Monday, May 6, 2024

යුරෝපය සර්වදේශීය නව කෙරෝනා වසංගතයේ කේන්ද්‍රස්ථානය ලෙස නම් කැරේ.

ඡායාරූපය: වම්පස යුරොපා රටවල තහවුරුවූ ඇති අසාදන ගණන. දකුණු පස පුද්ගලයින් මිලියනයකට ඒ ඒ රටවල අසාදානයන් ගණන.

යුරෝපය දැන් ගෝලීය කොරෝනා වයිරස් වසංගතයේ “කේන්ද්‍රස්ථානය” බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා පවසයි.

ජීවිත බේරා ගැනීම සඳහා ආක්‍රමණශීලී පියවරයන්, ප්‍රජා බලමුලු ගැන්වීම් සහ සමාජ දුරස්ථ කිරීම් භාවිතා කරන ලෙස ආචාර්ය ටෙඩ්‍රොස් ගෙබ්‍රෙයිසස් රටවල්වලින් ඉල්ලා සිටියේය.

මේ ගින්න දැවීමට ඉඩ නොදෙන්න,” ඔහු පැවසීය.

යුරෝපීය රටවල් කිහිපයක් ආසාදන හා මරණ සංඛ්‍යාව ඉහළ ගොස් ඇති බව වාර්තා වීමත් සමඟ ඔහු මේ බව කියා සිටියේ ය. ඉතාලිය තවමත් වැඩිම දෛනික මරණ සංඛ්‍යාවක් වාර්තා කරයි.

පසුගිය පැය 24 තුළ ඒරට මරණ 250 ක් වාර්තා වූ අතර, දැන් මුළු මරණ සංඛ්‍යාව 1,266 කි.‍ සමස්ත ආසාදන 17,660 කි.

ඉතාලියෙන් පසු යුරෝපීය රටවලින් වඩාත්ම පීඩාවට පත් ස්පාඥයෙහි මරණ 13වන සිකුරාදා 50% කින් 120 ක් දක්වා ඉහළ ගොස් තිබේ. ආසාදන 4,231 දක්වා වැඩි විය.

අගමැති පේද්‍රෝ සැන්චෙස් පවසන්නේ සෙනසුරාදා සිට සති දෙකක කාලයක් හදිසි සුපරීක්ෂාකාරී තත්වයක් ප්‍රකාශ කරන බවයි.

වෛරසය වේගයෙන් පැතිරීමට ප්‍රතිචාර වශයෙන් යුරෝපයේ වැඩි වැඩියෙන් දේශසීමා වසා දැමිම් සිදු කරනූ ලැබ තිබේ.

යුරෝපය කේන්ද්‍රස්ථානයවන්නේ ඇයි?

ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව මේ වන විට ලොව රටවල් 123 ක පුද්ගලයින් 132,500 කට වැඩි පිරිසකට කොවිඩ් -19 රෝගය වැලඳී ඇත.

මුළු මරණ සංඛ්‍යාව 5,000 ක් පමණ වී ඇත ආචාර්ය ටෙඩ්‍රොස්ගේ මේ වනාහී “ඛේදජනක සන්ධිස්ථානයක්” යැයි සඳහන් කරයි.

යුරෝපය දැන් වසංගතයේ කේන්ද්‍රස්ථානය බවට පත්ව ඇත. චීනය හැරුණු විට ලෝකයේ සෙසු රටවල් සියල්ලෙහිම වඩා වාර්තා වූ සිද්ධීන් හා මරණවලට වඩා යුරෝපයෙන් වාර්තා වී තිබේ.”

චීනයේ වසංගතයේ උච්චතම අවස්ථාවේ දෛනිකව වාර්තා වූවාට වඩා වැඩි රෝගීන් සංඛ්‍යාවක් දැන් සෑම දිනකම වාර්තා වේ.”

ස්පාඥයේ හා ඉතාලියේ වර්ධනයන් මෙන්ම ප්‍රංශයෙහි ද මේ වන විට රෝගීන් 2,876 ක් සහ මරණ 79 ක් වාර්තා වී තිබේ. එරට බ්‍රහස්පතින්දා සිදුවූ මරණ 61 ක් විය.

ජර්මනියේ රෝගීන් 3,062 ක් සහ මරණ 5 ක් වාර්තා වී තිබේ. එක්සත් රාජධානියේ ආසාදන 798 ක් වාර්තා වී ඇති අතර මරණ 11 ක් වාර්තා වී තිබේ.

යුරෝපීය රටවල් ඒ ගැන කරන්නේ කුමක්ද?

