⁃ 33(1) වගන්තිය යටතේ ජනාධිපතිට ආ.ක්‍ර.ව්‍ය. ආරක්ෂා කිරීමට ජාතික ප්‍රතිසන්ධානයට, ව්‍යවස්ථාදායක සභාව යටතේ ඇති ආයතනවල ක්‍රියාකාරීත්වය පහසු කිරීමට ජනාධිපති සතු බලතල ඉවත් කර තිබේ.
⁃ ජනාධිපතිවරයා හදිසි නීති පැනවීමේදී ද වෙනත් නීති පැනවීමේදී ද පාර්ලිමේන්තුවට වගකිව යුතු බව දැක්වෙන 33අ වගන්තිය ඉවත් කොට තිබේ.
⁃ 35 යටතේ ජනාධිපති මුක්තියට අදාල වගන්තිය ඉවත් කොට ජනාධිපතිට එරෙහිව කිසිම නඩු කටයුත්තක් පැවරිය නොහැකි බව දක්වා තිබේ. එ අනුව ජනාධිපති කාර්යක් සඳහා මානව හිමි කම් නඩුවක් පැවරීමේ බලය( 19 යටතේ ) ඉවත් කර තිබේ.
⁃ 41 වගන්තිය ඉවත් කොට ආන්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙනුවට පාර්ලිමේන්තු සභාව යනුවෙන් නව ආයතනයක් පිහිටුවා එමගින් 1 උ. ලේ. සඳහන් කොමිශන් සභා සාමාජිකයන් සහ 2 උ.ලේ. සඳහන් රාජ්‍ය තනතුරු වලට පත් කරනු ඇත.
⁃ එම පාර්ලිමේන්තු සභාවේ සංයුතිය වන්නේ අග්‍රාමාත්‍යවරයා, කතානායක වරයා, විපක්ෂ නායකවරයා, අගමැති නම් කරන මන්ත්‍රීවරයකු , විපක්ෂනායක නම් කරන මන්ත්‍රීන්ගෙනි. නම් කිරිම පැහැර හැරියහොත් කතානායක විසින් එම මන්ත්‍රීවරුන් පත් කරනු ඇත.
⁃ අගමැති හා විපක්ෂ නායක පත් කරන මන්ත්‍රීවරු ඉවත් කරන ලෙස එම දෙපලගෙන් ඉල්ලා සිටිය හැකි අතර එම ඉල්ලීම පැහැර හැරිය හොත් ජනාධිපතිවරයාට එම පත් කිරීම් සිදු කල හැක 41(8)ආ
⁃ පක්ෂ නායකයකුට මෙම පත්කිරීම් සඳහා කතානායක හරහා නම් යෝජනා කල හැක.
⁃ නව 42 වගන්තිය– ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුත්තේය.
⁃ නව 43(1) ජනරජයේ පාලනය හා මෙහෙයවීමට අමාත්‍ය මන්ඩලයක් පවතින බව
⁃ 43(2) ජනාධිපති වරයා අමාත්‍යමන්ඩලයේ සාමාජිකයෙක් හා ප්‍රධානියාද වන බව
⁃ 43(3) පාර්ලිමේන්තුවේ උපරිම විශ්වාසය දිනා ගන්නා මන්ත්‍රීවරයා ජනාධිපති විසින් අගමැති ලෙස පත් කරන බව දක්වා තිබේ.
⁃ 44 වගන්තිය මගින් 19 සංශෝදනය මගින් අමාත්‍ය මන්ඩලය පත්කිරීමට අගමැතිට තිබු බලතල ඉවත් කරන අමාත්‍යවරු සංඛ්‍යාව විෂයන් ,පත් කිරීමේ සහ ඉවත් කිරීමේ සියලු බලතල ජනපති යටතට පත්කර ගෙන ඇති අතර ජනපතිවරයාට තමා යටතේ පවත්වා ගත යුතු අමාත්‍යංශ සංඛ්‍යාවද තීරනය කිරීමේ බලය දානය කර ඇත. ඒ අනුව අගමැතිවරයා නාමික අගමැතිවරයකු බවට පත්කොට තිබේ.
⁃ 45 වගන්තිය මගින් කැබිනට් නොවන අමාත්‍යවරුන් පත්කිරීමේ සියලු බලතල ජනාධිපතිවරයාට පවරාගෙන තිබේ.
⁃ 46 වගන්තිය මගින් නියෝජ්‍ය අමාත්‍යවරුන් පත්කිරීමේ සියලු බලතල ජනාධිපතිවරයාට පවරාගෙන තිබේ.
