Tuesday, April 16, 2024

ජාතිවාදී භූතයා බෝතලෙන් එළියට ගැනීමට තරම් බෝතලය ඇතුළට දැමීම පහසු නැහැ – අනුර දිසානායක

මෙම ජාතිවාදී ප‍්‍රවණතාවයන් ඕපපාතිකව ඇතිවෙනවා කියලා අපි හිතන්නේ නැහැ. ක්‍රියාකාරීව ඉතාම අවබෝධයෙන් යුක්තව ජාතිවාදයට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම එහි තිබෙන දේශපාලනය නොදැන අනවබෝධයෙන් එම ජාතිවාදී ප‍්‍රවණතාවයන්වලට ගොදුරු වෙන කණ්ඩායමක් සිටිනවා. රටේ ප‍්‍රධාන දේශපාලන පාර්ශ්වයන් දෙකටම මෙම ජාතිවාදී ප‍්‍රවණතාවය අවශ්‍ය වෙලා තිබෙනවා. සිය ආර්ථික අසමත්භාවය ආණ්ඩුකරණයේ අසමත්භාවය ජනතාවගේ වුවමනාවන් ඉටුකිරීමේදී ඇතිවී තිබෙන අසමත්භාවය, ජනතාවගේ අයිතිවාසිකම් ලබාදීමේදී ඇතිවී තිබෙන අසමත්භාවය නිසා තමන්ට එල්ල වන ජනතා විරෝධය වෙනතකට යොමුකර ගැනීමට ආණ්ඩුවට මෙම ජාතිවාදී ප‍්‍රවණතාවය වාසිදායකයි. ආණ්ඩු විරෝධය ගොඩනැගිය යුතුව තිබෙන මොහොතක සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව කෙරෙහි කුපිත කරවීමත් මුස්ලිම් ජනතාව සිංහල ජනතාව කෙරෙහි කුපිත කරවීමත් ආණ්ඩුවට වාසිසහගතයි. සිංහල, මුස්ලිම්, දෙමළ ගොවි ජනතාව තමන්ගේ කාර්යය සිදුකර ගැනීමට නොහැකිව අපහසුතාවයට පත්වී තිබීම, සිංහල, දෙමළ, මුස්ලිම් තරුණ තරුණියන් තමන්ගේ අධ්‍යාපනයට සරිලන රැකියාවක් නොමැතිවීමෙන් අසීරුතාවයට පත්වී සිටීම ඇතුළු සියලු ජන කොටස් පීඩාවට පත්ව සිටින මොහොතක ආණ්ඩුවට එරෙහිව පෙළ ගැසිය යුතු ජනතාව ජාතිවාදී ප‍්‍රවණතාවයකට යොමුකොට තිබෙනවා.

ආණ්ඩුව පමණක් නොව පරාජිත දේශපාලන කණ්ඩායම් නැවත බලය අත්පත්කර ගැනීම සඳහා මෙම ජාතිවාදය යොදා ගනිමින් තිබෙනවා. එම නිසා තමයි, පසුගියදා බස් රථයක් තුළ සිදුවූ බෝම්බ පිපිරීම පදනම් කරගෙන එම පරාජිත නඩය නැවත කොටි නැගිටීමක් ගැන ප‍්‍රකාශ නිකුත් කළා. පසුගිය කාලයේ පැවති මැතිවරණ වේදිකාවල නැවත ඊළමක් හැදීම ගැන ජාතිවාදය වැපිරුවා. එම පරාජිත කණ්ඩායමට නැවත අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතිකරනවා කියා හෝ ආර්ථිකය හදනවා කියා හෝ රටට හොඳ විදේශ ප‍්‍රතිපත්තියක් ගේනවා කියා ඔවුන් වටා ජනතාව ආකර්ෂණය කරගැනීමට නොහැකිවී තිබෙනවා. එම නිසා ඔවුන් ජාතිවාදී ප‍්‍රවණතාවය වර්ධනය කළා. ආණ්ඩුව බලය තහවුරු කර ගැනීම සඳහාත් පරාජිත කණ්ඩායම් බලය ලබාගැනීම සඳහාත් ජාතිවාදය පතුරුවමින් තිබෙනවා. මෙම ජාතිවාදී භූතයා බෝතලයෙන් එළියට ගන්නවා වගේ යළි බෝතලයට ඇතුල් කිරීමට පහසු දෙයක් නොවේ.