ස්පායේ රාජ්‍යය වෙනුවෙන් නිවේදනය කරමින් කියා සිටියේ සැන්චෙස් කියා සිටියේ සිය රජය “සියළුම පුරවැසියන්ගේ සෞඛ්‍යය වඩා හොඳින් ආරක්ෂා කිරීම සඳහා රාජ්‍යයේ සියලු සම්පත් බලමුලු ගන්වන” බවයි.

ඒමගින් ගමන් බිමින් සීමා කිරීම, අවශ්‍ය ඉවත් කිරීම්, ඇතැම් ස්ථානවලට පිවිසීම තහනම් කිරීම සහ දින 15 ක් දක්වා කර්මාන්තයන්සහාය දීමට හැකි වනු ඇත.

ජයග්‍රහණය රඳා පවතින්නේ අප සෑම කෙනෙකුම මත ය,” අගමැති සැන්චෙස් පැවසීය. “ඔබේ අත් සේදීමත් සහ නිවසේ රැඳී සිටීමත් මේ අවස්ථාවේ වීරත්වයේ කොටසකි.‍”

ස්පායේ සමහර ප්‍රදේශවලට “අත්‍යවශ්‍ය ගමන්” හැර අනෙක් සියලු ගමන් වළක්වා ගත යුතු බව එක්සත් රාජධානියේ විදේශ හා පොදු රාජ්‍ය මණ්ඩලීය කාර්යාලය පවසයි.

ඉතාලිය රටපුරා අගුලු එනම් දැඩි ගමනා ගමන සීමා දමා තිබේ.

මේ අතර, යුරෝපයේ අවම වශයෙන් තවත් රටවල් 10 ක් දේශසීමා වසා දැමීම් දැන් ක්‍රියාත්මක ය.

ඩෙන්මාර්කය: සෙනසුරාදා සිට විදේශීය සංචාරකයින් සඳහා දේශසීමා වසා දමයි.

චෙක් ජනරජය: පදිංචිය සඳහා බලපත්‍ර ඇති අය හැර සෙසු සියලුම විදේශිකයින්ට රට තුළට ඇතුළුවීම තහනම් කරයි. චෙක් ජාතිකයින් බොහෝ දෙනෙකුට රටින් පිටවීම තහනම් කරයි.

ස්ලොවැකියාව: පදිංචිය සඳහා බලපත්‍රයක් ඇති අය හැර සෙසු සියලුම විදේශිකයින් එරට අතුලුවීම තහනම් කරයි.

ඔස්ට්‍රියාව: දින හතරක් ඇතුළත වෛද්‍ය සහතිකයක් නිකුත් කළ අය හැර සෙසු සියලුම විදේශිකයින්ට ඉතාලිය සමඟ ඇති දේශසීමා දොරටු තුන වසා දමයි. ඔස්ට්‍රියානු ජාතිකයින්ට කිසිදු සීමාවක් නොමැත.

යුක්රේනය: විදේශිකයින්ට (රාජ්‍ය තාන්ත්‍රිකයින් හැර) දේශසීමා සති දෙකක් වසා දමයි.

හංගේරියාව: ඔස්ට්‍රියාව සහ ස්ලොවේනියාව සමඟ දේශසීමා වසා දමයි.

පෝලන්තය: ඉරිදා සිට විදේශීය සංචාරකයින් සඳහා දේශසීමා වසා දමනු ඇත.

බෙල්ජියම, ප්‍රංශය, ස්විට්සර්ලන්තය සහ ජර්මනියේ සමහර ප්‍රදේශ පාසල් වසා දැමූ නවතම රටවල් අතර වේ.

විශාල රැස්වීම් සහ සිනමාහල්, ආපනශාලා සහ බාර් වැසීමට සඳහා පුළුල් ලෙස සීමා කිරීම් පනවා ඇත.

ලොව විශාලතම පැරීසියේ ලුවර් කලා කෞතුකාගාරය සහ අයිෆල් කුළුණ සිකුරාදා සිට වසා දමනු ඇත.

මේ අතර ඇමෙරිකානු ජනාධිපති රටපුරා හදිසි තත්වයක් සිකුරාදා ප්‍රකාශයට පත් කළේ ය. ඇමෙරිකවෙහි ඕහියෝ ප්‍රාන්තයේ පමණක් නව කෙරොනා වෛරසය අසාදනය වී ඇති පිරිස ලක්ෂයක් විය හැකි යැයි එහි බලධාරීහු ප්‍රකාශ කර තිබේ.

(බීබීසී වාර්තාවක්ද ඇසුරිණි  )

Archive

Latest news

Related news