Saturday, April 20, 2024

කොවිඩ් 19 සම්බන්ධ ස්විස් උපදෙස් මාලාව: රෝගයෙන් වැළකීම, බෝ නොකිරීම සහ අවදානම වැඩි අය ගැන.

කොරෝනා වෛරසය පරීක්ෂා කළ හැකි ස්විට්සර්ලන්තයේ පිහිටි රසායනාගාර දහයට එක්ව දිනකට පරීක්ෂණ 1,000 ක් කළ හැකිය. (ඡායාරූපය ස්විස් ඉන්ෆෝ අනුග්‍රහයෙනි)

හත පළවන්නේ නව කෙරොනා වෛරයේ පැතිරීමට අදාළව ස්විස්ටර්ලන්ත රජය විසින් ප්‍රකාශයට පත් කර ඇති උපදෙස් මාලාවෙන් තෝරා ගත් කොටස්හි සිංහල අනුවාදයකි. එම උපදෙස් ඕනෑම රටතට අදාළ ය. එහි ඉංග්‍රිසි පිටපත මෙහි කියවිය හැකි. සිංහල අනුවාදය ශ්‍රී‍ ලංකා බ්‍රිෆ් මගිනි.

කොරෝනා වයිරස් රෝගයේ ලක්ෂණ මොනවාද?

වඩාත් සුලභ රෝග ලක්ෂණ වන්නේ අධික උණ, කැස්ස සහ හුස්ම ගැනීමේ අපහසුතාවයි. මෙම රෝග ලක්ෂණ ඒවායේ බරපතලකම අනුව වෙනස් විය හැකිය. නියුමෝනියාව වැනි සංකූලතා ඇතිවීමට ද ඉඩ ඇත. රෝගය වැළඳී ඇති සමහර පුද්ගලයින් ආහාර ජීර්ණ දුබලතා හෝ අක්ෂි රෝග ද (කොන්ජන්ටිවිටිස්) අත්විඳ ඇත.

කොරෝනා වයිරස් රෝගය වර්ධනය වන ආකාරය පුළුල් ලෙස වෙනස් විය හැකිය. නිදසුනක් වශයෙන්, සමහර පුද්ගලයින්ට ඇත්තේ මෘදු රෝග ලක්ෂණ පමණක් වන අතර ඔවුන් අසනීප වී ඇති බවක් නොපෙනේ. අනෙක් අයට රෝහලේ දැඩි සත්කාර අවශ්‍ය වේ.

වමත් කොරෝනා වයිරසය නිසා ඇති වන රෝගයට නිශ්චිත ප්‍රතිකාරයක් නොමැත. රෝග ලක්ෂණ ලිහිල් කිරීමට පමණක් ්‍රතිකාර සීමා වේ. වෙනත් පුද්ගලයින් ආරක්ෂා කිරීම සඳහා, ආසාදිතයන් හුදකලා කරනු ලැබේ. බරපතල අවස්ථාවන්හිදී, රෝගීන්ට සාමාන්‍යයෙන් දැඩි සත්කාර අවශ්‍ය වන අතර එමඟින් කෘතිම ස්වශනය ලබාදීම අවශ්‍ය වේ.

දැනට පවතින තොරතුරුවලට අනුව මිනිසුන්ට වෛරසය සම්ප්‍රේෂණය වූයේ සතුන්ගෙනි. එය පුද්ගලයාගෙන් පුද්ගලයාට ව්‍යාප්ත වෙමින් පවතී. එය බොහෝ විට ආරම්භ වූයේ වුහාන් නගරයේ මාළු හා සත්ව වෙළඳපොළක වන අතර ඉන්පසු චීන බලධාරීන් විසින් එය වසා දමා ඇත.

නව කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වන ප්‍රධාන ක්‍රම මෙනවාද?

  • සමීප හා දීර්සම්බන්ධතාවයකින්: ඔබ විනාඩි 15 කට වඩා වැඩි කාලයක් රෝගය වැළඳී ඇති පුද්ගලයෙකු මීටර දෙකකට වඩා සමීපව සිටී නම්.
  • ජල බිඳිති ආසාදනයෙන්: පුද්ගලයෙකු කිවිසුම් යවන්නේ හෝ කහින්නේ නම්, අසළ සිටින අයගේ වෛරසය නාසයේ හෝ මුඛයේ ශ්ලේෂ්මල පටලවලට කෙලින්ම ගමන් කළ හැකිය.
  • දෑතින්: කෙනෙකුගේ කැස්සෙන් හෝ කිවිසුම් යාමෙන් පිටවන ජල බිඳිති ඔබේ අත්වල රැදිය හැක. ඔබ එවැනි තත්වයක දී අත්වලින් ස්පර්ශ කළහොත් එමගින් ඒවා මුඛය, නාසය හෝ ඇස් වෙත ළඟා විය හැකිය.
  • දොර අඟුලු, දොරවල්, සෝපාන  වැනි පෘෂ්යන් මත රැදෙන කුඩා ජල බිඳිති වල වෛරස් වලට පැය කිහිපයක් ජීවත් විය හැකිය. මෙම පෘෂ්යන් හෝ වස්තූන් ස්පර්ශ ක සහ කෙනෙකුගේ මුඛය, නාසය හෝ ඇස් ස්පර්ශ කළවිට වෛරසය බෝ විය හැකිද යන්න තවමත් පැහැදිලි නැත.