 

මේ වනවිට ක‍්‍රමානුකූලව ජාතිවාදී ප‍්‍රවණතාවයන් උත්සන්න තලයකට පැමිණ තිබෙනවා. ජාතිවාදී ප‍්‍රවණතාවයන් තුළ සිදුවන්නේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව බෙදා වෙන් කිරීමක් පමණයි. රටක ජනතාව බෙදී වෙන්වූ පසුව රටක් පවතින්නේ නැහැ. ජනතාව බෙදුණු විට රටකට ඉතිරි වන්නේ, එම ජනතාව අතර හටගන්නා ගැටුම් පමණයි. මේ ජාතිවාදී ප‍්‍රවණතාවයන් සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව බෙදා වෙන් කිරීම තීව‍්‍ර කරනවා මිස කිසිදු ජන කණ්ඩායමකට සේවයක් සපයන්නේ නැහැ.

මෙම ජාතිවාදී ප‍්‍රවණතාවයන් ඕපපාතිකව ඇතිවෙනවා කියලා අපි හිතන්නේ නැහැ. ක්‍රියාකාරීව ඉතාම අවබෝධයෙන් යුක්තව ජාතිවාදයට අවශ්‍ය වටපිටාව නිර්මාණය කරන කණ්ඩායමක් ඉන්නවා. ඒ වගේම එහි තිබෙන දේශපාලනය නොදැන අනවබෝධයෙන් එම ජාතිවාදී ප‍්‍රවණතාවයන්වලට ගොදුරු වෙන කණ්ඩායමක් සිටිනවා. රටේ ප‍්‍රධාන දේශපාලන පාර්ශ්වයන් දෙකටම මෙම ජාතිවාදී ප‍්‍රවණතාවය අවශ්‍ය වෙලා තිබෙනවා. සිය ආර්ථික අසමත්භාවය ආණ්ඩුකරණයේ අසමත්භාවය ජනතාවගේ වුවමනාවන් ඉටුකිරීමේදී ඇතිවී තිබෙන අසමත්භාවය, ජනතාවගේ අයිතිවාසිකම් ලබාදීමේදී ඇතිවී තිබෙන අසමත්භාවය නිසා තමන්ට එල්ල වන ජනතා විරෝධය වෙනතකට යොමුකර ගැනීමට ආණ්ඩුවට මෙම ජාතිවාදී ප‍්‍රවණතාවය වාසිදායකයි. ආණ්ඩු විරෝධය ගොඩනැගිය යුතුව තිබෙන මොහොතක සිංහල ජනතාව, මුස්ලිම් ජනතාව කෙරෙහි කුපිත කරවීමත් මුස්ලිම් ජනතාව සිංහල ජනතාව කෙරෙහි කුපිත කරවීමත් ආණ්ඩුවට වාසිසහගතයි. සිංහල, මුස්ලිම්, දෙමළ ගොවි ජනතාව තමන්ගේ කාර්යය සිදුකර ගැනීමට නොහැකිව අපහසුතාවයට පත්වී තිබීම, සිංහල, දෙමළ, මුස්ලිම් තරුණ තරුණියන් තමන්ගේ අධ්‍යාපනයට සරිලන රැකියාවක් නොමැතිවීමෙන් අසීරුතාවයට පත්වී සිටීම ඇතුළු සියලු ජන කොටස් පීඩාවට පත්ව සිටින මොහොතක ආණ්ඩුවට එරෙහිව පෙළ ගැසිය යුතු ජනතාව ජාතිවාදී ප‍්‍රවණතාවයකට යොමුකොට තිබෙනවා.

ආණ්ඩුව පමණක් නොව පරාජිත දේශපාලන කණ්ඩායම් නැවත බලය අත්පත්කර ගැනීම සඳහා මෙම ජාතිවාදය යොදා ගනිමින් තිබෙනවා. එම නිසා තමයි, පසුගියදා බස් රථයක් තුළ සිදුවූ බෝම්බ පිපිරීම පදනම් කරගෙන එම පරාජිත නඩය නැවත කොටි නැගිටීමක් ගැන ප‍්‍රකාශ නිකුත් කළා. පසුගිය කාලයේ පැවති මැතිවරණ වේදිකාවල නැවත ඊළමක් හැදීම ගැන ජාතිවාදය වැපිරුවා. එම පරාජිත කණ්ඩායමට නැවත අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇතිකරනවා කියා හෝ ආර්ථිකය හදනවා කියා හෝ රටට හොඳ විදේශ ප‍්‍රතිපත්තියක් ගේනවා කියා ඔවුන් වටා ජනතාව ආකර්ෂණය කරගැනීමට නොහැකිවී තිබෙනවා. එම නිසා ඔවුන් ජාතිවාදී ප‍්‍රවණතාවය වර්ධනය කළා. ආණ්ඩුව බලය තහවුරු කර ගැනීම සඳහාත් පරාජිත කණ්ඩායම් බලය ලබාගැනීම සඳහාත් ජාතිවාදය පතුරුවමින් තිබෙනවා. මෙම ජාතිවාදී භූතයා බෝතලයෙන් එළියට ගන්නවා වගේ යළි බෝතලයට ඇතුල් කිරීමට පහසු දෙයක් නොවේ.