⁃ 47 වගන්තිය මගින අමාත්‍ය මන්ඩල ලේකම් පත් කිරීමේ බලය ජනපතිට
⁃ 48 වගන්තිය මගින් අමාත්‍යංශ ලේකම්වරු පත් කිරීමේ බලය ජනපතිට
⁃ 54 වගන්තිය මගින් 9 දෙනකු ගෙන් සමන්විත රාජ්‍ය සේවා කොමිශන් සභාව ජනාධිපති විසින් පත් කරනු ඇත. ඔවුන් ධූරයෙන් ඉවත් කිරීමේ බලයද ජනපති සතුවේ.
⁃ 61ඊ වගන්තිය යටතේ ත්‍රිවිධ හමුදාපතිවරුද නීතිපතිවරයාද ජනපති විසින් පත් කරනු ඇත
⁃ 70 වගන්තියට අනුව ජනපතිවරයාට පාර්ලිමේන්තුව තේරී පත්වී වසරකට ඉක්බිතිව පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය දානය කොට තිබේ
⁃ ආන්ඩුවේ පලමු ප්‍රතිපත්ති ප්‍රකාශය පරාජය වුකල පාර්ලිමේන්තුව නොවිසිරුවන්නේය.
⁃ විසර්ජන පනත පලමුව පරාජය වුවහොත් පාර්ලිමේන්තුව නොවිසුරුවන නමුත දෙවන අවස්තාවේ ද පරාජය වුවහොත් පාර්ලිමේන්තුව විසුරුවනු ඇත.
⁃ 78 වගන්තියට නව උප වගන්තියක් එකතු කරමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන කෙටුම් පතක එහි හරයට හා මුලධර්මයන්ට පරිභාහිර සංශෝදන ගෙන ඉදිරිපත් නොකළ යුතු බව දක්වයි.
⁃ 85 වගන්තියට අනුව පාර්ලිමේන්තුව ප්‍රතික්ෂේප කරනු ලැබු පනතක් හෝ වගන්තියක්, නව පනත් කෙටුම් පතක් ජනමතවිචාරනයකට ඉදිරිපත් කිරීමට ජනාධිපතිට බලය දානය කර තිබේ.
⁃ 91 වගන්තියට අනුව මැතිවරන කොමසාරිස් ජනරාල් වරයා මැතිවරන කොමිසමේ සාමාජිකයන් පොලිස් කොමිසමේ සාමාජිකයන් රාජ්‍ය සෙවකයන් වන්නේය.
⁃ 92 වගන්තියට අනුව ජනාධිපති අපේක්ෂකයකු ගේ අවම වයස 30 වන්නේය.
⁃ 103 වගන්තියට අනුව මැතිවරණ කොමිසමට සාමාජිකයන් 3 ජනපති විසින් පත් කරනු ඇත.
⁃ කොමිසම මගින් ලබා දෙන මාධ්‍ය උපමාන භාවිතාකිරීම මාධ්‍ය ආයතනයේ කාර්යක් (අභිමතයක්)වන්නේය.
⁃ 107 වගන්තිය යටතේ අගවිනිසුරු ඇතුලු ඉහල අධිකරණවල සැම විනිසුරුවරයකු ජනපති විසින් පත්කරනු ඇත.
⁃ 111 වගන්තියට අනුව අධිකරන කොමිසන් සභාවට නිල බලයෙන් පත්වන අගවිනිසුරු හැරුනකොට අනෙක් විනිසුරු දෙපල ජනපති විසින් පත් කරනු ඇත. ඉවත් කිරීමේ බලතලද ජනපති සතුවේ.
⁃ 122 වගන්තිය මගින් හදිසි කෙටුම් පත් ගැසට් නොකොට ශ්‍රේෂ්ඨාධිකරනයට යවා පැය 24 කට පසුව සම්මත කිරීමේ බලය නැවත හඳුන්වාදී තිබේ.
⁃ 154 වගන්තියට අනුව විගණකාධිපති ජනාධිපති විසින් පත් කරනු ලබන්නේය.
⁃ 155 වගන්තියට අනුව සාමජිකයන් 7 සමන්විත පොලිස් කොමිසම ජනාධිපති විසින් පත් කරනු ඇත.
⁃ 156 ට අනුව අල්ලස් හෝ දුෂන කොමිසම ජනපති විසින් පත් කරනු ඇත.
⁃ 156ආ– ජාතික ප්‍රසම්පාදන කොමිශන් සභාව පිහිටුවීම සංයුතිය හා බලතල ජනපතිට පැවරේ.
( මුහුණු පොතිනි)