Monday, May 20, 2024

හමුදාව භූමිය අත්පත් කරගැනීම නිසා වන්නියෙහි ප්‍රාදේශී්‍ය ප්‍රජාවන් ගේ සාම්ප්‍රදායික ජීවනෝපායන් තර්ජනයට ලක්කෙරෙයි.

ශ්‍රී ලංකාවේ යුද්ධය හමාරවී වසර 9ක් ගතවී ඇතත් වන්නියේ දෙමළ ජනතාවට තමන්ගේ දෛනික ජීවිතයේ තිරසාර ජීවන මට්ටමකට යළි ළඟා වීමට හමුදාවේ ක්‍රියාකාරීත්වය නිසා දුෂ්කර වී ඇත. මෙය තර්ජනයට ලක් වූ මිනිසුන් උදෙසා වන සමාජය සහ ජාතික ධීවර සහයෝගිතා ව්‍යාපාරය විසින් මුලතිවු හිදී අද නිකුත්කරන වාර්තාවේ නිගමනය වේ. තමන්ගේ ඉඩම් සහ ජල තීරයන්ට බාධාවකින් තොරව ප්‍රවිශ්ඨවීම සඳහා ජනතාවට අවස්ථාව ලබාදෙන ලෙසත්, හමුදාව විසින් අත්පත් කරගත් ඉඩම් ජනතාවට ආපසු ලබාදී සිය ආර්ථික කටයුතු කරගෙන යාමට අවස්ථාව ලබාදෙන ලෙසත් මෙම සංවිධාන මගින් හමුදාවෙන් හා ශ්‍රී ලංකා රජයෙන්
ඉල්ලාසිටී.

හමුදාව අත්පත් කරගත් සිවිල් ජනතාවගේ ඉඩම්” නම් වූ අපගේ නවතම වාර්ථාව මගින්NAFSO සහ STP සංවිධාන විසින්, විචාරාත්මකව සලකා බලන්නේ ජනතාවගේ ඉඩම් හමුදාව යටතට ගැනීම හේතුවෙන් ඇතිවන සමාජ, ආර්ථික හා දේශපාලනික බලපෑම පිළිබඳවයි. වසර නවයකට පෙර යුද්ධය අවසන් වූවද, බරපතල ප්‍රතිවිපාක සහිත බොහෝ දේ අතර, උතුරු පලාතේ අති මහත් ඉඩම් ප්‍රමාණයක් හමුදාව පදිංචි වී, ආර්ථික කටයුතු සඳහා උපයෝගී කරගනිමින් සිටී. බොහෝ දෙනෙකුට තම පාරම්පරික ජීවනෝපාය වූ ගොවිතැන හෝ ධීවර කර්මාන්තය අහිමිව යද්දී තවත් අසීමිත ජනතාවක් තම පරවේණික ඉඩම් වලට නැවත යාමට නොහැකිව වෙසෙයි. වන්නි දිස්ත්‍රික්කයේ බොහෝ ජනතාවකට ජල තීරයට හා ඉඩමට ඇති ප්‍රවිශ්ඨය කුසගින්නෙන් තොර ස්වෛරීභාවයෙන් යුත් ජීවිතයකට අත්‍යාවශය අංගයකි.

බලපෑමට ලක්වූවන් ගේ අඛණ්ඩ විරෝධය

අවතැන් වූ බොහෝ අය දිගින් දිගටම කුලී වාසස්ථානයන් හී නැතහොත් නෑයින් හෝ මිතුරන් ගේ වාසස්ථානයන් හී වෙසෙයි. අනෙක් අය ඔවුනගේ කැමැත්තකින් තොරවම, කෘෂිකර්මන්තය හෝ ධීවර කර්මාන්තය සඳහා කිසිඳු හැකියාවක් නැති ස්ථානයන් හී පදිංචිකර ඇත, එනම් ඔවුනට නුපුහුණු දෛනික කම්කරැවන් වශයෙන් කටයුතු කරන්නට සිදුව ඇත. 2017 දී, සමහර ග්‍රාමීය ප්‍රජාවන්, මෙම ඉඩම් අන්සතුවීම තුළ සිදුවී ඇති අසාධාරනය පිළිබඳ මාස කිහිපයක් තිස්සේ කරනු ලැබූ විරෝධතාවන් මගින් දැනුම්වත් කරනු ලැබීය.

සමහර ස්ථානයන් හී විරෝධතා සාර්ථක වූ අතර, හමුදාව අත්පත් කරගෙන සිටි ඉඩම් ආපසු බාරදෙනු ලැබීය. කෙසේ නමුත්, වාසයකළ අය පැමිණියේ යටිතල පහසුකම් සම්පුර්ණයෙන් විනාශකරනු ලැබූ සහ බොහෝ විට, කෘෂිකර්මාන්තය සඳහා ජලය නොමැති දුෂ්කර ප්‍රදේශයන්ට වේ. බලධාරීන්ගේ බොහෝ පොරොන්දු තිබියදී, විශාල ජනතාවක් තම ඉඩම් නිදහස් කරනාතෙක් බලා සිටින අතර විරෝධතාවන් දෙකක් අදටත් පැවැත්වෙමින් තිබේ.

එබැවින්, NAFSO සහ STP විසින් ශ්‍රී ලංකා රජයට බලකර සිටින්නේ,
– හමුදාව සිටින ප්‍රමාණය අඩුකර වන්නිය හමුදාකරණය ඉවත්කරන ලෙස හා හමුදාව මැදිහත්ව කරන සියළු වාණිජ ක්‍රියාකාරකම් වලින් ඉවත්කර තබන ලෙසත්,
– අවතැන් ජනතාවගේ ඉඩම් අයිතිය සහතික කිරීම උදෙසා ඔවුන්ගේ පාරම්පරික ඉඩම් නිදහස් කරමින් ඒවායේ මුලින්ම සිටි ජනයා නැවත පදිංචි කිරීමට පියවර ගන්නා ලෙසත්,
– වන්නියේ දෙමළ ජනතාවට බාධාවකින් තොරව තමන්ගේ ඉඩම් වලට හා ජල තීරයන් වෙත ප්‍රවිශ්ඨයේ අයිතිය තහවුරැකරන ලෙසත් වේ.

( පුවත්පත්  ප්‍රකාශයකි)

Archive

Latest news

Related news