මෑත කාලයේ සිදුවුණු ජාතිවාදී ගැටුම් කිහිපයක් තිබෙනවා. 2014 ජූනි මාසයේ අලූත්ගම ගැටුම, 2017 නොවැම්බර් ගිංතොට සිදුවීම, 2018 පෙබරවාරි 27වැනිදා අම්පාරේ හෝටලයක සිදුවීම, පසුගිය දින දෙකේ සිදුවූ තෙල්දෙණිය සිදුවීම. මහනුවර තෙල්දෙනිය සිදුවීමේ ප‍්‍රධාන සාධයක වී තිබුණේ පිරිසක් විසින් රියදුරෙකුට පහරදී ඝාතනය කිරීමයි. මේ ආකාරයටම අපේ රටේ ඝාතන සිදුවෙනවා. 2016දී මිනී මැරුම් 507ක් වාර්තා වී තිබෙනවා. 2017දී මිනී මැරුම් 452යි, 2016දී ළමා දූෂණ 290ක් සිදුවී තිබෙනවා. 2017දී ළමා දූෂණ 232ක් වාර්තා වී තිබෙනවා. මේ ආකාරයට ඝාතන, ළමා දූෂණ, ගැටුම් සිදුවන රාජ්‍යයක් බවට අපේ රට පත්වෙලා තිබෙනවා. මෙවැනි එක් සිදුවීමක් තමයි පසුගියදා වාර්තා වුණේ. එහිදී තී‍්‍රවීල් රථයක ගිය කණ්ඩායමක් රියදුරෙකු ඝාතනය කොට තිබෙනවා. එහි විශේෂත්වය වී තිබෙන්නේ ඝාතනයට ලක්වූ තරුණයා සිංහල වීමත්, පහරදුන් අයත් මුස්ලිම් වීමත්ය. මෙම සිදුවීම ජාතිවාදී කෝණයෙන් අරගෙන තියෙනවා.

අපේ රටේ තිිබෙන හෝටල්වල ආහාරවල විවිධ අපද්‍රව්‍ය තිබුණු අවස්ථා හමුවෙලා තිබෙනවා. නමුත් අම්පාරේ හොද්දක තිබුණු පිටි ගුලිය ජාතිවාදී ගැටුමක් බවට වර්ධනය වුණා. ජනතා විමුක්ති පෙරමුණේ අපි මේ කිසිදු ගැටුමක් අනුමත කරන්නේ නැහැ. පිරිසක් විසින් රියදුරෙකු පහර දී ඝාතනයට ලක්කිරීම දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කළයුතු දෙයක්. එනිසා එම ඝාතකයින්ට උපරිම ආකාරයේ නීතිය ක්‍රියාත්මක කොට දඬුවම් ලබාදිය යුතුයි. මේ වනවිට සිද්ධියට සම්බන්ධ පුද්ගලයින් බන්ධනාගාරගත කොට තිබෙනවා. ඉන් නොනැවතී ඝාතකයින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.

