Friday, July 19, 2024

කුසල් මෙන්ඩිස්, පොලිස් අවනීතිය සහ වරප්‍රසාදලාභී පන්තිය

සුගියදා ශ්‍රී ලංකාවේ ජේෂ්ඨ සහ දක්ෂ ක්‍රිකට් ක්‍රීඩකයකු වන කුසල් මෙන්ඩිස් බීමත් රාත්‍රියකින් පසු අලුයම ජාමයේ වැරදි මංතීරුවක සිය ලක්ෂ 440ක් වටිනා වාහනය අධික වේගයෙන් ධාවනය කර වයස 64ක් අහිසංක දුප්පත් මිනිසකු හප්පා මාරක අනතුරක් සිදු කළේ ය. එම පුද්ගලයා මෙම අනතුරට මුහුණ දුනනේ උදෑසන වැඩට යමින් සිටියදීය. කුසල් මෙන්ඩ්ස් එම පුද්ගලයා යටකර සිය නිවසට පලා ගියේය. සිය වාහනයට මිනිසකු හැපී ඇද වැටුන බව ඔහු දැන සිටි නමුත් එම පුද්ගලයා මැරෙන්නටඅතහැර දැමුවේය. අඩුම ගණනේ තුවාල ලද පුද්ගලයා රෝහලට ගෙන යාමට ඔහු පියවරක් ගත්තේ නැත.

වැරදි ගණනාවක් කර තිබූ මෙම කුසල් මෙන්ඩ්ස් අයත්වන්නේ ද ශ්‍රී ලංකාවේ වරප්‍රසාද ලාභී සමාජ තිරුවටය. ඔවුන් ධනවත් මෙන්ම ජනප්‍රියද වෙති. මෙම සමාජ තරුවට නීතිය බාලපාන්නේ නැත. මෙම වරද සිදුවූයේ සාමන්‍ය මිනිසකු අතින් නම් පොලීසිය ඔහුට විරුද්ධව බරපතල චෝදනා එල්ල කරනු නොඅනුමානය. නමුත් කුසල් මෙන්ඩිස්ට ඒ කිසිදු චෝදනාවක් නැත.

මේ පිළිබදව වාර්තාවක් පළ කරන දි අයිලන්ඩ් පුවත්පත කියන්නේ මෙම වසං කිරීම පිටුපස් ඉන්නේ බස්නාහිර පළාත භාරව සිටින ජ්‍යෙෂ් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් යැයි සැක කැරෙන බවයි. දේශබන්දු තෙන්නකෝන් මෙම තනතුරට පත් කරන ලද්දේ ද ඊනියා විනය ගරුක සමාජය සෑදමට බව ද අමතක නොකළ යුතුය.

මත් ද්‍රව්‍ය නාශක පොලීසියේ නිලධාරීන් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ කල්ලි ගැසීම සහ තවත් ඉහළම පෙළේ පොලිස් නිලධාරීන් කණ්ඩායමක් වරප්‍රසාදලාභී සමාජ තීරුව සමඟ කල්ලි ගැසී අපරාධකරුවන් බේරා ගැනීම අතර ඇති වෙනස කුමක්ද? වෙනසක් නැත. දෙකම එක හා සමාන අපරාධයන්ය.

මේ වනාහි එක් අහම්බ සිදුවීමක් නොව වත්මන් ශ්‍රී ලංකාවේ අවනීතියේ පාලනයේ එක් උදාහරණයක් පමණි. අවිහිංසක සටහනක් නිසා නඩු නැතිව මාස ගණනාවාක් රම්සි රසීක් රඳවා තබා ගන්නා පොලීසිය කුණුහරැපයෙන් බැණ වදිමින් දෙමළ සහ මුස්ලිම් ජනයාට පහරදෙන අම්පිටියේ සුමන නම් හිංසාකාරී චීවරධාරියාට අතවත් තබන්නේ නැත. ඒ වෙනුවට විනය ගරුක සමාජයක් හැදීම බාරගෙන සිටින ප්‍රධානියකු වන යුද හමුදාපති ශ්‍රවේන්ද්‍ර සිල්වා සිනහමුසු මුහුණින් අම්පිටියේ සුමන සමඟ ජායාරූපයවලට පෙනී සිටී.

පොලිස් අවනීතිය යනු ශ්‍රී ලංකාවේ නීතියේ පාලනය බිඳ දැමිමේ ආරම්භයයි. කුසල් මෙන්ඩ්ස්ගේ සිට අම්පිටියේ සුමන දක්වා ක්‍රියාත්මක නොවන නීතිය ආණ්ඩුවේ විරුද්ධවාදීන්ට, විසංවාදී අදහස් දරන්නන්ට, සුළුතර ප්‍රජාවේ ක්‍රියාධරයින්ට එරෙහිව ක්‍රියාත්මක වන්නේ සීග්‍රගාමීවය.

විනය ගරුක සමාජයේ ඇත්ත එයයි.

දි අයිලන්ඩ් පුවත්පතෙහි අද දින (09) පළව ඇති ඉහත සඳහන් වාර්තාවේ දළ පරිවර්තනයක් පහත දැක්වේ.

