

කෙසේ වෙතත් එයින් අදහස් කරන්නේ ලෝකයේ අතිමහත් බහුතරයක් අවදානමට ලක්ව ඇති බවයි. වසංගතය අඛණ්ඩව විකාශනය වන බව අපි දනිමු. නමුත් සම්ප්‍රේෂණය මැඩපැවැත්වීමට සහ ජීවිත බේරා ගැනීමට අවශ්‍ය මෙවලම් අප සතුව ඇති බව අපි දනිමු. ” යැයි සදහන් කරන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ගෙබ්‍රෙයෙසස් කියා සිටින්නේ ලොව පුරා රෝගීන් සංඛ්‍යාවේ කැපී පෙනෙන වෙනස්කම් ඇති බවයි.

මෙම වෛරසයෙන් සෑම රටකටම බලපෑම් එල්ල වී ඇතත්, මෙය අසමාන වසංගතයක් බව අප මතක තබා ගත යුතුය. වාර්තා වී ඇති සියලුම මරණ හා මරණවලින් 70% ක්ම රටවල් දහයක සිදුව ඇති අතර රටවල් තුනක් ඉන් අඩකටම වග කියයියනුවෙන් ඔහු පවසා තිබේ.

ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව මේ වන විට මිලියනයකට අධික පිරිසක් කොවිඩ් 19 වෛරසයෙන් මියගොස් තිබේ. එක්සත් ජනපදයෙන් පසුව, ඉන්දියාව සහ බ්‍රසීලය වැඩිපුරම ආසාදන සිදුවූ රටවල් වේ.

Archive

Latest news

Related news