ආණ්ඩුව මෙම සිදුවීමේදී ජාතිවාදී ප‍්‍රවණතාවයන් උත්සන්න වන බව තේරුම්ගත යුතුව තිබුණා. නමුත් අද ආණ්ඩුවේ අවධානය යොමුවෙලා තිබෙන්නේ කුමක් සඳහාද? අගමැතිවරයා තමන්ගේ අගමැති පුටුව බේරා ගැනීමේ ප‍්‍රශ්නයකට මුහුණදී තිබෙනවා. ජනාධිපතිවරයා තවත් යටිකූට්ටු වැඩක් කරන්නේ කෙසේදැයි කල්පනා කරමින් ඉන්නවා. ආණ්ඩුවේ ඇමතිවරු තමන්ට ලැබුණු ඇමති පුටුව වෙනස්වේදැයි හිතමින් ඉන්නවා. පාලකයින් තමන්ගේ සුඛ විහරණය වෙනුවෙන් පමණක් අවධානය යොමුකොට තිබෙනවා. මේ ආණ්ඩුව මන්ද මානසික ආණ්ඩුවක් යැයි අප හිතන්නේ නැහැ. ඔවුන් වුවමනාවෙන්ම මෙම ජාතිවාදී ගැටුම් වැළැක්වීමට ගතයුතු ක්‍රියාමාර්ග ගන්නේ නැහැ. මහ දවාලේ කඩ, නිවාස ගිනි තබමින් දේපළ විනාශ කරන කණ්ඩායම් වළක්වන්න ආණ්ඩුවට නොහැකි නම් එවැනි ආණ්ඩුවක් රටකට කුමකටද? අපේ රටේ ජනතාවගේ ජීවිත, දේපළ ආරක්‍ෂා කරන්න බැරිනම් ඒ ආණ්ඩුවක් කුමටද? ආණ්ඩුවක මූලික වගකීම තමයි රටේ ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කිරීම. නමුත් මේ ආණ්ඩුව ඒ වගකීම මුළුමනින්ම අත්හැර තිබෙනවා. අද රටේ සාකච්ඡා විය යුතු ඇත්ත ප‍්‍රශ්න යට ගිහින් තිබෙනවා. එය තමයි ආණ්ඩුවේ වුවමනාව වී තිබෙන්නේ. ආණ්ඩුව හිතාමතාම මේ තත්වය පාලනය කරනවා වෙනුවට මෙවැනි සිදුවීම් ඇතිවීමට ඉඩ ලබාදී තිබෙනවා.

මෙම ගැටුම ඉතාම සැලසුම්සහගත ලෙස සැලසුම් කළ සිදුවීමක් බව සමාජ ජාලා දෙස බැලුවාම පේනවා. මියගිය තරුණයාගේ දේහයේ අවසන් කටයුතු සිදුවන මොහොත පිළිබඳව අවබෝධයක් ආණ්ඩුවට තිබිය යුතුයි. දිගන ප‍්‍රදේශයේ ජනතාවට අමතරව වෙනත් කණ්ඩායම් මෙම ගැටුමට කැඳවා තිබෙන බව පැහැදිලියි. ඔවුන් තුළ පූර්ව සූදානමක් තිබුණු බව මුහුණු ආවරණය කරගෙන සිටින ආකාරයෙන් පොළු-මුගුරුවලින් දේපළ ගිනි තැබීම්වලින් පෙනෙන්නට තිබෙනවා. රටේ ජනතාවගේ ආරක්‍ෂාව තහවුරු කරන්න බැරිවීම සම්බන්ධයෙන් සහ මෙම ගැටුම සම්බන්ධයෙන් අගමැතිවරයා සහ ජනාධිපතිවරයා වගකිව යුතුයි. ඔවුන් ජාතිවාදයට ආශිර්වාද කරන තත්වයක් ඇතිවී තිබෙනවා. මෙවැනි ගැටුම් වළක්වාගත යුතුයි. ඒවා පාලනය කරන්න බැරිනම් ආණ්ඩුවකින් ඇති වැඩක් තියෙනවද?

අපි අනෙකුත් සියලුම දේශපාලන පක්‍ෂවලින් ඉල්ලීමක් කරනවා, අපේ රට වසර 30ක අනවරත ජාතිවාදී යුද්ධයකට මුහුණ දුන්නු රටක්. මේ මහ පොළොව ලේවලින්, කඳුළින් තෙත් වුණා. උතුරේත් දකුණේත් මිනී කඳු ගොඩගැසුණා. එම ජාතිවාදී යුද්ධයේ ගොදුරු බවට අපේ පරම්පරාවේ සාමාන්‍ය අම්මා තාත්තගේ දරුවන් පත්වුණා. එක්සත් ජාතික පක්‍ෂය, ශ්‍රීලනිපය හෝ දෙමළ ජාතික සන්ධානය, අනෙකුත් ඕනෑම දේශපාලන පක්‍ෂවල ප‍්‍රතිපත්ති අතර වෙනස්කම්, ගැටුම් තිබෙන්නට පුළුවන්. එම පක්‍ෂ අතර රටේ ආර්ථිකය ගොඩනැගීම ගැන අනෙකුත් කාරණා පිළිබඳව සංවාද, විවාද තිබෙන්නට පුළුවන්. නමුත් කිසිදු හෝ දේශපාලන පක්‍ෂයක් බලය ලබාගැනීම වෙනුවෙන් ජාතිවාදය උපයෝගී කරගත යුතු නැහැ. අපි සියලුම දේශපාලන පක්‍ෂවලින් ඉල්ලනවා ජාතිවාදී ප‍්‍රවණතාවයන් ප‍්‍රතික්ෂේප කරන්න කියලා. ඒ වගේම ජනතාවට අනතුරු අඟවනවා, ජාතිවාදය වෙනුවෙන් ඡන්දය ලබාදීමෙන්, අත්පුඩි ගැසීමෙන්, එය අගය කිරීම අපේ රට අනාගතයේ ලේ විලක් බවට පත්කළ හැකියි කියලා.

