Friday, April 26, 2024

2013 දී ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරී බිරිඳකට ඩොලර් මිලියන 2ක අල්ලසක්

රජයට අයත් ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් ගුවන් සමාගමෙහි  ඉහළ නිලධාරියකුගේ බිරිඳට එයාර් බස් ගනුදෙනුවක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 16 ක අල්ලසක් ලබා දීමට පෙරොන්දු වී පසුව ඩොලර් අවම වශයෙන් මිලියන දෙකක් ලබා දුන් බවට විදෙස් අධිකරණයක් ඉදිරියේ ඇති ලියැවිලි මගින් පෙන්වන බව අන්තර් ජාතික මාධ්‍ය වාර්තා කරයි.

මෙම ඩොලර් මිලියන දෙක ගෙවා ඇත්තේ ඒ වෙනුවෙන්ම බෘනායි හි පිහිටුවන ලද ව්‍යාජ සමාගමකට .

2011 ජුලි 01 සිට 2015 ජුනි දක්වා කාලය තුළ එයාර් බස් සමාගම මෙම ගෙවීම කර ඇත.

මතභේදයට ලක් වූ මෙම මිලදී ගැනීම සඳහා ගුවන් යානා 14 ක් ඇණවුම් කරන ලද අතර, එයාර් බස් සමඟ අතරමැදියකු ‌‌ලෙස මෙම කාන්තාව කටයුතු කර ඇති බව අධිකරණය හමුවේ ගොනු කර ඇති වාර්තාවන්හි දැක්වේ.

2013 දී ශ්‍රීලංකන් ගුවන් සේවයේ ඉහළ නිලධාරියකුගේ බිරිඳ සිය ව්‍යාපාරික හවුල්කරුවෙකු ලෙස එයාර් බස් සමාගම ඇතුල් කර ගෙන තිබේ. එසේ නමුත් ඇයට අදාළ විිශය ගැන කිසිදු දැනුමක් තිබී නැත.

එකී අතරමැදි සමාගමට එයාර් බස් නිලධාරීන් විසින් ඩොලර් මිලියන 16.84 ක් දක්වා ලබා දී තිමට පොරොන්දු වී ඇත්තේ “එයාර් බස්” ගුවන් යානා 10 ක් මිලදී ගැනීමට සහ අමතර ගුවන් යානා 4 ක් බද්දට ගැනීමට රජයට බලපෑම් කිරීම සඳහා .

නමුත් පසුව අතරමැදි සමාගමට ගෙවා ඇත්තේ මිලියන 16.84 න් ඇමරිකානු ඩොලර් මිලියන 2 ක් පමණි.

2013 මාර්තු 29 වන දින එයාර් බස් විසින් A330 ගුවන් යානා 6 ක්, A350 ගුවන් යානා 4 ක් ශ්‍රී ලංකන් ගුවන් සේවයට විකිණීම සහ තවත් A350 ගුවන් යානා 4 ක් බදු දීම සඳහා අතරමැදියකු සමඟ ගිවිසුමක් අත්සන් කර තිබුණි.

2015 න් පසු ශ්‍රී ලංකාව එම ගුවන් යානා ගනුදෙනුව අවලංගු කළ අතර ගුවන් යානා කිහිපයක කල්බදු ගිවිසුම් නැවත සාකච්ඡා කිරීම සඳහා ද දඩ ගෙවීමට එකඟ විය.

එයාර්බස් විසින් එක්සත් රාජධානියේ අපනයන මූල්‍ය ආයතනයෙන් මෙම මිලදී ගැනීම සැපයීම පිනිස ණය ඉල්ලා ඇති අතර එය අතර මැදි නියෝජිතයාට ගෙවීම පිළිබඳව කනස්සල්ල පත්ව  ඒම මුල්‍ය සමාගම ඊට එක නොවීය.

කොමිස් ලබා දෙන පුද්ගලයාගේ අනන්‍යතාවය වසං කිරීම පිනිස එයාර් බස් නිලධාරීන් ඇයගේ නම සහ ලිංගිකත්වය පිළිබඳව බ්‍රිතාන්‍ය මූල්‍ය ආයතනය රවටා තිබේ.

මිලට ගන්නා සෑම A330 ගුවන් යානයක්ම සඳහා ‌ ‌ඩොලර් මිලියනයක් ද ශ්‍රී ලාංකික ගුවන් සේවය විසින් බදු ගන්නා සෑම A350 ගුවන් යානයකටම ඩොලර් මිලියන 1.16 ක් ද අතරමැදියාට ‌කොමිස් ‌ලෙස වීමට එකඟ වී තිබීී ඇත.

2015 ඔක්තෝම්බර් 30 වන දින අතරමැදියා සමඟ එයාර් බස් සමාගම තවත් ගිවිසුමක් අත්සන් කරමින් ශ්‍රීලංකන් එදිනට පෙර කිසිදු තරඟකාරී ගුවන් යානයක් මිල දී නොගන්නේ නම් අතරමැදියා ට ඇමරිකානු ඩොලර් මිලියන 5 ක් ලබා දීමට එකඟ වී තිබේ.

එයාර් බස් සමාගම විවිධ ගුවන් සමාගම්වලට අල්ලස් ලබා දීම සම්බන්ධයෙන් ඒකාබද්ධ පරීක්ෂණය පවත්වා වන ලද්දේ බ්‍රිතාන්‍ය, ප්‍රංශ සහ එක්සත් ජනපද බලධාරීන් විසිනි.

ශ්‍රී ලංකන් සමාගම වෙත කොමිස් ගෙවීම පිළිබඳ පරීක්ෂණය එක්සත් රාජධානියේ බරපතල වංචා කාර්යාලය විසින් සිදු කරන ලදී.

මෙම සමස්ත පරීක්ෂනයේ ප්‍රතිපලයක් වශයෙන් වරද පිළිගත් එයාර් බස් සමාගම විසින් එක්සත් රාජධානියට යූරෝ මිලියන 991 ක්, ප්‍රංශයට ඇමරිකානු ඩොලර් බිලියන 2.06 ක් සහ එක්සත් ජනපදයට ඩොලර් මිලියන 557 ක් හෝ යුරෝ බිලියන 3.6 ක් ගෙවීමට එකඟ වී තිබේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයේ ශ්‍රි ලංකාවේ විධායක අධ්‍යක්ෂ අශෝක ඔබීසේකරේ මෙසේ පවසා තිබේ

ප්‍රසම්පාදන ක්‍රියාවලියට දූෂිත බව දැන් සාක්ෂි වලින් පෙනී යන හෙයින්, ශ්‍රී ලංකාවට සිදුවී ඇති පාඩු සම්බන්ධයෙන් එයාර් බස් සහ එහි නියෝජිතයින් වගකිව යුතු බව සහතික කිරීම සඳහා ජාත්‍යන්තරව සහ දේශීයව පියවර ගැනීම අත්‍යවශ්‍ය වේ. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ගත් කල එයාර් බස් සහ එහි නියෝජිතයින්ගේ ක්‍රියාකාරකම් දූෂිත හා සූරාකන ව්‍යාපාරික භාවිතයන් සංකේතවත් කරයි. ”

(ඉකොනෙමි නෙකස්ට් සහ වෙනත් පුවත්පත් අසුරෙනි. ඍජු පරිවර්ථනයක් නොවේ.)

.

Archive

Latest news

Related news