Wednesday, April 24, 2024

රටටම එන නීතියක්: පොලීසියෙන් ඉන්ද්‍රාට වෙඩි; සම්පායෝට සැප!

සංවිධානාත්මක අපරාධකරුවෙකු යැයි කියන සමයං ගේ ප්‍රධාන වෙඩික්කරුවෙකු යැයි පොලිස්මාධ්‍ය විසින් හංඩඟු ලසා ඇති ඉඳුනිල් වජිර කුමාර ඒලියස් නොහොත් ඉන්ද්‍රා නම් සැකකරුට පොලීසිය වෙඩි තබා මරා දැමුවේ පසුගිය 27වනදාය. පොලීසිය කියන්නේ නවගමුව ප්‍රදේශයේදී පොලිස් අත්අඩංගුවෙන් පැන යාමට උත්සහ කළනිසා පොලීසිය ඔහුට වෙඩි මරා දැමු බවය.

මෙම කතාව පොලිස්මාධ්‍ය විසින් වාර්තා කරන ලද්දේ පරණ තැටියක් අලුත් කිරීම මගිනි. එනම් ආයුධ පෙන්වීම සඳහා ගෙන ගිය අවස්ථාවකදී පැන යාමට උත්සාහ කළ නිසා මරා දැමූ බවයි. මෙම කිසිදු පොලිස්මාධ්‍යක් ඒ අවස්ථාවෙහි ඔහුට මාංචු දමා තිබුණේ ද යන්නවත් ප්‍රශ්ණ කරන්නේ නැත. පොලීසිය විසින් වෙඩි තබා මරා දමන ලද බොහෝ සැකරුවන් සම්බන්ධයෙන් මෙම වාර්තාවම පොලිස්-මාධ්‍ය විසින් කී වතාවක් ලියා ඇත්ද?

ඇත්ත වශයෙන්ම නම් මෙම පොලිස්මාධ්‍ය සංනිවේදනය කරන්නේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු නිසා ඔහු පොලීසිය විසින් මරාදමන ලදැයි යන කතාවය. එමගින් උත්සාහ කරන්නේ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පමණක් නොවේ. පණිවිඩය පැහැදිලිය. එනම් පොලීසියට මෙවැනි අතාත්වික හේතු දක්වා සැකකරුවන් ඝාතනය කළ හැකි බවයි. එම ඝාතනයන් ගැන කිිසිදු පරීක්ෂනයක් නොපැවැත්වෙන බවයි.

ඒ සමඟම පොලිස්මාධ්‍ය මගින් මෙයට සති කිහිපයකට පෙර තවක් කතාවක් වාර්තා කලේය. එනම් මීගමුව බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සම්පායෝ පොලිස් මෙහයුමකින් අත් අඩංගුවට ගත් බවයි. එම අවස්ථාවෙහිදී සම්පායෝට ජනමාධ්‍ය ආයතනයකට දීර්ඝ ප්‍රකාශයක් දීමට පොලීසිය අවස්ථාව සළසා දුන්නේය. සම්පායෝ එහිදී කීවේ තමන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති කිරීමට මහන්සි වූ බවත් මෙළෙස අත් අඩංඟුවට ගැනීම වරදක් බවත්ය.

සම්පායෝ පොලීසියෙන් කට්ටි පනිමින් සැඟවී සිටියේ කුරුනෑගල ප්‍රබල දේශපාලනඥයකුගේ රැකවරණයෙහි බවත් පසුව වාර්තා විය.

ඉන්ද්‍රාට වෙඩි තබා මරා දැමූ පොලීසිය සම්බායෝට සැළකූ හැටි නියෝජ්‍ය නීතිපති දිලීප පීරිස් අධිකරණය හමුවේ හෙළිදරව් කර තිබේ. ඒ අනුව අත් අඩංඟුවට ගැනීමේ පොලිස්මාධ්‍ය වාර්තාව නාටකයකි. පෙර සැළසුමකට අනුව සම්පායෝ පැමිණි බවත් එක්තරා මාධ්‍ය ආයතනයක වීඩියෝකරුවක් එන තුරු පොලීසිය එහ නැවතී සිටි බවත් වාර්තා වී තිබේ.

දිලීස පීරිස්ට අනුව සම්පායෝ මීගමුව බන්දානාගාරයේ සිරකරුවන්ට රුපියල් 10,000 සිට 200,000 දක්වා මුදලකට සුඛෝපභෝගී සිරකුටි ලබා දී තිබේ.