ඒ වගේම අපි ආණ්ඩුවට අවධාරණය කරනවා, යළි මේ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට උල් පන්දම් නොදිය යුතුයි කියලා. ඒ වගේම අපේ රටේ සියලූම මාධ්‍ය ආයතනවලට විශාල කාර්යභාරයක් තිබෙනවා. තමන්ට කුමන අරමුණක් තිබුණත් ජනමාධ්‍ය තුළින් ජාතිවාදය වර්ධනය වන ආකාරයෙන් කටයුතු නොකළ යුතුව තිබෙනවා. ජාතිවාදය වර්ධනය කිරීමට නොව ජාතිවාදය පරාජය කිරීමටත් ජාතිවාදයට එරෙහිවත් ජනමාධ්‍ය යොදාගත යුතුව තිබෙනවා. මෙසේ නොවුවහොත් සිය භාවිතාවන් ඉදිරියේදී ව්‍යසනයක් බවට පත්විය හැකිව තිබෙනවා. සිය දේශපාලන අරමුණු වෙනුවෙන් ජාතිවාදය වපුරන්න එපා කියලා අපි සියලෙු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ඒ වගේම අපි ජනතාවගෙන් ඉල්ලනවා ජාතිවාදය හෙළා දකින්න කියලා. අපේ පරම්පරාවේ බොහෝ දෙනා යුද්ධයෙන් ජීවිත අහිමි වුණා. ජීවිත භීතියට පත්වුණා. බොහෝ දෙනාට අතපය අහිමි වුණා. යුද ව්‍යසනයෙන් ඉතාම පීඩාවට පත්වුණා. එම නිසා අපේ දරු පරම්පරාව එවැනි පීඩාවකට පත්කළ යුතු නැහැ. අපේ අනාගත පරම්පරාව කුමන හෝ යුද ගැටුමටක මුහුණ දිය යුතු නැහැ. අපි සියලු දෙනා සිංහල, දෙමළ, මුස්ලිම් වීමට පෙර සියලු දෙනා මිනිස්සු බව තේරුම්ගත යුතුව තිබෙනවා. එම නිසා ජාතිවාදී ගැටුම් එපා. ජාතිවාදය පරජය කිරීමට කටයුතු කරන්න. ජනතා විමුක්ති පෙරමුණේ අපි හැමදාමත් ජාතිවාදය ප‍්‍රතික්ෂේප කළ පක්‍ෂයක්. ඉතාම අසීරු අවස්ථාවලදී පවා ජාතිවාදීන්ට එරෙහිව සටන් කරපු ව්‍යාපාරයක්. ජාතික සමගිය වෙනුවෙන් පෙනී ඉන්න පක්‍ෂයක්. එම නිසා ජාතිවාදී ප‍්‍රවණතාවයන් පරාජය කරන්න කුමන වර්ගයේ බාධා ආවත් කුමන වර්ගයේ අවලාද ප‍්‍රහාර එල්ල වුණත් කටයුතු කරන්න අපි සූදානම්. ජාතිවාදී ප‍්‍රවණතාවයන් ලත් තැනම ලොප් කළ යුතුයි. මොකද, අපේ රට යුද රාජ්‍යයක් විය යුතු නැහැ. එම නිසා අපි නැවතත් සියලෙු පුරවැසියන්ගෙන් ඉල්ලනවා ජාතිවාදයට එරෙහිව සියලුම ක්‍රියාමාර්ග ගන්න කියලා.

(පැලවත්ත බත්තරමුල්ල හි පිහිටි ජනතා විමුක්ති පෙරමුනේ ප්‍රධාන කාර්යාලයේ  06 දින පැවැති මාධ්‍ය හමුවෙහිදී කළ කතාව ලංකා ට්රුත අඩවිය ඇසුරෙනි.

Archive

Latest news

Related news