ඔබේ අත් හොඳින් සෝදා ගැනීමට උපදෙස්.

සනීපාරක්ෂාව සම්බන්ධයෙන් අත් සේදීම ඉතා වැදගත් වේ. ඔබේ දෑත් නිතරම සේදීම ඔබව ආරක්ෂා කර ගැනීමට හොඳ ක්‍රමයකි.

ඔබ අත් සේදිය යුත්තේ කුමණ අවස්ථාවන්හි දී ද?

  • හැකි සෑම විටම සහ විශේෂයෙන්:
  • ආහාර පිළියෙළ කිරීමට පෙර
  • කෑමට පෙර
  • දරුවන් පෝෂණය කිරීමට පෙර
  • ඔබේ නාසය හෑරීමෙන් සහ කැස්ස හෝ කිවිසුම් යාමෙන් පසු
  • ඔබ පිටත සිට ගෙදර එන සෑම අවස්ථාවකම
  • පොදු ප්‍රවාහනය භාවිතා කිරීමෙන් පසුව
  • රෝගාතුර වූ අයෙකු බැලීමට ගිය පසු හෝ රෝගාතුර වූ පුද්ගලයින් භාවිතා කරන ද්‍රව්‍ය, උපකරණ හෝ පුද්ගලික භාණ්ඩ අතපත ගෑමෙන් පසු
  • ස්පර්ශ ඇස් කාච දැමීමට හෝ ඉවත් කිරීමට පෙර
  • සනීපාරක්ෂක වෙස්මුහුණක් ගලවා දැමීමෙන් පසු
  • වැසිකිළියට ගිය පසු
  • නැපි මාරු කිරීමෙන් පසු
  • වැසිකිළියට ගිය පසු
  • ගෘහස්ථ අපද්‍රව්‍ය ඉවත් කිරීමෙන් පසු
  • ඔබේ අත් අපිරිසිදු නම්

ඔබේ දෑත් නිසි ලෙස සෝදා ගන්නේ කෙසේද?

ඔබ අත් සේදීමේදී නිවැරදි ක්‍රමය භාවිතා කිරීම ඉතා වැදගත් වේ. විෂබීජ ඉවත් කිරීමට සබන් පමණක් ප්‍රමාණවත් නොවේ. ඒ සඳහා ඔබ සබන් අත්ලට දමා, අතුල්ලමින්, සේදීම සහ වියළීම යන සංයෝජනය නිවැරදිව කළ යුතුය.

කොහොමද?

  • ගලා යන එනම් පයිප්යකින් එන ජලයෙන් දෑත් තෙමන්න.
  • ඔබේ දෑත සබන් එක්කරන්න හැකි නම් දියර සබන් පාචිච්චි කරන්න.
  • පෙණ එනතුරු ඔබේ දෑත් එකට අතුල්ලන්න. ඔබේ අත් පිටුපස, ඇඟිලි අතර, නියපොතු සහ මැණික් කටුව යට අතුල්ලන්න අමතක නොකරන්න.
  • ගලා යන ජලයෙන් ඔබේ දෑත් හොඳින් දැන් සෝදන්න.
  • හැකි නම් ඉවත දැමිය හැකි කඩදාසි තුවායකින් ඔබේ දෑත් වියළා ගන්න.

ඔබ මතක තබා ගත යුතු අමතර කරුණු මොනවාද?

  • හැකි නම් දියර සබන් භාවිතා කරන්න.
  • මුදු පැළඳ නොසිටීම වඩාත් සුදුසුය. ඔබ මුද්දක් පළඳින්නේ නම් අත් සේදීමට පෙර එය ගලවා සබන් යොදා පිරිසිදු කර වියළා ගන්න.
  • ඔබේ සම ගැන සැලකිලිමත් වන්න. තුවාලවුණු හො වියළි සම විෂබීජ වල උණුසුම් ස්ථානයක් විය හැකිය. ඔබේ සම තෙතමනයෙන් පවත්වා ගැනීම සඳහා ක්‍රීම් භාවිතා කරන්න.
  • ඔබේ නියපොතු කෙටි කරකපා නියපොතු බුරුසුවක් භාවිතා කර නියපොතු යට අපිරිසිදු වීම වළක්වා ගන්න.
  • ඔබ නීති රීති අනුගමනය නොකරන්නේ නම් ඔබේ නාසය පිඹීම, කිවිසුම් යාම, කෙළ ගැසීම සහ කැස්ස යන සියල්ලම වෛරස් පැතිර යා හැකිය.

