Sunday, May 5, 2024

මහාධිකරණ විනිසුරු පිලපිටිය ගැන රංජන් හඬපටියට නීතිපති, වැ.බ. පොලිස්පති සහ රාජපක්ෂවරු ගැටුමක.

ඡායරූපය: නීතිපති දප්පුල ගේ ඉරණම ද මෙමගින් කෙටීමට ඉඩතිබේ.

රංජන් රාමනායන හඬපටි සම්බන්දයෙන්  මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත් අඩංඟුවට ගැනීමට නීතිපති දප්පුල ලිවේරා දරන වෑයම රජය අප්‍රසාදයට පත් කිීරීමේ සැළැස්මක් බවත් එය පිිටපස රාජ්‍ය නොවන සංචිධානයකට සම්බන්ධ නියෝජ්‍ය නීතිපතිවරයකු සිටින බවත් ආන්ඩුුවට සම්බන්ධ වෙබ් අඩවියක් චෝදනා කරයි. මෙම වෑයම පිටුපස රාජපක්ෂ විරෝධී නියෝජ්‍ය නීතිපතිවරයකු සිටිව බවට චෝදනා ද එල් වී තිබේ.  මෙට පෙර මාධ්‍ය වාර්තා කළේ පිලපිටිය අත් අඩංඟුවට ගැනීම වළක්වන ලද්දේ ‍ජනාධිපති රාජපක්ෂ විසින් බවයිමේ අතර නීතිපති දප්පුල ලිවේරා, පිලපිටිය අත් අඩංඟුවට නොගැනීම ගැන වැඩබලන පොලිස්ලතිවරයා සමඟ උග්‍ර ගැටුමකට එළඹ සිටී.

මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමට නීතිපතිවරයාගේ නියෝගය සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියා නොකිරීම සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා සහ වැඩ බලන පොලිස්පති  චන්දන වික්‍රමරත්න අතරගැටුම තවම දිග් ගැසෙමින් පවතී. පිලපිටිය අත් අඩංගුවට ගැනීම පමා වන්නේ නිතිපතිවරයාගේ නියෝගයෙන් කියැවෙන අධිකරණ බලය පිළිබඳව පොලිසියට සැකයක් ඇති බැවින් යැයි වික්‍රමරත්න ඊට පිළිතුරු වශයෙන් කියා තිබේ.

අධිකරණ සේවා කොමිෂන් සභාවේ නිර්දේශය මත එජාප පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමඟ කළ දුරකථන සංවාද මාධ්‍ය හරහා ප්‍රචාරයව වීමෙන් පසුව පිලපිටිය දැන් සිටින්නේ වැඩ තහනමට ලක්ව. මහාධිකරණ විනිසුරුවරයා දණ්ඩ නීති සංග්‍රහය යටතේ ව්‍යාජ සාක්ෂි ගෙතීමට රංජන් රාමනායක සමඟ කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට ලක්ව සිටී. මේ අතර ජනවාරි 15 සිට රිමාන්ඩ් භාරයේ සිටින රාමනායක මහතා අධිකරණයේ කටයුතුවලට ඇඟිලි ගැසීමේ චෝදනාවට ලක්ව සිටී.

පිලපිටියට එරෙහිව පියවර ගැනීම ප්‍රමාද වන්නේ කොළඹ අපරාධ කොඨ්ඨාෙශයේ (සීසීඩී) නිලධාරීන් මෙම අත් අඩංඟුවට ගැනීම කළ යුත්තේ කුමන අධිකරණය බලප්‍රදේශයකදී දැයි සැකයක් ඇති නිසා යැයි කරමින් වික්‍රමරත්න මහතා නීතිපතිවරයා වෙත යැවූ ලිපියට ප්‍රතිචාර වශයෙන් නීතිපතිවරයා දැඩි ප්‍රතිචාරයක් සහිත ලිපියක් සදුදා යවා තිබේ.

[title]වැඩ බලන පොලිස්පතිටත් චෝදනා[/title]

මාගේ නියෝගය සම්බන්ධයෙන් ඔබ ආරම්භ කර ඇති ක්‍රියාමාර්ගය කුමක්දැයි මා ලිපියකින් විමසන තුරු, අධිකරණ බලය පිළිබඳ මගේ උපදෙස් ලබා නොගැනීම ගැන මම කලකිරී සිටිමි. සීසීඩී නිලධාරීන්ට එවැනි පැහැදිලි කිරීමක් අවශ්‍ය නම්, ඔවුන්ට මා හෝ දෙපාර්තමේන්තුවේ වෙනත් නිලධාරීන් හමුවීමට හෝ ඕනෑම වේලාවක දුරකථනයෙන් සම්බන්ධ කර ගැනීමට හැකියාවක් තිබුණි” යැයි නීතිපතිවරයා යවන ලද ලිපියේ සඳහන් වේ.