ඔහු අධිකරණයට කියා සිටියේ මීගමුව මූලස්ථාන පරීක්ෂක කියා ඇති පරිදි මීගමුව පොලීසිය විසින් කුරුණගාලයේදී අත්අඩංගුවට ගෙන නොමැති බවයි. අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවේ පිටපතක්වත් නොගෙන මිගමු පොලිස් මූලස්ථාන පරීක්ෂක කුරුණෑගලට ගොස්, රහස් පොලිසිය විසින් ඔහු සොයමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගන්නේ කෙසේදැයි ඔහු ප්‍රශ්න කළේය.

ඊනියා ‘අත්අඩංගුවට ගැනීමෙන්’ පසුව මිගමුව පොලිස් මූලස්ථාන පරීක්ෂක සැකකරුට තේ පානය කිරීමට පවා ඉඩ සැළසුවේය.

දේශපාලන බලපුලුවන්කාරකම් නැති ඉන්ද්‍රාට ඒ වෙනුවට පොලීසිය දුන්නේ වෙඩි උණ්ඩය.

මීගමුව බන්ධනාගාර නිලධාරීන් බන්ධනාගාරය තුළ මත්ද්‍රව්‍ය ජාවාරමක් පවත්වා ගෙන යමින් නිලධාරීන් සිරකරුවන්ට හෙරොයින් විකුණන බවත් මෙම ජාවාරම හිටපු බන්ධනාගාර අධිකාරී සම්පායෝ විසින් සෘජුවම අධීක්ෂණය කරන ලද බවත් අධිකරණයට දැනුම් දෙන ලදී. මෙසේ මත්ද්‍රව්‍ය කිරා බෙදා හරින ලද විද්‍යුත් තරාදියක් පවා රහස් පරීක්ෂකයින් විසින් සොයා ගෙන ඇතැයි දිලීප පීරිස් කියා සිටියේය.

හෙරොයින් කිලෝග්‍රෑම් 200 ක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෙකුට සම්පායෝ විසින් ශීතකරණයක් සහ රයිස් කුකර් එකක් ඇතුළු භාණ්ඩ රාශියක් ලබා දී තිබූ බව මීට පෙර වාර්තා වී තිබුණි.

පොලීසිය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සළන්නේ එක නීතියක් යටතේද යන්න අධිකරණ ඇමැතිවරයාට දැන් තීරණය කළ හැකිය.

මේ අතර ඉන්ද්‍රා ඝාතනය ගැන සටහනක් තබන නීතිිවේදී අථිල ආතාවුද මෙසේ කියයි.

ඔය පිටි චූටි, පාං බට්ටා, බුල්ටො ලකීවගේ නම් දාල එයාලම පාතාලයොයි කියන අයට මහ පා⁣රෙ එයාලම වෙඩි තැබීමෙන් පාතාලය මර්දනය වෙනවයි කියල කවුරුහරි කියනවනම් ඒ කියන පුද්ගලයා පාතාලය ගැන මොකවත්ම දන්නෙ නෑ. ඒකට හේතු දෙකක් තියනව:-

1. ඔය කඩන්නෙ පාතාලය කියන මහ ගහේ දළු විතරයි. දළු කඩපුවාම අතු බෙදි බෙදී තව තව වැඩෙනවා වගේ එකෙක් මරණ ගානෙ ඒ තැන ගන්න දෙන්නෙක් ඉන්නව. ඒ තමයි පාතාලෙ හැටි.

2. ඔය මරන්නෙ පාතාල ධූ⁣රාවලියෙ අගම ඉන්න උන්. එතකොට අර ඒකෙ මුළ ඉන්න උන් අරුන්ට කියල කරගත්තු දහදුරා වැඩ ඔක්කොම මුන්ව මරපු ගමන් සාක්කි නැතුව යට යනව. ඔය අංගොඩ ලොක්කා එහෙම පාතාල නායකයො කියලද හිතන්නෙ? පිස්සුද? එහෙම පාතාල නායකයො හිටියෙ ඉස්සර. දැන් ඉන්නෙ ටැමිල් ෆිල්ම් වල විතරයි. දැන් නායකයො පාරෙ වෙඩිකන්නෑ. උන් ඉන්නෙ වෙඩි වදින සීමාවට වඩා ගොඩක් ඉහළින්.

ඒක හින්ද ඔය පාරෙ මිනී මරණ එක මරු. අපි එකෙන්ම සපෝට්කියල කියන අය කරන්නෙ අදාළ වැඩේ කරනව කියල හිතාගෙන අතින් වින්දනයක් ලබල රෙද්දෙ පිහිදගන්නව වගේ වැඩක්. ඇති වැඩක් නෑ. අතේ මිරිස් එහෙම තිබුණොත් දනවත් එක්ක.

Archive

Latest news

Related news