Friday, November 22, 2024

සුනිල් රත්නායකට සමාව දීම මෙරට දුර්විපාක සහ යුක්තිය නොලැබීම පිළිබඳ නිෂේධාත්මක පණිවිඩයකි – ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම

හිටපු යුද හමුදා කොප්රල් සුනිල් රත්නායකට ජනාධිපති  සමාව දීම පිළිබඳව සිය කණස්සල්ල පළ කරමින් ජනාධිපතිවරයා වෙත ලිපියක් යවන හ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සබාව මෙසේ පවසයි. “එවැනි දරුණු වරදකට වැරදිකරු වූ සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒකමතිකව වරදකරුබව පිළිගත් පුද්ගලයෙකුට ජනාධිපති සමාවක් ලබා දීම විසින් ශ්‍රී ලංකාවේ (අයිතීන්) උල්ලංඝනයන්ට දඩුවම් නොලැබෙන බවටත් සහ විනිදිතයිනට යුක්තිය නොලැබෙන බවටත් ඇති චෝදනා ශක්තිමත් කරන නිෂේධාත්මක පණිවිඩයක් ලබාදෙයි. මිරුසුවිල් නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තීරණාත්මක තීන්දුවක් ලෙස සලකනු ලැබූ අතර, එය මීට වසර කිහිපයකට පෙර ඇඹිලිපිටිය පිරිමි ළමුන් ඝාතන නඩුවට සමානය. මේ දෙකම මෙරට දුර්විපාක නොලැබීමේ ප්‍රශ්ණය විසඳීම සඳහා සැලකිය යුතු ආකාරයකින් දායක විය. වරදකරුවන් කරන ලද එවැනි තීන්දු ඇත්තේ ඉතා අල්පයකි. එවැනි තීන්දුවකින් වරදකරු වූ අයකුට ජනාධිපති සමාවක් ලබා දීම ඉතා නිෂේධාත්මක පූර්වාදර්ශයක් සපයයි.” 

එම ලිපියේ දළ සිංහල පරිවර්ථනයක් පහත පළවේ:

ගරු ගෝඨාභය රාජපක්ෂ,

ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති,

ජනාධිපති ලේකම් කාර්යාලය

කොළඹ 1

අතිගරු ජනාධිපතිතුමනි,

හිටපු යුද හමුදා කෝප්‍රල් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබා දීම

විශේෂ මහාධිකරණය විසින් විසින් මිනීමැරුම් චෝදනා අටක් සම්බන්ධයෙන් වැරදිකරු කරන ලද සහ අනතුරුව එම තීන්දුව ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් 2019 අප්‍රේල් 24 දින (SC TAB 1/2016) ඒකමතිව තහවුරු කරන ලද කෝප්‍රල් සුනිල් රත්නායකට ජනාධිපති සමාව ලබා දීම පිළිබඳව ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිෂන් සභාව දැඩි කනස්සල්ල පළ කරයි.

රත්නායක මහතාට එරෙහිව ගරු තිපතිතුමා විසින් ඉදිරිපත් කරන ලද ළමයින් තිදෙනෙකු ඝාතනය කිරීම පිලිබඳ චෝදනාවල බරපතල ස්වභාවය නිසා ද සහ වරදකරු කිරීම තහවුරු කළ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ශක්තිය නිසා අපි දැඩි කනස්සල්ලට පත්ව සිටිමු. 2000 දෙසැම්බර් 19 වන දින යාපනයේ දිස්ත්‍රික්කයේ මිරුසුවිල් ගම්මානයේදී වයස අවුරුදු 5, 13 සහ 15 යන වයස්වල පසුවන ළමුන් 3 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 8 දෙනෙකු ඝාතනය කිරීම මත නඩුව පැන නැගුණි. අධිකරණ පරීක්ෂණයකින් පසු මළ සිරුරු යළි ගොඩ ගන්නා ලදී. යාපනයේ අර්ධද්වීපයේ ප්‍රධාන අධිකරණ නිලධාරියා සහ එවකට හමුදා පොලිසිය භාරව සිටි නිලධාරියාට අනුව මළ සිරුරු පිහිටි ස්ථානය හඳුනාගන්නා ලද්දේ සුනිල් රත්නායක විසිනි.

එවැනි දරුණු වරදකට වැරදිකරු වූ සහ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඒකමතිකව වරදකරුබව පිළිගත් පුද්ගලයෙකුට ජනාධිපති සමාවක් ලබා දීම විසින් ශ්‍රී ලංකාවේ (අයිතීන්) උල්ලංඝනයන්ට දඩුවම් නොලැබෙන බවටත් සහ ිනිදිතයිනට යුක්තිය නොලැබෙන බවටත් ඇති චෝදනා ශක්තිමත් කරන නිෂේධාත්මක පණිවිඩයක් ලබාදෙයි. මිරුසුවිල් නඩුවේ ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව තීරණාත්මක තීන්දුවක් ලෙස සලකනු ලැබූ අතර, එය මීට වසර කිහිපයකට පෙර ඇඹිලිපිටිය පිරිමි ළමුන් ඝාතන නඩුවට සමානය. මේ දෙකම මෙරට දුර්විපාක නොලැබීමේ ප්‍රශ්ණය විසඳීම සඳහා සැලකිය යුතු ආකාරයකින් දායක විය. වරදකරුවන් කරන ලද එවැනි තීන්දු ඇත්තේ ඉතා අල්පයකි. එවැනි තීන්දුවකින් වරදකරු වූ අයකුට ජනාධිපති සමාවක් ලබා දීම ඉතා නිෂේධාත්මක පූර්වාදර්ශයක් සපයයි.

රත්නායක මහතාට මරණීය දණ්ඩනය නියම කරනු ලැබුවේ රටේ නීතියට අනුව එම මිනීමැරීමට මරණ දඩුවම අනිවාර්ය නිසා ය. අපගේ කොමිසම මරණීය දණ්ඩනයට විරුද්ධව අධිෂ්ඨානාත්මකව කටයුතු කර ඇති අතර එය අහෝසි කොට සුදුසු විකල්ප දඩුවමක් නිර්දේශ කරන ලෙස නැවත නැවතත් ඉල්ලා තිබේ. මෙම අවස්ථාවෙහිදී සමාවදීම පිළිබඳව අපගේ කනස්සල්ල ප්‍රකාශ කිරීම කිසිසේත් මරණ ඩුවම පිළිගැනීම සමාන නොවේ. අප අවධාරණය කිරීමට බලාපොරොත්තු වන්නේ එවැනි වරදකට වැරදිකරුවකු වු අයකුට ඊට සුදුසු දඩුවමක් ලැබිය යුතු බවයි. අතිගරු ජනාධිපතිතුමා මරණීය දණ්ඩනය දීර්කාලීන සිර ඩුවමක් බවට පත් කළේ නම්, වරදෙහි බරපතළ ස්වභාවය අනුව අපට එයට ඊට එකඟ වන්නට තිබුණි.

සභාපතිනිය

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කොමිසම

(දළ පරිවර්ථනය ශ්‍රී ලංකා බ්‍රිෆ් වෙතිනි. )

Archive

Latest news

Related news