නීතිපතිවරයා විසින් පසුගිය සිකුරාදා යවන ලද ලිපියේ වැඩබලන පොලිස්පතිවරයා, තම නියෝගයට අනුකූලව කටයුතු කිරීමට අපොහොසත් වුවහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වන බවට අනතුරු අඟවා තිබේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වන වගන්තිය ඇතුළුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ විධිවිධානවලට අනුකූලව කි‍්‍රයාත්මක විය යුතුය. එහි සඳහන් වන්නේ, ‘නීතිය ඉදිරියේ සියලු පුද්ගලයින් එක හා සමාන වන අතර 4 වන වගන්තියෙන් කියවන නීතියේ සමාන ආරක්ෂාවක් සඳහා හිමිකම් ඇති බවයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 12 (2) ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ, ‘ජාතිය, ආගම, භාෂාව, කුලය, ස්ත්‍රී පුරුෂ භාවය, දේශපාලන මතය, ස්ථානය, උපත හෝ එවැනි ඕනෑම හේතුවක් යන කරුණු පදනම් කරගෙන කිසිදු පුරවැසියෙකු වෙනස් කොට සැලකීමක් නොකළ යුතු බවයි,” නීතිපතිවරයා එහි පවසා තිබේ.

වැඩබලන පොලිස්පතිවරයා විසින් ජනවාරි 23 වන දින යවන ලද නීතිපතිවරයාගේ නියෝගය නොසලකා හැර, ඒ වෙනුවට නීතිපතිවරයා විසින් නිකුත් කරන ලද උපදෙස් අධ්‍යයනය කිරීම සඳහා පස් දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත් කර තිබේ. මහාධිකරණ විනිසුරුවරයා අත් අඩංඟවට ගත හැක්කේ කමිටුවේ වාර්තාවෙන් පසුව බව පොලිස්පතිවරයා ප්‍රකාශ කරයි.

මෙම ගැටුම හුදෙක් නීතිමය ප්‍රශ්ණයක් නොව දේහපාලන ප්‍රශ්ණයක් යැයි ආන්ඩුවේ පිරිස් විශ්වාස කරන බව පෙනේ.

ආණ්ඩුවට හිතවත්, රජයේ අභ්‍යන්තර තොරතුරු ලබා ගැනීමට හැකියාවක් ඇති බන පෙන්නම් කරන වෙබ් අඩවියක් කියන්නේ පිලපිටිය අත්අඩංඟුවට ගැනීමේ සැලැස්ම ආන්ඩුව අප්‍රසාදයට පත් කිරීමේ සැළැක්මක් බවයි. එය මෙසේ කියයි.

ලබන මාසයේ ජිනීවා නුවර දී රැස්වෙන මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාවාරයට පෙර මහාධිකරණ විනිසුරුවරයෙකු වන ගිහාන් පිලපිටිය අත්අඩංගුවට ගෙන රාජපක්ෂ රජය අධිකරණයට බලපෑම් එල්ල කරන බවට චෝදනාවක් නිර්මාණය කර දීමේ අරමුණින් නීතිපති දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයෙකු සූක්ෂම සැලසුමක් දියත් කරමින් සිටින බව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පවසති.මොහු දිවයිනේ ප්‍රධානම රාජ්‍ය නොවන සංවිධානයක සභාපතිවරයෙකු ගේ සමීප ඥාති වරයෙකි.

එය තවදුරටත් කියන්නේ නීතිපතිවරයා ජනාධිපති රාජපක්ෂට ඉහළින් ක්‍රියාකරන බවයි.

මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධව වඩාත් විශේෂිත කරුණ වන්නේ විනිසුරු ගිහාන් පිලිපිටිය රන්ජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයා සමග කරන ලද බව කියන දුරකථන සංවාදයකට අදාළ සිද්ධියකි .මහාධිකරණ විනිසුරුවරුන්ගේ පත්වීම් බලධරයා වන්නේ ජනාධිපතිවරයායි. ඔවුන් සම්බන්ධව විනය ක්‍රියාත්මක කිරීමේ බලධාරියා වන්නේ අගවිනිසුරුවරයා ප්‍රමුඛ අධිකරණ සේවා කොමිෂන් සභාවයි.දුරකථන සංවාද සිද්ධියට නම ගෑවුන මහාධිකරණ විනිසුරුවරයා සම්බන්ධව අධිකරණ සේවා කොමිෂන් සභාව මේ වන විට ජනාධිපතිවරයාගේ උපදෙස් මත පරීක්ෂණයක් ආරම්භ කොට තිබේ .එම පරීක්ෂණය තවමත් ආරම්භක අවධියේ පවතී .එසේ තිබිය දී මහාධිකරණ විනිසුරුවරයා අත්අඩංගුවට ගැනීමට මෙම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා උත්සාහ කරන්නේ පැහැදිලිවම ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවේ දී රජය අසීරුවට පත් කිරීමේ අරමුණින් බව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙක් අප සමග පැවසීය.”