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් විසින් සිදුකරන ලද මාරක රිය අනතුර පිළිබඳ සත්‍ය සන් කිරීමට ජ්‍යෙෂ් පොලිස් නිලධාරීන් සම්බන්ධ වී ඇති බව ආරංචි මාර්ග සඳහන් කරන බව දි අයිලන්ඩ් පුවත්පත වාර්තා කරයි. මෙන්ඩිස්ගේ රුපියල් 440 වටිනා රේන්ජ් රෝවර් රථයට බයිසිකලයක වැඩට යමින් සිටියදී 64 හැවිරිදි පුද්ගලයෙකු පානදුරයේදී යටවී මිය ගියේය. මාරාන්තික අනතුරු වලදී, සාමාන්‍යයෙන් චූදිතයා දින 14 ක් රිමාන්ඩ් කරනු ලැබුවද, දේශපාලනයින්ට, ඔවුන්ගේ පුතුන්ට, ධනවතුන්ට සහ ප්‍රසිද්ධ පුද්ගලයින්ට නිදැල්ලේ යාමට පොලීසිය විසින් ඉඩ දෙන ප්‍රවණතාවක් මෙරට පවතී.

මෙන්ඩිස්ගේ සම්බන්ධ සිදුවීමේ වඩාත් නරක දෙය නම් ඔහු විසින් එම පුද්ගලයා සිය වාහනයේ හැප්පීමෙන් පසු නෙනවත්වා ධාවනය කිරීමයි. . මෙන්ඩිස් සිය රේනජ් රෝවරය නවතා තුවාල ලබා සිටි පුද්ගලයා රෝහලට ගෙන ගියේ නම් ඔහුගේ ජීවිතය බේරා ගත හැකිව තිබුණි. අනතුරෙන් මිනිත්තු 40 කට පසුව ගිලන් රථයක් පැමිණි ඔහු රෝහලට ගෙන යන විට ඔහු මියගොස් තිබූ බව වාර්තා වේ.

පොලිසිය කියා සිටින්නේ මෙන්ඩිස් බීමතින් නොසිටි බවය. නමුත් ඇත්ත නම් ඔහු අපරාධය සිදු කර නිවසට ගොස් ඇති බවත් ඔහු පොලිසියට පැමිණෙන විට සැලකිය යුතු කාලයක් ගතවී තිබූ බවත්ය. මෙම ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩකයා වෛද්‍ය නිලධාරියෙකුට ඉදිරිපත් කිරීමට පොලිසිය තවත් කාලයක් ගත්තේය.

ඒ වන විට ඔහු මත්පැන් පානය කර රිය පැදවා තිබුණද ඒ බව ඔප්පු කිරීමට ඉඩක් නැත.

මෙම වසං කිරීම සම්බන්ධයෙන් බස්නාහිර පළාත භාරව සිටින ජ්‍යෙෂ් නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් වෙත දැන් අවධානය යොමු වී ඇත. විමර්ශනයට ආසන්න ආරංචි මාර්ග දි අයිලන්ඩ් පුවත්පතට සඳහන් කර ඇත්තේ සිදුවීම වසන් කිරීම පිටුපස සිටින ප්‍රධාන පුද්ගලයා තෙන්නකෝන් විය හැකි බවයි. ක්‍රීඩකයන් සමඟ සමීප සම්බන්ධතාවයක් ඇති බව පෙනෙන්නට ඇති ජ්‍යෙෂ්පොලිස් අධිකාරී කමල් පුෂ්පකුමාර වසං කිරීම සඳහා සම්බන්ධ වී ඇතැයි විශ්වාස කරන අතර එයට ක්‍රීඩකයාගේ නියෝජිතයා වන අසංකා පෙරේරා ද ඇතුළත් බව ද එම පුවත්පත් වැඩි දුරටත් සඳහන් කරයි.

මරණය සිදු කිරීම, ටකර පලායාම සහ අධික වේගයෙන් ධාවනය කිරීම, වැරදි මංතීරුවක රිය පැදවීම වැනි හේතුන් මත මෙන්ඩිස්ට චෝදනා එල්ල විය හැකිව තිබු නමුත් නමුත් පනාදුර පොලිසිය සියළුම කරුණු නොසලකා හැරීමට තීරණය කර තිබේ. පොලීසිය උනන්දුවක් දැක්වූයේ මාධ්‍යයට ක්‍රීඩකයා බීමතින් රිය පදවා නැති බවය.

නතුර සිදුවූදෑසන 5 වන තුරු මෙන්ඩිස් සිටියේ කොහිද? කළේ කුමක්ද? යන ප්‍රශ්ණ ගැන පොලීසිය උනන්දුවක් දක්වා නැත. උත්සවයකට සහභාගීවීමෙන් පසු ඔහු තවත් ක්‍රිකට් ක්‍රීඩකයෙකු වන සචිත් පතිරනගේ නිවසට ගොස් ඇති අතර ඔවුන් මත්පැන් පානය කර ඇති බව අයිලන්ඩ් පුවත්පත වාරිතා කරයි. අවම වශයෙන් තවත් ක්‍රීඩකයින් දෙදෙනෙකු එම ස්ථානයේ සිට තිබේ. එනම් අවිෂ්ක ප්‍රනාන්දු සහ අකිල දනාංජය .

සිද්ධියෙන් පසු මෙන්ඩිස් විසින් පසුතැවිල්ල නොපෙන්වීමණගාටුවට කරුණක් බව සඳහන් කරන පුවත්පත ක්‍රිකට් ක්‍රීඩකයා රු. මියගිය අයගේ පවුලට මිලියනයක් දුන් බව ද කියයි. කුසල් මෙන්ඩ්ස් එක් ටෙස්ට් තරඟයක් සඳහා සඳහා සහභාගිවීමට පමණක් තරග ගාස්තුව ලෙස රු. මිලියනයක් අය කරයි.

Archive

Latest news

Related news