වෛරසය පැතිරීමේ අවදානම අඩු කර හෝ වළක්වා ගන්නේ කෙසේද?

  • කැස්ස සහ කිවිසුම් යන විට ඔබේ නාසය සහ මුඛය ආවරණය කරන්න.
  • ඔබට කඩදාසි පටක නොමැති නම්, කැස්ස හෝ කිවිසුම් යාම ඔබේ අත්වලින් නොව ඔබේ වැළමිට මගින් මුඛය ආවරණය කර ගන්න.
  • ඔබ ඔබේ දෑත් භාවිතා කරන්නේ නම්, වහාම ඒවා හොඳින් සබන් සමඟ වතුරෙන් සෝදා ගන්න.
  • ඔබේ නාසය පිරිසිදු කර ගැනීමට පිඹින විට සඳහා කඩදාසි පටක (රෙදි අත් ලේන්සුවක් නොවේ) පමණක් භාවිතා කරන්න.
  • පටකයකට කෙළ ගසන්න.
  • ඔබ කැස්ස, කිවිසුම් යාම හෝ පටකයකට කෙළ ගැසීම යන සෑම අවස්ථාවකම ඔබේ අත් සෝදන්න.
  • කඩදාසි පටක භාවිතා කරන්න. එය එක් වරක් පමණක් භාවිතා කරන්න. ඉන්පසු එය බැහැර කරන්න.
  • ඔබට අධික උණක් හා කැස්සක් ඇත්නම් නිවසේ රැඳී සිටින්න.
  • ඔබට රෝගාතුර වීමේ රෝග ලක්ෂණ ඇත්නම් නිවසේ රැඳී සිටින්න (ශ්වසන ආබාධ, කැස්ස සහ අධික උ).
  • ප්‍රසිද්ධ ස්ථානවලට යන්න එපා.
  • වෙනත් පුද්ගලයින් සමඟ සම්බන්ධ වීමෙන් වළකින්න.
  • වෛද්‍යවරයෙකු හෝ සෞඛ්‍ය ධ්‍යස්ථානයක් අමතන්න. එහි යෑමට පෙර සෑම විටම පළමුව ඔවුන්ට දුරකථන ඇමතුමක් දෙන්න.

65 ට වැඩි පුද්ගලයින් සහ දැනටමත් රෝගී තත්වයක් ඇති අය සඳහා නිර්දේශ

ඔබ වයස අවුරුදු 65 ට වැඩි හෝ, නැතහොත් ඔබට දැනටමත් රෝගී පවතින තත්වයක් තිබේ නම් (අධි රුධිර පීඩනය, දියවැඩියාව, හෘද රෝග, නිදන්ගත ශ්වසන රෝග හෝ පිළිකා)  පහත සඳහන් දේ නිර්දේශ කරමු.

  • හැකි තරම් පොදු ප්‍රවාහන සේවයෙන් වළකින්න.
  • කාර්යබහුල වේලාවෙන් පිටත බඩු ගැනීමට යන්න. නැතහොත් මිතුරෙකු මිතුරියක හෝ අසල්වැසියෙකු ඔබ වෙනුවෙන් බඩු ගැනීමටවන්න.
  • බොහෝ සෙනඟ සිටින ස්ථාන වලින් වළකින්න. උදාහරණයක් ලෙස සිනමා ශාලා, ප්‍රසංග, ක්‍රීඩා ඉසව්, රැස්වීම් සහ කණ්ඩායම් වශයෙන් රැස්වීම් යනාදියට යන්න එපා.
  • සාත්තු නිවාස හා රෝහල් වෙත යාම අවම වශයෙන් අඩු කරන්න.
  • රෝගී පුද්ගලයින් සමඟ සම්බන්ධවීමෙන් වළකින්න.
  • ඔබට හුස්ම ගැනීමේ අපහසුතාවයක්, කැස්සක් හෝ උණක් ඇත්නම් නිවසේ රැඳී සිටින්න. වහාම ඔබේ වෛද්‍යවරයාට හෝ රෝහලකට කතා කරන්න. නව කොරෝනා වයිරස් සම්බන්ධයෙන් ඔබ කතා කරන බවත්, රෝගාතුර වීමේ වැඩි අවදානමක් ඇති බවත් පවසන්න. ඔබේ රෝග ලක්ෂණ විස්තර කරන්න.

Archive

Latest news

Related news