[title]නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා කව්ද?[/title]

ම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා සහ ගිහාන් පිලපිටිය අතර මෙයට පෙර ගැටුමක් තිබූ බවත් ඔහු රාජපක්ෂවරුන් අත් අඩංඟවට ගැනීමට උත්සාහ කළ බවත් එය කියයි.

මෙම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා ගිහාන් පිලපිටිය විනිසුරුවරයා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලෙස කටයුතු කරන සමයේ විහාරස්ථානවලට සම්බන්ධව පැවැති නඩුවක දී අධිකරණයේ දී සම්ප්‍රදාය විරෝධී සහ රීති විරෝධී ලෙස ක්‍රියා කිරීම සම්බන්ධයෙන් විනිසුරු පිලිපිටිය ඔහුට එරෙහිව අධිකරණ සේවා කොමිසමට සහ නීතිපතිවරයාට පැමිණිලි කිරීමට ක්‍රියා කර තිබිණ. දිවයිනේ ප්‍රධාන පෙළේ විහාරස්ථාන රැසක නායක ස්වාමීන් වහන්සේලා ගණනාවක් මෙන්ම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් ගෝඨාභය රාජපක්ෂ මහතාත් එක වර අත්අඩංගුවට ගැනීම සඳහා මෙම නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා සියුම් ලෙස අධිකරණය උපයෝගී කර ගැනීමට තැත් කළ අවස්ථාවේ ගිහාන් පිලපිටිය විනිසුරුවරයා ඊට එකඟතාවය පල කොට නැත.ඒ සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයා සහ විනිසුරු පිලපිටිය අතර විවෘත අධිකරණයේ දී මත ගැටුමක් ද හටගෙන තිබූ බව වාර්තා වෙයි.”

ඔහුගේ මේ සට කපට ක්‍රියාකලාපයට හසුවී සිටින නීතිපති දප්පුල ද ලිවේරා මහතා ද මේ තැනැත්තා නිසා අමාරුවේ වැටෙමින් සිටින බව වැඩි දුරටත් වාර්තා වේ යැයි එය තවදුරටත් කියයි.

ඉහත කී නමින් සඳහන් නොකරන ද නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරයාට වරාජපක්ෂ විරෝධියකු බවත් එය කියයි.

කෙටි මාර්ග උපයෝගී කරගෙන නීතිපති දෙපාර්තමේන්තුවේ ඉහළ තනතුරක් සඳහා ඉව අල්ලමින් සිටින බව කියන මෙම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල්වරයා ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයට පත්වීමට පෙර මැදමුලනේ ස්මාරක නඩුව විභාග වූ දිනෙක අධිකරණය අසල මහා මාර්ගයේ දී මාධ්‍ය විසින් අසන ලද ප්‍රශ්න කිහිපයකට රාජපක්ෂ මහතා පිළිතුරු දීම නිසා දැඩි ලෙස කෝපයට පත්ව ඒ සම්බන්ධව ත්‍රිපුද්ගල මහාධිකරණය ඉදිරියේ දැඩි ලෙස විරෝධය පළකරමින් ගෝඨාභය රාජපක්ෂ අධිකරණ භූමිය මාධ්‍ය සංදර්ශන සඳහා උපයෝගී කර ගන්නා බවට චෝදනා නැගීය. ඒ සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ දඬුවම් ලැබිය යුතු බවට ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු දක්වමින් යකා නැටීය.

දේශපාලන යටි අරමුණු සහිතව හිතුවක්කාර ලෙස ක්‍රියා කරන මෙකී නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරයාගෙනරාල්වරයා ගේ එකම අරමුණ වී ඇත්තේ මේ දක්වා රජය සහ අධිකරණය අතර පවත්නා සූහදතාවය බිඳ දමා රජය අධිකරණය හා නීතිපති දෙපාර්තමේන්තුව අතර අනවශ්‍ය ගැටුමක් ඇති කොට අර්බුදයක් මවාපෑම බවද නීතිපති දෙපාර්තමේන්තුවේ ජේෂ්ඨයන් ප්‍රකාශ කරති.පොලිස්පතිවරයාද මෙම උගුලට කොටු කිරීම සඳහා ඔහු නීතිපතිවරයා පොළඹවමින් සිටින බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි. එම නිසා මෙම තැනැත්තාගේ අතීත ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් කළ යුතු බව නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨයෝ ජනාධිපතිවරයාගෙන් සහ නීතිපතිවරයාගෙන් ද රාජ්‍ය සේවා කොමිෂන් සභාවෙන් ද ඉල්ලා සිටිති.”

මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධ නඩු ගණනාවක් මෙහෙය වූ මෙම නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් දිලීප් පිරිස් විය හැකි යැයි තතුදත් පිරිස් කියති.

.

 

Archive

Latest news

Related news